දුරස්ථ ප්‍රතිග්‍රහණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පුළුල්ව විග්‍රහ කළහොත් දුර සංනිවේදනය (remote sensing) යනු භෞතිකව, ස්පර්ශ නොවන හෝ ආසන්නයේ නොපවතින වස්තුවක ‍හෝ සිදුවීමක් වාර්තා කිරීම මඟින් හෝ සංඥා ආසන්නයේ නොපවතිව වස්තුවක හෝ සිදුවීමක් වාර්තාගත කිරීම මඟින් ‍හෝ සංඥා ලබාගත හැකි උපකරණ වලින් කුඩා හෝ විශාල පරිමාණයෙන් තොරතුරු ලබා ගැනීමයි. (අහස්යානා, අභ්‍යවකාශ යානා, චන්ද්‍රිකා, බෝයාවන් හො නැව් මඟින්) සාමාන්‍ය භාවිතයේදි දුර සංනිවේදනය යනු විවිධ ක්‍රම උපායන් යොදාගනිමින් වස්තුවක හෝ යම් ප්‍රදේශයක තොරතුරු එක් රැස් කිරීමයි. ඒ අනුව කාලගුණ චන්ද්‍රිකා මඟින් පෘථිවි නිරීක්ෂණය, කාලගුණික බෝයාවන් භාවිතයෙන් සාගර හා වායුගෝලිය නිරීක්ෂණය, අධි ශබ්ද තරංග මඟින් කලල නිරීක්ෂණය, චුම්භක අනුනාද ප්‍රතිරූප (MRI), පොඨිස්ට්රෝන් පිටකිරීම, ටොමොග්‍රෆි (Tomognpy) සහ අභ්‍යවකාශ යාන යන සියළුම දේ දුර සංනිවේදන සඳහා උදාහරණ වේ.

tiny globe
කෘත්‍රිම විවිර රේඩාර් මඟින් ලබාගත් ඡායාරූපයක් ධ්‍රැවමිනිත අනුව වර්ණ කර ඇත.

වර්තමානයේ දි මෙම වචන සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ගුවන්ගත කළ ගුවන්යානා හා අභයාවකාශ යානාවල භාවිතාකරන උපකරණවල ඡායාරූප සංඥා තාක්ෂණය හැඳින්විමය, මෙය වෛද්‍ය ඡායාරූප වැනි කොටස් වලින් වෙනස් වේ. දුර සංවේදන ආකාර 2 කි. ඉන් එක් ආකාරයක් වන්නේ අක්‍රිය සංවේදකය. එමඟින් වස්තුවකින් හෝ ප්‍රදේශයකින් නිකුත්වන හෝ පරාවර්තනය වන ස්වභාවික ශක්තීන් (විකිරණ ) අනාවරණය කර ගනී. පරාවර්තිත හිරුඑළිය මෙම සංවේදක මඟින් බහුලව හඳුනාගන්නා විකිරණ වර්ගයකි. පටල ඡායාරූපකරණය, අධෝරක්ත කිරණ, CCD (Charged Coupled Device) හා රේඩියෝ මීටර අක්‍රිය සංවේදක සඳහා උදාහරණය වේ. අක්‍රිය සංවේදක වස්තුවකින් නිකුත්වන හෝ පරාවර්තනය වන විකිරණ හඳුනාගෙන එම මිනුම් ලබාගන්නා අතර, ක්‍රියාකාරි සං‍වේදක වස්තුන් හා ප්‍රදේශ නිරීක්ෂණයට හා ස්කෑන් කිරීමට ශක්තීන් නිකුත් කරයි. රේඩාර් යනු ක්‍රියාකාරි දුර සංවේදක සඳහා උදාහරණයකි. එයින් වස්තුවක උස, වේගය, පිහිටීම හා දිශාව මැන ගැනීමට කිරණ නිකුත් කිරීම හා ආපසු පැමිණීම අතර කාලය උපයෝගී කර ගනිමින් නිගමනවලට එළඹිය හැකිය. දුර සංවේදක මඟින් අනතුරුදායක හෝ ළගාවිය නොහැකි ප්‍රදේශ වල දත්ත ලබා ගත හැක. දුර සංවේදක භාවිතයෙන් ඇමෙසන් වනය වැනි ප්‍රදේශ වල වනගහණය අඩුවීම, ආර්ටික් හා ඇන්ටාර්ක්ටික් ප්‍රදේශවල ග්ලැසියර දියවිමෙන් ඇතිවන දේශගුණික විපර්යාස, වෙරළාශ්‍රිත හා සාගරය පතුලේ ඇතිවන වෙනස්වීම නිරීක්ෂණයට උපකාරී වේ. සීතල යුද්ධය (Cold war) සමයේ අනතුරුදායක දේශසීමා ප්‍රදේශවල යුධ කටයුතු සඳහා අවශ්‍ය දත්ත එක්රැස් කෙරුනේ මෙම ක්‍රමයෙනි. වියදම් අධික හා මන්දගාමි දත්ත එක්රුස් කිරීමේ ක්‍රම වෙනුවට වස්තුවට හෝ ප්‍රදේශයට බාධාවක් නොවන අයුරින් දුර සංවේදනය යොදාගත හැක. කක්ෂීය මධ්‍යස්ථාන විද්‍යුත් චුම්භක වර්ණාවලියේ විවිධ කොටස් වලින් දත්ත එක්රැස් කර සන්නිවේදනය කරනු ලබයි. තවද පොළවේ පවතින විශාල ප්‍රමාණයේ ගුවන් විදුලි සංඥා අවශෝෂක මඟින් ලබා ගන්නා දත්ත හා සම්බන්ධ කර විද්‍යාඥයින්ට එල්නිනෝ වැනි දීර්ඝ කාලීන ස්වභාවික සංසිද්ධි වල රටාවන් ගොඩනගා ගැනීමට හැකිවී ඇත. පෘථිවි විද්‍යාවේ ස්වභාවික සම්පත් කළමනාකරණය, කාෂිකර්මයේදි වගාබිම් භාවිතය හා සංරක්ෂණය, ජාතික ආරක්ෂාව සඳහා දේශසීමාවල ගුවනින් හා පොළවේ දත්ත එක්රැස් කිරීම වැනි විවිධ කාර්යයන් සඳහා දුර සංවේදනය භාවිතා වේ.

"http://si.wikipedia.org/w/index.php?title=දුරස්ථ_ප්‍රතිග්‍රහණය&oldid=250171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි