නියුමෝනියාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Streptococcus pneumoniae.jpg

මෙම ලිපියෙහි සදහන් වන්නේ මිනිසුනට වැළදෙන නියුමෝනියාව පිළිබදවයි. සතුන්ට ඇතිවන නියුමෝනියාව පිළිබදව දැනගැනීම සදහා මානව නොවන නියුමෝනියාව පරීශීලනය කරන්න.

වර්ගීකරණය හා බාහිර ප්‍රභවයන්[සංස්කරණය]

  • චුෂණ නියුමෝනියාව (As piration pneumonia)
  • ලිපිඩ නියුමෝනියාව
  • ඉයසිනොෆිලික නියුමෝනියාව
  • බ්‍රොන්කියොලයිටිස් ඔබ්ලිටරාන්ස් නියුමෝනියාව

බෝ‍නොවන නියුමෝනියාව

  • රසායනික නියුමෝනියාව
  • සෞඛ්‍ය සේවය ආශ්‍රිත නියුමෝනියාව
  • රෝහල් මගින් බෝවන නියුමෝනියාව
  • ශ්වසන ආධාරක උපකරණ මගින් බෝවන නියුමෝනියාව
  • දරුණු ශ්වසන රෝග සින්ඩ්‍රෝමය

බෝවන හා බෝ නොවන කාරක මගින් ඇතිවන නියුමෝනියාව. නියුමෝනියා යනු පෙනහළුවල ඇතිවන ආසාදන ප්‍රතික්‍රියාවකි. බොහෝ අවස්තාවල දී මෙය විග්‍රහ කරනුයේ පෙනහළු පටකවල ගර්තවල ආසාදනයක් සහ අසාමාන්‍ය ලෙසට ඒවා තරලවලින් පිරීමක් ලෙසටය. (ගර්ත යනු අන්වීක්ෂීය වාතය පිරුණු මලු වැනි ව්‍යුහ වන අතර ඒවා බාහිර වායුගෝලයෙන් ඔක්සිජන් අවශෝෂණය කිරීමට උපකාරීවේ.) විවිධාකාර හේතු නිසා නියුමෝනියාව ඇතිවේ. ඒවානම් බැක්ටීරියා වෛරස , දිලීර , පරපෝෂීන් මගින් වන ආසාදන , රසායනික ද්‍රව්‍ය හෝ පෙනහළු වලට වන අනතුරක් විය හැකිය. නියුමෝනියාව ඇතිවීම සදහා වූ සියළුම හේතු බැහැර කළ විට එම නියුමෝනියාව අහේතුකව ඇතිවන්නක් නම්වේ.

නියුමෝනියාවේ රෝග ලක්ෂණය වන්නේ කැස්ස, පපුවේ වේදනාව , උණ සහ හුස්ම ගැනීමේ අපහසුතාවයි. රෝග විනිශ්චය සදහා x කිරණ පරීක්ෂණ සහ සෙම පටල පරීක්ෂාව උපකාරී වේ. රෝග සදහා ප්‍රතිකාර කිරීම රෝගයට මුල් වූ හේතු කාරකය අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙසට බැක්ටීරියාවන් මගින් ඇතිවන නියුමෝනියාවට ප්‍රතිකාර කරනු ලබන්නේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය මගිනි.

නියුමෝනියාව යනු සියළුම වයස් කාණ්ඩ වලට පොදුවේ දක්නට ලැබෙන රෝගයකි. තවද, එය වයස්ගත හා ‍‍බොහෝ රෝගී පුද්ගලයින්ට මරණය අත් කර දෙන ප්‍රධානතම හේතුවකි. විවිධ වර්ගයේ නියුමෝනියාවන් වළක්වා ගැනීම සදහා එන්නත් වර්ග නිපදවා ඇත. රෝගයේ තත්වය තීරණය වනුයේ නියුමෝනියාවේ වර්ගය , ප්‍රතිකාර ක්‍රම , සංකූලතා හා පුද්ගලයාගේ රෝගී වන විට ඇති සෞඛ්‍ය තත්වය අනුවයි.

"http://si.wikipedia.org/w/index.php?title=නියුමෝනියාව&oldid=261238" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි