පරිශීලක සාකච්ඡාව:සුජිත් තුෂාර

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
Pandith Amaradeva
ගොනුව:W. D. Amaradeva perera.jpg
වෙනත් නම්Wannakuwatta MitiWaduge Don Albert Perera

1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බර්ට් පෙරේරා, ප්රකට ගායන හා සංගීතඥකෙකු ලෙස ශ්රී ලංකාවේදී හදුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ "අමරදේව" නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්රීය සංගීට භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.

ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැදභාගයේදී සිය ජන ගායනා ව්යපෘතිය වෙනුවෙන් "පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා" වැනි උඩරට ශාස්ත්රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය.එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්ය තාලයක් සදහා අනුගත වන පද මාලා එක් කිරීමට තීරණය කරයි.එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි.මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි. පසුව වික්ටර් රත්නායක,සුනිල් එදිරිසිංහ,සනත් නන්දසිරි වැනි කලා කරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සදහාද ඔහු ක්රියාකාරීව දායක වෙයි. පිලිපීන රේමන් මැග්සේසේ සම්මානය(2001),ඉන්දියානු පද්ම ශ්රී සම්මානය සහ ශ්රී ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, "ගවුමි සලාම්" නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්රිතාන්ය්ස් එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්යන්තරය තුළ ලාංකේය අනන්යතාව සැළකොට සිටියේය.

ජීවන හා වෘත්තීමය[සංස්කරණය]

අධ්‍යාපනය සහ ළමා කාලය[සංස්කරණය]

වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා සහ බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස් යන මවුපිය යුවලට දාව, මොරටුව ප්රදේශයේදී අමරදේව උපත ලබන්නේ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා ලෙසටයි.තම පියා බෞද්ධයෙකු වීමත් මව කතෝලික තැනැත්තියක් වීමත් නිසා බෞද්ධ හා කතෝලික හර පද්ධතීන් මිශ්ර වුණූ පවුලක ජීවත් වීමේ හැකියාව නිතැතින්ම අමරදේවට ලැබෙයි.

අමරදෙව සංගීතය කෙරෙහි යොමු කරන්නේ මොරටුමුල්ල වඩු කාර්මික විද්යාලයේ වයලීන නිපදවන්නෙකු හා අලුත්වැඩියා කරන්නෙකු වූ ඔහුගේ පියා විසිනිඅමරදෙව, කුඩා කළ තම මවගේ ස්තොත්ර ගායන වලට හිතුමනාපයේ වයලීනයේ තත් හඩවන්නට පුරුදුව සිටියේය.ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට ඉන්දියානු ශාස්ත්රීය සංගීතය උගන්වනු ලැබීම අමරදෙවගේ සංගීත ජීවිතය ඔපවත් වීම සදහා පවුලෙන් ලද තවත් පිටුවහලක් විය. ඔහුට වයස අවුරුදු හතවන විත ජපන් ටින් වයලීනයක් පියාගෙන් ලද ත්යාගයක් වශයෙන් ඔහුට හිමිවේ.

කෝරළවෙළ විහාරස්ථානයේ මාලාලංකාර නායක තෙර යටතේ ස්වකීය මූලික අධ්යාපනය ලබන අමරදේවයන්ගේ සංගීත ප්රතිභාවේ අපූර්වත්වය දුටුවන්, විහාරස්ථානයේ කවි හා ගාථා ගායනා කිරීම සදහා අමරදෙවයන් හට ආරාධනා කරයි.අනතුරුව තම ග්රාමයේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දැරීමටද අමරදේවයන්ට හැකියාව ලැබෙයි.

ශ්රී සද්ධර්මෝධය බෞද්ධ මිශ්ර පාසලට ඇතුළත් වී අධ්යාපනය ලබන අමරදේව, මොරටුව විද්යාලයෙන් පවත්වන ලැබූ කවි ගායනා තරගයකින් ජයග්රහණය ලබන්නේ මෙ අතරදීය.එසේම කොළඹ කලා සංගමය විසින් මෙහෙය වූ ගායනා තරගයකින් ජයග්රහණය ලැබීමට අමරදේවයන් නායකත්වය දැරූ පාසල් ගායක කණ්ඩායමට හැකියාව උදාවේ.මෙම ජයග්රහණ වලින් උද්දාමය ලද අමරදේවයන්ගේ පාසල් ගුරුවරු, ඔහුව ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගායක මඩුල්ලට ඇතුලත් කිරීමට ක්රියා කරයි. මේ අන්දමින් දක්ෂතා ප්රදර්ශනය කරන අමරදේව, 1945 වර්ෂයේදී ජන කලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායනා හා වයලීන වාදක තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට බුහුටි වෙයි. තම ප්රාථමික අධ්යාපනය නිමා කිරීමෙන් අනතුරුව ඉංග්රීසි භාෂාව සදහා ලද ශිෂ්යත්වයකින්පානදුර ශ්රී සුමංගල විද්යාලයට ඇතුළත් වීමේ හැකියාව අමරදේවයන්ට ලැබේ. එහිදී විදුහල්පති ඩැනිස්ටර් තෝමස් ෆර්නෑන්ඩෝ (ඩී.ටී. ෆර්නෑන්ඩෝ )මහතා සමග දැන හැදුනුම් කමක් ඇති කරගන්නා ඔහු, ඩී.ටී. ෆර්නෑන්ඩෝ මහතාගේ උපකාරීත්වයෙන්කළුතර විද්යාලයටත් ඉන් අනතුරුව, බලපිටිය සිද්ධාර්ථ විද්යාලයටත් ඇතුළත්ව අධ්යාපන ලැබීමේ අවස්ථාව උදා කර ගනියි.


මෙකලදී "අශෝකමාලා" චිත්රපටයේ රූගත කිරීම් ඇරඹෙන අතර, මොරටුව ජෙරාඩ්.ජේ.පීරිස් නැමැත්තෙකු විසින් අමරදේවයන්ව එම චිත්රපටයේ සංගීතය මෙහෙය වූ, මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත හදුන්වා දෙනු ලබයි.අමරදේවයන්ගේ ශක්යතාවන් හදුනා ගන්නා ගවුස් මාස්ටර් විසින් තම වාදක මණ්ඩලයේ ප්රමුඛතම වයලීන වාදක ශිල්පියා බවට අමරදේව පත්කරනු ලබයි..

ඩී.ටී. ෆර්නෑන්ඩෝ පවසන අන්දමට, ඔහුගේ සහොදරයා වූ කෝරළවෙළ පාසලේ සංගීට ගුරුවරයා වශයෙන් සේවය කළ ඩ්බ්.ජේ.ෆර්නෑන්ඩෝ විසින් අමරදේවගේ දක්ෂතාවන් හදුනා ගනු ලබයි.අමරදේව පාසලේදී වයලීන වාදන සම්භන්දයෙන් දක්වන බුහුටි බව ඔහුගේ නිරීක්ෂණයට ලක්වේ. පසුව අමරදේවගේ පියා ඔහුට වයලීනයක් තනා දෙන අතර, ඔහු පියා යටතේ වයලීන වාදනය හදාරනු ලබයි. ඔහු පසුව අශෝකමාලා චිත්රපටය සදහා මොහොමඩ් ගවුස් වෙත හදුන්වාදීම සිදුවන්නේ, ඩී.ටී.ෆර්නෑන්ඩෝ මහතාගේ උපකාර ඇතුව ඉගෙනීමේ කටයුතු සදහා අමරදේව කළුතර බලා යාමෙන් වසර කිහිපයකට පසුවය.අශෝකමාලා චිත්රපටයේ පද රච්කයා වශයෙන් කටයුතු කරන්නේ ඩී.ටී. ෆර්නෑන්ඩෝ මහතා වන අතර, ඔහු චිත්රපටයේ අධ්යක්ෂකවරයා වූ ශාන්තිකුමාර් සෙනෙවිරත්න මහතා සමග ඇති කරගෙන තිබූ දැඩි මිත්රත්වය මේ සදහා පිටුවහලක් වෙයි.තම උසස් අධ්යාපන කටයුතු සදහා 1950 වර්ෂයේ මැද භාගයේදී ඉන්දියාවේ ලක්නවු නුවර භාත්ඛණ්ඩේ සංගීත අධ්යනායතනයට ඇතුළත් වෙයි. අමරදේව ලංකාවට පැමිණිපසු දිනක් කළුතර සිට කොළඹ බලා ධාවනය වන බසයකට මොරටුවේදී ගොඩ වැදෙන අමරදේවයන්ට, බසයේ සිටින ඩී.ටී.ෆර්නෑන්ඩෝ මහතා මුණගැසෙන අතර එහිදී තමා සදහා පද්ය රචනා කර දෙන ලෙසට අමරදේවයන් ඉල්ලා සිටියි.මෙහිදී බසය ධාවනය වන අතර ඩී.ටී.ෆර්නෑන්ඩෝ මහතා විසින් "පීනමුකෝ කළුගගේ" ගීටය රචනා කරන අතර, ඔහුට ගීතයේ අවසාන කොටස ගායනා කිරීමට නොහැකි වන්නේ බම්බලපිටිය ප්රදේශයේදී බසයෙන් බැසයාමට අමරදේවයන්ට සිදුවීම නිසයි.

. තම ඉගෙනීමේ කටයුතු අහවර කරන අමරදේව මොහොමඩ් ගවුස් සමග එක්ව, චිත්රපටයක වැඩසදහා ඉන්දියාව බලා යයි."ඇයි යමෙකු කලේ ආලේ" ගීතය සදහා ගායනයෙන් ,නර්තනයෙන් හා රංගනයෙන් යන ත්රිවිද අංශයෙන්ම දායක වීමට අමරදේව මෙහිදී සමත් වෙයි.

වෘත්තීමය[සංස්කරණය]

ඉන්දියාවේ ලක්නවු නුවර භාත්ඛණ්ඩේ අධ්යාපනායතනයේදී ලැබූ පරිචයත් සමග, ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිත්ය ගායකයෙකු ලෙස සේවයට එක් වීම තුළින්,ස්වකීය ප්රතිභාව හා දැක්ම මින් පෙර නොවූ තරම් වූ වඩා පුළුල් ශ්රාවක ගහණයක් වෙත සම්ප්රරේෂණය කිරීමේ හැකියාව ඔහුට උදා වේ.භාත්ඛණ්ඩේ අධ්යනායතන්යේදී ලබන සතතාභ්යාසයන්ගේ දැනුම ලබන දොන් ඇල්බර්ට් පෙරේරා ලංකාවට පැමිණෙන්නේ පණ්ඩිත් වනක්කු වඩුගේ දොන් අමරදේව ලෙසිනි.අමරණීය ආත්මයක් ලද දේවයාණන් යන අර්ථය ලද මේ නාමය ඔහුට ලබාදෙන්නේ මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්රයන් විසිනුයි. මේ සමය වන විට ශ්රී ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලැබූ මුල්ම අවදිය වූ අතර, ශ්රී ලාංකේය අනන්යතාවක් සහිත සංගීත විදිය නම් කවරක්ද යන ගැටළුව, සමාජීය ප්රාඥයන්, කලාකරුවන් සහ පොදු මහජනතාව අතර විමසීමට බදුන් දුන් තත්වයක් විය.මෙම තත්වයන්ට අනුකූලව, ස්වදෙශික ජන සංගීතය සමග, ඔහු ඉන්දියාවෙදී හැදෑරූ සංගීතයත් ඇසුරුකොට ගෙන වඩා සුඛනම්ය වූ සංගීත වහරක් මතුකොට ගැනීමට අමරදේව සමත් වෙයි.

දකුණු ඉන්දියානු සහ ද්රවිඩ සංගීත ආකෘති පිළිබද අමරදෙවයන් කළ පර්යේෂණාත්මක හැදෑරීම් ඔහුගේ සංගීත භාවිතාවේ නව මානයන් අතර වේ. ශ්රී ලංකාවේ අසහාය පද්ය රචකයෙකු වූ මහගම සේකරයන් හා එක්ව,අමරදෙවයන් විසින් කරන ලද ස්වර රචනා ශාස්ත්රීය සිංහල පද්යයේ ස්වර විභේධනයන් පිළිබද වූ ඔහුගේ අනන්ය ප්රතිභාව ගවේෂණය කරන්න්ක් වී තිබේ.මේ වනවිට අමරදේවයන්ගේ සංගීත භාවිතාව සමස්ථ ජාතියක භාවමය ආත්මය ප්රවර්ථනය කරන්නක් බවට පත්ව තිබේ.

කාව්යම නාට්ය(කරදිය, නළදමයන්ති ආදිය ), චිත්රපටි(රන් මුතු දූව , ගම්පෙරෙළිය, රන් සළු,දෙළොවක් අතරේ, ගැටවරයෝ,රැන ගිරවු, තුන්මං හංදිය ආදිය ), නෘර්ති (වෙස්සන්තර )ආදී කෘතීන්ට මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කිරීමට අමරදේවයන් හැකියාව ලැබීය. අමරදේව සහ ඔහුගේ බිරිය වන විමලාට දාව රන්ජන අමරදේව නමින් පුතෙකු සහ සුභානි අමරදේව - දක්ෂ ගායන ශිල්පිණියෙකි, ප්රියන්වදා අමරදේව නමින් දියණිවරුන් දෙදෙනුකු සිටිති.

සම්මාන[සංස්කරණය]

  • පිලිපීන රේමන් මැග්සෙසේ සම්මානය (2001)
  • ශ්රී ලංකා රජයෙන් පිරිනමන දේශමාන්ය නාමය
  • ශ්රී ලංකා රජයෙන් පිරිනමන කලාකීර්ති නාමය
  • ඉන්දියානු පද්ම ශ්රී සම්මානය


චිත්‍රපට නාමාවලිය[සංස්කරණය]

සංගීත අධ්‍යක්ෂක[සංස්කරණය]

Year Film Other notes
1962 රන් මුතුදූව සංගීත අධ්‍යක්ෂවරයා
1963 අදට වැඩියෙන් හෙට හොදයි ගීත ගායනය
සිකුරු තරුව එක් ගීතයක් සහ පසුබිම් සංගීතය
ගම්පෙරළිය
ගැටවරයෝ
1965 සාමා පසුබිම් සංගීතය
ළා දළු
සාරවිට
ආදරයයි කරුණාවයි
1966 දෙළොවක් අතරේ
වෙස්තුරු සිරිත

වැඩිදුර බලන්න[සංස්කරණය]

පරිශීලක[සංස්කරණය]

බාහිර ඇමුණුම්[සංස්කරණය]

si:ඩබ්. ඩී. අමරදේව