ප්‍රසාද් කරුණාමුනි

විකිපීඩියා වෙතින්

ප්‍රසාද් කරුණාමුනි සංගීත ශිල්පියෙකි. ගායකයෙකි. මනස සන්සුන් කිරීමේ සංගීතය පිළිබදව පරීක්ෂණ පවත්වන අයෙකි.

1973 ජනවාරි මස 10 අගුරුවාතොට උඩුවර ප්‍රදේශයේ උපත ලද ප්‍රසාද් කරුණාමුනි මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ මදුරාවල මහා විද්‍යාලයෙන්. එහිදී සංගීතය ඉගෙන ගත්තේ අමිතා අතුකෝරල මහත්මිය යටතේයි.

අනතුරුව උසස් පෙල හැදෑරීම සදහා හොරණ ශ්‍රීපාලි මහා විද්‍යාලයට ඇතුලුවූ ඔහු එහිදී ආරියදාස රණවක හා විජේසේන කොඩිප්පිලි යන සංගීත ගුරුවරුන්ගෙන් සංගීතය ඉගෙන ගෙන තිබෙනවා.

ඔහු විසින් ප්‍රසාද් ගී නම්වූ ප්‍රථම ඒක පුද්ගල සංගීත ප්‍රසංගය පැවැත්වූයේ 1990 වසරේ නොවැම්බර් මස 29 වැනිදායි.

ඒ ටවර් රගහලේදීයි.

එහිදී ඔහුට ගායනයෙන් සහාය වූයේ චම්පා කල්හාරි ජයසේකරයි.

1991 වසරේදී ශ්‍රීපාලි මහා විද්‍යාලයේ පැවැති සිසු ගී තරගයෙන් දෙවැනි ස්ථානය දිනා ගනු ලැබුවේ ප්‍රසාද් කරුණාමුනි විසින්.

එම වසරේම ජනාධිපති ජංගම සේවයට සමගාමීව කලුතර පැවැති අන්තර් පාඨශාලීය ජන ගායනා තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගත් ඔහු එම වසරේ සිට ලයනල් රංගවල මහතාගේ පර්යේෂණ ජන සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පියෙකු ලෙස එක්වුණා.

ඔහු විසින් ප්‍රසාද් ගී ‍2 සංගීත ප්‍රසංගය ඉදිරිපත් කලේ, 1993 දෙසැම්බර් මස 23 වැනිදායි .

ඒ, එල්ෆින්ස්ටන් රගහලේදීයි.

එහිදී ඔහුට ගායනයෙන් සහාය වූයේ සංජීවනී විරසිංහයි.

ඉන් අනතුරුව ඔහු රැකියාව පිණිස 1994 වසරේදී සිරස ගුවන් විදුලියට එක්වුණා.

එතැන් සිට ඔහු සිරස ගුවන් විදුලියේ රැකියාවේ යෙදුනා.

අනතුරුව ඔහු හින්දුස්තානි සංගීතය ඉගැනුම සදහා නන්දා මාලිනිය වෙත පියනැගුවේ 1999 වසරේදීයී.

ඇයගෙන් වසර ගණනාවක් හින්දුස්තානි සංගීතය ඉගෙන ගත් ඔහු භාත්කණ්ඩේ සංගීත ඩිප‍්ලෝමාව සමත් වුණා.

අනතුරුව ඔහු 2000 වසරේදී අරුණ්දතී ශ්‍රී රංගනාදන් මහත්මිය වෙත පියනැගුවේ කර්ණාටක සංගීතය ඉගැනුම සදහායි.

ඔහු එතැන් සිට 2006 වසර දක්වා අරුණ්තදී ශ්‍රී රංගනාදන් මහත්මිය යටතේ කර්ණාටක සංගීතය ඉගෙන ගත්තා.

ප්‍රසාද් කරුණාමුනි තම ප්‍රථම ගීතය වූ සොදුරු කවක් ගීතය පටිගත කලේ 2001 වසෙර්දීයි. එහි සංගීත නිර්මාණය හර්ෂ රන්දිමාල්. රචනය නිහාල් වික්‍රම එදිරිසූරිය.

අනතුරුව ඔහු‍ගේ ගීත රචනය සදහා මහේෂ් හේවාවසම්, විදුර ඩයස්, එරංගා පෙරේරා, කිංස්ලි රත්නායක, සදුන් නාගහවත්ත දායක වුණා.

සංගීතයෙන් දායක වූයේ ජයන්ත රත්නායක, නවරත්න ගමගේ, නාලක දිසානායක, කපිල මැද්දේගොඩ යන මහත්වරුන්.

ඔහුගේ ගීත ඇතුලත්ව ප්‍රථම වෙබ් අඩවිය වූ www.prasadmusic.com දියත් කලේ, 2005 වසරේදීයි.

අනතුරුව අන්තර් ජාලය ඔස්සේ ඔහුගේ ගීත ශ්‍රවණය කිරීමට ජනතාවට හැකිවුණා.

එ‍සේම විවිධ ජංගම දුරකතනවල නාද මාලාවන් සදහාද එම ගීත භාවිත වුණා.

ඔහුගේ ප්‍රථම වීඩියෝ ගීතය නිර්මාණය වුනේ 2009 වසරේදීයි. එය සොදුරු කවක්.... එය ප්‍රථමයෙන්ම ප්‍රචාරය වුයේ සිරස ටී.වී. දිගන්තය ඔස්සේයි.

2010 වසරේ ආරම්භයේ සිටම ඔහු තම සංගීත පර්යේෂණ කටයුතුවල නිරත වන්නේ මනස සංසුන් කීරීමේ සංගීතය පිළිබදයි.

ඒ සදහා ඔහුට උපරිම සහයෝගය ලබාදෙන්නේ මනෝ වෛද්‍ය විශේෂඥ මාලගොඩ මහතා සහ ප්‍රසාද්ගේ නැගනිය වන මනෝ විද්‍යා උපදේශිකා රේණු ශිරෝමාලාගෙනි.

මේ වන විටත් ඔහු විසින් පිරිත් නාදමාලාව ඔස්සේ නිර්මාණය කල මනස සංසුන්වීමේ සංගීත ඛණ්ඩ අන්තර් ජාලයට එක්කර තිබෙනවා.

ඔබටද දැන් එය ශ්‍රවණය කල හැකියි.

2014 දී භාත්කණ්ඩේ සංගීත පීඨය මගින් පැවැත්වූ සංගීත විශාරද විභාගය දෙවන පංතියේ සාමාර්ථයක් සමග ප්‍රසාද් කරුණාමුනි සමත්විය.


2018 වසරේදී භාත්කණ්ඩේ සංගීත විද්‍යා පීඨය මගින් පැවැත්වූ සංගීත නිපුන් විභාගය දෙවන පංතියේ සාමාර්තයක් සමග ප්‍රසාද් කරුණාමුනි සමත්විය

.බාහිර සබැඳුම්

http://www.rivira.lk/2009/11/22/rivisara19.htm http://www.lakbimanews.lk/archvi/lakbimanews_10_02_07/mag/mag4.htm[permanent dead link]

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රසාද්_කරුණාමුනි&oldid=592554" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි