චිත්‍රපට

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(චිත්‍රපට කර්මාන්තය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

චිත්‍රපට නිර්මාණය සඳහා දායකවන විවිධ තාක්ෂණික සහ වාණිජ ආයතනවලින් චිත්‍රපට කර්මාන්තය සමන්විත වේ. මේවා අතරට චිත්‍රපට නිර්මාණ ආයතන චිත්‍රාගාර යන ආයතන ද චිත්‍රපට අධ්‍යක්ෂකවරු නළුවන් සහ අනෙකුත් පුද්ගලයින්ද අයත්වන අතර පටිගත කිරිම් කටයුතු, නිෂ්පාදන කටයුතු, පිටපත් රචනය ආදී ක්‍රියාවලීන්ද අයත් වේ. චිත්‍රපට නිෂ්පාදනයට පෙර අවධියේ කටයුතු සහ නිර්මාණයක් අවසානයේ සිදුකළ යුතු කටයුතු චිත්‍රපට බෙදාහැරීම සහ සිනමා උළෙලවල් යනාදිය ද චිත්‍රපට කර්මාන්තයට අයත් වේ.

චිත්‍රපට නිර්මාණයේදී වැයකළ යුතු විශාල මුදල් ප්‍රමාණයක් හේතුවෙන් චිත්‍රපට නිෂ්පාදනය බොහෝ දුරට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින නිෂ්පාදන ආයතන ආශ්‍රීතව කේන්ද්‍රගතව පවතී. කෙසේ නමුත් ලාභදායී චිත්‍රපට නිෂ්පාදන උපාංගවල දියුණුව සහ ක්ෂේත්‍රයට පරිබාහිරව ආයෝජන ලබාගැනීමේ හැකියාව දියුණුවීම හේතුවෙන් ස්වාධීන චිත්‍රපට නිෂ්පාදනය සඳහාද ඉඩකඩ විවරව ඇත.

චිත්‍රපට කරණයේදී රූගත කිරීමේ දර්ශනතල[සංස්කරණය]

චිත්‍රපට රූගත කිරීමේ දර්ශන තලයක් යනු චිත්‍රපටයක සමහර කොටස් හෝ සියළුම කොටස් හෝ ටෙලිවිෂන් දර්ශන චිත්‍රාගාරයක් තුළ කළින් සූදානම් කර තබන ලද දර්ශන තලයක් හා සමග හෝ ඒ වෙනුවට රූ ගත කිරීම සදහා වෙනම තෝරා ගනු ලබන ස්ථානයකි. නිදසුන් වශයෙන් කොටස් 24ක ටෙලිවිෂන් දර්ශන මාලාවක් එකම දර්ශන තලයේ රූ ගත කරනු ලබන සුළු කොටස් කිහිපයක් හැරුණු කොට ප්‍රධාන වශයෙන් අනෙකුත් දර්ශනයන් දර්ශන තලයන්හි රූ ගත කෙරේ. දර්ශන තලයන්හි (on Location) යන පදය ස්වාභාවික පරිසරය සහිත බිමක රූගත කරන අවස්ථාවන් විග්‍රහ කිරීමට යොදා ගනී. එම යෙදුම නිශ්පාදනය කෙරෙන චිත්‍රපට කථාවට සත්‍ය වශයෙන්ම අදාල වන පරිසරය තුල රූ ගත කෙරේද යන්න විශ්වාස කරමින් සමහර විට වැරදි අවබෝධයන් ඇති කර ගනී. එය සෑම විටම එසේ නොවේ.

වාසි[සංස්කරණය]

චිත්‍රාගාරයක් තුළ දර්ශන රූගත කිරීමට වඩා ස්වාභාවික දර්ශන තලයක් උපයෝගී කරගෙන කරණ රූ ගත කිරීමේ වාසි තිබේ.

  • එය විශාල දර්ශන තල සකස් කිරීමට වඩා ලාභ දායක වේ.
  • යථාර්ථ දර්ශන වලින් ප්‍රේක්ෂකයා රැවටීම වඩා ශක්තිමත් විය හැක.
  • සත්‍ය ලෝකයේ අඩු පාඩු හා ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම වල අනු ආකෘති සැකසීම අසීරුදායකය.
  • ඒ මගින් සමහර විට සංගම් ගත නොවූ අඩු ආදායම් සහිත කම්කරුවන් යොදා ගැනීමට ඉඩකඩ ලැබීම මෙන්ම එක්සත් ජනපදයේ වැඩ නැවැත්වීමක් මග හරවා කටයුතු කිරීමට ඉඩකඩ ලැබේ. කැනඩාවේ වැන්කුවර් හා ටොරෙන්ටො වල දර්ශන තල මේ සදහා ප්‍රසිද්ධය.
  • සමහර විට තහනම් මුදල්ද භාවිතා කිරීමට එය අවස්ථාවක් වනු ඇත. 1968 දී “කෙලී හිරෝස්” චිත්‍රපටය යුගොස්ලොවියාවේදී රූ ගත කරන ලද්දේ එම රටේ චිත්‍රපට දර්ශනයක් පැවැත්වීමෙන් එකතු කල රටින් පිටතට ගෙනයාමට නොහැකි වූ ලාභාංශ ප්‍රයෝජනයට ගැනීම සදහාය.


අවාසි[සංස්කරණය]

  • පාරිසරික පාලනයෙන් තොර වීම. ගුවන්යානා පියාසර කිරීම, වාහන තද බදය, පදිකයින්, නරක කාළගුණ තත්ත්වයන් හා බල පවත්වන රෙගුලාසි ආදිය.
  • පිටපතේ සදහන් අවශ්‍ය තාවයන්ට හරියටම ගැලපෙන වර්ගයේ දර්ශන තලයක් සොයා ගැනිම.
  • ප්‍රේක්ෂක සාමාජිකයින් හට ස්වාභාවික දර්ශන තල නිර්මාණ කිරීමට ගන්නා පරිකල්පිත දර්ශන තලයන් පුරුදු දර්ශන තලයන් විය හැක. (රම්බල් ඉන් ද බ්රොණන්ක්ස්. Rumble in the Bronx හීදි වැන්කුව වලට ඈතින් පිහිටි කදු පේලි තේරුම් නොයන පරිදි පසු තලයේ පෙන්වීම)
  • රූ ගත කරන කණ්ඩායමේ සියළු සාමාජිකයින් දර්ශන තලයට කැදවාගෙන යාම වියදම් සහිත වීම.

දර්ශන තල වල රූ ගත කිරීම නිසා ප්‍රාදේශීය නළු නිලියන් සහ වැඩ කරන කණ්ඩායම් ලබා ගැනීමෙන්, ආහාර පාන ලබා ගැනීම මෙන්, නවා තැන් පහසුකම් වැනි පහසුකම් ලබා ගැනී‍මෙන් දර්ශන රූ ගත කරන පුදේශයේ සැලකිය යුතු ආර්ථීක වර්ධනයක් ඇති විය හැක.

චිත්‍රපට සජීවීකරණය[සංස්කරණය]

සජීවීකරණය යනු චිත්‍රපටයක එක් එක් රූපරාමුව වෙන වෙනම නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයයි. මෙවැනි ක්‍රමවේද අතරට පරිගණක මගින් නිර්මිත රූප යොදා ගැනීම, අඳින ලද චිත්‍රයක ඡායාරූප ලබාගැනීම හෝ විශේෂයෙන් නිර්මාණය කළ ආදර්ශ ඒකකයක කුඩා වෙනස්කම් සිදුකර විශේෂ සජීවිකරණ කැමරාවකින් එය ඡායාරූප ගත කිරීම යානාදිය අයත් වෙයි. (Claymation සහ stop motion බලන්න) මෙසේ නිර්මාණය කරන ලද රූපරාමු එකට අමුණා තත්පරයටක රූපරාමු 16 ක් හෝ ඊට වැඩි සීඝ්‍රතාවයකින් නිරීක්ෂණය කරන විට සන්තතික චලනයක් සිදුවේයැයි හැඟීමක් ඇති වෙයි. එවන් චිත්‍රපටයන් නිර්මාණය කිරීම විශාල වශයෙන් ශ්‍රමය වැය වන ඉතා අසීරු ක්‍රියාවලියක් වන නමුත් පරිගණක සජීවීකරණ තාක්ෂණයේ දියුණුව හේතුවෙන් මෙම ක්‍රියාවලියේ සීඝ්‍රතාවය විශාල ලෙස ඉහළ ගොස් ඇත.

GIF, QuickTime, Shockwave සහ Flash වැනි ගොනු ආකෘති ආධාරය අන්තර් ජාලය හරහා හෝ පරිගණකයක් භාවිතයෙන් සජීවීකරණ නැරඹීම කළ හැක.

සජීවීකරණය සඳහා වියදම් අධිකවනවා මෙන්ම ඊට විශාල කාලයක්ද ගතවන බැවින් රූපවාහිනිය සහ සිනමා මාධ්‍ය සඳහා නිපදවෙන සජීවීකරණ නිර්මාණ අතුරෙන් බහුතරයක් වෘත්තීය මට්ටමේ සජීවීකරණ චිත්‍රාගාර තුළ නිපදවේ. කෙසේ නමුත් 1950 දශකයේ පටන් ස්වාධීන සජීවීකරණ ක්ෂේත්‍රය ක්‍රියාත්මකව පවතී. මෙහිදි ස්වාධීන සජීවීකරණ චිත්‍රාගාර තුළ (ඇතැම්විට තනි පුද්ගලයෙකු විසින්) සජිවීකරණ නිර්මාණයන් සිදු කරයි. ස්වාධීන සජිවීකරණ නිර්මාපකයින් කිහිප දෙනෙකුම වෘත්තීය සජීවීකරණ ක්ෂේත්‍රයට සාර්ථකව ඇතුළත් වී ඇත.

සීමිත සජීවීකරණය යනු කෙටික්‍රම භාවිතයෙන් සජීවීකරණ ක්‍රියාවලිය නිෂ්පාදන හැකියාව ඉහළ නංවන සහ ඊට සමගාමීව වියදම අවමකරන සජීවීකරණ ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදය මුල්වරට UPA මගින් භාවිතා කළ අතර Hanna Barbera ආයතනය මගින් ප්‍රචලිත කරන ලදී. කාටුන් නිර්මාණ සිනමා ශාලාවල සිට රූපවාහිනිය දක්වා පැමීණීමත් සමග අනෙකුත් චිත්‍රාගාර වලින් මෙම ක්‍රමවේදය භාවිතය අරඹන ලදී.

බොහෝ සජීවීකරණ චිත්‍රාගාර වර්තමානය වන විට සිය නිෂ්පාදනයන් සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිත කරන නමුත් චිත්‍රපටය මත තීරණය වන නිෂ්චිත සජීවීකරණ විලාසිතාවන් භාවිත වේ. කැමරා රහිත සජීවීකරණය නම් ක්‍රමවේදය නෝමන් මැක්ලරන්, ලෙන් ලයි සහ ස්ටෑන් බ්රැවකේඡ් වැනි චිත්‍රපටි නිර්මාපකයන් විසින් ප්‍රචලිත කරන ලද්දකි. එහිදී ඡායාරූප පටල මත සෘජුව චිත්‍ර ඇඳීම සිදුකරන අතර අනතුරුව එය ප්‍රක්ෂේපකයක් හරහා යැවීම සිදු කෙරේ.


චිත්‍රපට සකස් කිරීම[සංස්කරණය]

මෙය සිතේ පහළ වන අදහසක් හරවත් ලෙස සකසා අත් පිටපතක් බවට පත් කරනු ලබන අවස්ථාවයි. චිත්රිපට නිෂ්පාදකවරයා පොත් පත් වලින්, නාට්‍යානුසාරයෙන්, වෙනත් චිත්‍රපට වලින් සත්‍ය සිදුවීම් වලින්, මූලික අදහස් යනාදියෙන් කථා වස්තුවක් සොයා ගනු ඇත. තේමාව හෙවත් පණිවුඩය තෝරා ගත් පසු සාරාංශයක් පිළියෙල කරනු ඇත. මෙම කථා වස්තුව එක් පරිච්ඡේදයකම දර්ශනය බැගින් නාට්යසම ස්වරූපය පිළිබදව අවධානය යොමු කරමින් කොටස් වලට වෙන් කර ගනී. අනතුරුව ඉදිරිපත් කෙරෙන ක්‍රමය සකස් කෙරේ. මෙය කථාවෙහි මනෝ භාවයන්, චරිත, දෙබස් සුළු ප්‍රමාණයක්, වේදිකා යොමු කිරීම් හා වැදගත් තොරතුරු හෙලි වන අයුර්න් සිතියම්ද සමග පිටු 25 සිට 35 දක්වා විස්තරයකි. ඉන් පසු මාස කීපයක කාල පරාසයක් තුල තිර රචනය කරනු ලබන අතර නාට්ය මය ස්වරූපය, පැහැදිලි බව, සැකිල්ල, චරිත, දෙබස් හා සම්පූර්ණ ශෛලිය වැඩි දියුණු කිරීම සදහා නැවත නැවත කිහිප සැරයක් සමහර විට පිටපත් කිරීමටද ඉඩ ඇත. එසේ වුවද, නිෂ්පාදකයින් මුල් පියවරයන් මග හරිමින් ඉදිරිපත් කරන ලද තිර රචනයන් සකස් කරන අතර “ස්ක්රිවප්ට් කවරේජ්” නම් ක්‍රියාවලියකින් . තක්සේරු කරනු ලබයි. මෙහිදී චිත්‍රපට බෙදා හරින්නෙකු කල්වේලා ඇතිව සම්බන්ධ කර ගත යුතු වන්නේ පවත්නා වෙළද පල තක්සේරු කර ගැනීම සදහා සහ චිත්‍රපටයෙන් මූල්‍යමය වශයෙන් ලැබිය හැකි මුදල තක්සේරු කර ගැනීම සදහාය. හොලිවුඩ් බෙදා හරින්නන් චිත්‍රපටයේ විශේෂත්වය මෙන්ම ඉලක්ක කෙරෙන ප්‍රේක්ෂකයින්, ඒ හා සමාන චිත්‍රපට වල ඓතිහාසිකව පැවති දියුණුකව, චිත්‍රපටයේ රගපාන නළු නිලියන් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ද යන කරුණු වලට අවධානය යොමු කරමින් ප්‍රායෝගික වෙළද උපක්ර්ම අනුගමනය කරයි. මෙම සියලු කරුණු සැලකිය යුතු ප්‍රේක්ෂක පිරිසක් ඇද ගන්නා අතර ඒ හේතුවෙන්ම සිනමා පටය ප්‍රදර්ශනය කරන කාලය තුල හොබවන ආසන ප්‍රමාණය පිළිබදවද අදහසක් ඇති වේ. සියලුම චිත්‍රපට සිනමාශාලා තුල ප්‍රදර්ශනයෙන් පමණක් ලාභ නොලබන අතර DVD වෙළදාම හා විසුරුවා හැරීමේ පුළුල් අයිතියක් පිළිබදවද සැලකිල්ල යොමු කල යුතුය.

චිත්‍රපටයේ ශෛලිය ඉන් අනතුරුව පිළියෙල කර හැකියාවක් ඇති ආයෝජකයින් හට ඉදිපත් කෙරේ. චිත්‍රපටයේ ශෛලිය සාර්ථක වන්නේ නම් හා ඒ සදහා අනුමැතිය ලැබෙන්නේ නම් ප්රිධාන චිත්‍රාගාරයකින්, චිත්‍රපට මණ්ඩලයකින් හෝ ස්වාධීන අයෝජකයින් ගෙන් මූල්‍යාධාර ලබා දේ. ඉන් පසු සාකච්ඡා කර ගිවිසුම් අත්සන් කරනු ලැබේ.


චිත්‍රපට පෙන්වන ස්ථාන[සංස්කරණය]

විශේෂාංග චිත්‍රපට මුලින් නිපදවූ විට බොහෝ විට ‍‍ප්‍රේක්ෂකයින් හට ප්‍රදර්ශනය කරනු ලබන්නේ සිනමා නට්යෂ ශාලාවක හෝ සිනමා ශාලාවකය. සිනමාව සදහාම පළමු වෙන් සැලසුම් කළ නාට්ය් ශාලාව 1905දී පෙන්සිල්වේනියාවේ පිටිස්බර්ග් නගරයේ ආරම්භකරන ලදී. සුළු වර්ෂ ගණනක් තුළදී විශේෂ පහසුකම් සහිතව නාට්‍යශාලා දහස් ගණන් ඉදි කිරීම හෝ පවත්නා පහසුකම් නාට්‍යශාලා බවට පරිවර්තනය කිරීම ඉන් පසු සිදුවිය. ඇමෙරිකා එක්සත් ජනපදයෙහි මෙම නාට්යව ශාලා නිකෙලෝඩියන් (nickelodeon) යන නමින් හදුන්වන අතර එසේ හදුන්වන ලද්දේ නාට්‍යශාලාවට ඇතුල් වීමේ ගාස්තුවෙහි වටිනාකම නිකල් එකක් (සත 5) වූ හෙයිනි.

සංකේතාත්මක ලෙස බලන කල චිත්‍රපටයක් යනු විශේෂාංග ඉදිරිපත් කිරීමකි (විශේෂාංග චිත්‍රපට) . 1970ට පෙර ද්විත්ව විශේෂාංග චිත්‍රපට විය. විශාල මුදලකට ස්වාධීන නාට්‍යගාර‍යකිත් කුලියට ලබා ගත් උසස් තත්ත්වයේ ඒ ගණයේ චිත්‍රපට හා දල ආදායමෙන් ප්‍රතිශතයක් ගෙවා ලබාගත් “බී” ගණයේ බාල තත්ත්වයේ චිත්‍රපට වශයෙනි. අද විශේෂාංග චිත්‍රපටයක් දර්ශනය කිරීමට පෙර පෙන්වනු ලබන්නේ දේ වනුයේ ඉදිරියේදී පෙන්වීමට ‍අපේක්ෂා කරන චිත්‍රපට කොටස් හා මුදල් ගෙවා පල කරනු ලබන ප්‍රචාරක දැන්වීම්ය. (‍‍ට්රේකලර්ස් හෙවත් the twenty වශයෙන්ද හැදින්වේ) ඓතිහාසිකව, විශාල වශයෙන් අලෙවිකරන ලද සියලුම විශේෂාංග චිත්‍රපට නිෂ්පාදනය කරන ලද්දේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය සදහාය. ටෙලිවිෂනය වර්ධනය වීමත් සමග සිනමා ශාලාවල චිත්‍රපටය තවදුරටත් සිනමා ශාලා වල ප්‍රදර්ශණය නොකරන විට ටෙලිවිෂනයේ ප්‍රදර්ශනය කිරීමෙන් ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයකට ප්‍රදර්ශනය කිරීමට හැකිවේ. පටිගත කිරීමේ තාක්ෂණය නිසා පාරිභෝගිකයනට VHS හෝ DVD තාක්ෂණයෙන් නැරඹීම සදහා පිටපත් කුලියට හෝ මිලදී ගැනීමට හැකි වේ. (පැරණි තාක්ෂණ ක්‍රමවන ලේසර් ඩිස්ක්, VCD සහ සිලෙක්ටා විෂන් විඩියෙන් ඩිස්ක් ද බලන්න.) අන්තර්ජාල වලින් අවපතනය කිරීමද (Internet downloads) තිබිය හැකි හෙයින් එය චිත්‍රපට සමාගම් වල ආදායම් මාර්ගයක් වීමට පටන්ගෙන ඇත. දැන් සමහර චිත්‍රපට, විශේෂයෙන්ම වෙනත් පැතිකඩ සදහා එනම් ටෙලිවිෂන් සහා හෝ කෙලින්ම වීඩියෝ දර්ශන සදහා නිෂ්පාදනය කෙරේ.මෙම චිත්‍රපටයන්ගේ නිෂ්පාදන වටිනාකම එවැනි තත්ත්වයේ සමාන දර්ශන හා සලකා බලන විට බොහෝ විට බාල තත්ත්වයේ ඇති අතර නිෂ්පාදනය අවසන් වූ විට තමන්ගේම චිත්‍රාගාර වලින් පවා ප්‍රතික්ෂේප කරනු ලබන සමහර චිත්‍රපට මෙම වෙළදපල හරහා බෙදා හරිනු ලැබේ.

සමාන්යහයෙන් චිත්‍රපටයක් ලබා ගැනීම සදහා කුලිය වශයෙන් සිනමාශාලාවක් ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් ලබා ගන්නා ආදායමෙන් 50 – 55%ක පමණ ප්‍රමාණයක් චිත්‍රාගාරයට ගෙවනු ලැබේ. කුලියෙන් නියම ප්‍රතිශතය එයට වඩා වැඩි ප්‍රමාණයකින් ආරම්භ කර චිත්‍රපටය දිගටම පෙන්වන කාලය ගැන සලකා චිත්‍රපටය වැඩි කාලයක් තබා ගැනීම සදහා සිනමා ශාලා වලට දිරි දීමනාවක් වශයෙන් කුලිය අඩු කිරීමක් කරනු ලැබේ. වැඩිවශයෙන් අලෙවි වන චිත්‍රපට වලට ඇති විවේචනය වන්නේ ඒවා 1වන ගණයේ සිනමාශාලා වල ප්‍රදර්ශනය කරනුයේ සති 8කටත් අඩුවෙන් බවය.

හැම විටම සීමා සහිතව එළි දක්වනු ලබන හා සිනමා හල් කිහිපයක පෙන්වන හා උසස් තත්ත්වය පිළිබදව කටින් කට කියැවෙන චිත්‍රපට කිහිපයක් හැම වර්ෂයකම මෙම නීතියට විරුද්ධ වේ.

2000 වර්ෂයේදී ABN AMRO විසින් කරන ලද අධ්‍යනයකට අනුව හොලිවුඩ් චිත්‍රාගාර වලට බොක්ස් ඔ‍ෆිස් ප්‍රවේශ පත්‍ර විකිණීම මගින් 26% ක පමන ආදායමක්ද පාරිභෝගිකයින්ට VHS හා DVD පට විකිණීමෙන් 46% ආදායමක්ද ටෙලිවිෂන් ප්‍රදර්ශණය මගින් 28%ක ආදායමක්ද ලැබින. ( විසුරුවා හැරීමෙන්, කේබල් මගින් හා Play per view)

චිත්‍රපට කෙටි කොටස්[සංස්කරණය]

චිත්‍රපට කෙටිකොටස් (Trailer) හෝ පූර්ව දර්ශන(pre-view) යනු අනාගතයෙදී සිනමා ශාලාවක ප්‍රදර්ශණය කිරීමට නියමිත චිත්‍රපට සදහා ප්‍රචාරණයන් වේ. මුල් අවධියේදී චිත්‍රපට, කොටස් (Trailer) චිත්‍රපට වැඩ සටහනක් අවසානයේදී පෙන්වන ලදී. එම ක්‍රමය වැඩිකාලයක් නොපැවතුනි. එයට හේතුව වූයේ චිත්‍රපටය අවසන් වූ පසු නරඹන්නන් සිනමා ශාලාවෙන් පිටව යාමය. චිත්‍රපට කොටස්(Trailer) දැන් පෙන්වනුයේ දර්ශනය ආරම්භ වීමට පෙරාතුවය.

හැදින්වීම

ප්‍රචාරය කරනු ලබන චිත්‍රපටයෙන් තෝරා ගන්නා ලද කොටස් කීපයක් ට්‍රේලර්ස් වලට ඇතුලත්ය. ට්‍රේලරයක අපේක්ෂාව වනුයේ ප්‍රේක්ෂකයින් ඇද ගැනීම වන හෙයින් උධෘතයන් (උපුටා ගන්නා) කොටස් ලබා ගනුයේ වඩා කුතුහලය දනවන, විහළු ඇතුලත් හා වැදගත් කොටස් වලිනි. එහෙත් සංක්ෂිප්ත ආකාරයට සහ අවැඩදායක නොවන ලෙස මෙය කල යුතු වේ. ට්‍රේලරයක් දර්ශනය කිරීමට සිනමා ශාලා වලින් ඉඩ ලබා දෙන මිනිත්තු 2 1/2 කට අඩු වූ කාලය තුලදී උපරිම වාසිය ලබා ගත යුතු වේ. සෑම චිත්‍රාගාරයකටම චිත්‍රපට බෙදා හරින්නෙකුටම, ඔවුන්‍ට යම් චිත්‍රපටයක් සම්බන්ධයෙන් අවශ්‍යවේ යැයි හැගේ නම් “මෙම සීමාව” ඉක්මවා යාමට අවුරුද්දකට එක් වතාවක් ඉඩ දේ.

සමහර ට්‍රේලර්ස් විශේෂ ලෙස රූ ගත කරන එනම් විශේෂයෙන් ප්‍රචාරණ කාර්ය සදහාම නිපදවන ලද එහෙත් චිත්‍රපටයේ නොමැති දර්ශන වේ. මෙම ක්‍රමය අනුගමනය කළ ප්‍රසිද්ධ චිත්‍රපටය වූයේ “ටර්මිනේටර් 2: ජජ්මන්ට් ඩේ” ය. මෙහි ට්‍රේලර්ස් චිත්‍රපටයේ කිසිම ලෙසකින් ඇතුලත් කිරීමට අදහස් නොකරන ලද විශේෂ දර්ශන සහිත ඒවා විය. “බ්ලැක් ක්‍රිස්ට්මස්” චිත්‍රපටය සදහා ඩයිමේෂන් fපිල්ම්ස් විසින් වැඩිපුර දර්ශන පටිගත ලද නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේදී එම දර්ශන ඇතුලත් නොවිනි. 2002 දී වානිජමය වශයෙන් අති සාර්ථක චිත්‍රපටයක් වූ “ස්පයිඩර් මෑන්” සදහා සැලසුම් කර විශේෂයෙන් සකස් කරන ලද ට්‍රේලරය සදහා හෙලිකොප්ටරයකින් පලා යන බැංකු මංකොල්ල කරුවන් ලෝක වෙළද මධ්‍යස්ථානයේ කුළුණු දෙක අතර තිබූ යෝධ මකුළු දැලකට අසු වීම ඇතුලත්ව අනුපිළිවෙලින් එන සම්පූර්ණ රග රග දැක්වීමක් ඇතුලත් විය. එසේ වුවද 2001 සැප්තැම්බර් 11 වැනි දින ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු එය ප්‍රදර්ශනය නොකිරීමට තීරණය කරන ලදී.

බෙහෙවින් ප්‍රසිද්ධ විශේෂ පටිගත කිරීමක් වූයේ 1960 දී ඇල්ප්‍රඩ් හිච්කෝන් නමැති අධ්‍යක්ෂ වරයා විසින් නිෂ්පාදනය කරන ලද ත්‍රාස්‍යජනක චිත්‍රපටයක් වූ Phycho (සයිකෝ) සදහා ට්‍රේලරයයි. මේ අවස්ථාවේදී සුමුදු කථා විලාශයෙන් ඇති හිච්කොක් එක්වරම නාන කාමරයේ තිර රෙද්ද පිටුපසට දැමූ විට හෙලි වූයේ වේරා මයිල්ස් ලේ කැටි මැද මොරදෙන බවය.

ට්‍රේලර්ස් නිපදවන්නන් විසින් ඔවුන්ගේ කාර්ය චිත්‍රපටය පටිගත කෙරෙන විට ආරම්භ කරයි. සංස්කරණය කරන ලද පිටපත එම අවස්ථාවේදී නොමැති හෙයින් ට්‍රේලර්ස් සංස්කාරකවරුන් මුල් පිටපතට සහ එදිනෙදා කෙරෙන පටිගත කිරීම් වලට අනුව සිය කාර්ය ඉටු කරයි.

චිත්‍රපටය චිත්‍රාගාරයේදී සංස්කරණය කෙරෙන අවස්ථාවලදී ට්‍රේලරය ඒජන්සි ආයතනයේ නිර්මාණය කෙරෙමින් පැවතිය හැක. ඒ හෙයින් සංස්කරණය කරන චිත්‍රපටයෙහි ට්‍රේලරයෙහි කොටසක ඇතුලත් නොවීමට හැකි වීම හෝ ට්‍රේලරයේ සංස්කාරක වරයා සහ චිත්‍රපටයේ සංස්කාරකවරයා එකම දර්ශනයෙන් ලබා ගත් වෙනස් කෝන වල දර්ශන ප්‍රයෝජනයට ගෙන තිබිය හැක. තවත් කරුණක් වන්නේ චිත්‍රපටයේ හඩ සටහන් පටයේ නොමැති සංගීත ට්‍රේලරයට ඇතුලත් විය හැකි බවය. ට්‍රේලර‍ස් සහ විකට කොටස් ගීත නිබන්ධනයට බොහෝ කලකට පෙර සමහර විට ගීත නිබන්ධනයෙකු සොයා ගැනීමටත් පෙර සිදුවන හෙයින් මෙම තත්ත්වය ඇති විය හැකිය. සමහර විට චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කිරීමට වර්ෂයකට පලමුව වුවද විය හැක. ගීත නිබන්ධකයින් චිත්‍රපට නිර්මාණයේදී අන්තීමට සම්බන්ධ කර ගනු ලැබේ. නිදසුන් ලෙස fපොරෙස්ට් ගම්ප් (Forest Gump) චිත්‍රපටයේ ට්‍රේලරට සදහා ඩ්‍රැගන්ද බෲස්ලි ස්ටෝරි (Dragon the Bruce Lee Story) චිත්‍රපටයේ සංගීතය යොදා ගත් අතර 2008දී සුපිරි වීර චිත්‍රපටයක් වූ අයන් මෑන් (යකඩ මිනිසා) චිත්‍රපටය ප්‍රචාරය කිරීමේදී එම ගීතයම බ්ලැක් සබාන් (Black Sabhan) විසින් යොදා ගන්නා ලදී. සම්භාව්‍ය චිත්‍රපට සදහා චිත්‍රපටයේ නොමැති කොටස් ඇතුලත් කර නිපදවනු ලබන ට්‍රේලර්ස් වලට ඒවා එකතු කරන්නන් ගිජු කමක් දක්වයි. උදාරහණ වශයෙන් “කැස බ්ලැන්කා” (Casablanca) සදහා නිර්මාණය කරන ලද ට්‍රේලරයෙහි රික් බ්ලැයින් (Rick Blaine) චරිතයට පන පොවන නළුවා විසින් “හොදයි. ඔබ එය ඉල්ලා සිටින්න.” (OK. You ask it) යනුවෙන් පවසන දර්ශනය අවසානයට ප්‍රදර්ශණය කරන ලද චිත්‍රපටයේ නොවීය.

"http://si.wikipedia.org/w/index.php?title=චිත්‍රපට&oldid=289793" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි