නීතිය--ද්වි පාර්ශ්වික හා ඒක පාර්ශ්වික ගිවිසුම්

විකිපීඩියා වෙතින්


ගිවිසුමක් ද්විපාර්ශ්වික හෝ ඒකපාර්ශ්වික වියහැක. මේ අතුරින් වඩාත් සුලභ ගිවිසුම් වර්ගය වන ද්විපාර්ශ්වික ගිවිසුමකදී ගිවිසුමේ එක් එක් පාර්ශ්වය අනෙක් පාර්ශ්වය වෙත පොරොන්දුවක් ලබාදිම සිදුකෙරේ. උදාහරණයක් ලෙස නිවසක් විකිණීමේ ගිවිසුමකදී ගැණුම්කරු විකිණුම්කරුට ඩොලර් 200 000 ක මුදලක් විකිණුම්කරු විසින් ගැණුම්කරු වෙත නිවසේ අයිතිය පවරාදීම වෙනුවෙන් ගෙවිමට පෙරොන්දු වෙයි.

ඒකපාර්ශ්වික ගිවිසුමකදී පොරොන්දුව බැඳෙන්නේ ගිවිසුමේ එක් පාර්ශ්වයක් පමණකි. යම් කි‍්‍රයාවක ප‍්‍රතිඵලයක් වෙනුවෙන් ත්‍යාගයක් පිරිනැමීමට එකඟවන ගිවිසුම් මෙයට උදාහරණයකි. A ගේ සුනඛයා B විසින් සොයාදෙනු ලැබුවහොත් B වෙත ත්‍යාගයක් පිරිනැමීමට A පොරොන්දු වෙයි. මෙම උදාහරණයේදී A ගේ මුදල් ගෙවීමේ පොරොන්දුවට පූර්වගාමී කොන්දේසියක් ලෙස සුනඛයා සොයාදීම පවතී. ඒකපාර්ශ්වික ගිවිසුමක අර්පණය බොහෝවිට පොදුවේ මහජනතාව වෙත දැන්වීමක ආකාරයෙන් ඉදිරිපත් කරනු ලබයි. එහිදී ප‍්‍රතිග‍්‍රහණය සිදුවන්නේ එහි කොන්දේසිය ඉෂ්ඨ කළ විටය.

ඒකපාර්ශ්වික ගිවිසුම්වලදී ප‍්‍රතිග‍්‍රහණය අර්පණය කරන්නාට දැනුම්දීමේ අවශ්‍යතාවයක් නොමැත. අදාල කි‍්‍රයාව සිදුකරන්නා එය ඉටුකිරීම මඟින් ප‍්‍රතිග‍්‍රහණය සම්පූර්ණ කරයි. ඒ අනුව ප‍්‍රතිග‍්‍රාහකයා වෙත ප‍්‍රතිෂ්ඨාව ගෙවීමට අර්පණකරු බැඳී සිටියි. ඒකපාර්ශ්වික ගිවිසුම් අතරින් වඩාත්ම සුලභ ආකාරය වන්නේ රක්‍ෂණ ගිවිසුම්ය. රක්‍ෂණය ලබාගන්නා තැනැත්තා සිය වාරිකයන් ගෙවනතාක් ඔහුට රක්‍ෂණ ගිවිසුමෙන් ආවරණය වන අනතුරක් සිදුවුවහොත් අදාල මුදල ගෙවිමට රක්‍ෂණ සමාගම බැඳී සිටියි. නමුත් මෙහිදී රක්‍ෂණය ලබාගන්නා තැනැත්තා වාරික ගෙවීමට පෙරොන්දුව නොබැඳෙයි.

සාමාන්‍යයෙන් අධිකරණයන් ද්විපාර්ශ්වික ගිවිසුම්වලට වැඩි කැමැත්තක් දක්වයි. එක්සත් ජනපදයේ සාමාන්‍ය රීතිය වන්නේ සැකයක් පවතින අවස්ථාවන්හිදී අදාල කි‍්‍රයාව සිදුකිරීමට එකඟවීම හෝ අදාලකි‍්‍රයාව සිදුකිරීම මගින් ප‍්‍රතිග‍්‍රහනය කරන ලෙසට අදාල තැනැත්තා වෙත ආරාධනා කිරීමක්’ ලෙසින් අර්පණය අර්ථනිරූපනය කෙරේ. මෙහිදී ඒකපාර්ශ්වික ගිවිසුමකදී අර්පණය අවලංගු කිරීමෙන් ඇතිවිය හැකි අවාසිදායක තත්වය මඟහැරවීමට නීතිය උත්සාහ දරා ඇති බවක් පෙනී යයි. මෙහිදී පොරොන්දුවකට වඩා කිසියම් කි‍්‍රයාවක් කිරීම අවශ්‍ය වන්නේ නම් එහි ඒකපාර්ශ්වික ගිවිසුමක් පවතී.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Contract#Bilateral_v._unilateral_contracts