පරිගණකකරණය

විකිපීඩියා වෙතින්
RAM (සසම්භාවී ප්‍රවේශ මතකය)

RAM (සසම්භාවී ප්‍රවේශ මතකය)

පරිගණකකරණය යනු පරිගණක මෘදුකාංග හා දෘඩාංග ඇතුළත්ව පරිගණක තාක්ෂණය දියුණු කිරීමේ හා භාවිතා කිරීමේ ක්‍රියාවයි. එය තොරතුරු තාක්ෂණයේ පරිගණක සඳහා විශේෂිත කොටසයි. පරිගණක විද්‍යාව යනු පරිගණකකරණයේ සෛද්ධාන්තික/න්‍යායාත්මක පදනම අධ්‍යයන‍ය කිරීම හා පරිගණකකරණයේ දී න්‍යායන් / සිද්ධාන්ත යොදා ගැ‍නීමයි.


2005 - පරිගණක විෂය මාලාව - නිර්වචනය[සංස්කරණය]

දළ වශයෙන් සලකන කළ අපට පරිගණක නිෂ්පාදනයට අදාල, පරිගණක සේවා අවශ්‍ය වන හෝ පරිගණකවලින් දායකත්වය ලබා ගන්නා ඉලක්කගත ‍ඕනෑම ක්‍රියාවලියක් ලෙස පරිගණකකරණය අර්ථ දැක්විය හැක. මේ හේතුවෙන් විවිධ අවශ්‍යතා ගණනාවක් සඳහා එක එකකට ගැලපෙන පරිදි දෘඪාංග සහ මෘදුකාංග පද්ධතීන් සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීමත් පරිගණකකරණයට අයත් වේ. එසේම දත්ත සැකසුම, ව්‍යුහකරණය සහ විවිධ වර්ගවලට අයත් තොරතුරු කළමනාකරණය ; පරිගණක භාවිතයෙන් විද්‍යාත්මක අධ්‍යයනයන් කිරීම ; බුද්ධිමත් ආකාරයට හැසිරෙන පරිදි පරිගණක පද්ධති නිර්මාණය ; සන්නිවේදක සහ විනෝදාශ්වාදයට අදාල වැඩසටහන් නිර්මාණය සහ භාවිතය ; ඕනෑම නිශ්චිත අවශ්‍යතාවයක් සඳහා අදාලවන තොරතුරු සෙවීම සහ රැස් කිරීම ආදී ලෙස විශාල කාර්යයන් ගණනාවක් පරිගණකකරණයට අයත් වේ. ඒවා පරිමිත ලැයිස්තුවකට ලබා ගත නොහැකි තරම් වන අතර මෙම ක්ෂේත්‍රයේ විභවතාවයන් ද විශාල වේ.

http://en.wikipedia.org/wiki/Compute

"https://si.wikipedia.org/w/index.php?title=පරිගණකකරණය&oldid=579246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි