පරාවර්තනයේ වෙනත් ආකාර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

පටුන

[සංස්කරණය] විසරණ පරාවර්තනය

ඝන පෘෂ්ටයකින් ඇතිවන විසරණ පරාවර්තනය.


ආලෝකය රළු හෝ ගැටිති පෘෂ්ඨයක ගැටුණු විට අන්තර් මුහුණතේ අන්වීක්ෂීය අක්‍රමිකතා නිසා සියලු දිශාවන්ට පෙළාපනී. එසේම ප්‍රතිබිම්භයක් නොසාදයි. මෙය විසරණ පරාවර්තනයයි. පරාවර්තනයේ නිවැරදි ස්වරූපය මුහුණතේ ව්‍යුහය මත රඳා පවතී. විසරණ පරාවර්තනයට බහුල ආකරයක් , ලැම්බර්ටියානු පරාවර්තනය, එනම් සෑම දිශාවකින්ම සමාන දීප්තතාව ( දීප්තිමිතියේ) හෝ විකිරණය (විකිරණමිතිය) ලැම්බට් කොසින්ටග් නියමයෙන් අර්ථ දක්වයි.

[සංස්කරණය] ප්‍රතිගාමක පරාවර්තනය

මුලු පරාවර්තනයේ මුලධර්ම.


සමහර මුහුණත් ප්‍රතිගාමක පරාවර්තනයක් පෙන්වයි. මෙම මුහුණත්වල ව්‍යුහය ආලෝකය එය පැමිණි දිශාවෙන්ම නැවත ගමන් කරවයි. සරළ ප්‍රතිගාමක පරාවර්තකයක් සාමාන්‍ය කණ්ණාඩි 3ක් එකක් අනෙක සමග අන්‍යෝන්‍ය වශයෙන් ලම්භකව තැබීමෙන් තනා ගත හැක. (කෝණික පරාවර්තකය) ප්‍රතිබිම්භය තනි කණ්ණාඩියක් සාදන එකට ප්‍රතිලෝමව සාදයි.

මුහුණතක් මදක් ප්‍රතිගාමක පරාවර්ථිත ලෙස නිමැවීමට සියුම් වර්තන ගෝලයක් ඒ මත තැන්පත් කිරීමෙන් හෝ කුඩා පිරමීඩ වැනි ආකෘති නිර්මාණයෙන් කළ හැක. අවස්ථා දෙකෙහිම , ආලෝකයට එය උපද වූ ස්ථානයට නැවත පරාවර්තනය වීමට අභ්‍යන්තර පරාවර්තනය සලස්වයි. මෙය මොටර්රථ බලපත් තහඩු ආලෝකය එය පැමිණි දිශාවටම බොහෝ විට පරිවර්තනය කිරීමට හා රථවාහන සංඥා සදහා භාවිතා වේ. මෙම යෙදීමේදී ආලෝකය පසුව ඉදිරියෙන් එන කාරයක ඉදිරිපස ප්‍රධාන පහන් වෙත රියැදුරුගේ ඇස් වෙතට එල්ල වන නිසා පරිපූර්ණ ප්‍රතිගාමක පරාවර්තනයක් අපේක්ෂා නොකෙරේ.

[සංස්කරණය] සංකීර්ණ සංයුග්ම පරාවර්තනය

ආලෝකය රේඛීය නොවන ප්‍රකාශ ක්‍රියාවලියකදී එය පැමිණි දිශාවටම නැවත නිවැරදිව පැමිණේ. මෙවැනි වර්ගයේ පර‍ාවර්තන‍යක දී ආලෝකයේ දිශාව පමණක් නොව සැබෑ තරංග පෙරමු‍ණද ප්‍රතිවර්තනය වේ. සංයුග්ම පරාවර්තනයකින් කදම්භයක් පරාවර්තනය කර පිළිබිඹුව දෙවනුව අප්‍රේරණ දෘෂ්ටියක් තුළින් යැවීමෙන් කදම්භයේ අප්‍රේරණයන් ඉවත් කළ හැක.

[සංස්කරණය] නියුට්‍රෝන පරාවර්තනය

බෙරලියම් වැනි නියුට්‍රෝන පරාවර්තනය කරන ද්‍රව්‍ය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල හා න්‍යෂ්ටික ආයුධවල භාවිතා වේ. භෞතික හා ජෛව විද්‍යාවල , ද්‍රව්‍යයක් තුළ පරමාණුවකින් නියුට්‍රෝන පරාවර්තනය කිරීම එහි අභ්‍යන්තර ව්‍යුහය අනුමාන කිරීමට භාවිතා කරයි.

[සංස්කරණය] ශබ්ද පරාවර්තනය

පැතලි මුහුණතක් මත අන්වායාම ශබ්ද තරංගයක් ගැටුණු විට , ශබ්දය තරංග ආයාමය හා සසඳද්දී පරාවර්තක මුහුණතේ විශාලත්වය විශාල බව සපයමින් පහැදිලි ආකාරයකින් පරාවර්තනය වේ. ශ්‍රව්‍ය ශබ්දයට විශාල පුළුල් සංඛ්‍යාත පරාසයක් (20 සිට 17000 Hz පමණ තෙක්) පවතින බව සලකන්න. ප්‍රතිඵලයක් ලෙස මුහුණතේ ව්‍යුහය හා ස්වභාවය අනුව, පරාවර්තනයේ සමස්ත ස්වභාවය වෙනස් වේ. උදාහරණයක් ලෙස , සවිවර ද්‍රව්‍යය යම් ශක්ති ප්‍රමාණයක් උරා ගනී , දැඩි ද්‍රව්‍ය (දැඩි බව තරංග ආයාමයට සාපේක්ෂය) මගින් සිදු කරනුයේ සමාචාරී ලෙස කිරණ පරාවර්තනයට වඩා ශක්තිය ප්‍රකිරණය කිරීමයි. මෙය ගෘහ නිර්මාණ ධ්වනි විද්‍යාවේ පෙරමු‍ණ ගනී.

බාහිර ශබ්ද ලිහිල් කිරීමේ සිද්ධාන්තයේ සියුම් ශබ්ද ප්‍රමාණයක් විරුද්ධ දිශාවට පරාවර්තනය නිසා පරාවර්තන මුහුණතේ ප්‍රමාණය ශබ්ද බාධක සංකල්පයෙන් මදක් ඉවත් වේ. .

[සංස්කරණය] භූ කම්පන පිළිබඳ වූ පරාවර්තනය

භූ කම්පන තරංග භූකම්පා හෝ වෙනත් ප්‍රභව (පිපිරීමක් වැනි) මගින් ඇති කරන අතර පෘථිවි ස්ථර තුළ පරාවර්තනය විය හැක. භූමි කම්පා මගින් නිපදවන තරංගවල ගැඹුරු පරාවර්තන අධ්‍යයනයෙන් භූ කම්පන විද්‍යාඥයින්ට පෘථිවියේ ස්ථරීය ව්‍යුහය නිර්ණය කිරීමට ඉඩ සලසා ඇත. නොගැඹුරු පරාවර්තනයන් පරාවර්තන භූ කම්පන විද්‍යාවේ භාවිතාවන අතර එහි සාමාන්‍යයෙන් පෘථිවි පෘෂ්ඨය අධ්‍යයනයට සහ ඛනිජ තෙල් සහ පාෂාණ වායු තැන්පතු පිරික්සීමට සුවිශේෂය.


[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/Reflection_%28physics%29#Other_types_of_reflection

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න