පැපොල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පැපොල ‍රෝගියෙක්

පැපොල රෝගය වැරිසෙලා සොස්ටර් නම් වෛරසය මගින් ඇති කරන ඉතාමත්ම බෝවන සුළු රෝගයකි. මෙය මුල් අවස්ථාවලදී ඇස්වල ඇතිවන ආසාදනයක් හා පීනස් ලක්ෂණ ඇතිව ආරම්භ වුවද රෝයට ආවේනික වූ ලප සිරුර පුරා ප්‍රධානව කඳ කොටසේ සහ හිසෙහි ඇති‍වේ. ඒවා කැසීමකට ලක් වී පැපෝල කැළැල් ඇති‍වේ. බෙහෝමයක් කුඩා තුවාල කැළලක් ඇති නොවීම සුවවීයයි.

පැපොල රෝගය සඳහා දින 10 සිට 21 දක්වා බීජෞෂණ සමයක් ඇත. ආසාදිත රෝගියෙකුගේ නාසයෙන් පිටවන කුඩා බිඳිති මනින්නේ තුවාල මගින් පිටවන ස්‍රාවයක් මගින් කෙළින්ම ස්පර්ශවීමෙන් රෝගය ව්‍යාප්තවේ. එක් වරක් රෝගය ඇති වූවෙකුට ජීවිත කාලය පුරාවටම කල්පවත්නා පරිදි නැවත රෝගය නොසෑදීමට ආරක්ෂාකාරී ප්‍රතිශක්තිකරණයක් ලැබේ.

රෝගය වැඩිහිටියන් තුල කුඩා දරුවන්ට වඩා දරුණු ලෙස ඇති වියහැකි අතර කලාතුරකින් මෙමගින් මරණය පවා ඇති විය හැකිය. ගර්භනී මවුවරුන් හා සිරුරේ ප්‍රතිශක්තිය අඩපන වු පුද්ගලයන්ගේ නාම රෝගය නිසා ඇතිවන සංකූලතාවයන්ට වැඩි අවදානමක් ඇත. මෙලෙස බහුලවම ඇති වන සංකූලතාවය වන්නේ වෛරසය නැවත සක්‍රියවීමෙන් ඇතිවන ෂින්ගල් නම් කුඩා තුවාල සමුහයකින් යුත් කැළලයි.


රෝග ලක්ෂණ[සංස්කරණය]

ඉහතින් සඳහන් කළ ආකාරයට පැපොල රෝගය ව්‍යාප්ත වන්නේ ආසාදිත රෝගියෙකු හා කෙලින්ම සිදුවන ස්පර්ශයෙන් හෝ රෝගියෙකු හා කෙලින්ම සිදුවන ස්පර්ශයෙන් හෝ රෝගියෙකු කහින විට හෝ කිවිසන විට පිටකරන බිඳිති මගිනි. බිබිලේ ඇතිවන ස්‍රාවයන් කෙලින්ම ස්පර්ශ කිරීමෙන්ද රෝගය ඇතිවේ. ආසාදිත රෝගියෙකුට රෝගය ව්‍යාප්ත කිරීමට හෝ වෙනකෙකුට රෝගය බෝකිරීමට හැකියාව හැකියාව ඇත්තේ සිරුරේ තුවාල ඇතිවීමට දින දෙකකට පෙර කාලයේ සිට තුවාල සුව වී කැලල ඇතිවීම දක්වා ගතවන කාල පරාසය තුල පමණි. මෙය දින 5 ක් සිට 10 ක් අතර කාලයක් ගනී. ආසාදිත රෝගියෙකුගෙන් අදාල රෝග කාරකය සිරුරට ඇතුලුවීමෙන් පසුව තව අයෙකුට ‍රෝගය ඇතිවීමට දින 10 සිට 21 ක් දක්වා කාලයක් ගතවේ.

පැපොල රෝගයේ මුල් අවස්ථාවලදී මිලිමීටර් දෙකේ සිට හතර දක්වා ප්‍රමාණයන්ගෙන් යුක්ත වූ රෝස පෙත්තක් ආකාර හැඩයක් ඇති රතු පැහැති ලප ඇතිවේ. මෙම රතුපැහැ ලප මත තුනී බිත්තියක් ඇති පැහැදිලි ස්‍රාවයකින් පිරුණු දිය බිඳක් ආකාරයට බිබිලි හට ගනී. මේ ආකාරයට “රෝස පෙත්තක් මත රැදුණු දිය බිදක්” ආකාරයට රෝගය සඳහාම ආවේනික වූ කුෂ්ඨයක් හටගනී. පැය අටක් හෝ දොලහකට පසුව බිබිලි තුල වූ දියරය අපැහැදිලි වී බිබිලි කැඩීයාමෙන් කබොල්ලක් සෑදේ.මෙම ස්‍රාවය ඉතාමත්ම බෝවන සුළුවේ. නමුත් කබොල්ල සෑදීමත් සමගම එමගින් රෝගය ඇති කිරීමේ හැකියාවක් නොමැත. දින හතක් අවසානයේදී මෙම කබොල්ල හැලීයන අතර ඇතැම් අවස්ථාවලදී ආවාටයක් වැනි කැළලක් ඇතිවේ. එක් තුවාලයක් මෙලෙස දින හතක් අවසානයේදී ඉහත කී අන්දමට චක්‍රයක් සම්පුර්ණ කළද පැපොල රෝගයේ ආවේනික ලක්ෂණය වන්නේ අළුතින් දිනපතාම දින කිහිපයක් ගතවන තුරු තුවාල ඇතිවීමයි. එබැවින් සතියකට පෙර අළුතින් තුවාල බිබිලි හටගැනීම නතරවන අතර ඒ වන විට පවතින තුවාල කබොල්ලක් සෑදී සුව වේ. එම නිසා කුඩා ළමුන් නැවත පාසල වෙත යැවිය යුත්තේ සියළුම තුවාල වල කබො‍ල්ල සෑදි සුවවීමෙන් අනතුරුවය.

සිරුර තුල නිදන්ව තිබූ පැපොල වෛරසය නැවත සක්‍රීය වීමෙන් ‘ෂින්ගල්’ නැමැති කුඩාතුවාල සමුහයකින් යුක්ත වූ කැළලක් ඇති‍වේ.මෙලෙස ඇතිවන තුවාල මගින් නැවතත් වෛරසය ව්‍යාප්ත කිරීමට හැකියාව ඇත. රෝගය ව්‍යාප්ත වීම සඳහා ආසාදිත පුද්ගලයෙකු සමග ස්පර්ශයක් ඇතිවීම අත්‍යවශ්‍ය නොවේ. මෙලෙස රෝගය බෝවීම අදාල පුද්ගලයා තමාට රෝගය ඇතිබව දැනගැනීමටත් පෙර සහ තුවාල හටගැනීමටත් පෙර සිට සිදුවේ. පැපොල රෝගීන් තුවාල ඇතිවීමට දින දෙකකට (2) පෙර සිට තුවාල සුව වීම දක්වාම අන් අයට රෝග කාරක වෛරසය ව්‍යාප්ත කරති එනම් තුවාල ඇති වී දින 4 – 5ක් යන තුරු කාලයේදිය.

"http://si.wikipedia.org/w/index.php?title=පැපොල&oldid=306846" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි