දෙමුහුම් වාහන බලසම්ප්‍රේෂණ පද්ධති

විකිපීඩියා වෙතින්


දෙමුහුම් වාහන බලසම්ප්‍රේෂණ පද්ධති (Hybrid vehicle drivetrains) විසින් දෙමුහුම් වාහන වල එළැවුම් රෝද වෙත බලය සම්ප්‍රේෂණය

කරනු ලබයි. දෙමුහුම් වාහනයක් සතුව බහුවිධ චාලක බල සැපයුම් පවතී.


දෙමුහුම් වාහන විවිධ වින්‍යාසයන්ගෙන් (configurations) යුක්ත වේ. උදාහරණයක් ලෙස දෙමුහම් වාහනයක් පෙට්‍රෝලියම් දහනයෙන්

ශක්තිය ලබා ගන්නා අතර අභ්‍යන්තර දහන එන්ජිම සහ මෝටරයක් අතර වරින් වර මාරු වෙමින් ක්‍රියාත්මක විය හැක.


විදුලියෙන් ධාවනය වන වාහන සම්බන්දව අභ්‍යන්තර දහනය සමග විද්‍යුත් සම්ප්‍රේෂණය සම්බන්ධ කිරීමේ දිගු ඉතිහාසයක් ඇත. බොහෝවිට

දුම්රිය එන්ජින් සඳහා භාවිත වන්නේ වූවද විද්‍යුත් බල සම්ප්‍රේෂණ පද්ධති ඊට උදාහරණ වේ. එසේ වුවද, ඩීසල් විද්‍යුත් බලසම්ප්‍රේෂණ පද්ධතියක දී

විද්‍යුත් බල සම්ප්‍රේෂණ පද්ධතිය යාන්ත්‍රික බල සම්ප්‍රේෂණ පද්ධතියට අතිරේක චාලක බල සැපයුම් ප්‍රභවයක් සේ ක්‍රියා කරනු වෙනුවට එය විසින්

යාන්ත්‍රික බල සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කෙරෙන බැවින් ඩීසල් විද්‍යුත් බල සම්ප්‍රේෂණ පද්ධතියක් දෙමුහුම් පද්ධතියක්

පිළිබඳ නිර්වචනයට අනුකූල නොවෙයි. 1930 ගණන් වලදී විදුලි රැහැන් වලින් විදුලිය ලබා දිවූ පීලි රහිත ට්‍රොලි බස් රිය ගොඩබිම දිවූ පැරණිම

දෙමුහුම් වාහන ආකාරයන්ගෙන් එකකි. ට්‍රොලි බස් රියට බොහෝ විට අභ්‍යන්තර දහන එන්ජිමක් සවිකර තිබූ අතර එයට සෘජුවම එමගින් බස්

රිය ධාවනය කිරීම හෝ රැහැන් වලින් ස්වායත්තව විදුලිය ජනනය කිරීමට හැකියාව තිබුණි. මේ නිසා බස්රියට මාර්ගයේ බාධාවක් පැවති තැනකදී

හෝ විදුලි රැහැන් බිඳ වැටුණු තැනක දී ද ඉදිරියට ගමන් කිරීමට හැකි විය.


බල සම්ප්‍රේෂණ පද්ධතියකට, ගබඩා වී ඇති විභව ශක්තිය පරිවර්තනය කිරීමට යොදා ගත හැකි අංගෝපාංග සියල්ල ම ඇතුළත් වේ. බල

සම්ප්‍රේෂණ පද්ධතියක් විසින්, රසායනික, සූර්ය, න්‍යෂ්ටික හෝ චාලක යන ශක්තිය වාහනය ඉදිරියට එළැවීමට යොදවා ගත හැකි ය. පැරණම

උදාහරණය නම් රුවල් සහ හබල් යන දෙවර්ගයෙන්ම යුක්ත වූ ගැලි නැව යි. වර්තමානයේ ප්‍රචලිත උදාහරණය විදුලි පාපැදිය යි. දෙමුහුම් වාහන

වලදී බැටරියක් සහ එයට අනුපූරක ලෙස ක්‍රියාකරන සහ බැටරිය ආරෝපණය කරන අභ්‍යන්තර දහන එන්ජිමක් ද එකිනෙකට සම්බන්ධව

ක්‍රියාත්මක වෙයි.