නුතන සිංහල අක්‍ෂර මාලාව

විකිපීඩියා වෙතින්

ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989දී සම්මත කළ හෝඩියයි. පෙර හෝඩි වලට සාපේක්‍ෂව මෙහි ප්‍රධාන වෙනස්කම් 3කි.

ෆ අකුර ඇතුළත්‍වීම. සඤ්ඤක අකුරු 5 ඇතුළත්‍වීම. අං සහ අඃ වෙනත් ස්ථානයක (පණකුරු යටතේ) තැබීම. මෙය හෝඩියකට වඩා වර්ණ මාලාවක් ලෙස වටහාගැනීම යෝග්‍ය වේ. නුමුසු අකුරු සමග "අං" ශබ්දය බැඳීමෙන් සඤ්ඤක අකුරු සදාගැනෙන නිසා මේවා හෝඩියක ඇති මුලික අකුරු ලෙස සමහරෙක් පිළිනොගනී. නමුත් භාවිතය සඳහා යොදාගැනෙන සියලු අකුරු වල සංක්‍ෂිප්ත වගුවක් ලෙස මෙය ඉතා ප්‍රයෝජනවත් වේ

ස්වර (18) අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ ඏ ඐ එ ඒ ඓ ඔ ඕ ඖ අං අඃ ව්‍යංජන (40) ක ඛ ග ඝ ඞ ඟ ච ඡ ජ ඣ ඤ ඦ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ ද ධ න ඳ ප ඵ බ භ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ