ප්‍රජානන මනෝ විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ප්‍රජානන මනෝ විද්‍යාව යනු අභ්‍යන්තර මානසික ක්‍රියාවලීන් වන ගැටළු විසදීම, මතකය, භාෂාව ගැන කරනු ලබන අධ්‍යයනයයි. එහි පුරෝගාමීන් ලෙස මැක්ස් වර්තයිමර්, වොල්පන් කෝලර්, කර්ට් කොප්කා සහ ජීන් පියාජේ හැඳින්විය. ජීන් පියාජේ විසින් ළමාවියේ ප්‍රජානන වර්ධනයේ අවස්ථා පිළිබඳ විස්තර කරන ලදී. ප්‍රජානන මනෝ විද්‍යාඥයෝ පුද්ගලයා හඳුනා ගැනීම, රෝග නිර්ණයට, ගැටළු නිරාකරණය සහ උත්තේජ සහ ප්‍රතිචාර සම්බන්ධතා අතර ඇති මානසික ක්‍රියාවලීන් හඳුනාගැනීමට කැමැත්තක් දක්වති. ප්‍රජානන න්‍යායන්ට අනුව ගැටළුවක් සඳහා විසඳුම ආකාර 2කි.

  1. ඇල්ගොරිදම්ස් - සැමවිටම අ‍වබෝධ කළ ගත නොහැකි වුව ද සැමවිටම විසඳුම් ලබා දෙන්නකි.
  2. විවිරණවියෝගී - සැමවිටම අවබෝද කළ ගත හැකි වුව ද විසඳුම් සැමවිටම ලබා නොදෙන්නකි.

වෙනත් ආකාරයකට කියතොත් ගැටළු සඳහා විසඳුම් සිත අභ්‍යන්තරයෙන් හදිසියේම ඇති වන දැක්මෙන් ද ලබා ගත හැක.

අල්ර්න් නෙයිසර් විසින් 1967 දී විසින් රචිත ග්‍රන්ථයක ප්‍රජානන ම‍නෝ විද්‍යාව ගැන ඇතුළත් කරන ලදී. ඔහුට අනුව ප්‍රජානන මනෝ විද්‍යාව යනු සංඛ්‍යාත්මක පදයන්ගෙන් මානසික ක්‍රියා විස්තර කළ හැකි ගතික තොරතුරු සැකසුම් පද්ධතියක. තවද ඔහු මනස සංකල්පිත ආකෘතීන් බවට උපකල්පනය කරන ලදී. මොහුගේ ‍මෙම මතය “හේතු දැක්වීම” වැනි උසස් මානසික සංකල්පයන්ගෙන් ඔබ්බට මෙම විෂය පථය විහිදී යෑමට උරුමකම් ලබා දෙයි. ඔහුගේ ඥාණය පිළිබඳ අර්ථ දැක්වීම මෙලෙසය.

ඥාණය යන පදය සංවේදන ලබා ගැනීමේන පසු වෙනස් කිරීම, අඩු කිරීම, වැඩි දියුණු කිරීම, ගබඩා කිරීම , නැවත ප්‍රයෝජනයට ගැනීම වැනි සියලුම ක්‍රියාවලීන් සඳහා භාවිතා කරයි. බාහිර උත්තේජයක් නොමැතිව ඇති වන දර්ශන, මූලාවන් වැනි තත්වවලදී මෙම ක්‍රියාවලීන් මනස තුළ ඇති වේ. මෙම මතයට අනුව ඥාණය මිනිසා විසින් කරනු ලබන සියලුම ක්‍රියාවලී සඳහා අදාල වේ. සියලුම මනෝ විද්‍යාත්මක ප්‍රපංචයන් ප්‍රජානන ප්‍රපංචයක් ලෙස ද ඇති වේ. මෙලෙස සියලුම මිනිස් ක්‍රියාවලි සඳහා ප්‍රජානන මනෝ විද්‍යාව අදාල වුව ද එලෙස අදාල වන්නේ එක් දෘෂ්ටි කෝණයයි. එනම් අනෙක් දෘෂ්ටි කෝණයන් ද නීත්‍යානුකූල සහ අවශ්‍ය වෙයි. ගතික මනෝ විද්‍යාව යනු බාහිර උත්තේජන අනුව නොව අභිප්‍රායන් නිසා ඇති වන්නකි. ගතික මනෝ විද්‍යාඥයෝ පුද්ගලයෙකුගේ දැනීම්, මතකයන් විශ්වාසයන් නිසා ඇති වූ ක්‍රියාකාරකම් සහ අත්දැකීම් ගැන අසනවා වෙනුවට ඔහුගේ අභිප්‍රායන් , අවශ්‍යතාවයන් අනුව ක්‍රියා කරන ආකාරය අධ්‍යයනය කරයි.

ප්‍රජානන මනෝ විද්‍යාව පෙර කාලීන මනෝ විද්‍යාත්මක ප්‍රවේශණයන්ගෙන් ප්‍රධාන ආකාර දෙකකට වෙනස් වේ.

  1. එය විද්‍යාත්මක මතය පිළිගන්නා අතර අන්තරාවලෝකනය පර්යේෂණ සඳහා යොදා ගන්නා ක්‍රමයක් ලෙස ප්‍රතික්ෂේප කරයි. (උදාහරණ ලෙස ප්‍රොයිඩ්ගේ සංකේත මත දිවෙන මනෝ විද්‍යාව)
  2. චර්යාවේ දී මනෝ විද්‍යාව මෙන් නොව විශ්වාසයන්, ආශාවන්, අභිප්‍රායන් වැනි ලක්ෂණ අභ්‍යන්තරික මානසික තත්වයක් ඇති බව පැහැදිලිවම පිළි ගනී.

මෙම ප්‍රවේශණය නිසා ඇති වන සිතුවිලි සමූහය ප්‍රජානන වාදය ලෙස හැඳින්වේ.

1950 අග භාගයේ දී සහ 1960 මුල් භාගයේ දී පමණ වෙනස් පථයක් වර්ධනය වීමට පටන් ගත් මෙය මනෝ විද්‍යාත්මක පර්යේෂණ සඳහා නූතනව එක් වූ විෂය පථයකි. 1958 දී ඩොනල්ඩ් බ්‍රොඩ්බන්ට්ගේ “අවබෝධය සහ සන්නිවේදනය”ප්‍රජානන ප්‍රවේශණයට ප්‍රධාන තැනක් ලබා දී ඇත. එතැන් පසු මෙම විෂයේ සුසමාදර්ශය ලෙස ඩොනල්ඩ්ගේ තොරතුරු සැකසුම් ආකෘතිය පත් විය. මෙය මානසික ක්‍රියාලීන් පිළිබඳ සිතීමේ සහ විචාරය කිරීමේ ඒවා මොළය නැමැති පරිගණකයේ ක්‍රියා කරන මෘදුකාංගයක් ලෙස කල්පනා කිරීමේ ද ක්‍රමයක් ලෙස හැඳින්විය හැක. යෙදවීම, නිරූපණය කිරීම, සංඛ්‍යානය, සැකසීම සහ ප්‍රතිදානය සඳහා සෛද්ධාන්ත පවතී. භාෂාව ප්‍රාථමික මානසික ක්‍රියාවලි නිරූපණ කොට ප්‍රජානන ම‍නෝ විද්‍යාව විවිධ මානසික ආකෘති රාශියක් බිහි කර ඇත. AI සහ මනෝ විද්‍යාවට එහි වැදගත්ම දායකත්වය වනුයේ අර්ථ විචාරාත්මක පද්ධතියේ බිහිකළ සංකල්පනාවයි. මුල් කාලීන ප්‍රජානන මනෝ විද්‍යාඥයකු වන ජෝර්ජ් මිලර් ඔහුගේ වෘත්තීය ජීවිතය WordNet නැමැති ඉංග්‍රීසි භාෂාව සඳහා අර්ථ විචාරාත්මක පද්ධතිය බිහි කිරීමට කැප කොට ඇත. 1985 දී වර්ධනය ඇරඹූ මෙම යාන්ත්‍රීය සාරාර්ථ විද්‍යාව සඳහා පදනම වෙයි.

මෙම ආකාරයෙන් මානසික ක්‍රියාවලීන් තේරුම් ගැනීම පසුගිය දශකයන් තුළ මනෝ විද්‍යාව තුළ ව්‍යාප්ත වී ඇත. තවද සමාජීය මනෝ විද්‍යාව , පෞරුෂාත්මක මනෝ විද්‍යාව, අසාමාන්‍ය මනෝ විද්‍යාව, වර්ධනාත්මක මනෝ විද්‍යාව තුළ ද ප්‍රජානන න්‍යායන් හඳුනා ගත හැක. තුලනාත්මක විද්‍යාව තුළ දී ප්‍රජානන මනෝ විද්‍යාව භාවිතය නිසා සතුන් ආශ්‍රිත අධ්‍යාපනයන් වැඩි වීමට හේතු වී ඇත.

නමුදු මනෝ විද්‍යාවේ නව ප්‍රවේශණ වන ගතික පද්ධතීන් , ප්‍රතමූර්තික පර්යාවලෝකනයන් මඟින් ප්‍රජානන ක්‍රියා සඳහා තොරතුරු සැකසුම් ප්‍රවේශණය විවේචනයට ලක් කොට ඇත.

සංඛ්‍යාත්මක රූපකයන් සහ පරිභාෂිකයන් යොදා ගැනීම නිසා ප්‍රජානන මනෝ විද්‍යාව 1960 හා 1970 දී කෘත්‍රීම බුද්ධි සහ ඒ හා බැඳුණු පථයන්හි පර්යේෂණයන්හි වඩාත් ප්‍රතිලාභ ඇත. ඇත්ත වශ‍ෙයන්ම මෙය ප්‍රජානන මනෝ විද්‍යාවේ අන්තර් ක්ෂේත්‍රයන්හි වැදගත්ම අංගයක් ලෙස වර්ධනය විය. මෙමඟින් මනස හා සම්බන්ධ පර්යේෂණ සහ මානසික ක්‍රියාවලීන් අතර සම්බන්ධතාවය හඳුනා ගැනීමට උත්සාහ දරයි.

"http://si.wikipedia.org/w/index.php?title=ප්‍රජානන_මනෝ_විද්‍යාව&oldid=309138" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි