පරිශීලක:G.I.D Gunasekara

විකිපීඩියා වෙතින්
                                                                                                                 == සිංහල නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය ==
                                                                                                                                    (1947-1997)

නාඩගම් ‚නූර්ති හා ගැමි නාටක ඇසුරින් ආරම්භ වූ සිංහල නාට්‍ය කලාව අද ප්‍රසිද්ධ කලා අංගයක් බවට පත් වී තිබේ. තමා වින්දනය කරනු ලැබූ උසස් අත්දැකීමක් එලසින්ම ප්‍රේක්ෂකයන්ට රස විදීමට මග සලස්වන අරමුණෙන් නාට්‍ය නිර්මාණය කරන රචකයා එය නිෂ්පාදනය කරන්නේ ද අපූර්ව අන්දමිනි. ලොව පිළිගත් ඇරිස්ටෝටලියානු නාට්‍ය රීතීන්ද‚ සැමුවෙල් බෙකට් විසින් හෙළිදරව් කරන ලද අසම්මතවාදී රංග රීතීන්ද‚ බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් ප්‍රචලිත ක කරන ලද එපික් රංග රීතියද‚ එදා සිට පැවත එන්නා වූ ස්භාවික සංවාද සහිත තාත්විත රීතියද යන සෑම රීතියක් හෝ ඒ හැමකකම මිශ්‍රණයක් වේදිකාව මත පෙන්වීම වැදගත් වේ.

අප රටේ විශාල නාට්‍ය ප්‍රමාණයක් නිෂ්පාදනය වී තිබෙන ආකාරය දැක ගැනීමට හැකි වේ. නමුත් ඒවා සාර්ථක නිර්මාණද යන්න ප්‍රශ්නයකි. මන්ද එම නාට්‍ය ලියා ඇත්තේ මෙම කලාව නිසි ලෙස තේරැම් නොගෙනයි. නාට්‍ය කලාව දියුණු කිරීමට නම් නාට්‍ය රචකයා පමණක් නොව විචාරකයාද විචාරක බුද්ධියෙන් තම කටයුත්ත සිදු කිරීම වැදගත් වේ. එසේ නොමැතිව සිදු කරනු ලබන විචාර නිසා ප්‍රේක්ෂකයන් පමණක් නොව නාට්‍ය නිෂ්පාදකයුනුත් කලකිරෙන තත්වයකට පත් වේ.

සිංහල නාට්‍ය කලාවේ නව යුගය ආරම්භ වන්නේ සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය නිර්මාණ සමගයි. විශේෂයෙන් සරච්චන්ද්‍ර මහතාග්“ මනමේ” සහ “සිංහබාහු” යන නාට්‍ය ඉතා සුවිශේෂී නාට්‍ය නිර්මාණ ලෙස පෙන්වා දීමට හැකි වේ. ශෛලීගත ආකෘතිය පදනම් කොට ගනිමින් නිර්මාණය කරනු ලැබූ මෙම නාට්‍ය වලට මූලික පදනම කොට ගැනෙනුයේ මිනිසාගේ මානුෂීය හැගීම් වේ. ගැමි නාට්‍ය ශෛලිය අභාෂයට ගනිමින් නිර්මාණය කරනු ලැබූ මෙම නිර්මාණ නිසා නව නාට්‍ය සම්ප්‍රධායක් බිහි වන ආකාරය දැක ගැනීමට හැකි වේ. සෑම කලා නිර්මාණයකම වැදගත් වන්නේ කියන දෙයයි. ශ්‍රේෂ්ඨ නිර්මාණ ශිල්පීන් තමන්ගේ සිතෙහි ගොඩ නැගෙන්නා වූ ජීවන දැක්මක් සමාජයට පැහැදිලිව පෙන්වා දිය හැකි උචිත මාධයක් මගින් නිර්මාණය කරනු ලබයි. එය නවකතාවක් විය හැකි වේ. නැතිනම් කෙටි කතාවක් විය හැකි වේ. එම මාධය හරහා නිර්මාණශිල්පියා තමන්ගේ අදහස් ඉදිරිපත් කරනු ලබයි. මේ අනුව විචාර සම්පන්න‚ප්‍රතිභා පූර්ණ නාට්‍ය ශිල්පියාගෙන් බිහිවන්නා වු නාට්‍ය අපූර්වත්වයෙන් යුක්ත වේ. අර්ථවත් පුවතක් අපූර්වත්වයක් සමග වේදිකා ගත කිරීමේ හැකියාව නාට්‍ය ශිල්පියා සතු විශේෂ ලක්ෂණයක් ලෙස පෙන්වා දීමට හැකි වේ.

නාට්‍ය කලාවද සමස්තව ගත් කළ එය අනෙක් කලාවන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන් කොට ගත හැකි කලාවක් නොවේ. නමුත් නාට්‍ය කලාවට පමණක් ආවේණික වූ ලක්ෂණ ගණනාවක් දැක ගැනීමට හැකි වේ. එහිදී මූලික වශයෙන්ම වැදගත් වන්නේ නාට්‍ය පිටපතයි. එමෙන්ම නාට්‍ය කලාව වනාහි සෑම කලාවකගේම එකතුවකින් ගොඩ නැගෙන්නක් ලෙස පෙන්වා දීමට හැකි වේ. එහිදී මූලික වශයෙන්ම වැදගත් වන්නේ නාට්‍ය පිටපතයි. විශේෂයෙන් ආනුශංගික අංගයන් ගණනාවකගේ දායකත්වය මේ තුළ දැක ගැනීමට හැකි වේ. අංග රචනය‚ වේදිකා පරිපාලනය‚ පසුතල නිර්මාණකරණය‚ සංගීතය‚ රංග වින්යායසය මේ ආදී වශයෙන් කලා සම්ප්‍රධායන් ගණනාවක් මේ තුළ දැක ගැනීමට හැකි වේ. මිනිසාගේ දෛනික ජිවිතයේ පැවැත්මට ආහාර අවශ්‍ය වන්නේ යම් සේද ආධ්‍යාත්මික ජීවිතයට ආධ්‍යාත්මික ආහාර අවශ්‍ය වේ. කලාව යනු ඉන් එක් අහාරයක් ලෙස පෙන්වා දීමට හැකි වේ. 1956 “මනමේ” නාට්‍ය බිහි වීමත් සමඟ ඇතිවූ නාට්‍ය ප්‍රබෝධය හේතුවෙන් අපගේ සිංහල නාට්‍ය කලාව තුළ නව ශිල්පීයක්‍රම‚ නව සම්ප්‍රධායන්ද බිහි වන්නට විය. ඒ අනුව ඒ ඔස්සේ නව නිර්මාණ ගණනාවක් බිහි වන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබේ. මෙම වකවානුව තුළ බිහි වූ සාර්ථක නිර්මාණ ලෙස මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ “සිංහබාහු” සහ “මනමේ” යන නාට්‍යද‚ ගුණසේන ගලප්පත්තිගේ “මූදු පුත්තු” ද‚ හෙන්රි ජයසේනයන් විසින් නිර්මාණය කරන ලද “හුණුවටයේ කථාව” යන නාට්‍ය නිර්මාණ පෙන්වා දීමට හැකි වේ. මෙම නාට්‍යයන්හි පවතින්නා වූ කාව්‍යමය ය හා සාහිත්‍යමය සාර්ථකත්වය ඉතා උසස් තැනක් ගනු ලබයි. පෙරදිග හා අපරදිග නාට්‍ය විචාර සිද්ධාන්ත වලට අනුකූල වන ලෙස මෙම නාට්‍ය නිර්මාණය කර තිබීම එයට හේතුව වන්නට ඇත. විශාල නාට්‍ය සංඛ්‍යාවක් නිෂ්පාදනය වී ඇති මෙරට නාට්‍ය කලාවේ තුළ ඉතා උසස් ගණයේ නාට්‍ය ගණනාවක් දැක ගැනීමේ වාසනාව අපට හිමි වී තිබේ. සෑම නාට්‍ය ශිල්පියෙකුටම “සිංහබාහු” ‚ “මනමේ” වැනි නාට්‍ය නිර්මාණ බිහි කළ නොහැක. නාට්‍යක් තුළ අපූර්වත්වය මතු වන්නේ එම නාට්‍යයට පාදක වන්නා වූ අපූර්ව අත්දැකීම‚ රංග ශෛලිය යන අංග දෙකම එකතු වූ කල්හිය. එවැනි විශිෂ්ඨ නාට්‍ය කිහිපයක් පහත ආකාරයට පෙන්වා දීමට හැකි වේ.

  • එදිරිවීර සරච්චන්ද්‍ර - බවකඩතුරාව‚ ලෝම හංස‚ ප්‍රේමතී ජායතී ශෝකෝ
  • හෙන්රි ජයසේන - ජනේලය‚ කුවේණි
  • සයිමන් නවගත්තේගම - සුභ සහ යස
  • දයානන්ද ගුණවර්ධන - ගජමන් පුවත‚ නරි බෑනා
  • ධර්මජිත් පුනර්ජීව- ලිහිණි
  • සුනන්ද්‍ර මහේනද්‍ර - සොක්‍රරටීස්
  • ආර්.ආර්. සමරකෝන්- කැළණි පාලම
  • රංජිත් ධර්මකීර්තිගේ- මෝදර මෝල
  • සුගතපාලද සිල්වා- මරාසාද්
  • ධර්මසිරි බණ්ඩාරනායක- ධවල භීෂණ

යන නාට්‍ය පෙන්වා දීමට හැකි වේ. “මනමේ” නාට්‍යයට පසුව බිහි වූ බොහෝ නාට්‍යය ගණනාවක් අසාර්ථක වීමට හේතුව වන්නේ “මනමේ” බිහිවීමට පෙර සිංහල නාට්‍ය කලාවේ පැවති දුර්වලතාවයන්ය. මන්ද එකළ බොහෝ නාට්‍ය ශිල්පීන් ආභාෂය ගනු ලැබූයේ බටහිර නාට්‍යය කලාවේ අභාෂයයි. නමුත් එය ලාංකීය ප්රේෂක්ෂක ජනතාවට නුහුරැ අද්දැකීමක් වූ අතර එම නිසා එම නාට්‍ය ප්‍රේක්ෂකයාගෙන් දුරස් වන්නට විය. නමුත් මේ බව වටහා ගත් සරච්චන්ද්‍ර මහතාට අවශ්‍ය වූයේ අපේ රටට ගැළපෙන්නා වූ නාට්‍යය ශෛලීයක් නිර්මාණය කර ගැනීමයි. ඒ සඳහා ඔහු තෝරා ගනු ලැබූයේ දේශීය ගැමි නාටක සහ නාඩගම් වැනි සම්ප්‍රධායන් වේ. මන්ද එයට හේතුව වුයේ එම අංගයන් දේශිය ජනතාවට වසාත් සමීප කලාවන් වීමයි. මෙම කාලවකවානුව තුළ බිහි වූ විශිෂ්ඨ නාට්‍ය ශල්පීන් සහ ඔවුන්ගේ නාට්‍ය නිර්මාණ පිළිබඳව මීළඟට සලකා බලමු.

ගුණසේන ගලප්පත්ති[සංස්කරණය]

1927 වර්ෂයේ ජූනි මස 27 වන දින උපන් මොහු පේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය කලාවට පිවිස ලෝකප්‍රකට ස්ටැනිස්ලව්ස්කිගේ රංග ශිල්පය හදාරා ඒ තුළින් නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසුණු පුද්ගලයෙකු ලෙස පෙන්වා දීමට හැකි වේ. ඔහු ශෛලීගත රංගක්‍රමය උපයෝගී කොට ගනිමින් නිර්මාණය කළ “සඳකිදුරැ” නාට්‍ය ඔහුගේ ජීවිතයේ ආරම්භය සනිටුහන් කරන්නට විය. මොහු විසින් නිර්මාණය කරනු ලැබූ “මූදු පුත්තු” නාට්‍ය මොහුගේ නාට්‍ය නිර්මාණ අතර සුවිශේෂී නිර්මාණයක් ලෙස පෙන්වා දීමට හැකි වේ.

හෙන්රි ජයසේන[සංස්කරණය]

1931 වර්ෂයේදී උපතලද මෙතුමා කොළඹ නාලන්දා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ අතර ඔහු නාට්‍යය කලාවට පිවිසියේ කුඩා කළ සිටමය. එනම් නලුවෙකු වශයෙනි. එදා සිට මේ දක්වා ඔහු අතින් නිර්මාණය වූ නාට්‍ය ගණනාවකි. මෙතුමා විසින් නිර්මාණය කරනු ලැබූ නාට්‍ය අතර ජනේලය සහ හුණුවටයේ කතාව විශිෂ්ඨ නිර්මාණ ලෙස පෙන්වා දීමට හැකි වේ. ඒ අතරින් හුණුවටයේ කතාව සුවිශේෂී නිර්මාණයකි. මෙම හුණු වටයේ කතාව පරිවර්තන නාට්‍යයක් වන අතර එය දේශීය සමාජයට ගැළපෙන ලෙසින් ඔහු විසින් නිර්මාණය කර තිබේ. “දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු” යන මූලික අදහස මූලික තේමාව කොට ගනිමින් නිර්මාණය කර තිබෙන මෙම නාට්‍යය තුළින් තවත් සමාජ යථාර්ථයක් ගණනාවක් හෙළි කරනු ලබයි. විශේෂයෙන් මෙම නාට්‍ය තුළ එන චරිත නිරෑපනය කොට තිබෙනුයේ චරිත ලක්ෂණයන් මනාව ඉස්මතු වන ලෙසයි. මෙහි එන ප්‍රධාන චරිතය වන ගෘෂාගේ චරිතය තුළින් අධිෂ්ඨානයෙන් යුතු මාතෘ ප්‍රේමයකින් යුක්ත සදාචාර බවෙන් හා උපාය ශීලී බවෙන් යුක්ත කාන්තාවගේ චරිතයක් නිරෑපනය කරනු ලබයි. එමෙන්ම මොහුගේ ජනේලය නැමති නාට්‍යද ඉතා විශේෂ වූ නාට්‍යයක් ලෙස පෙන්වා දීමට හැකි වේ.මෙම නාට්‍ය තුළින් පෙන්වා දෙනු ලබන්නේ ජීවිතයේ තිබෙන්නා වූ සතුට සහ ජීවිතයේ දියුණුව යනාදී සංකල්පයන්ය. හෙන්රි ජයසේන විසින් නිර්මාණය කරන ලඳ කුවේණි නාට්‍යද මෙරට නිර්මාණය වූ විශේෂ නාට්‍යටක් ලෙස පෙන්වා දීමට හැකි වේ. කුවේණිය වනාහි යක්ෂණියකි. ඇයට විජය රජතුමාගෙන් සිදු වන්නා වූ නොයෙකුත් පීඩා මේ තුළින් අපූරැවට හෙළි කරනු ලබයි. විශේෂයෙන් සමාජයේ වෙසෙන්නා වූ සැබෑ කාන්තාවන්ට සිදු වන අසාධාරණකම් සහ දුක්ඃඛාන්තයන් මේ තුළින් පෙන්වා දෙන්නේ අපූරැ ලෙසකටයි. හෙන්රි ජයසේන විසින් මෙම තේමාව ඉදිරිපත් කර තිබෙන ආකාරය නිසාම මෙම නාට්‍ය සාර්ථක විය. මොහු නාට්‍ය රචනයට ඉතා දක්ෂකම් පෑ කෙනෙකු මෙන්ම නිර්මාණයක් අලංකාර ලෙස රස ගැන්වීමට ඔහු ඉතා දක්ෂ විය.විශේෂයෙන් රංග කලා විෂයෙහි සෝවියට් දේශයේත්,එක්සත් රාජධානියේත්, නැගෙනහිර ජර්මනියේත්, බ්‍රෙෂ්ට් රංඟ ශාලාවේත් ලැබූ පුහුණුව මෙම විශිෂ්ඨ නිර්මාණ බිහි කිරීම සඳහා ඔහුට බලපාන්නට ඇත∙ ඔහු විසින් නිර්මාණය කරන ලද නාට්‍ය පහත ආකාරයට පෙන්වා දීමට හැකි වේ.


නාට්‍ය වර්ෂය
වැදගත්කම 1954
ඇත්ත කුමක්ද 1955
පව්කාරයෝ 1959
ජනේලය 1962
තවත් උදෑසනක් 1964
අහස් මාලිගා 1966
හුණුවටයේ කථාව 1967
අපට පුකේ මගක් නැතේ 1969
මකරා 1973
දිරිය මව 1972
දිරිය මව 1972
සරණ සියොත් සේ පුතුනි හඹා යන 1975
සිරිසඟබෝ 1978


සයිමන් නවගත්තේගම[සංස්කරණය]

1940 සැප්තැම්බර් 15 වෙනි දින් උපන් මෙම විශිෂ්ට කලාකරැවා ලාංකීය නාට්‍ය කලාව තුළ බිහි වූ විශිෂ්ට නිර්මාණ ශිල්පියෙක් ලෙස පෙන්වා දීමට හැකි වේ. පේරාදෙණිය සරසවියෙන් උපාධිය ලබා ගත් මෙතුමා නාට්‍ය කලාවට පැමිණියේ ධර්මසිරි වික්‍රමරත්න නාට්‍ය වේදියා සමඟ සම්බන්ධ වීම තුළිනි. ඒ අනුව ඔහුගේ ප්‍රථම නිර්මාණය වන්නේ පහන් එළිය නැමති නාට්‍යයයි. ඔහු බර්ටෝල් බ්‍රෙෂ්ට් තියටර් නැමති ආයතනයෙන් නාට්‍ය කලාව හදාරා තිබේ.මොහු නවකතා ලිවීමටද අතිශය දක්ෂයෙක් විය. ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ නාට්‍ය නිර්මාණ අතර සාර්ථකම වූ නාට්‍ය වූයේ“සුභ සහ යස”නාට්‍ය නිර්මාණයයි. ඔහුගේ භාෂා රීතිය ඔහුටම ආවෙණික දෙයක් බවට පත් වූ අතර එය ව්‍යංගර්ථ පූර්ණ සුමට සුලලිත රීතියකි. සැබවින්ම ඔහුගේ භාෂාවේ තිබූ සුවශේෂී බව “සුභ සහ යස”නාට්‍ය නිර්මාණය තුළින් මනාව පැහිදිළි වේ. මෙම නාට්‍ය තුළ විශිෂ්ටත්වය රදා පවතින්නේ එම පුවත ඉදිරිපත් කිරීමේදී නාට්‍ය කරැවා යොදා ගන්නා සජීවිමත් බස් වහර හා අන්තර්ගතය තුළ ඇති සමකාලීන රාජ්‍ය තාන්ත්‍රික සත්‍ය තොරතුරැ හේතු කොට ගෙනය. මහාවංශයේ පුවතක් ඇසුරින් නිර්මාණය කොට තිබෙන මෙම නාට්‍ය තුළින් පෙන්වා දෙන්නේ යසලාලක තිස්ස රජුගේ කථාවයි. මෙම කථාවට උච්ත රංග රිතියක් මේ තුළ ගොඩ නගා තිබෙන ආකාරය දැක ගැනීමට හැකි වේ. ඔහු අතින් නිර්මාණය වූ අනෙකුත් නාට්‍ය නිර්මාණයන් පහත ආකාරටය පෙන්වා දිමට හැකි වේ.

නාට්‍ය වර්ෂය
ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක් 1970
පුස්ලෝඩං 1972
සුභ සහ යස 1974
ස්ත්‍රී 1976
ගඟන සරණ කුරැල්ලෝ 1978
සුදු සහ කලු හෙවත් වර්ණ 1979

දයානන්ද ගුණවර්ධන[සංස්කරණය]

1934 ඔක්තොම්බර් 15 වන දින උපන් මොහු නාට්‍ය කලාවට සිදු කර ඇති සේවය අතිමහත්ය. මෙතුමාද පේරාදෙණිය සරසවිය තුළින් උපාධිය ලබාගෙන තිබේ.විශේෂයෙන්ම සරච්චන්ද්‍ර මහතාට පසුව දේශීයත්වය ආරක්ෂා වන අයුරින් නාට්‍ය නිර්මාණය කිරීමට උත්සහ ගත් නිර්මාණ ශිල්පියෙකු ලෙස මෙතුමාව පෙන්වා දීමට හැකි වේ.ඩුබායි යන කාලය දක්වා අපේ සිංහල වංශය ගැන කියවුණු මධුර ජවනිකා නාට්‍ය 1993 ජූනි 18 වන දින රාත්‍රියේ ඇල්ෆිනිස්ටව් රඟහලේ වේදිකාගත කොට හමාර වූ විගස වේදිකාව මතම දෑස් පියා ගනු ලැබූ එකම නාට්‍ය කරැවා ඔහු වේ.මෙතුමා විසින් නිර්මාණය කරනු ලැබූ නාට්‍ය අතර විශිෂ්ටම නිර්මාණය ලෙස සලකනු ලබන්නේ “ගජමන් පුවත” නාට්‍ය වේ. ඔහුගේ නාට්‍ය තුළ දැකිය හැකි විශේෂත්වය වූයේ නැටුම, ගැයුම, වැයුම සෑම විට යොදා ගැනීමයි. එයට හේතුව වූයේ නාට්‍ය ප්‍රසාංගික බව සෑම විටම වැදගත් බව ඔහු සිතූ නිසාවෙනි.ඔහුගේ මධුර ජවනිකා සහ ආනන්ද ජවනිකා යන නාටය ප්‍රසාංගික තුනයෙන් යුතු නාට්‍ය වීම නිසා පෙරදිග සහ අපරදිග විචාරයන්ට අනුව නියම වශයෙන්ම නාට්‍යයක් හෝ වාර්තා නාට්‍යයක් යන්න ගැටලුවක් බවට පත් වී තිබේ. එමෙන්ම ඔහුගේ “නරි බෑණා ” නාට්‍යද ඉතාමත් ජනාදරයට පත් වූ නිර්මාණයක් ලෙස පෙන්වා දීමට හැකි වේ.එම නාට්‍යද ජාතක කතා දෙකක් පාදක කොට ගෙන නිර්මාණය කර තිබෙන ආකාරය දැක ගැනීමට හැකි වේ. ඒ අවස්ථාවට ගැලපෙන ලෙසින් සරල බස් වහරද යොදා ගනිමින් නිර්මාණය කොට තිබෙන මෙම නිර්මාණය තුළ ගැමි වහර, ප්‍රස්ථා පිරැලු මෙන්ම කාව්‍යාත්මක වර්ණනාද දැක ගැනීමට හැකි වේ. ඉතා දක්ෂ ලෙස අර්ථවත් සංවාද යොදා ගැනීමේ දක්ෂකමක්ද ඔහු සතු විය.ඉතා නිහතමානි ජීවිතයක් ගත කල මෙතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකරැවෙකු විය. ඔහුගේ අනෙකුත් නාට්‍ය නිර්මාණ පහත ආකාරටය පෙන්වා දීමට හැකි වේ.

නාට්‍ය වර්ෂය
සවර්ණතිලකා 1958
පරාස්සයා 1959
ඇමති පට්ටම් 1960
කාමරේ පොරේ 1960
නරිබෑණා 1961
බක්මහ අකුණු 1962
දෙන්න දෙපොලේ 1964
ඉබි කට්ට හෙවත් ජීවන වංචාව 1965
ජසයා සහ ලෙන්චිනා 1965
කබායේ හබය 1971
පද්මාවතී නූර්තිය 1974
රොෂානා 1975
ගජමන් පුවත 1975
විකාරයේ ආකාරය 1976
1983
ආනන්ද ජවනිකා 1986

මූලාශ්‍ර

  1. == කාරියවසම් තිස්ස, විසිපස්වසරක නාට්‍ය හා රංග කලාව,2011,එස්. ගොඩගේ සහ සහෝදරයෝ. ==
  2. == කාරියවසම් තිස්ස, සිංහල නාට්‍ය කලාවේ විකාශනය,1979, ප්‍රදීප ප්‍රකාශකයෝ,207, උසාවිය පාර, කොළඹ12. ==
  3. == හපුආරච්වි ඩී.පී, සිංහළ නාට්‍ය ඉතිහාසය,1981, සීමාසහිත ලේක් හවුස් ඉන්වෙස්ට්මන්ට් සමාගම ග්‍රන්ථ ප්‍රකාශකයෝ. ==
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:G.I.D_Gunasekara&oldid=601194" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි