නුතන ඉතිහාසය

විකිපීඩියා වෙතින්

Recent History නුතන ඉතිහාසය

70 දශකයේ මුල්භාගයේදී අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍ය කෘතින් සදහා විශාල වශයෙන් ත්‍යාග හා සම්මාන පිරිනැමීමත් සමග ඇමරිකානු විද්වත් සමාජය විසින් අප්‍රිකානු-ඇමරිකානු සාහිත්‍ය නීත්‍යානුකුල සාහිත්‍ය ප්‍රභේදයක් ලෙස පිළිගැණුනි.

සිවිල් අයිතිවාසිකම් හා වෙනත් කළු ජාතික සංවිධානයන් ආශ්‍රයෙන් බිහිවුණු කළු ජාතික කලා සංගමය (Black Arts Movement) මගින් මෙම අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍ය ප්‍රභේදය අර්ථ දක්වා විග්‍රහ කරන්නට විය. එසේ කළ කතුවරැන්ට අතර ප්‍රබන්ධ රචකයන් වු ටොන් ටොරිසන් සහ ඇලිස් වෝකර් මෙන්ම ‍කාව්‍ය රචක ජේම්ස් එමානුවෙල් මුලික තැනක් ගනියි. එරට උසස් තත්වයේ ප්‍රකාශකයෙකු විසින් මුද්‍රිත ප්‍රථම කළු ජාතික ග්‍රන්ථ මාලාව වු "Dark Symphony: Negro Literature in America" (ඇමරිකාවේ නිග්‍රෝ සාහත්‍යය) ඛෘතින් සැකසීමත් සමග ජේම්ස් එමානුවෙල් ආප්‍රිකානු-ඇමරිකානු සාහිත්‍ය අර්ථ කථනයේ ප්‍රධාන පියවරක් තැබුවේය. එලෙස ඇරඹි සාහිත්‍ය ප්‍රබේධයේ වු තවත් ජනප්‍රිය ගද්‍ය මාලාව ලෙස, ල රෝයි ජේම්ස් සහ ලැරිනිල් සැකසු Black fire; An anthology of Afro- American writing සහ ස්ටර්ලින් බ්‍රවුන්, ආතර් ඩයස් සහ යුලිසිස් ලී සැකසු The Negro caravan හැදින්විය හැක.

මේ අතරතුර ටෝනි මොරිසන් ද කළු ජාතික සාහිත්‍ය කලාවේ සහ කළු ජාතික කතුවරැන්ගේ දියුණුව උදෙසා කටයුතු කලාය. 1960 සිට 1970 දශකය තෙක් ඇය Random House ප්‍රකාශනයන්හි සංස්කාරක ලෙස ටෝනි කාඩ් බාම්බරා හා ගුරිලි ජෝන්ස් වැනි කළු ජාතික කතුවරැන්ගේ කෘති සැකසුවාය. පසු කලෙක ඇය 20 වැනි සියවසේ සිට ප්‍රධානතම කලු ජාතික කතුවරැන්ගේ කෘති සැකසුවාය. පසු කලෙක ඇය 20 වැනි සියවසේ සිටි ප්‍රධානතම කලු ජාතික කතුවර‍යකු ලෙස ප්‍රචලිත වුවාය. 1970 දී මුද්‍රිත The Bluest Eye ඇගේ ප්‍රථම කෘතිය වින අතර ඇය විසින් රචිත සම්මාන ලාභි කෘතින් ලෙස Beloved සහ The song of solomon හැදින්විය හැක. ටෝනි මොරිසන්, සාහිත්‍ය සදහා වු නොබල් ත්‍යාගය දිනු ප්‍රථම අප්‍රිකානු ඇමරිකානු කා‍න්තාවයි.

1970 දී කවියකු හා නවකතා රචකයෙකු වු ඇලිස් වෝකර් ලියු ගද්‍ය මාලාවකින් සෝරා නිලි හුස්ටන් සහ ඇගේ නවකතාවක් වු Their Eyes were watching God ග්‍රන්ථය නැවතත් ඇගයීමට ලක්වන්නට විය. එසේම 1982 දී ඇය විසින් රචිත පුලිට්සර සම්මානලාභි The colour purple නවකතාව පසුකලෙක ස්ටිවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂිත චිත්‍රපටයක් ලෙස ජනප්‍රිය වුණි. 70 දශකයේදි අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍ය කෘතින් එරට වැඩි අලෙවි පොත් ලැයිස්තවට ද එක් විය. එසේ වු පළමු කෘතියක් ලෙස ඇලෙක්ස් පෝලි රචනා කළ Roots The saga of an American Family හැදින්විය හැක. එම කෘතිය සදහා පුලිට්සර් සම්මානය පිරිනැමුණු අතර පසු කලෙක රෑපවාහිනි ටෙලි නාට්‍යයක් ලෙස ද ජනප්‍රිය වුණි. හේලි විසින් රචිත තවත් කෘතියක් ලෙස The Autoviography of Malcolm X" හැදින්විය හැක.

නුතන ඉතිහාසයේ සිටි තවත් වැදගත් කළු ජාතික කතුවරැන් ලෙස ගේල් පෝන්ස්. රෂ්ඩ ් ක්ලාක්, ඉෂ්මයෙල් රිඩ්, ජමැයිකා කින්කේඩ්, රැන්ඩාල් කේතන් සහ ජෝන් රඩ්ගාර් වයිස්මන් නම් කළ හැක.

එලෙසම ජනාදරයට පත් කළු ජාතික කවි රචකයෙන් ලෙස මායා ඇන්ජලෝ, රීටා ඩව්. සයිරස් කැසල්ස්, තිලියාස් මෝස් සහ නටාෂා‍ ටේ‍රත්වේ හැදින්විය හැක. එසේ‍ම න්ටොස‍ාකේ ෂේන්ජ්, එඩ් බුලින්ස්, සුසැන් ලොරි පාක්ස්, එඩ්වර්ඩ් ජෝන්ස් හා ඕගස්ට් විල්සන් නුතන ඉතිහාසයේ ප්‍රධාන කළු ජාතික නාට්‍ය රචකයන් වේ.

නුතන යුගයේ තරැණ අප්‍රිකානු ඇහරිකානු ගත් කතුවරැන් ලෙස එඩ්වජ් ඩන්ට්කට්, ඩේවිඩ් ඇන්තනි ඩර්හැම්, ටයරි ජෝන්ස්, මැන් ජොන්සන්, සිසි පාකර් හා කොල්සන් වය්ටේ හෙඩ් හැදින්විය හැක. වර්තමානයේ පවතින ලෙස අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍ය ප්‍රබන්ධ විශේෂයක් කිරිමෙහ් ලා කටයුතු කළ පුරෝගාමියා ලෙස 1950 හා 1960 දශකයනක්හි රහස් පරික්ෂක කතාමාලාවක් ලියු චෙස්ටර් හයිම්ස් හැදින්වේ. ඔහුපසු කලෙක ජනප්‍රිය අරාධ පරික්ෂණ නවකාවත්න් ලියු වෝල්සටර් මො‍ස්ලි හා හියු හොල්ටන් වැනි කතුවරැන් සදහා මග පාදා දුනි.

විද්‍යා ප්‍රබන්ධ කල්පිතමය මෙන් ත්‍රාසජනක සාහිත්‍ය ප්‍රභේදයන් උදෙසා ද කලු ජාතික කතුවරැන් දායක වි ඇත. සැමුවෙල් ආර්. ඩෙලනි, ඔක්ටේවියා ඊ. බට්ලර්, ස්ටිව් බාන්ස්, ටනනාර්ව් ඩියු රොබට් ෆ්ලෙමින්, බ්‍රැන්ඩන් මාසි, චාර්ල්ස් ආර්. සෝන්ඩර්ස්, ජෝන් රිඩ්ලි, ඩෝන් එම්, ෆෝසෙ‍් ෂේර් තෝමස් හා නොලෝ හොප්කින්සන් එැනි කතුවරැන් කිහිප දෙනෙකි.

අවසන් වශයෙන් ගත් කල අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍ය එක්තරා රෑපවාහිනි ැඩසටඑහනකින් ද වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ඇත. එනම් ඔප්ර් වින්ෆ්‍රි (Operh winfreey) වැඩසටහනේ "Oprah's Book club විශේෂාංගය හේතුවෙනි. අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍ය කෘතින් විශාල ගණනකට ඉහල ජනප්‍රියතාවයක් ලබා දීමට ඇය දායක වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=නුතන_ඉතිහාසය&oldid=471619" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි