නෙරපීමෙහි රාජාඥාව

විකිපීඩියා වෙතින්

නෙරපීමෙහි රාජාඥාව යනු, එංගලන්ත රාජධානිය වෙතින් සියළු යුදෙව්වන් නෙරපාහරිමින් පළමුවන එඩ්වඩ් රජ විසින් 1290 ජූලි 18 දිනදී නිකුත් කෙරුණු රාජකීය නියෝගයකි. මධ්‍යතන යුගයෙහි ඉතිරි කාල සීමාව තුලදී මෙම රාජාඥාව බලාත්මකව පැවතිණි. මෙම රාජාඥාව හුදෙකලා සිදුවීමක් නොවන අතර, වසර 200 මුළුල්ලේ ඉහළ යමින් පැවැති හිංසාකිරීම් වල මස්තකප්‍රාප්තිය විය. මෙයට සියවස් තුනකට පසුව, ආරක්ෂිත රාජ්‍යය පැවැති සමය තුලදී, 1657 වසරෙහිදී, ඔලිවර් ක්‍රොම්වෙල් විසින් එංගලන්තය වෙත යුදෙව්වන්ට යළි පැමිණීමට අවසර දුන් විට, මෙම රාජාඥාව පසුපෙරළන ලදි.

"https://si.wikipedia.org/w/index.php?title=නෙරපීමෙහි_රාජාඥාව&oldid=425001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි