නයිට්‍රික් අම්ලය
- IUPAC නම Nitric acid
- අනෙකුත් නම් නයිට්‍රික් ස්ප්‍රිතුව , සැල්පිටිරි අම්ලය
පටුන |
[සංස්කරණය] හදුනාගැනීම්
- CAS අංකය [7697-37-2]
- RTECS අංකය Qu5775000
- SMILES O[N+](=O)[O-]
[සංස්කරණය] ගුණ
- අණුක සූත්‍රය HNO3
- මෞලීය ස්කන්ධය 63.012 g/mol
- සාමාන්‍ය පැවැත්ම පැහැදිලි , අවර්ණ , ද්‍රාවණයක්
- ඝණත්වය 1.51 g /cm3 අවර්ණ ද්‍රාවණ
- ද්‍රවාංකය -420C, 231K , -440F
- තාපාංකය 830C , 356K , 1810F
(සංශුද්ධ අම්ල 68% ද්‍රාවණයක් තාපාංකය 120.50C ෙව්) ජලයේ ද්‍රව්‍යතාව ද්‍රාව්‍යයි
- ද්වීධ්‍රැව ඝූර්ණය 2.17 + 0.02 D
[සංස්කරණය] අන්තරායකභාව
- EU වර්ගීකරණය ඔක්සිකරණ (O)
- විඛාදනය (C)
- R ප්‍රකාශනය R8, R35
- S ප්‍රකාශනය (S ½ , S 23 , S 26 , S 36 , S 45
- ජ්වලන අංකය අදාල නොවේ
- අදාළ සංයෝග නයිට්‍රස් අම්ලය, ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ්
[සංස්කරණය] අදාළ සංයෝග
- නයිට්‍රස් අම්ලය
- ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ්
විශේෂයෙන් සදහන් කර නොමැති නම් මුලාශ්‍රවල ද්‍රව්‍ය පිළිබද තොරතුරු සපයන්නේ සම්මත තත්ව වලිනි. (250C හා 100 kPa)
නයිට්‍රික් අම්ලය,(Aqua fortis) හා නයිට්‍රික් ස්ප්‍රිතුව ලෙසද හඳුන්වන අතර එය අධිකවම විඛාදනශීලී හා පිළිස්සුම ඇති කිරිමට ද සමත් අන්තරායක ප්‍රභල අම්ලයකි. නයිට්‍රික් පිළිබඳ වූ මුල්ම සංස්ලේෂණය සඳහන් කරන ලද්දේ ක්‍රි. ව. 800 දී මුස්ලිම් ජාතික ආදි රසායන විද්‍යාඥ ජාබීර් ඉබන් හයියන් විසිනි.
සංශුද්ධ පිරිසිදු අවස්ථාවේ අවර්ණවන අතර කල් යත්ම නයිට්‍රජන්හි ඔක්සයිඩය නිසා කහ පැහැයකට හැරේ. ද්‍රාවණයේ නයිට්‍රික් අම්ලය 86%ට වැඩි නම් එය සධුම නයිට්‍රික් අම්ලය ලෙස හැඳන්වේ. තවද එහි අඩංගු නයිට්‍රජන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අනුව සධූම නයිට්‍රික් අම්ලය රතු සධූම නයිට්‍රික් අම්ලය සහ සුදු සධූම නයිට්‍රික් අම්ලය ලෙස නැවත වර්ග කෙරේ
[සංස්කරණය] භාවිත
IWFNA ද්‍රව ඉන්ධන රොකට්ටු තුළ ඔක්සිකාරක් ලෙස ක්‍රියා කරයි. BOMARC මිසයිලය තුළ ඇති ද්‍රව ඉන්ධන සංයෝග තුනෙන් එකක් ලෙස IRFNA හැදින්විය හැක. නයිට්‍රික් අම්ලය හා ඇල්කොහොල ද්‍රාවණයක් වන , නයිටල් , ලෝහ වල ක්ෂුද්‍ර ව්‍යුහයක් නිරීක්ෂණය සඳහා භාවිතා කරයි. වාණිජමය වශයෙන් පවතින නයිට්‍රික් අම්ලය 5-30% අතර ප්‍රමාණයක් ද පොස්පරික් අම්ලය 15 – 40% පමණ ප්‍රමාණයක් ද අඩංගු ජලීය මිශ්‍රණයක ආහාර පිරිසිදු කිරීම සඳහා සහ කිරි කර්මාන්තයේ දී භාවිතා වන උපකරණවල අවක්ෂේපිත කැල්සියම් හා මැග්නීසියම් ඉවත් කිරීමට යොදා ගනී. ( ජලය ගලා බැසීම හා නිෂ්පාදනය හා පිරිසිදු කිරීම් ක්‍රියාවලියේදී කඨින ජලය භාවිතය නිසා මෙය සිදු වේ.)
[සංස්කරණය] නයිට්‍රෝකරණය
නයිට්‍රෝ ග්ලිසරින් ට්‍රයිනයිට්‍රෝටොලුවීන් (TNT) හා සයික්ලොට්‍රයිමෙතිලීන් ට්‍රයි නයිට්‍ර ඇමීන් (RDX) වැනි නයිට්‍රජන් අඩංගු පුපුරණ ද්‍රව්‍ය සෑදීමේදී හා ඇමෝනියම් නයිට්‍රේට් වැනි පොහොර සෑදිමේදී නියට්‍රික් අම්ලය භාවිත කෙරේ.
[සංස්කරණය] ජීර්ණය
ICP –MS හා ICP – AES වැනි මූලද්‍රව්‍ය වර්ගීකරණ ක්‍රම වලදී ,තනුක නයිට්‍රික් අම්ලය මේපල් හා වයින් ද්‍රව කෘතිමව නිර්මාණය කිරීමට යොදාගනී. මෙවැන්නක් සිදු කිරීම සඳහා අති පිරිසිදු අම්ලය අවශ්‍ය වේ.මෙසේ වන්නේ විශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා ඉතා කුඩා ප්‍රමාණයක ලෝහ අයන ප්‍රමාණයක් බලපාන බැවිනි.
[සංස්කරණය] දැව කර්මාන්තය
අඩු සාන්ද්‍රණය සහිත (සාමාන්‍යයෙන් 10% ක් පමණ) නයිට්‍රික් අම්ලය මේපල් සහ පයින් දැව කෘතීමව නිර්මාණය කිරීමට යොදා ගනී. සාදන වර්ණය අළු - රත්‍රන් පැහැති පරණ ඉටි හා තෙල් නිමි දැව ආකාරයේ වේ.
[සංස්කරණය] අනෙකුත් භාවිතයන්
තනිවම නයිට්‍රික් අම්ලය බොහෝ ලෝහ සමග ප්‍රතික්‍රියා කරන නිසා ලෝහ කර්මාන්තයේදී ශුද්ධ කිර්ම්වල දී හා කාබනික සංස්ලේෂණයේදී යොදා ගැනේ. හයිඩ්‍රො ක්ලෝරික් අම්ලය හා මිශ්‍රව රත්‍රන් හා ප්ලැටිනම් දිය කරන එක් ප්‍රතිකාරකයක් වන රාජ අම්ලය සාදයි.