පුරාතන ලෝකය - පුරාතන ග්‍රීසිය

විකිපීඩියා වෙතින්

පුරාතන ග්‍රීසිය යනු ක්‍රිස්තියානි ආගමේ නැගී සිටීම තෙක් සහස්‍රකයකට ආසන්න කාලයක් පැවති ග්‍රීක ඉතිහාසයේ යම් කාල පරිච්ඡේදයකි බොහොමයක් ඉතිහාසඥයින් එය සලකනු ලබන්නේ බටහිර ශිෂ්ටාචාරයට පදනම් වූ සංස්කෘතිය ලෙසය. ග්‍රීක සංස්කෘතිය රෝමානු අධිරාජ්‍යයේ බලවත් බලපෑමක් වූ  අතර එමගින් එය යුරෝපයේ බොහොමයක් කොටස් කරා රැගෙන ගියේය.

පුරාතන ග්‍රීකයන්ගේ ශිෂ්ටාචාරය නූතන ලෝකයේ භාෂාව , දේශපාලනය , අධ්‍යාපන පද්ධතිය , දර්ශනය, විද්‍යාව , කලාව හා වාස්තු විද්‍යාව මත අධික බලපෑමක් එල්ල කර ඇත. තවද එය බටහිර යුරෝපයේ පුනරුදයට අනුබල දුන් අතර නැවත 18 හා 19 වන සියවස් වල යුරෝපානු හා ඇමරිකානු නව සම්භාව්‍යය පුනරුදය අතරතුරදී නැවත නැගී සිට ඇත.

පුරාතන ග්‍රීසිය යන වදන යොදා ගැනෙන්නේ පුරාණික කාලයේදී ග්‍රීක භාෂාව කතා කළ ලෝකය විස්තර කිරීමටය. එමගින් හැඳින් වෙන්නේ නූතන ග්‍රීසියේ භූ විද්‍යාත්මක ප්‍රදේශය පමණක් නොවන අතර එයට පෞරාණික කාලයේදී ග්‍රීකයන් විසින් ස්ථාපනය කළ හෙළනික සංස්කෘතික ප්‍රදේශයන් වන සයිප්‍රස් හා ඊජියානු දූපත් , ඇනටෝලියාහි ඊජියානු වෙරළ තීරය (එවකට අයෝනියාව ලෙස හැඳින් වූ) සිසිලිය හා දකුණු දිග ඉතාලිය ( මැග්නා ග්‍රැෂියා ලෙස හැඳින් වූ ) හා කොල්කිස් , ඉලිරියා , ත්‍රේස් , ඊජිප්තුව , සිනෙරයිකා , දකුණු දිග ගෝල් දේශය, අයිබීරියානු වෙනුසියුලාවේ නැගෙනහිර හා ඊසාන දිග ප්‍රදේශ , අයිබීරියාව හා ටවුරිකාවෙහි වෙරළවල තිබූ විසිරුණු ග්‍රීක ජනාවාස ඇතුළත් වේ.

එහි 12 වන සියවසේ පැවතීම අතරතුරදී රෝමාණු ශිෂ්ටාචාරය රාජාණ්ඩුවක සිට රදල සමූහාණ්ඩුවකටද එතැන් සිට සුවිසල් අධිරාජ්‍යයකටද වර්ධනය වීය. එය ආක්‍රමණ කිරීම් හා සටන් හරහා බටහිර යුරෝපය හා මධ්‍යධරණී මුහුද වටකර සිටින මුළු ප්‍රදේශයම තම යටතට ගත්තේය. කෙසේ නමුත් රෝමාණු අධිරාජ්‍යයේ බිඳ වැටීම සඳහා කරුණු කිහිපයක් හේතු විය. හිස්පේනියාව,ගෝල් දේශය හා ඉතාලිය ඇතුළත් අධිරාජ්‍යයේ බ‍ටහිර කොටස පස්වන සියවසේදී ස්වාධීන රාජධානි බවට තිබුණු අතර කොන්ස්තන්තිනෝපලයේ සිට පාලනය කළ නැගෙනහිර අධිරාජ්‍යය කි පූ 476 න් පසුව බයිසන්ටයින් අධිරාජ්‍යය ලෙස හැඳින්වුණි. මෙය රෝමයේ බිඳ වැටීම සඳහා වූ සාම්ප්‍රදායිකව පිළිගන්නා දිනය විය. අතීත ග්‍රීක ශිෂ්ඨාචාරය තුළ සම්මත වශයෙන් ගත්කල ආරම්භයක් හෝ අවසානයක් පිළිබඳ දින සටහනක් නොමැත. ග්‍රීක ශිෂ්ඨාචාරය ලෙස පොදුවේ හඳුන්වන්නේ රෝමය යටත් කර ගැනීමට පෙර කාලයයි. එය ඉතිහාසඥයින් පවසන අන්දමට එහි නිවැරදිම කාලයයි.


ආශ්‍රිත[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Ancient_history#Ancient_Greece