පුවත්පත්

විකිපීඩියා වෙතින්
ඉහත දැක්වෙන්නේ 1918 නොවැම්බර් 11 දින පළමු “The New York Times” පුවත්පතෙහි මුල් පිටුවයි.

පුවත්පතක් (ඉංග්‍රීසි:  Newspaper) යනු ලිඛිත ප්‍රකාශනයකි. එහි ඇතුළත් වන්නේ ප්‍රවෘත්ති, තොරතුරු, වෙළඳ දැන්වීම් ආදියයි. වියදම අඩු කිරීම උදෙසා නිව්ස්ප්‍රින්ට් නම් බාල කාඩදාසියේ මුද්‍රණය කරනු ලැබේ. සාමාන්‍ය පුවත් පතක් බොහෝ විට දේශපාලනික තොරතුරු, අපරාධ, ව්‍යාපාරික තොරතුරු, කලාව, විනෝදාශ්වාදය, සමාජය සහ ක්‍රීඩා පිළිබඳ තොරතුරු පල කරයි. බොහෝ සාම්ප්‍රදායික පුවත් පත් වල තීරු අඩංගු කාර්යය මණ්ඩල පිටු තිබේ. මෙහි ලේඛකයාගේ පෞද්ගලික මතය ප්‍රදර්ශනය වෙයි. අතිරේඛ කොටස්හි සමහර විට දැන්වීම්, විහිලු කාටුන් සහ වෙනත් මුද්‍රිත මාධ්‍ය අඩංගු විය හැකිය. පුවත් පත් බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ දෛනික නැතහොත් සතිපතා පදනමෙනි. ඔවුන් ඉලක්ක කරන්නේ එක්තරා ප්‍රදේශයකි. එම ප්‍රදේශ තුළ ඔවුන්ගේ කියවන්නන් බොහෝ දෙනෙකු සිටිති. මෑත කාලයේ දී බෙදා හැරීමේ සහ ලාභ වලට වඩා පැමිණියා වූවද ප්‍රවෘති සහ වෙනත් ආකාරයෙන් මුද්‍රිත පුවත්පත් කලාව සඳහා ප්‍රධාන මාර්ගය වී ඇත්තේ ප්‍රවත්පත්ය. පුවත්පත් පත් කියවීම - බ්රෝක්ග්රීන් උද්‍යානය එක්සත් ජනපදයේ දකුණු කැරොලිනාවේ පොව්ලේස් දූපත.

පුවත්පත් විද්‍යුත් පත්‍රය

ඇන්ට්වර්ප් ෆීල්ඩ් හි, වර්ෂ 2006 දී ද ෆ්ලෙමිෂ් ඩේලි ඩේ ටිජ්ඩ් නමැත්තා විද්‍යුත් පත්‍රයක් භාවිතා කරමින් ප්‍රකාශනයක සුවිශේෂ සංස්කරණයක් පරීක්ෂණයට ලක් කරන ලදී. එහි අඩංගු දේ වෙනස් කළ හැකි අතර එය පරිගණකයක මාර්ග ගත පිහිටීමක් වැනි නමුත් එය තැනින් තැනට ඔසවා ගෙන යා හැකි අතර යටින් තබන ලද කඩදාසියක් මත එය පෙන්විය හැකි විය. එය පෙන්වූයේ තෝරාගත් දායකයන් සිය දෙනෙකු අතර පමණි.

එහි දැක්වෙන්නේ යුද්ධය අවසන් කරන ලද වගට දක්වන පුවතයි.

එක්තරා රැස්වීමක දී දැක්වුණු වාර්තාවකට අනුව එම පුවත් පත් අලෙවිය 2.2% පමණ ප්‍රතිශතයකින් රටවල් 13 ක එනම් රටවල් 15කින් සමන්විත යුරෝපා සංගමයේ රටවල් අතර පහත බැස තිබිණි. නමුත් වැඩි දියුණුවක් පෙන් වූ නොමි‍ලයේ නිකුත් වූ දිනපතා පුවත්පත් සම්බන්ධයෙන් ඉහත දත්තවලට අයත් වූයේ නැත. එය පවත්වාගෙන යන ලද්දේ Metro chain newspapers මඟින් වන අතර එය 16% පමණ ඉහල යාමක් 2003 වසරේ දී දක්නට ලැබිණි.

පුවත්පත් සඳහා වැඩි තරඟයක් දීමට අන්තර්ජාලයේ ඇති Craigslist නම් වෙබ් අඩවි ක්‍රියාත්මක වී ඇති අතර එමඟින් ලුහුඬු දැන්වීම් විශේෂයෙන් රැකියා, ඉඩම් හා දේපල වාහන අලෙවිය සම්බන්ධ දැන්වීම් පළ විය. ඒවා මෙතෙක් පුවත් පත් හා අන්තර්ජාලය හරහා පමණක් නැරඹිය හැකි පුවත්පත්වලට සීමා වී තිබිණි. දැනටමත් එක්සත් රාජධානියේ Southport Reporter නම් වසර 2000 දී ආරම්භ වූ අන්තර් ජාලය හරහා පමණක් නැරඹිය හැකි පුවත්පත ප්‍රධාන තැනක් උසුලයි. එහෙත් දැනට ලොව පුරා අන්තර්ජාලය ඔස්සේ පමණක් කියවිය හැකි පුවත්පත් රැසක් පවතී. එමඟින් පුවත්පතක අඩංගු විය යුතු කරුණු පිළිබඳ විවාදයන් ද ගොඩ නැඟී ඇත.

මාර්ගගත පුවත්පත්

පරිගණක තාක්ෂණයේ දියුණුවත් සමඟ බිහිවූ අන්තර් ජාලය හරහා පමණක් සම්බන්ධ විය හැකි පුවත්පත් බිහිවී ඇත. උදා- Southport Reporter අන්තර්ජාල හරහා පමණක් කියවිය හැක. පුවත්පත් කිසිදු ආකාරයක මුද්‍රණය වීමක් සිදු නොවේ. අන්තර් ජාලය හරහා පමණක් සම්බන්ධ විය හැකි පුවත් පතක ලක්ෂණ වශයෙන් නිතරම අලුත් වන පුවත් එමෙන්ම කාලය අනුව සහ එක්තරා පැහැදිලි ක්‍රමයකට නිර්මාණය වීම වැදගත් වේ. එමගින් එය සාමාන්‍ය පුවත් පතක හැඩය පෙන්විය යුතුය. ඒවා පල විය යුත්තේ වෘත්තීය මාධ්‍ය සමාගම් එනම් ජාතික/ අන්තර් ජාතික මුද්‍රණ නීති රීතිවලට අනුකූලව ඒවා Blog හෝ අනිකුත් ප්‍රවෘත්ති අන්තර්ජාල සම්බන්ධතාවලින් වෙනස් විය යුතුය. එය සාමාන්‍ය පුවත්පත් ලෙසම පළවිය යුතු අතර එය අනික් මහා බ්‍රිතාන්‍ය මාධ්‍ය ජාල අතර සාමාජිකයකු බවට පත්විය යුතුය. උදා- NUJ සහ හෝ IFJ එමෙන්ම ඒවා මහාබ්‍රිතාන්‍ය මුද්‍රණ නීතිරීති හා රෙගුලාසි (PCC) වලට යටත් විය යුතුය.

පුවත් පතෙහි ඉතිහාසය

චීන ජාතිකයන් අතීතයේ නිකුත් කල රාජ්‍ය නිවේදනයක අනුවාදයක්.

මෙතෙක් පළ වූ පුවත් පත් අතරින් පළමු පුවත්පත් කුමක්දැයි යන්න විවාදයට ලක් වී ඇති අතර පුවත් පතෙහි මූලික අදහස වෙනස් වන සුළු විය. රෝම ඉතිහාසයේ Acta Diurna නැතහොත් රාජ්‍ය නිවේදන අඩංගු පත්‍රිකා මහජනයාට ජුලියස් සීසර් කාලයේ නිකුත් කරන ලදී. මින් සමහරක් ගල්වල ‍හෝ යකඩ තහඩුවලට කොටා මහජන ප්‍රදර්ශනය සහා තබන ලදී. චීනයේ පුරාතන රජයන් විසින් පුවත් පත්‍රිකා වශයෙන් එනම් tipao, උසාවි නිලධාරීන් අතර භාවිතා වූයේ පසු කාලීන හන් රාජවංශය (2වන හා තෙවන ශත වර්ෂ AD වල දී) වර්ෂ 713 සහ 734 යන කාල අතරතුර Kai Yuan Za Bao නම් චීන ජාතික ටැං රාජවංශය නමින් රජයේ නිවේදන නිකුත් කරන ලදී. ඒවා සේද රෙදිවල අතින් ලියන ලද අතර ඒවා රාජ්‍ය නිලධාරීන් විසින් කියවන ලදී. වර්ෂ 582 දී මුලින්ම පෞද්ගලිකව නිකුත් කෙරුණු පුවත් පත්‍රිකා පිළිබඳ අවධානය යොමු වූයේ බෙයිජිං නඟරයෙහි එනම් පසු කාලීන මිං රාජවංශය 1638 වන විට බීජිං නඟරයේ ගැසට් නිවේදන ලී රාමු මුද්‍රණයෙන් චලනය වන නවීන මූද්‍රණ යන්ත්‍රයට මාරු විය. කෙසේ නමුත් ලෝක පුවත් පත් සම්මේලනය මඟින් Johann Carolus ගේ Relation aller Fürnemmen und gedenckwürdigen Historien නම් 1605 දී නිකුත් වූ පුවත් පත ලෝකයේ ප්‍රථම පුවත් පත වශයෙන් හඳුනා ගන්නා ලදී. එමෙන්ම ලන්දේසි ජාතික Courante uyt Italien, Duytslandt, &c. 1618 දී නිකුත් වූ පුවත්පත ද සමහරෙක් නූතන යුගයේ ප්‍රථම පුවත්පත ලෙස නම් කළ ද එය පුවත්පතට වඩා ස්වරූපයෙන් වෙනස් විය. Opregte Haarlemsche Courant නම් වූ Haarlem පුවත්පත මුලින් ම 1656 මුල්වරට නිකුත් කෙ‍රුණු අතර එය දිගින් දිගටම පළවූ ලෝකයේ පැරණිතම පුවත්පත වූ අතර 1942 වර්ෂයේ ජර්මානු ජාතිකයෙකු විසින් Haarlems Dagblad නම් වූ පුවත් පත සමඟ සම්බන්ධ කරන ලදී. එදා පටන් Haarlems Dagblad , Oprechte Haerlemse Courant 1656 හි නිකුත් වූ පුවත්පතෙහි උප ශීර්ෂ පුවත් පත ලෙස පල වූ අතර දැනටත් පළ වන පැරණිතම පුවත්පත වශයෙන් හැඳින්වේ.

ඉංග්‍රීසි භාෂාව බහුලව භාවිතා වන ලෝකයේ Nathaniel Butter 1622 දී මුලින්ම පුවත්පත් සඟරාව හඳුන්වා දුන් තැනැත්තා වශයෙන් ප්‍රසිද්ධියට පත් වී ඇත. එක්සත් රාජධානියේ පළ වූ මුල්ම පුවත්පත දේශපාලනය හා රජයේ නිවේදන සඳහා වෙන් වී තිබිණි. 172 වර්ෂයේ මුල්ම දිනපතා පළවන පුවත් පත වශයෙන් The Daily Courant පළ විය. බොස්ටන් නඟරයේ 1690 වර්ෂයේ Benjamin Harris නැමැත්තා මහජන සිදුවීම් දේශීය මෙන්ම වශයෙන් නිකුත් විය. මෙය ඇමරිකානු කොලනියක පළ වු මුල්ම පුවත්පත වූ අතර එය එකම නිකුත් වූ පුවත්පත වූයේ ඉන් පසුව රජය මඟින් පුවත්පත් තහනම් කරන ලදී. 1704 වර්ෂයේ නැවතත් පුවත් පත් නිකුත් කිරීමට රජය විසින් අවසර දෙන ලදින් Boston News-Letter නම් පුවත්පත ජනපදවල ආරම්භ වූ දිගින් දිගටම මුද්‍රණය වූ ප්‍රථම හා ආදිතම පුවත් පත බවට පත් විය. ඉන් ටික කලකට පසු New York හා Philadelphia නම් නඟරවල සතිපතා පුවත් පත් පළ වන්නට පටන් ගැනුණි. මෙම පළමුව පළ වූ පුවත් පත් බ්‍රිතාන්‍ය ආරක් ගන්නා ලද අතර ඒවා පිටු හතරක පමණ දිගින් යුතු විය. ඒවා බහුල ලෙස බ්‍රිතාන්‍ය පුවත්වලින් සමන්විත වූ අතර මූලික වශයෙන් එහි අඩංගු වූයේ කර්තෘගේ වුවමනා එපා කම් මතයි. 1783 වර්ෂයේ Pennsylvania Evening Post පුවත්පත මුල්ම දිනපතා අලෙවි වන මුල්ම ඇමරිකානු පුවත්පත බවට පත් විය. 1751 දී , John Bushell ගේ Halifax Gazette නම් පුවත් පත මුල්ම කැනේඩියානු පුවත්පත බවට පත් විය. 19 වන ශත වර්ෂයේ මුල් භාගයේ දී බටහිර හා නැ‍ඟෙනහිර යුරෝපයේ මෙන්ම උතුරු හා දකුණු ඇමරිකාවේ බොහෝ නඟරවල පුවත්පත් වැනි මුද්‍රණයන් නිකුත් වූ අතර ඒවා සියල්ලක්ම පුවත් පත් බවට පත් නොවූ අතර ඒවා බොහෝ ලෙස ප්‍රාදේශීය මෙන්ම සංස්කෘතික රුචිකත්වයන් මත වෙනස් වීම්වලට භාජනය විය.

අඩංගු විය හැකි විශේෂාංග

· කාලගුණ ප්‍රවෘත්ති හා නිවේදන

· උපදෙස් තීරු

· චිත්‍රපටි, නාට්‍ය හා අවන්හල් ගැන විවර්ණතාව

· කර්තෘගේ අදහස්

· ඕපාදූප කෝලම

· විහිලු තීරය හා වෙනත් විනෝදාත්මක අංග උදා - ප්‍රද්ගලික සහ ජෝතිෂ්‍ය

· ක්‍රීඩාවට වෙන්වු කොටස

· විහිලු කතා වලට වෙන් වු කොටස

· ආහාර වර්ග සඳහා තීරුව

· දේශිය සහ කුඩා පුවත් පත් වල ලුහුඬු දැන්වීම් සාමාන්‍යයෙන් දක්නට ලැබේ.

පුවත්පත් වර්ග

දිනපතා පුවත්පත් සෑම දිනකම නිකුත් කෙරේ. ( සමහර විට ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර ) ශනිදා සහ ඉරිදා පළවන පුවත්පත් සාමාන්‍යයෙන් වඩා විශාල වන අතර විශේෂාංග හා වෙළෙද දැන්වීම් රැසක් ඇතුළත් වේ. මේ සදහා වැඩි වියදමක් ද වැයවේ. බොහෝ විට මෙම පුවත්පත්වල කාර්ය මණ්ඩල සඳුදා සහ සිකුරාදා දක්වා රැකියාවේ නිරත වන බැවින් ඉරිදාට හෝ සදුදාට පළවන පුවත්පත් බොහෝ විට කලින් ගොණු කරගත් අන්තර්ගතයකින් යුතුය. බොහෝ දිනපතා පුවත්පත් උදෑසන පළකෙරේ. සවස පුවත්පත් බොහෝ විට ඉලක්ක කරන්නේ කාර්යාල සේවකයන්ය.

1609 මුල් කාලයේ නිකුත් කරන ලද පුවත්පතක මුල් පිටුවක්

සතිපතා පුවත්පත් වඩාත් සුලබය.එසේම දිනපතා පුවත්පත් වලට වඩා කුඩාය. සමහර පුවත්පත් සතියකට දෙවරක් හෝ තෙවරක් පල කෙරේ. එක්සත් ජනපදය තුළ මෙවන් පුවත්පත් හඳුන්වන්නේ ද සතිපතා පුවත්පත් වශයෙනි.


බොහෝ රටවල, රට පුරා බෙදා හැරෙන පුවත් පත් අවම වශයෙන් එකක් හෝ ඇත. එවැනි පුවත්පත් ජාතික පුවත්පත් ලෙස හැදින්වේ. එක්සත් රාජධානිය තුළ ජාතික පුවත්පත් ගණනාවක් පවතී. උදාහරණ ( ද ඉන්ඩිපෙන්ඩන්ට් ) ( ද ටයිම්ස් ) ( ද ටෙලග්‍රාෆ් ) ( ද ගාඩියන් ) ( ද ඔක්සවර් ) ( ද ඩේලිමේල් ) ( ද සන් ) ( ද ඩේල එස්ප්‍රස්) (ද ඩේලිමිරල් ) එක්සත් ජනපදයේ හා කැනඩාවේ ජාතික පුවත්පත ඇත්තේ අල්පයකි. එක්සත්ජනපදයේ ( ද වෝල් ස්ත්‍රීට් ජර්නල් ) ( උස ටුඩේ ) සහ කැනඩාවේ ( ද ග්ලෝප් ඇන් මෙල් (ද නැශෙනල් පෝස්ට් ) ආදිය ඒ සඳහා උදාහරණ වේ. ( ද නවියෝක් ටයම්ස් ) ( ද වොශින්ටන් පෝස්ට් ) ආදී විශාල ව්‍යාප්තියක් ඇති පුවත් ජාතික පුවත්පත් නොමැති අඩුව පුරවයි.


ජාත්‍යන්තර භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් වීම නිසා , සමහර ඉංග්‍රීසි නොවන පුවත්පත්ද ඉංග්‍රීසි වෙලුම් ප්‍රකාශනය අරඹා ඇත. ජෙරුසෙලම, බොම්බෙ ආදී නගරවල ඉංග්‍රීසි බස කතා කරන මහජනයා සදහා පුවත්පත් පල කෙරේ. මෙම අවශ්‍යතාවය තවත් උග්‍රවී ඇත්තේ අන්තර්ජාලයේ දියුණුව නිසා සිය පුවත ජාත්‍යන්තරීකරණය කිරීම අත්‍යවශ්‍ය බැවිනි.


ජාත්‍යන්තර පුවත්පත් යැයි හැදින්වෙන කුඩා පුවත්පත් වර්ගයක් ද ඇත. “ ක්‍රිස්ටියන් සයස්ස් මොනර් ” සහ “ ඉන්ටනැෂනල් හෙරල්ඩ් ත්‍රිබියුන් ” වැනි පුවත්පත් සැමවිටම ජාත්‍යන්තරකරණය වීමට උත්සාහ දරා ඇත. එසේම ජාතික පුවත්පත්වල ජාත්‍යන්තර වෙලුම්ද මේ යටතට ගැනේ. මහජනයාගේ පුළුල් අවදානයට එතරම් ලක් නොවන පුවත් හැර මේවා ප්‍රමාණයෙන් කුඩා පුවත්පත් වශයෙන් පල කෙරේ.


පුවත්පත් කර්මාන්තය ආශ්‍රිතව රැකියා නාම එක් එක් රටවලට අනුගතව වෙනස් වේ. එක්සත් ජනපදයේ පුවත්පත් කළමනාකරු හෝ අයිතිකරු , (ප්‍රකාශකයා )ලෙස හැදින්වුවද එක්සත් ජනපදය හා ඉංග්‍රීසි භාෂාව කථා කරන රටවල එය හැදින්වෙන්නේ 'සංස්කාරක වෘත්තීය' වශයෙනි. මෙම යෙදුම ද “ ප්‍රධාන සංස්කාරක , විධායක සංස්කාරක ” ලෙස වෙනස් විය හැක.


බොහෝ පුවත්පත් භූගෝලීය කලාපයක පුළුල් පාඨක කොටසක් ඉලක්ක කර ගනී. (උදාහරණ දිනපතා සහ සතිපතා, ව්‍යාපාරික, ක්‍රීඩා පුවත්පත්) සමහර පුවත්පත් විවිධ ප්‍රජාවන් අමතයි. (උදාහරණ සංක්‍රමණිකයන්, දේශිය ජනතාව).


කලාපයෙන් කලාපයට වෙළෙද දැන්වීම් පල කිරීම ද පුවත්තෙන් පුවත්පතට වෙනස් වේ. සංස්කරණයේදීද පුවත්පතේ ඉඩ අනුව වෙළෙද දැන්වීම් ප්‍රමාණය වෙනස් වේ.


එකම පුවත් පතේ විවිධ වෙලුම් වල පුවත් සංශෝදනය තිබිය හැක. එහෙත් සාමාන්‍යයෙන් සෑම වෙලුමකම වෙළෙද දැන්වීම් එක සමානය. සෑම වෙලුමක් ම එම වෙලාවේ පවතින නවතම පුවත්පත් වලින් සකස් කෙරේ. එම නිසා මෙම වෙලුම් රේඛීයව පිළියෙල කෙරෙන අතර එක් සම්පූර්ණ වෙලුමක් සංශෝධනය කර අනෙක් වෙලුම සංශෝධනය කෙරේ. සෑම වෙලුමකම වාර්තා තබා ගන්නේ හදිසි වෙනස් කිරීමක දී භාවිතා කිරීමකටය. උදාහරණ “ නිව්යෝක් ටයිම්ස් සහ ” “ වෝල් ස්ත්‍රීට් ජර්නල් ” යන පුවත්පත් දෙකම ප්‍රාදේශීය වෙලුමක් ප්‍රකාශයට පත් කරයි .

පුවත් පත් සැලැස්ම

ඊශ්‍රාලයේ පළවන පුළුල් පිටු Haaretz නම් පුවත් පත ඉංග්‍රීසි සහ Hebrew වශයෙන් ද පළ වේ.

නවීනතම පුවත් පත් ප්‍රධාන වශයෙන් ප්‍රමාණ 3කින් නිකුත් වේ.

· පුළුල් පිටි - මි.මී. 600 x මි.මී. 380 (එනම් අඟල් 23 1/2 x 15) ප්‍රමානයෙන් නිකුත් වූ අතර ඒවා ප්‍රධාන ලෙස බොහෝ කරුණු අඩංගු වු නිසා එය වඩාත් හකුලාගත් විස්තර සහිත පුවත් පත් ආරය මඟින් වෙනස් වීමට ලක් විය. · Tabloids - පුළුල් පිටු පුවත් පතින් හරි භාගයක් පමණ විය. එනම් 380 mm x 300 mm (අඟල් 15 x 11 3/4) ප්‍රමානය වූ අතර ඒවා බොහෝ විට රසාස්වාදය වැඩි දියුණු කරන කරුණුවලින් සමත් වූ අතර ඒ නිසා පුළුල් පිටු පුවත් පත්වලින් වෙනස් විය. උදාහරණ The Sun, The National Enquirer, The National Ledger, The Star Magazine, New York Post, The Globe. · Berliner හෝ Midi: 470 mm x 315 mm (අඟල් 18½ x 12¼) ප්‍රමාණය යුරෝපීය පුවත් පත් සඳහා යොදා ගන්නා ලද අතර Le Monde නම් ප්‍රංශ පුවත් පත, La Stampa නම් ඉතාලි ජාතික පුවත් පත හා, El Pais නම් ස්පාඤ්ඤ ජාතික පුවත් පත් මෙන්ම 2005 සැප්තැම්බර් 12 වන දා සිට මහා බ්‍රිතන්‍යයේ , The Guardian නම් පුවත් පත ද එක් විය. පුවත් පත් මුද්‍රණය කෙරුනේ සාමාන්‍ය අව සුදු පැහැති අඩු මිළ පුවත් පත් මුද්‍රණ පත්‍රිකාවලයි. 1980 වර්ෂයේ සිට පුවත් පත් කර්මාන්තය මිළෙන් අඩු බාල වර්ගයේ අකුරු මුද්‍රණ යන්ත්‍රවලින් බැහැරව ඉතා උසස් ප්‍රමිතියෙන් යුත් වර්ණ 4කින් සමන්විත (four-color process), උසස් ගණයේ පත්‍රිකාවල මුද්‍රණය කරන ලදී. ඊට අමතරව විවිධ වර්ගයේ පරිගණක යන්ත්‍ර හා ඒවායේ විවිධ දත්ත සැකසුම් උපාංග හා අලුත්ම කැමරා තාක්ෂණය හා මුද්‍රණ ක්‍රම මෙන්ම එම මුද්‍රණ යන්ත්‍රවල අලුත් තාක්ෂණය මඟින් පුවත්පත් කර්මාන්තයේ විප්ලවයකට භාජනය විය. මෙම නව තාක්ෂණය මඟින් පුවත් පත්වලට වර්ණ ඡායාරූප වර්ණ ගැන්වූ වෙනත් රූප මෝස්තර මෙන්ම නවීන පන්නයේ විලාසිතා යෙදීමෙන් පුවත් පත් විවිධ ලෙස අලුත් මුහුණුවරවලින් යුක්ත වී ඇත.

වඩාත් අවධානය යොමු කර ගැනීම සඳහා විවිධ වර්ණ භාවිතා කර පුවත් පත් ශීර්ෂ පාඨ මෙන්ම ඇතුල් පිටු ද සකස් කර ඇත. උදාහරණ ලෙස Financial Times නම් පුවත් පත ඇස් ඇද ගන්නා සුළු තද රෝස පැහැයකින් හැඩගැන්වී ඇති අතර ඉතාලි ජාතික La Gazzetta dello Sport නම් පුවත් පත මුද්‍රණය කර ඇත්තේ රෝස පැහැති පිටු වලයි. Sheffield හි පළවන සතිපතා ක්‍රීඩා පුවත් පත එහි කොළ පැහැය නිසා “Green ’Un” ලෙස ද නම් කර ඇත. එමෙන්ම L'Équipe (මුලින් L’Auto) නම් පුවත් පත කහ පැහැති පිටුවල මුද්‍රණය කර ඇත. ඉහත අවසානයේ සඳහන් පුවත් පත් දෙකම මඟින් විශාල ප්‍රචාරණයක් ප්‍රධාන බයිසිකල් තරඟ සඳහා ලබා දෙන අතර ඒවායේ අකුරු මුද්‍රණය වන්නේ එම තරඟය ජය ගන්නා තරඟකරුවන් ඇඳ සිටින කබායේ පැහැයෙනි. ඉතාලියේ Giro d'Italia නම් තරඟයේ නියමුවා භාවිතා කරනුයේ රෝස පැහැති කබායක් නිසා ඒවා රෝස පැහැයෙන් මුද්‍රණය වේ.

පුවත් පත් සංසරණය සහ කියවන්නෝ

ලන්ඩන් පෙඩින්ටන් හි පුවත්පත් වෙළෙන්දෙක්,2005 පෙබරවාරි.

පුවත්පත් බෙදා හැරීමෙහි ප්‍රමාණාත්මක මාපකය වන්නේ සාමාන්‍යයෙන් දිනට (ඉරුදින වැනි) බෙදා හැරෙන පිටපත් සංඛ්‍යාව වන අතර එය වෙළඳ දැන්වීම් සඳහා මිළ අනුපාතයන් සැකසීමේ ප්‍රධාන සාධකය ද වේ. සමහර ප්‍රකාශනවල හෝ පුවත්පත්වල පිටපත් පිරිවැය හෝ ලබා නොගෙන බෙදා හැරෙන බැවින් සංසරණය මැනීම සඳහා වි‍කිණෙන පිටපත් සංඛ්‍යාව අත්‍යාවශ්‍යම නොවේ. බොහෝ පිටපත් එක් අයෙකුට වඩා කියවන බැවින් කියවන්නන් සංසරණය වන සංඛ්‍යාවට වඩා බොහෝ වැඩි විය හැකි නමුත් එය බෙදා හැරෙන නමුත් නොකියවන පිටපත් සංඛ්‍යාවට හිලව් කළ හැක. (විශේෂයෙන්ම නොමිලේ කරන ලද බෙදා හැරීම්) පුවත් පත් වෙළෙන්දා, හැඩින්ග්ටන්, ලන්ඩන්, පෙබරවාරි 2005

ගිනස් වාර්තා පොතට අනුව, දිනකට සංසරණය වන සෝවියට් පුවත්පතක් වන Trud පත්‍රය 1990 හි 21,500,000 වූ අතර සෝවියට් සතිපතා පුවත්පතක් වන Argumenty i fakty 1991 දී 335000,000 පමණ සංසරණයක් තිබූ බවට පුරසාරම් කියයි.

එක්සත් ජාතීන්ගේ දත්තයන්ට අනුව 1995 දී ජපානයේ දී දිනපතා පුවත් පත් 3 වන අතර ඒවා නම් Asahi Shimbun, Mainichi Shimbun සහ Yomiuri Shimbun වේ. ඒවායේ දිනපතා සංසරණය මිලියන 4කට වඩා වැඩිය. මෙම කාණ්ඩයට වැටෙන අනිත් එකම පුවත්පත වන්නේ ජර්මනි බ්ල්ඩ් නම් පුවත් පත වන අතර එහි එක් දිනෙක සංසරණය මිලියන 4.5කි.

එක්සත් රාජධානියේ ද සන් නම් පුවත්පත ඉහලින්ම විකිණෙන පත්‍රය වන අතර දිනපතා මිලියන 3.2 පිටපත් ප්‍රමාණයක් විකිණේ. ඉන්දියාවේ විශාලතම පුවත්පත වන්නේ “ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” වේ. එහි මිලියන 2.14 පමණ පිටපත් සංඛ්‍යාවක් දිනපතා විකිණේ. 2006 ජාතික කියවන්නන් (පාඨකත්ව) පිළිබඳ අධ්‍යයනයේ දී ඩේනික් ජාගන් නම් හින්දි ස්වදේශීය භාෂා පුවත්පත් වැඩිම පාඨක සංඛ්‍යාවක් ඇති පුවත් පත ලෙස තේරුණ අතර එයට 21.2 මිලියන පාඨක සංඛ්‍යාවක් විය.

එක්සත් ජනපදයේ USA ටුඩේ නම් පුවත්පත දිනපතා මිලියන 2 පමණ දෙනා අතර සංසරණය වන අතර එය එම රටේ වඩාත්ම පෘථුල ලෙස බෙදා හැරෙන පුවත් පතයි.

පුවත් පතක සැබෑ තත්වය මැන බැලිය හැකි පොදු මිනුම් දණ්ඩ වන්නේ එහි වෙළඳ පොළට ප්‍රවේශයකි. (ඇතුළු වීමයි) එය, පුවත්පතෙහි විකුණන ප්‍රදේශයේ නිවැසියන්ගේ මුළු එකතුවක් පුවත්පතක් ලබා ගන්නා නිවැසියන්ගේ සංඛ්‍යාවන් අතර සියයට ගණනක් ලෙසද හුවා දැක්වේ. 1920 ගණන්වල දී එක්සත් ජනපදයේ ජාතික පදනමට අනුව එම වෙළඳ‍පොළට ඇතුළු වී ලබා ගත් සංඛ්‍යාව 130% කි. එක්සත් ජනපදයේ නිවැසියකු ලබා ගන්නා පුවත්පත්ව සාමාන්‍යය අගය 1.3 වේ. අනෙකුත් මාධ්‍යයන් පුවත් පත් සමඟ තරඟ කිරීමට පටන් ගැනීම ආරම්භ වීමෙන් සහ මුද්‍රණ කටයුතු සඳහා ඉතා අඩු වියදම් දී බොහෝ පහසුකම් ද සහිත වීමෙන් පුවත්පත්වල වෙළඳ පොළට ප්‍රවේශ වීමට ඇති හැකියාව අවපාතනය වීමට පටන් ගනී. ඒ 1970 දශ‍කයේ ආරම්භ වනතුරු සිදු නොවීය. කෙසේ වෙතත් එම වෙළඳ පො‍ළට ඇතුළු වීමේ අගය සියයට සියයක්ම පහත වැටිණි. 2000 වන විට එය 53%කි.

බොහෝ අය පුවත්පත් මඟින්ම ලබා දෙන විවිධ සාමාජික මුදල් හෝ දායක මුදල් ගෙවීමේ ක්‍රම මඟින් මුදල් ගෙවයි. උදා. ලෙස සමහර අයට ඉරිදා පුවත්පත පමණක් ගැනීමට හැකි අතර තවත් අයෙකු ඉරිදා සහ සෙනසුරාදා දිනවල මෙසේ පුවත්පත් ලබා ගනී. තවත් සමහරු වැඩ කරන සතියට දායක මුදල් ගෙවන අතර සමහර විට දිනපතා පුවත් පත් කියවීමට ද දායක මුදල් ගෙවා තබයි.

සමහර පුවත්පත් ඔවුනගේ පත්‍රවල අඩංගු දෑ සමහරක් හෝ සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයට ද එක් කරයි. එය පිරිවැය ඇතිව හෝ නැතිව විය හැක. යම් කිසි විශේෂ යමක් ඇති දිනක හෝ සතියක දී පමණක් නොමිලේ ලබා දෙන ප්‍රවේශ වීමක් ද තිබිය හැකි අතර කියවන්නන් පාඨකයා ලියා පදිංචි විය යුතු අතර පෞද්ගලික දත්තයන් ද සැපයීමට අවශ්‍ය වේ. වෙනත් අවස්ථාවල නොමිලේ ලබා දෙන වාර්තා එකතුවක් ද සැපයේ.

ලොව විශාල වශයෙන් සංසරණයවන පුවත් පත්

විශාල සංසරණයවන පුවත් පත් ලැයිස්තුවක් ලෝක පුවත් පත් සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබේ. 2005 වර්ෂයේදී මුල් තැන ලැබුණේ දිනකට පුවත් පත් මිලියන 93.5 සංසරණයවූ චීනයටය. මිලියන 78.8 ක් සහිතව ඉන්දියාව දෙවන ස්ථානයටත්, මිලියන 70.4 ක් සහිතව ජපානනය තෙවන ස්ථානයටත් පත් විය. ඇ.එ.ජ. මිලියන 48.3 කි. ජර්මනිය මිලියන 22.1 කි. ලොව වැඩියෙන්ම අළෙවි වන පුවත්පත් සියයෙන් 75 ක් ආසියාතික පුවත්පත්ය.වැඩියෙන්ම අලෙවිවන මුල් දහයෙන් හතක්ම ජපාන පුවත්පත්ය.

ජපානයේ යොම්යුරි ෂිම්බන්,අසාහි ෂිම්බන්, සිකෝ ෂිම්බන්, මයිනිෂි ෂිම්බන් තවමත් ලොව වැඩිම අළෙවියක් ඇති පුවත්පත්වේ. ආසියාවෙන් පිටත ප්‍රථම දහයට ඇතුළු වූ එකම පුවත්පත ජර්මනියේ “ බිල්ඩ් ” ය. චීනයේ ජනප්‍රිය පුවත්පත “ රිෆරන්ස් නිව්ස් ” ය. එක්සත් ජනපදයේ වැඩියෙන්ම අළෙවි වන පුවත්පත වන “ USA මුඩේ ” ලොව දහතුන්වන ස්ථානයේ සිටී.

ගිනස් ලෝක වාර්තා පොතට අනුව “ ටෘඩ් ” නම් සෝවියට් පුවත්පතේ දෛනික සංසරණය වර්ෂ 1990 දී 21 ,500,000 ඉක්මවීය. “ ආගියුමට් ෆැක්ස්" නම් සතිපතා සෝවියට් පුවත්පතෙන් 1991 දී සංස්කරණයන් 33500000 ක් වාර්තා කෙරිණි.

පුවත්පත් දැන්වීම්

බොහෝ ප්‍රවෘත්ති පත්‍ර සිය ආදාය‍ෙමන් වැඩි කොටස දැන්වීම් පල කිරීම මගින් ලබා ගනී. පත්‍ර අලෙවි කරන ස්ථානයේ දී පාරිභෝගිකයන්ගෙන් උපයාගන්නා‍ ආදායම සංසන්දනාත්මකව කුඩාය. පුවත් පත සහ එහි ආරාධිත ලේඛනයන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන ලිපි කෙරෙහි විශේෂයෙන් සඳහන් කිරීමට අවසාන භාෂිතය පාවිච්චි කළ ද වෙළඳ දැන්වීම් නොවන ප්‍රවෘත්ති පත්‍රයේ පංගුව කර්තෘ ධාරිතාව, කර්තෘ කාර්ය හෝ සරලව ගත් විට කර්තෘ වාක්‍යය ලෙස හැඳින්වේ.

බොහෝ සාම්ප්‍රදායික දැන්වීම් කරුවන්ගේ ඇද වැටීම මගින් ප්‍රවෘත්ති පත්‍රවලට පහර වැදී ඇත. දෙපාර්තමේන්තු ගබඩා හා සුපිරි වෙළෙඳ සැල් ප්‍රවෘත්ති පත්‍රයේ දැන්වීම් පිටු මිලට ගනු ඇතැයි අතීතයේ දී බලාපෙරොත්තු තැබිය හැකි විය. නමුත් කර්මාන්ත ඒකාබද්ධ වීමට අනුව එය අද සිදු වීමට පුළුවන් වන්නේ ඉතා අඩු වශයෙනි.

මෑත වර්ෂවල ලිපියක ස්වරූපයෙන් පලකරන පුවත්පත් දැන්වීම් මතු විය. පුවත් පතට ඇතුල් කිරීම සඳහා තුන්වන පාර්ෂවයන් විසින් ගාස්තුවක් ගෙවනු ලබන ප්‍රතිවිරුද්ධ වාක්‍යයක් ලෙස ඉතා සුලභ, මෙම ලිපියක ස්වරූපයේ පුවත්පත් දැන්වීම් සංවිධානය කෙරේ. ලිපියක ස්වරූපයේ පුවත්පත් දැන්වීම්, නව නිපැයුම් හා තාක්ෂණය පොදුවේ ප්‍රසිද්ධ කෙරේ. ගොල්ෆ් උපකරණවල නව සැලසුමක් , ලේසර් ශල්‍ය ක්‍රමයේ නව ස්වරූපයක් හෝ බර අඩු කිරීමේ ‍ඖෂධ උදාහරණ වේ. මේ ආකෘතිය වඩාත් ආසන්න වන්නේ විෂය මූලික පුවත් කථාවකට වඩා මාධ්‍ය ප්‍රකාශනයකටය.

පුවත්පත් වාර්තාකරණය

පුවත්පත්වල ආරම්භය වාර්තාවක් එනම් එදිනෙදා සිදුවන වාර්තාවල එකතුවක් වුවද එය වෘත්තීය මට්ටමින් දියුණු වීමත් සමගම පුවත්පත් වාර්තාකරණය බිහිවිය.

19 වන ශතවර්ෂයේ එනම් yellow journalism යුගයේ ඇමරිකා එකසත් ජනපදයේ බොහෝ පුවත්පත් සංවේදී තානාන්තර එනම්, එමගින් මිනිසුන්ගේ කෝපය ඇවිස්සීමට හා පුදුම එලවන සුළු පුවත්පත් හැඩගැන්වුණු අතර ඒවායින් මිනිසුන් දැනුවත් වීමක් සිදු වූයේ නැත.

පුවත්පත් කලාව බොහෝ විට විවිධ ආකාරයෙන් මෙන්ම බොහෝ දරුණු ලෙස විවේචනයට ලක් විය. ඒවායේ වැදගත්කම ගැටළුකාරී විය. එයට හේතුව වූයේ ඒවායේ අඩංගු කරුණු බොහෝ විට නිර්ණාමික එමෙන්ම වැරදි සහගත අකුරු ව්‍යාකරණ සහිත විය. නිවැරදි දත්ත වුවද ඒවා කෙනෙකුගේ අභිමතාර්ථය පරිදි වෙනස් වී පල වූ අතර වංචාකාරයින් ගේ රැවටිලි හා කුමන්ත්‍රණ අන්තර්ගත වී තිබිණි.

ඈත අතීතයේ දී බොහෝවිට එම පුවත්පත්වල අයිතිය උසුලන ලද්දේ මුද්‍රණ හිමිකරුවන් විසිනි . එවුන් ඒවා තම විනෝද භාණ්ඩ ලෙස හෝ දේශපාලන අවියක් ලෙස භාවිතා කලහ.

මෑත කාලයේ ඇමරිකා එක්සත් ජනපදයේ බොහොමයක් සුවිශාල පුවත්පත් (එනම් ප්‍රසිද්ධ) පවත්වා ගෙන ගියේ සුවිශාල මාධ්‍ය සංගම් එනම් Gannett, The McClatchy ,Hearst Corporation, Cox Land, Morris Corporation, The Tribune Company, Hollinger International, News Corporation.ආදී තවත්. නුතන යුගයේ පුවත්පත් මගින් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස වැදගත් මෙහෙයක් ඉටු කරයි.

Whistle- blowers සහ දේශපාලනයේ සිදුවන වංචා හා දූෂණ පිළිබඳ කණින් කොණින් වාර්තා සපයන්නන් මුලින්ම පුවත්පත් මාධ්‍ය කරුවන් දැනුවත් කරන අතර එමගින් ඒවා නොසඟවා මහජනයාට ලබා දීමට එම පුවත්පත් කර්තෘන් උනන්දුවෙන් සැදී පැහැදී සිටිති. නමුත් පුවත්පත්වල දේශපාලන ස්විධීනත්වයට බාධා පැමිණුන අවස්ථාද තිබේ.

අනෙකුත් ලේඛකයන්ගේ හා පාඨකයන්ගේ අදහස් පල කිරීම සඳහා op-ed (කර්තෘ සටහන ඉදිරියෙන්) සහ කර්තෘන් වෙත යොමු කරන ලිපි සඳහා වෙන් වූ තීරු පුවත්පත්වලට එක් විය. තවද පුවත්පත් තම ප්‍රසිද්ධිය වැඩි දියුණුකරගැනීමට ombudsmen කෙනකු වෘත්තීය පුහුණුව,සදාචාරාත්මක දියුණුව, පැහැදිලි නිවැරදි කිරීම් ,සන්නිවේදනය සහ පාඨකයින් සමඟ ඇතිකර ගන්නා සහජීවනය මෙන්ම වගකිවයුතු පුද්ගලයින් මගින් පසු ප්‍රතිචාර වැදගත්වී ඇත.

වාර්තාකරණය සහ කතෘ වාක්‍යකරණය

සාමාන්‍යයෙන් තොරතුරු වාර්තාකරණය සහ අදහස් ප්‍රකාශ කිරීම අතර වෙනසක් පවතී. අදහස් ප්‍රකාශය කතු වැකියකට හෝ ඒ ආසන්න තීරුවලට සීමාවේ. කතුවැකිය යනු පත්‍රයේ කතෘ මණ්ඩලයේ නිල අදහසය. කතුවැකියට ඉදිරිපසින් ඇති. අදහස් ප්‍රකාශන තීරුවේ සමාජ හා දේශපාලන ස්ථරය තුළ තුළනයක් ඇති කිරීම සදහා විවිධ කොට්ඨාශවල අදහස් දක්වයි.


එස කෙසේවෙතත් වාර්තාකරණය සහ කතෘවාක්‍යකරණය අතර වෙනස්කම් ඇතැම්විට බිදවැටිය හැක. සමහර සංකීර්ණ සිද්ධි වාර්තා කිරීමේ දී කාලය හෝ ඉඩකඩ සීමා නිසා සංෂිප්ත කොට අර්ථ දැක්වීම සිදුවේ. විශාල අර්ථ දැක්වීම් සහිත සිද්ධීන්, “ ප්‍රවෘත්ති විශ්ලේෂණය ” වශයෙන් හැදින්වුව ද ප්‍රවෘත්ති තීරුවලම පලවේ. ප්‍රවෘත්ති විකාශනයට පවතින සීමිත කාලපරාසය නිසා මෙම වෙනස දක්නට නොලැබේ.

ආශ්‍රිත

ගොනුව:Brookgreen reading 9739.JPG
"https://si.wikipedia.org/w/index.php?title=පුවත්පත්&oldid=575912" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි