පරපෝෂිත විද්‍යාව
පරපෝෂිත විද්‍යාව පරපෝෂිතයන්, ඔවුන්ගේ ධාරකයන් හා අන්තර් සම්බන්ධතා අධ්‍යයනය කරයි. ජෛව විද්‍යාවේ නීතියක් ලෙසට පරපෝෂිත විද්‍යාවේ අභිප්‍රාය ජීවියා හෝ පරිසරය මත නොව ඔවුන්ගේ ජීවිතයේ ආකාරය මත තීරණය වේ. මෙහි තේරුම එය අනෙක් ආකාරවල නීති සාදන බවත් සෛල විද්‍යාව, ජීව දත්තකරණය, ජීව රසායනය, අණු ජීව විද්‍යාව, ප්‍රතිශක්තිකරණ විද්‍යාව, ජාන විද්‍යාව, පරිණාමය, පරිසර විද්‍යාව යන ක්ෂේත්‍රවල තාක්ෂණය ද යොදා ගනී. පරපෝෂී ජීව ආකාර පෘථිවිය තුළ ඉතා බහුල අතර සෑම වර්ගීකරණ කාණ්ඩය සරල ඒක සෛලිකයන්ගේ සිට සංකීර්ණ පෘෂ්ට වංශින් දක්වා නියෝජනය කරයි. සෑම නිදහස් විශේෂයක්ම ඔවුන්ට විශේෂිත පරපෝෂිත විශේෂයන් සිටින අතර පරපෝෂී විශේෂ වැඩි සංඛ්‍යාව මුළු නිදහස විශේෂවල සංඛ්‍යාවට වඩා බොහෝ විශාලය.
පටුන |
[සංස්කරණය] හැඳින්විම
විවිධ ජීවින් පිලිබදව අධ්‍යනය කිරිමේදි එම විෂය ඉතා විශාල පරාසයක් පුරා පවිසිරි ඇති බැවින් කොටස් වලට බෙදා සරළ කොට එම සරළ ඒක කෙන්ද්‍රිය ඒකකයන් පිළිබද අධ්‍යනය කරනු ලබයි. මෙහිදි විවිධ වු රෝගකාරක සහ විවිධ වු සත්ත්ව විශේෂයන් පිළිබද අධ්‍යනය කළ ද එකම ශිල්පිය ක්‍රමයක් භවිතා කරයි. පරපෝෂිත විද්‍යාව පිළිබදව පර්යේෂණ සිදු කිරිමද මේ ආකාරයෙන් අර්ථ දැක්විය හැකිය.
[සංස්කරණය] වෛද්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ පරපෝෂිත විද්‍යාව
වෛද්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ පරපෝශිත විද්‍යාවෙහි දී මනුෂ්‍ය රෝග බීජ පතුරැවන පරපෝෂිතයින් පිලිබදව අධ්‍යනය කෙරේ. උදාහරණ වශයෙන් ප්ලාස්මෝඩියම් බහු පරපෝෂිතයා මැලේරියා රෝගය පතුරවන පරපෝෂිතයාය.
[සංස්කරණය] පශු වෛද්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ පරපෝෂිත විද්‍යාව
කෘෂි කර්මාන්තයට හා ගොවි සත්වයන්ට රෝග බීජ පතුරැවන පරපෝශිතයන් පිළිබදව පශු වෛද්‍ය ක්ෂේත්‍රයට හා සම්බන්ධ පරපෝශිත විද්‍යාව කුළින් සිදු කරනු ලබයි. තවද ගෘහ ආශ්‍රිත සත්ත්වයන්ට රෝග බීජ පතුරැවන රෝග බිජ පරපෝෂිතයන් පිලිබදව ද මෙහිදී අධ්‍යනකය කරනු ලබයි. උදාහරණයක් වශයෙන් සත්ත්වයන්ගේ හමේ බිත්තර දමන Lacilia Sericata නම් ඉහළ පණුවා පරපෝශිතයෙකි.
[සංස්කරණය] ප්‍රමාණාත්මක පරපෝෂිත විද්‍යාව
පරපෝෂිතයන් ඉතා සීග්‍ර වශයන් පැතරුණද පරපෝෂිතයන් පැතිරෙන්නේ අවම ධාරකයන් තුළය. මේ සදහා පරපෝෂිතයන් ජීවසංඛ්‍යාත්මක ක්‍රමවේදය උපයෝගි කර ගනී.
[සංස්කරණය] ව්‍යුහාත්ක පරපෝෂිත විද්‍යාව
ප්‍රෝටින් වල සිට පරපෝෂිතයන් දක්වා ඇති පරපෝෂිතයන්ගේ ව්‍යුහය පිළිබදව හැදැරීම සිදු කරයි. මෙම විෂයේදි සිදුකරණ පරපෝෂිත ප්‍රෝටින ව්‍යුහයන් පිළිබද අධ්‍යනය තුළින් එම ප්‍රෝටින් මනුෂ්‍යාගේ සමජාත ප්‍රෝටිනයන්ට වඩා වෙනස් වන ආකරය දැනගත හැකිය
[සංස්කරණය] පරපෝෂිතයා සහ පරිසර විද්‍යාව
පරපෝෂිතයා අධ්‍යනය කිරිම තුලින් ධාරකයා ජිවත් වන පරිසරය පිළිබදව දැනගත හැකිය. උදාහරණයක් වශයෙක් මත්ස්‍යයන් තුළ ඇති පරපෝෂිතයන් අධ්‍යනය කිරිමේදි එකම වර්ගයේ මත්සයින් ජිවිත වන ප්‍රදේශ පිළිබදව දැන ගත හැකි වේ.