පශු සම්පත්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගෘහස්ථ බැටළුවා හා එළදෙන (දකුණු අප්‍රිකාවේ තණබිම් වල ඇතිකරන)

පශ්‍ර සම්පත් යනු අපට අවශ්‍ය සත්ත්ව ආහාර හා කෙඳි නිෂ්පාදනයන් ලබා ගැනීමට කෘෂිකාර්මික සැකසුමක ඇතිකරන හීලෑ සිවුපාවුන් වේ. මෙම වචනයට කුකුල් ගණයේ සත්ත්වයන් හා ගොවිපළ මාළු අයත් නොවේ.

පශු සම්පත් යැපීම සඳහා හෝ ලාභය සඳහා පවත්වා ගෙන යයි. සත්ත්වයන් ඇතිකිරීම (පශු පාලනය) නූතන කෘෂිකර්මයේ වැදගත් අංගයකි. දඩයම් යුගයේ සිට ගොවි යුගය දක්වා ජීවන රටා ඇති බොහෝ සමාජ තුළ මෙය භාවිතා වී තිබේ.

මූලාරම්භය[සංස්කරණය]

සත්වයන් ඇතිකිරීමේ මූලාරම්භය සනිටුහන්වන්නේ මිනිසුන් දඩයම්කාරී ජීවන රටාවෙන් මිදී ගොවියුගයට ප්‍රවිෂ්ඨ වීමෙන් අනතුරුය. මනුෂ්‍යයන් විසින් එම සතුන් බෝකිරීම, ආහාර ලබාදීම හා හීලෑ කිරීම සිදුකරයි. කාලයක් තිස්සේ සත්ත්වයින්ගේ සමූහ චර්යාව, ජීවන චක්‍රය හා පශු සම්පත් වල භෞතිකවේදය වෙනස් වී ඇත. බොහෝ නූතන ගොවිපල සත්වයින් මුදාහැරියහොත් කැලෑවේ ජීවිතයට සුදුසු නොවේ. ‍නැගෙනහිර ආසියාවේ බල්ලන් හීලෑකර හදාගැනීම ආරම්භ වූයේ අදින් වසර 45,000 කට පමණ පෙර සිටය. එළුවන් හා බැටළුවන් හීලෑකර හදාගැනීම ක්‍රිස්තු වර්ෂ 800 ට පෙර (800 BC) ආරම්භ විය. මැද පෙරදිග හා චීනයේ ඌරන් හීලෑකර හදාගැනීම ක්‍රිස්තු වර්ෂ 700 ට පෙර (700 BC) ආරම්භ විය. අශ්වයන් හීලෑකර හදාගැනීම පිළිබඳ පළමු සාක්ෂිය ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 400 ට පෙර දීය. (400 CE) පුළුල් දර්ශනයක දී පශු සම්පත් යන්නෙන් අදහස කෙරෙන්නේ ප්‍රයෝජනවත් වාණිජමය භාවිත සඳහා මිනිසා විසින් තබා ගෙන ඇති සත්ව ජනගහනයක් හෝ ප්‍රජාවකි. මෙමඟින් ගෘහස්ථ සතුන්, අර්ධ ගෘහස්ථ සතුන් හෝ අල්ලා ගන්නා ලද කැලෑ සතුන් හැඳින්වීම සිදු විය හැක. අර්ධ ගෘහස්ථ යන්නෙන් හැඳින්වෙන්නේ යන්තමින් හීලෑ කළ සතුන් හෝ කලහ මට්ටම්වල සිටිනා සතුන්ය. හීලෑ කිරීමේ ක්‍රියාවලිය තුළ ද ‍මෙම ජනගහනය සිටිය හැක.

වර්ග[සංස්කරණය]

ප්‍රායෝගික සාකච්ඡාවල දී , සමහරක් පුද්ගලයින් පශු සම්පත් යන වදනින් අදහස් කරනුයෙ හීලෑ සතුන් පමණක් හෝ වසම ඇති කරන සතුන් පමණකි.

සත්වයා/වර්ගය හීලෑ කිරීමේ තත්වය මුලින්ම අල්ලා ගත් කාලය මුලින්ම අල්ලාගත් ප්‍රදේශය වාණිජමය භාවිතය
ඇල්පකා /ක්ෂීරපායී, ශාකභක්ෂක හීලෑ Vicuña 5000 BC හා 4000 BC ඇන්ඩීස් ‍ලොම්
කුළු හරකා /ක්ෂීරපායී, ශාකභක්ෂක අල්ලාගත් N/A 19 වන සියවසේ පසුභාගයේ උතුරු ඇමරිකාව මස්, සම්
ඔටුවා / ක්ෂීරපායී, ශාකභක්ෂක හීලෑ කැලෑ මොල්ලි ඔටුවා හා බැක්ට්‍රියානු ඔටුවන්, 4000 BC හා 1400 BC ආසියාව සත්වයන්, මස්, කිරි
පූසා / ක්ෂීරපායී, ශාකභක්ෂක හීලෑ Felis silvestris lybica 8000 BC පමණ පලි‍බෝධ පාලනය
ගවයා / ක්ෂීරපායී, ශාකභක්ෂක හීලෑ Aurochs (extinct) 6000 BC නිරිත දිග ආසියාව ඉන්දියාව උතුරු අප්‍රිකාව මස්, කිරි, සම්, බර ඇදීම
මුවා / ක්ෂීරපායී, ශාකභක්ෂක අල්ලාගත් N/A 1970 උතුරු ඇමරිකාව මස් , කිරි, සම්, අං
බල්ලා / ක්ෂීරපායී, සර්වභක්ෂක / රංචු සතෙක් වෘකයා, 12000 BC බර ඇදීම, දඩයම් කිරීම, එඩේර කටයුතු සෙවීම, එකතු කිරීම නිරීක්ෂණය, ආරක්ෂා කිරීම, මස්
බූරුවා / ක්ෂීරපායී, ශාකභක්ෂක / රංචු සත්වයා හීලෑ අප්‍රිකානු කැලෑ බුරුවා, 4000 BC ඊජිප්තු නැංවුම, බර ඇදීම, මස්, කිරි
එළුවා /ක්ෂීරපායී, ශාකභක්ෂක හීලෑ හෝමෝන එළුවා, 8000 BC නිරිත දිග ආසියාව කිරි, මස්, ලොම්, සම්, කුඩා බර ඇදීම
ගිනි ඌරා / ක්ෂීරපායී, ශාකභක්ෂක හීලෑ Cavia tschudii 5000 BC උතුරු ඇමරිකාව මස්
අශ්වයා / ක්ෂීරපායී, ශාකභක්ෂක හීලෑ දකුණු රුසියාවේ කැලෑ අශ්වයන්, 4000 BC යුක් රේනය නැවුම්, රංචු සතුන්, බර ඇදීම, මස්, කිරි
ලාමා /ක්ෂීරපායී, ශාකභක්ෂක / රංචු සතුන් හීලෑ Guanaco 3500 BC ඇන්ඩීස් බර ඇදීම, මස්, ලොම්
කොටළුවා / ක්ෂීරපායී, ශාකභක්ෂක /රංචු සතුන්, ගෘහශ්‍රිත, අශ්වයාගේ හා බූරුවාගේ නිසරු ඵලදාවක් බර ඇදීම
ඌරා / ක්ෂීරපායී, ශාකභක්ෂක හීලෑ කැලෑ ඌරා, 7000 BC නැගෙනහිර ඇනටෝලියාව මස්, සම්
හාවා /ක්ෂීරපායී, ශාකභක්ෂක ,ගෘහශ්‍රිත කැලෑ හාවා, AD 400-900 ප්‍රංශය මස්, ලොම්
පිනිමුවා / ක්ෂීරපායී, ශාකභක්ෂක අර්ධ හීලෑ පිනි මුවා, 3000 BC රුසියාව මස්, සම්, අං, කිරි, බර ඇදීම
බැටළුවා / ක්ෂීරපායී, ශාකභක්ෂක හීලෑ ආසියාතික මවුෆ්ලොන් බැටළුවා, 9000 BC-11000 BC නිරිතදිග ආසියාව ලොම්, කිරි, සම්, මස්
මී හරකා /ක්ෂීරපායී, ශාකභක්ෂක හීලෑ වල් මී හරකා, ආර්නි 4000 BC චීනය නැංවුම, බර ඇදීම, මස්, කිරි
යක් ගවයා / ක්ෂීරපායී, ශාකභක්ෂක හීලෑ වල් යක් ගවයා, ටි‍බෙටය මස්, කිරි, ලොම්, නැංවුම, රංචු සත්වයා, බර ඇදීම

සත්ත්වයින් ඇති කිරීමේ අරමුණු[සංස්කරණය]

මෙහි දැක්වෙනුයේ ස්විස්ටර් ලන්ත ඇල්ප්ස් කදු ආශ්‍රිතව සිටින දුඹුරු ස්විස්ටර්ලන්ත ගවයෙකි.

පශු සම්පත් යම්තාක් දුරකට ඒවායේ අවසාන අරමුණ අනුව වර්ගිකරණය කෙරෙයි. (ආහාර හෝ තන්තු නිපදවීම හෝ ශ්‍රමය ලාබා ගැනීම)

පශු සම්පත් වල ආර්ථික වටිනාකමට පහත කරුණු හේතුවේ. මස් නිෂ්පාදන ප්‍රයෝජනවත් ආහාරමය ප්‍රෝටීන සහ ශක්තිය නිපදවීම කිරි නිෂ්පාදන ක්ෂිරපායි සත්ත්ව පාලනය සිදු කෙරෙන අවස්ථා වලදී අදාල සතුන් කිරි නිපදවීම සදහා භාවිතා කළ හැකි අතර ඒ ඇසුරෙන් යෝගට්, චීස්, බටර්, අයිස් ක්‍රීම්, කෙෆීර් සහ කුමිස් ආදි කිරි ආශ්‍රිත නිෂ්පාදනය කළ හැක. බොහෝ විට මේ ආකාරයට පශු සම්පත් භාවිතා කිරීම ඔස්සේ අදාල සතුන් මස් පිණිස මරාදැමීම මගින් නිෂ්පාදනය කළ හැකි ආහාර ශක්තිය මෙන් කිහිප ගුණයක නිෂ්පාදනයක් සිදු කළ හැක.

තන්තු නිෂ්පාදන පශු සම්පත් ඇසුරෙන් තන්තුමය / රෙදි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන රැසක් සිදුකළ හැක. උදාහරණයක් ලෙස බැටළුවන් සහ එලුවන් ආශ්‍රයෙන් ලෝම නිෂ්පාදන සිදු කළ හැක. එසේම ගවයින්, මුවන් සහ බැටළුවන් ආශ්‍රයෙන් පදනම් කළ හම් නිෂ්පාදනය සිදු කළ හැකි වෙයි. තවද ඔවුන්ගේ ඇට කුර සහ අං විවිධාකාරයෙන් භාවිතා කළ හැක.

පොහොර නිෂ්පාදන සත්ත්ව අපද්‍රව්‍ය (මළපහ) ගොවිබිම් වල විසිරවීම මගින් වැඩි අස්වැන්නක් ලබාගත හැකිවේ. ඓතිහාසිකව පවා ගොවිතැන් කටයුතු සිදු කිරීම සත්ව පාලනය එකිනෙක බද්ධ වී පැවතීම සදහා මෙය එක් හේතුවක් වෙයි. තවද මෙම සත්ත්ව අපද්‍රව්‍ය බිත්ති සහ බිම් සකස් කිරීමේදි සිමෙන්ති නිෂ්පාදනය කිරීම සදහා භාවිතා කළ හැක. ඇතැම් විට සත්ව අපද්‍රව්‍ය ගිනිදැල්වීම සදහා ඉන්ධනයක් ලෙසද භාවිතා කෙරෙයි. ඇතැම් විට සත්ත්ව රුධිරය සහ අස්ථි ද පොහොර ලෙස භාවිතා වෙයි.

ශ්‍රමය ආශ්‍රිත යෙදුම් අශ්වයින්, බූරුවන් සහ යැක් ගවයින් ආදි සතුන් යාන්ත්‍රික ශක්ති ප්‍රභවයක් ලෙස භාවිතා කළ හැක. වාශ්ප බලය භාවිතයට පැමිණීමට ප්‍රථම ප්‍රයෝජනයට ගත හැකි වු එකම මානව නොවන ශ්‍රම ශක්ති ප්‍රභවය වුයේ මෙම සත්ත්වයින් වෙයි. වර්තමානයේ පවා මෙම සත්වයින් සීසැම් කටයුතු, ප්‍රවාහන කටයුතු සහ හමුදාමය කටයුතු සදහා ලෝකයේ බොහෝ ප්‍රදේශ වල භාවිතා වේ.

භූමි කළමණාකරණය ඇති කරනු ලබන සත්ත්වයින් විසින් සිදු කරන උලාකෑම ගොවිබිම් ආශ්‍රිතව වල්පැලෑටි සහ යටි වගා පාලන ක්‍රමයක් ලෙස ඇතැම් විට භාවිතා වෙයි. උදාහරණයක් ලෙස ලැවු ගිනි ඇති වන ප්‍රදේශයන් වල පවතින වියළි තණ බිම් උලාකෑම සදහා ඒවා වෙතට එළුවන් සහ බැටළුවන් නිදහස් කෙරෙන අතර එම ක්‍රමය ඔස්සේ දාහ්‍ය ද්‍රව්‍ය ඉවත්වීමෙන් ගිනිහට ගැනීමේ අවධානම පහළ යයි.

සතුන් ගෘහස්ථකරණයේ ඉතිහාසය පුරා අඩංගු මරණයට පත්වු සත්ත්ව දේහ උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගැනීම සදහාත් නාස්තිය අවම කිරීම සදහාත් ද්විතීක නිෂ්පාදන රැසක් නිර්මාණය වී ඇත. උදාහරණයක් ලෙස සත්ත්ව සිරුරට ආහාරයට ගත නොහැකි කොටස් සහ අනෙකුත් ඉවත දමන කොටස් සුරතල් සතුන් සදහා ආහාර හෝ පොහොර බවට පරිවර්තනය කෙරෙයි. අතීතයේ දී ඇතැම් විට ඒවා පශු සම්පත් පාලනයේදී සත්ත්ව ආහාර ලෙස ද භාවිතා විය. නමුත් කිසියම් විශේෂයක සත්ත්ව සිරුරකින් ඉවත දමන කොටස් එම විශේෂයේම සතුන් වෙත ආහාර ලෙස සැපයීම මගින් ලෙඩ රෝග පැතිරියාමේ අවධානමක් ඇතිවීමේ හේතුවෙන් සත්ත්ව සහ මානව සෞඛ්‍ය කෙරෙහි අහිතකර බලපෑම් එල්ලවිය හැක. (උදාහරණයක් ලෙස ප්‍රයෝන්, ස්ක්‍රැපී සහ BSE වැනි රෝග පෙන්වාදිය හැක. ප්‍රධාන වශයෙන්ම BSE (උමතු ගව රෝගය) රෝගය හේතුවෙන් බොහෝ රටවල සත්ත්ව සිරුරු වලින් ඉවත ලන ද්‍රව්‍ය සත්ත්ව ආහාර ලෙසම නැවත භාවිතා කිරීම තහනම් කොට ඇත. (සැලකිය යුතුයි - මෙය වමාරා කන සතුන් සදහා අදාලව වෙයි)

රෝග[සංස්කරණය]

පශු සම්පත් රෝගවලට සත්ව සුබසාධනය, නිෂ්පාදනය පහල යාම ඇතුළත් වන අතර දුර්ලභ අවස්ථාවල දී මනුෂ්‍යයන්ට ආසාදනය විය හැක.

සත්ව රෝග, සත්ව පශු පාලනය හරහා පාලනය කිරීම හෝ අඩු කිරීම හෝ ප්‍රතිජීවක හෝ නිර්වින්දන හරහා පාලනය කිරීම් සිදු කළ හැක. දියුණු වෙමින් පවතින රටවල සත්ව රෝග සත්ව පශු පාලනය හරහා පාලනය කෙරෙන අතර එමඟින් නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහල යයි. විශේෂයෙන් එය බොහොමයක් දියුණු වෙමින් පවතින රටවල සත්ව කණ්ඩායම්වල අඩු සෞඛ්‍ය තත්වයට හේතු වේ. රෝග කළමනාකරණය හරහා නිෂ්පාදනය වැඩි කර ගැනීම කෘෂිකාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී ගනු ලබන ප්‍රථම පියවර වේ.

රෝග කළමනාකරණය සත්ව පශු පාල‍නයේ වෙනස් වීම් හරහා ළඟා කරගත හැක. සතුන් මිශ්‍ර වීම පාලනය කිරීමෙන්, ගොවිපලවලට ඇතුළු වීම පාලනය කිරීමෙන් හා ආරක්ෂාකාරී ඇඳුම් භාවිතයෙන්, හා ආසාධිත සතුන් වෙන් කර තැබීම රෝග ව්‍යාප්ත වීම පාලනය කළ හැක. රෝග කළමනාකරණය නිර්වින්දන හා ප්‍රතිජීවක භාවිත‍යෙන් පාලනය කළ හැක. ප්‍රතිජීවක වැඩීම් වර්ධකයක් ලෙස ද භාවිතා කළ හැක. ප්‍රතිජීවක ප්‍රතිරෝධයේ ගැටළු මඟින් වැළැක්වීමේ මාත්‍රා කිරීම සීමා කළ හැක.

සමහරක් රටවල දී සතුන් ප්‍රවාහනය කිරීම විකිණීම හෝ ප්‍රදර්ශනය කිරීමට පෙර පශු වෛද්‍ය සහතියක් භාවිතා කිරීම අවශ්‍ය වේ. රෝගයෙන් තොර කොටස් සැමවිට ඉතාමත් දරුණු ලෙස සවි ගැන්වීම සිදු කළ අතර OIE ට දැනුම් දෙනු ලැ‍බේ.

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=පශු_සම්පත්&oldid=308677" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි