ප්‍රියන්කා චොප්රා

විකිපීඩියා වෙතින්
ප්‍රියන්කා චොප්රා
Priyanka Chopra posing at a film festival in dark sari looking towards the camera
Chopra at the 2012 Marrakech Film Festival
උපත18 ජූලි 1982 (1982-07-18) (වයස 41)
Jamshedpur, Bihar, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියෙකි, මෝස්තර නිරූපිකාවකි
සක්‍රීය වසර2000–වර්තමානය තෙක්
ඥාතීන්Parineeti Chopra (cousin)
වෙබ් අඩවියiampriyankachopra.com

ඉන්දියානු නිළියක වන ප්‍රියන්කා චොප් රා සිනමා වෘතියට පිවිසීමට පෙර මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කලාය. මැය වසර 2000 හේදී "ලෝක රූ රැජිණ" ලෙස කිරුළු පැලැන්දාය.

ඇය 2002 වර්ෂයේ "තමිලන්" (Thamizhan) නම් දමිළ චිත්‍රපටයෙන් තම සිනමා දිවිය ආරම්භ කලාය. ඉන්පසු 2003 වර්ෂයේදී බොලිවුඩ් සිනමාවට එක්වූ ඇගෙය් ප්‍රථම චිත්‍රපටය "ද හීරෝ - ලව් ස්ටෝරි ඔෆ් අ ස්පයි" (The Hero: Love Story of a Spy ) විය. එම වසරේම ඇය රඟපෑ "අන්දාස්" (Andaaz) වෙනුවෙන් "හොඳම නවක නිලිය" ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගැනීමට හැකි විය.

"අයිට්‍රාස්" (Aitraaz) නම් චිත්‍රපටයෙහි දැක්වූ විශිෂ්ඨ රංගන කුසලතාව නිසා ඇයට 2004 වසරේදී "හොඳම දුෂ්ඨ චරිතය" වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගැනීමට හැකිවිය. ප්‍රියන්කා, මෙතෙක් මෙම සම්මානය දිනා ගත් දෙවැනි කාන්තාව විය.

වසර 2004 දී "මුජ්සේ ෂාදී කරොගේ" (Mujse Shadhi Karoge),2006 දී තිරගත වූ "ක්‍රිෂ්" (Krrish) සහ "ඩොන්" (Don) ඇගේ සාර්ථකම වාණිජ චිත්‍රපට විය.

ඇය 2008 වසරේදී "ෆැෂන්" (Fashion) චිත්‍රපටෙයේ නිරූපිකාවකගේ චරිතය නිරූපනය කරමින් "හොඳම නිළිය" සඳහා වන ෆිල්ම්ෆෙයාර් සම්මානයද, "හොඳම නිළිය" සඳහා වන ජාතික සිනමා සම්මානයද දිනාගත්තාය.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රියන්කා_චොප්රා&oldid=404231" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි