පළමුවන ඇකඩමි සම්මාන උළෙල

විකිපීඩියා වෙතින්
පළමුවන ඇකඩමි සම්මානය
සම්මානය පිරිනමනුයේ චිත්‍රපට කර්මාන්තයෙහිඩග්ලස්‌ ෆෙයර්බන්ක්ස්
පිරිනමනු ලබන්නේ පටිගතකිරීමේ කලාවන් සහ විද්‍යාවන් සඳහා වන ජාතික ඇකඩමිය
රට හොලිවූඩ් රෝස්වෙල්ට් හෝටලය,හොලිවූඩ්,ලොස් ඇන්ජලිස්,කැලිෆෝනියාව
පළමුව පිරිනැමුනේ 1929
නිල වෙබ් අඩවිය http://www.grammy.com/


1927 හා 1928 වර්ෂ සදහා හොදම චිත්‍රපට ලෙස පළමුවන ඇකඩමි සම්මානය 1929 මැයි 16 දින චලිත නිරූපන කලා හා තාක්ෂණ ඇකඩමිය(AMPAS)විසින් කැලිෆෝනියාවේ හොලිවූඩ් රෝස්වෙල්ට් හෝටලයේ පැවති රාත්‍රී පෞද්ගලික සාදයකදී පිරිනමන ලදි. AMPAS ආයතනයේ සභාපති ඩග්ලස්‌ ෆෙයර්බන්ක්ස්(douglas fairbanks) විසින් මෙම සම්මාන උළෙලේ මූලිකත්වය ගෙන ක්‍රියාකරන ලදි.මෙම උත්සවය සදහා ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් පහක මුදලක් වූ අතර,270ක් වන පිරිසක් උත්සවය සදහා සහභාගී වූ අතර උත්සවය මිනිත්තු 15ක් පුරා පැවතිනි. ලුයිස් බී.මෙයෙර් (ලුයිස් බී.මෙයෙර් ආයතන නිර්මාතෘ) විසින් මෙහි සම්මාන නිර්මාණය කරන ලදි.එය රේඩියෝ හෝ රූපවහිනි මගින් කිසිදු මාධ්‍ය ආවරණයක් නොලද එකම ඇකඩම් සම්මාන උළෙල වේ.

සම්මාන උළෙලේදී AMPAS ආයතනය මගින් කාණ්ඩ 12ක් යටතේ සම්මාන ප්‍රදානය කරන ලදි. සම්මාන උත්සවයට මාස තුනකට පෙරදී ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත්කරනලදී.දැනට සම්මාන උළෙලයන්හි නොපවතින කාණ්ඩයක්වන ඉංජිනේරු රන්ගොපක්‍රම කාණ්ඩය සදහා,රැල්ප් හැම්මරස් හා නුගේන්ට් ස්ලෝටර් යනාදීන්ගේ විශේෂිත වූ චිත්‍රපට සදහා,නාමයෝජනා ප්‍රකාශකිරීමකින් තොරව සම්මාන ප්‍රධානය කරන ලදි.ඊට පසු පැවති සම්මාන උළෙලයන් හිදී අධ්‍යක්‍ෂකවරයෙකු හා රංගනශිල්පියෙකු හෝ ශිල්පිනියක සදහා වසරක් සදහා බහුවිධ ක්‍රියාකාරකම් සදහා සම්මාන ප්‍රදානය කරන ලදි.උදාහරණ ලෙස එමිල් ජානින්ග්( Emil Jannings)තැනැත්තාහට හොදම නළුවාට හිමි සම්මානය ද වේ ඔෆ් ඕඔල් ෆ්ලේෂ්( The Way of All Flesh) හා ද ලාස්ට් කමාන්ඩ් (The Last Command) යන චිත්‍රපට දෙකම සදහා ප්‍රදානය කරන ලදි.තවද චාර්ලි චැප්ලින් හා වෝර්නර් බ්‍රදර් යන දෙදෙනාම ගෞරව සම්මානය ලබා ගන්න ලදි.

සම්මාන උළෙලේදී සෙවන්ත් හෙවන්(sewanth heawan) හා සන්රයිස්:මනුෂ්‍යයන් දෙදෙනාගේ ගීතය(sunrise:A song of two humans) යන එකිනෙක සම්මාන තුන බැගින් හා වින්ග්ස්(wings) සම්මාන දෙක බැගින්ද ලබාගන්න ලදි.එම ගෞරවයන් අතරින් සන්රයිස් නැමැති චිත්‍රපටය අතිවිශිෂ්ට හා රමණීය නිෂ්පාදනය( Unique and Artistic Production) සදහාවන සම්මානයත් වින්ග්ස් නැමැති චිත්‍රපටය කැපීපෙනෙන චිත්‍රපටය සදහාවන සම්මානයත්(දැනට හොදම පින්තාරුකරණය ලෙස හදුන්වන) සම්මාන දිනාගන්නා ලදි. ඊලග වර්ෂයේදි ඇකඩමිය විසින් අතිවිශිෂ්ට හා රමණීය නිෂ්පාදනය සදහා වන සම්මානය පහත හෙලා පුර්වකාරිව වින්ග්ස් නම් චිත්‍රපටය ලද සම්මානය විශිෂ්ටම ගෞරවාන්විත සම්මානය ලෙස තීරණය කරන ලදි.[1]

පසුතලය[සංස්කරණය]

1927දි ලුයිස් බී මේයර් විසින් චලිත නිරූපන කලා හා තාක්ෂදණ ඇකඩමිය (AMPAS) පිහිටවන ලදි.ඉන්පසු පික්චර් කෝපරේෂන් නිර්මාතෘ ලුයිස් බී මේයර් විසින් චිත්‍රපට කර්මාන්තයේ රංගනශිල්පීන්,අධ්‍යක්ෂකවරුන්,නිෂ්පාදකයන්,කාර්මිකශිල්පීන්,හා රචකයන් යන ශාඛා පහක එකමුතුවක් සදහා මෙට්‍රෝ ගොල්ඩ්වින් මේයර් ආයතනය(MGM) සමග සම්බන්දවනලදී.[2]"මම සොයාගත්තා චිත්‍රපට නිෂ්පාදකයන්හට පදක්කම් පැළදීමේ හොදම මග.....මම ඒගොල්ලන්ට කුසලාන හා සම්මාන පිරිනැමුවොත්,එගොල්ලන්ම මරාගනීවී මට අවශ්‍ය දේ නිෂ්පාදනය කිරීමට.ඒකයි ඇකඩමි සම්මානය නිර්මාණය කිරීමේ හේතුව වන්නේ" යයි මේයර් විසින් ඇකඩම් සම්මානයේ සටහන් කරනලදී.[3] Mayer requested to Cedric Gibbons, art director of MGM, to design an Academy Award trophy.[2][4]මේයර් විසින් MGM ආයතනයේ කලා අධ්‍යක්‍ෂක වන කෙඩ්රික් ගිබ්සන් හටඇකඩම් සම්මානයේ නිර්මාණකරණය සදහා ඇරයුම් යවනලදී.1928 පෙබරවාරි මස ටෙලිග්‍රෑම්මයක් අධාරයෙන් නාමයෝජනා ප්‍රකාශයට පත්කරන ලදි.[2]1928 අගෝස්තු මස මේයර් විසින් ජයග්‍රාහකයින් තෝරාගැනීම සදහා විනිශ්චයකරුවන්ගේ මධ්‍යම ඇකඩම්ය සම්බන්ධ කරගන්න ලදි.[2] However, according to the American director King Vidor, the voting for the Academy Award for Best Picture was in the hands of the AMPAS founders Douglas Fairbanks, Sid Grauman, Mayer, Mary Pickford and Joseph Schenck.[5]


සමාරම්භක උළෙල[සංස්කරණය]

1929 මැයි 16 වන දින කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටා ඇති හොලිවුඩ් රෝස්වෙල්ට් හෝටලයේදී සමාරම්භක උළෙල පවත්වන ලදි.එය භෝජන මේස තිස්හයකින් සමන්විතව තිබුනු අතර 270ක පිරිසක් සහබාගී වූ අතර ප්‍රවේශ පත්‍රයක මිළ ඩොලර් 5ක මුදලක් විය.[6] රංගනශිල්පීන් හා ශිල්පිනියන් ස්ඛෝපභෝගී රථවාහන වලින් හෝටලයට පැමිණි අතර බොහෝ ප්‍රේක්ෂකයන් ඔවුන්ව දිරිමත් කිරීම සදහාසහභාගී විය.[7] මිනිත්තු 15ක් තරම් වූ උත්සව කාලයක් පුරාවට AMPAS අධ්‍යක්ෂක ඩග්ලස්‌ ෆෙයාර්බෑන්ක් විසින් මෙහි මුලිකත්වය ගෙන ක්‍රියාකරනලදි.[8]

ජයග්‍රාහකයින් සහ නාමයෝජනා[සංස්කරණය]

සමාරම්භක උත්සවයට මාස තුනකට පෙර ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත්කරන ලදි. සම්මාන ලබන්නන් අතරට ඇකඩමි සම්මානයලත් ප්‍රථම රන්ගනශිල්පියා ලෙස එමිල් ජානින්ග්(Emil Janning) හොදම නළුවා සදහා වන සම්මානය "ද වේ ඔෆ් ඕල් ෆ්ලේෂ්" චිත්‍රපටය සදහා හා "ද ලාස්ට් කොමාන්ඩ්" යන චිත්‍රපට සදහාද,[9] [10] හොදම නිළිය සදහාවන සම්මානය ජැනට් ගේනොර්(Janet Gaynor) සෙවන්ත් හෙවන්,ස්ට්‍රීට් ඒන්ජල්, හා සන්රයිස්:මනුෂ්යයන් දෙදෙනාගේ ගීතයක් යන චිත්‍රපට සදහාත්,හොදම නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්‍ෂක සම්මානය සදහා ෆ්‍රෑන්ක් බොර්සේජ් සෙවන්ත් හෙවන් හා යන චිත්‍රපට සදහාත්, හොදම විකට චිත්‍රපට අධ්‍යක්‍ෂක ලෙස ලෙවිස් මයිල්ස්ටෝන් "ටූ ඇරබියන් නයිට්ස්" චිත්‍රපටය සදහාත්,"ද වින්ග්ස්" චිත්‍රපටය එකල වැඩිම වියදම් ලද චිත්‍රපටය ලෙසත් හොදම පින්තාරුකරණයට අදාළ සම්මාන, සම්මාන උළෙලේදී සම්මාන ලද්දේය.චාලි චැප්ලින් සහ වෝනර් සහෝදරයන් එකිනෙකා නිරවේතික සම්මාන ලබාගන්න ලදි.ආරම්භයේදී චාලි චැප්ලින් හොදම නළුවා, හොදම රචකයා,හා හොදම හාස්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ලෙස "ද සර්කස්" චිත්‍රපටය සදහා නම්වූ අතර,නමුත් නාමික ලැයිස්තුවෙන් ඉවත්කර,වාචික චලන රූප සිනමා (talking pictures) සදහා පුරෝගාමියා ලෙස ගෞරවාන්විත සම්මානයෙන් පිදුම් ලබන ලදි.එමෙන්ම චිත්‍රපට නිෂ්පාදකයන් සදහාද ෆොක්ස් ෆිල්ම් කෝපරේෂන්, MGM,පැරාමවුන්ට් පික්චර්ස්,රේඩියෝ කෙයිත් ඔර්පෙයම් හා වෝනර් බ්‍රදර් නිෂ්පාදන ආයතන සම්මාන ලබල ලදි.ප්‍රභේද 3ක් සදහා(හොදම ඉංජිනේරු ගුණාංග, හොදම ග්‍රන්ථ රචනා,හා හොදම අද්විතීය හා කලාත්මක ගුණාංග නිෂ්පාදන සදහා) සම්මාන උළෙලේ අවසානයේදී සම්මාන අත්හිටවන ලදි.


ගෞරව සම්මාන[සංස්කරණය]

  • චාර්ලි චැප්ලින්

ද සර්කස් චිත්‍රපටයේ රංගනයේ,තිර රචනයේ,අධ්‍යක්ෂණයේ හා නිෂ්පාදනයේ බහුශ්‍රුතභාවය හා ප්‍රතිභාවන්තතාව වෙනුවෙන්

  • වෝනර් බ්‍රදර් නිෂ්පාදනය

වාචික චලන රූප නිර්මාණයන්ගේ චිත්‍රපට කලාව වෙනස්කල ජෑස් සංගීතය සදහා විශිෂ්ට පුරෝගාමී මෙහෙවර වෙනුවෙන්

බහුවිධ නාමයෝජනා හා බහුවිධ සම්මාන[සංස්කරණය]

පහත දැක්වෙන චිත්‍රපට පහ සදහා බහුවිධ නාමයෝජනා ලැබුවේය.

  • සෙවන්ත් හෙවන්-5
  • සන්රයිස් මනුෂ්‍යන් දෙදෙනාගේ ගීතය-4
  • ද ක්‍රවුඩ්,සැඩී තොම්සන්,වින්ග්ස්,ද ලාස්ට් කමාන්ඩර්-2

පහත දැක්වෙන චිත්‍රපට තුන සදහා බහුවිධ සම්මාන ලැබුවේය.

  • සෙවන්ත් හෙවන් හා සන් රයිස්-3
  • වින්ග්ස්-3

යොමුව[සංස්කරණය]

  1. "The Official Academy Awards Database". Academy of Motion Picture Arts and Sciences. සම්ප්‍රවේශය February 18, 2012. Reader must select "1927/28" in the "Award Year(s):" drop-down menu and press "Search".
  2. 2.0 2.1 2.2 2.3 Cosgrave 2007, p. 1
  3. Eyman 2005, p. 117
  4. Eyman 2005, p. 209
  5. Eyman 2005, p. 138
  6. "History of the Academy Awards". Academy of Motion Picture Arts and Sciences. 8 April 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය May 6, 2010. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  7. Cosgrave 2007, p. 4
  8. "Names make news". Time Magazine. Time Inc. May 27, 1929. 27 October 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 5, 2010. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  9. Dirks, Tim. "1927–28 Academy Awards Winners and History". Rainbow Media. සම්ප්‍රවේශය May 6, 2010.
  10. Pawlak, Debra Ann, The Story of the First Academy Awards, The MediaDrome.