පැතලි පෘථිවිය

විකිපීඩියා වෙතින්

පැතලි පෘථිවිය යනු පෘථිවිය තලයක හෝ තැටියක හැඩයක් ගනී යැයි සැළකූ පෞරාණික සංකල්පය වේ. අතීත සංස්කෘතීන් ගණනාවක්ම ලෝකයේ ගෝලාකාර හැඩය පිළිබඳ සොයා ගැනීමට ප්‍රථමයෙන්, පෘථිවිය පැතලි යැයි විශ්වාස කොට ඇත. උදාහරණ ලෙස ග්‍රීසිය (ක්‍රි.පූ. 5 වෙනි ශතවර්ෂය තෙක්), ලෝකඩ සහ යකඩ යුගවල ශිෂ්ඨාචාරයන් (ක්‍රි.පූ. 31 තෙක්) සහ චීනය (ක්‍රි.ව. 17 වැනි ශතවර්ෂය තෙක්) දැක්විය හැකිය.

පුරාතන ග්‍රීක දාර්ශනිකයන්ගෙන් මුලින්ම පෘථිවියේ ගෝලාකාරබාවය ගැන සඳහන් කොට ඇත්තේ පෛතගරස් විසින් ක්‍රි.පූ. 6 වැනි ශතවර්ෂය දීය. ක්‍රි.පූ. 4 වැනි ශතවර්ෂයේ දී ප්ලේටෝ නම් දාර්ශනිකයා ද ගෝලාකාර පෘථිවියක් ගැන ලියා තිබේ. ක්‍රි.පූ. 330 වන විට, ප්ලේටෝ ගේ හිටපු සිසුවෙකු වූ ඇරිස්ටෝටල් විසින් පෘථිවියෙහි ගෝලාකාර ස්වභාවය ගැන ප්‍රබල ආනුභවික සාක්ෂි ඉදිරිපත් කරන ලදී.

පෘථිවියෙහි ගෝලාකාර ස්වභාවය යනු තහවුරු කළ විද්‍යාත්මක සත්‍යයක් වන අතර, පෘථිවියෙහි ගෝලාකාරබාවය නිසා ඇතිවන බලපෑම් ද පැහැදිළිව දැක ගත හැක. එහෙත් නූතනයේදී ද ඇතැම් පිරිස් විසින් සමාජ මාධ්‍ය හරහා පෘථිවිය පැතලි යැයි කුමණ්ත්‍රණ න්‍යායන් ප්‍රචාරය කෙරෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=පැතලි_පෘථිවිය&oldid=515459" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි