පැසිස්ට්වාදී ආර්ථීකවේදය
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
පැසිස්ට්වාදී ආර්ථික විදව යනු, පැසිස්ට් රජයන් විසින් ක්රියාත්මක කල ආර්ථික ප්රතිපත්තිවේ. පැසිස්ට්වාදය යන පදය, 20 වන සියවසේ ආරම්භයේ සිට එහි මැද භාගය දක්වා, යුරෝපයේ ඇතැම් පදේශවල (සහ ඇතැමුන්ට අනුව, ලතින් ඇමරිකාවේ) පැවති, දැඩි දේශාභිමානී හැසිරීම් හා ආධිපතයන් හැඳින්වීමට භාවිතා කරනලදි. “පැසිස්ට්වාදය” සඳහා, පිළිගත් තනි නිර්වචනයක් නැත. පැසිස්ට්වාදීන් ලෙස හඳුනාගන්නා බොහෝ කණ්ඩායම්, තමන්ව හඳුන්වා ගැනීමට එම පදය භාවිතා නොකරති. එසේම පැසිස්ට්වාදය යන පදය, විස්තරාත්මක පදයක් ලෙස වවහාර නොකරන අතර, වර්තමානයේ ප්රශංසාත්මක පදයක් හෝ දේශපාලන විශේෂණයක් ලෙස ප්රධාන වශයෙන්ම භාවිතා කරනු නොලබයි. පැසිස්ට්වාදී චින්තනය ආර්ථික ගැටලු පිළිබඳව කලාතුරකින් සලකනු ලබන අතර ඊට අමතරව, මෙමගින් පැසිස්ට්වාදී ආර්ථික විදවේ ඕනෑම සාපේක්ෂ අධයනයකට බාධා ඇති කරයි.
එසේ වුවද, වෙනත් ක්රමවලින් වෙන්කර හදුනාගත හැකි, පැසිස්ට් ජාතීන් සතු ලක්ෂණ සහිත, පැසිස්ට්වාදී දේශපාලන ආර්ථිකයක් ඇතැයි, සමහර විද්වතුන් හා විශ්ලේෂකයින් තර්ක කරති. පැසිස්ට්වාදී ආර්ථික අතර සමහර සමානකම් පැවතුනද, පැසිස්ට් ආර්ථික සංවිධාන සඳහා විශේෂ ආකාරයක් නැතැයි අනෙක් අය තර්ක කරති. කිහිප දෙනෙකු, නූතන සුභසාධන තත්වයන් තුල, පුළුල්වන එක්සත් ජනපදයේ බලය පදනම් වූ බහු ජාතික ධනවාදය තුල, රජය හා පෞද්ගලික වවසාය අතර නව සමායතන සම්බන්ධතාවය තුල, හා සමාජ ප්රජාතන්ත්රවාදී ආර්ථීක ප්රතිපත්ති තුල, පැසිස්ට්වාදී ආර්ථීක පතිපත්තිවල ප්රතිරාවයන් දකිති.
පැසිස්ට්වාදී ආර්ථික වල පොදු ලක්ෂණ
ප්රථම පැසිස්ට්වාදී සංචලන, පළමු ලෝක යුද්ධයේ අවසාන වර්ෂවල ඇතිවිය. ඔවුන්, ජාතික පුනරුප්පත්තියක් පොරොන්දු වූ අතර, සමාජයට හා සංස්කෘතික පරිහානිය ඇතිකිරීම පිළිබඳව ලිබරල්වාදයට සමාජවාදයට හා භෞතිකවාදයට දෝෂාරෝපණය කරණ ලදී. එසේම ඔවුන් සම්ප්රදායික, ගතානුගතික වටිනාකම් වලට ආපසු ගමන් කිරීමටද පක්ෂග්රාහී විය (නව දේශපාලන ක්රමයක් තුලින් මෙයට ලඟාවීමට ඔවුන් යෝජනා කලද).
ජාතියක, සංස්කෘතික හා අධත්මික නව පිබිදීමක් ඇතිවූවිට, සමෘද්ධිය ස්වභාවිකවම ඒ පසුපස පැමිණෙන බව එක් කැපී පෙනෙන පැසිස්ට්වාදී විශ්වාසයකි. එහි ප්රතිඵලයක් ලෙස, ආර්ථීකය වැඩි වැදගත්කමක් නැති දෙයක් ලෙස, පැසිස්ට්වාදීන් සැලකූ අතර ඔවුන්ට පැහැදිලි ආර්ථික දර්ශනයක් නොමැති විය. පැසිස්ට්වාදී පක්ෂයක විවිධ සාමාජිකයන්, ඔවුන් සහාය දෙන ආර්ථීක ප්රතිපත්ති පිළිබඳව නිරතුරුවම ප්රතිවාදී ප්රකාශ සිදු කල හැකිය. බලයේ සිටියදී, පැසිස්ට්වාදීන් බොහෝවිට දේශපාලන අරමුණු සඳහා වඩාත් සුදුසුයැයි ඔවුන් විශ්වාස කල ආර්ථීක වැඩසටහන් තෝරාගනු ලැබිනි. බොහෝකල් පැවති පැසිස්ට්වාදී පාළනයන් (ඉතාලියේ බෙනිටෝ මුසෝලිනිගේ පාළනය වැනි) මගින්, කාළයෙන් කාළයට ඔවුන්ගේ ආර්ථික ප්රතිපත්තිවල ප්රබල වෙනස්කම් ඇතිකරන ලදී.
එපමණක් නොව, පැසිස්ට්වාදීන්ට ඔවුන්ගේ ආර්ථික තීරණ හැඩගස්වන දේශපාලන දර්ශන ගණනාවක් ඇත. මෙයින් පළමුවැන්න, සමාජවාදයට හා ලිබරල් ධනවාදයට එරෙහි මූලික පැසිස්ට්වාදී විරෝධතාවයි. ආර්ථික විද විෂය තුලට ඔවුන්ගේ අදහස් ක්රියාත්මක කිරීම, “තුන්වන මාර්ගයක්” නිරූපණය කරන බවට පැසිස්ට්වාදීන් තර්ක කල අතර, ඔවුන් සංස්ථාගතවීමට හා පංති සහයෝගීතාවයට පක්ෂපාතීවිය. විෂමතාවයන් හා වෙනස් සමාජ පංති පැවතීම වාසිදායක විය හැකියයි ඔවුන් විශ්වාස කල නමුත් (සමාජවාදී දර්ශනයට පටහැනිව), මෙම පංති අතර සම්බන්ධතාවලට මැදිහත්වීමේ කාර්යක් රජයට ඇති බවටද ඔවුන් තර්ක කරන ලදී. (ලිබරල් ධනවාදීන්ගෙන් දර්ශනයට පටහැනිව)
පැසිස්ට්වාදීන් විසින් නිදහස් වෙළඳ ධනවාදී හෝ කොමියුනිට්ස්වාදී නොවන, යතාර්ථවාදී ආර්ථීක විකල්පයක් සපයනලදි. පැසිස්ට්වාදී ආර්ථීකවල ආවේනික ලක්ෂණයක් වුයේ, ආර්ථීක පාළනය කලහැකි බවයි. එනම්, රජය විසින් පබල ඍජු බලපෑමක් සිදු කරණ හා සම්පත් හා නිෂ්පාදිත බෙදාහැරීම ඵලදායීව පාළනයකරණ ආර්ථිකයක් වීමයි.
සාමානයෙන්, සමහර කර්මාන්ත ජනසතු කිරීමට අමතරව, පැසිස්ට් ආර්ථික, පෞද්ගලික දේපල හා පෞද්ගලික මූලාරම්භ මත පදනම් වූ නමුත් රජයට කරන සේවය මත මේවා අවිනිශ්චිතවිය.
මානව සම්බන්ධතාවන්ගේ සමාජ ඩාවින්වාදී දෘෂ්ඨයෙන්ද, පැසිස්ට්වාදය ක්රියාත්මකවිය. ඔවුන්ගේ අරමුණ පබලයන්ට අනුබලදීම හා දුබලයන් ඉවත් කිරීමයි. ආර්ථික භාවිතය අතින් මෙහි අදහස, වෘත්තීය සමිති හා වැඩකරන පංතියේ වෙනත් ආයතන විනාශ කරමින්, සාර්ථක වපාරිකයන්ගේ උනන්දුව වැඩි කිරීමයි. සංස්ථාපිත බලය ආරක්ෂා කිරීම පැසිස්ට්වාදයේ අවශ කොටසක් බව ලෝරන්ස් බ්රිට් යෝජනා කරයි. ‘පෞද්ගලික අංශයට වගකියන බදු ගෙවන්නන්, පැසිස්ට්වාදය මගින් ඇති කරයි’ යනුවෙන් ඉතිහාසඥ ගටෙනෝ සල්වෙමිනි, 1936 දි තර්ක කරන ලදී. මන්ද, “රජය පෞද්ගලික වවසායවල අත්වැරදීම්වලට ගෙවනු ලබයි. ලාභය පෞද්ගලික අංශ හා පුද්ගලයන් ලබන අතර, පාඩු පොදු හා සමාජමය වේ.”
අවසාන වශයෙන්, පැසිස්ට්වාදය දැඩි හමුදා පාළනයක් විය. එනිසාම, පැසිස්ට්වාදීන් නිරතුරුව යුධ වියදම් කැපී පෙනෙන ලෙස වැඩිකල අතර, ඔවුන්ගේ ආර්ථික සංවර්ධනය සඳහා ප්රධානම හේතුව, ශක්තිමත් හමුදාවක ආධාරය සහිතව, ශක්තිමත් ආර්ථිකයක් ඇතිකිරීමට ඔවුන් තුල වූ බලාපොරොත්තුවයි. පැසිස්ට් රජයන් මගින් පෞද්ගලික ලාභ සෙවීම ධෛර්යමත් කලඅතර විශාල වපාර වලට ප්රතිලාභ පිරිනමනලදි. නමුත්, අනෙක් අතට සියලු ආර්ථීක ක්රියාකාරකම් ජාතියේ යහපතට කල යුතු යැයි නියම කරනලදි. බොහෝ සිද්ධින් වලදී, විදේශ වෙළඳාම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හෝ අධෛර්යමත් කිරීම මෙයින් අදහස් කල අතර; අනවශ තරම් ජාතන්තර වෙළඳාමේ නිරතවීම මගින් ජාතික ආර්ථීකය, ජාතන්තර ප්රාග්ධනය මත යැපෙන තත්වයකට පත්වන බව, ඔවුහු විශ්වාස කලහ. එමනිසා ජාතන්තර ආර්ථික සම්බාධක පැනවීමට ඔවුන් ක්රියා කලහ. සමෘද්ධිය(autarky) ලෙස හැඳින්වූ ආර්ථීක ස්වයං පෝෂණය, බොහෝ පැසිස්ට් රජයන්ගේ ප්රධානම අරමුණක් විය.