දීර්ඝ බෙදීම

විකිපීඩියා වෙතින්

අංක ගණිතයේදී, දීර්ඝ බෙදීම යනු, සරල හෝ සංකීර්ණ හෝ බහු-සංඛ්‍යාංක සංඛ්‍යාවන් සඳහා වන්නාවූ, අතින් සිදු කිරීමට හැකි තරම් සරල, බෙදීම් සිදුකිරීමට සුදුසු සම්මත බෙදුම් ඇල්ගොරිතමයකි. එය විසින් බෙදීම් ගැටළුවක්, වඩාත් පහසු පියවර මාලාවකට කඩා වෙන් කරයි. සියළු බෙදීම් ගැටළු වලදී මෙන්ම, භාජ්‍යය නමින් හැඳින්වෙන එක් සංඛ්‍යාවක්, භාජකය නමින් හැඳින්වෙන තවත් සංඛ්‍යාවකින් බෙදෙන අතර, ලැබෙන ප්‍රතිඵලය ලබ්ධිය ලෙසින් හැඳින්වෙයි. අභිමත පරිදී විශාල සංඛ්‍යාවන් සම්බන්ධ වන ගණනය කිරීම් සරල පියවර මාලාවක් අනුගමනය කිරීමෙන් විසඳීමට මෙය මගින් ඉඩ සලසයි. [1] දීර්ඝ බෙදීම සඳහා කෙටි ආකාරය හැඳින්වෙන්නේ කෙටි බෙදීම යනුවෙන් වන අතර, භාජකය එක් සංඛ්‍යාංකයක් සහිත වන සැම විටකම පාහේ දීර්ඝ බෙදීම වෙනුවට එය භාවිතා වෙයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ එය සතු තැන[සංස්කරණය]

සාම්ප්‍රදායික ගණිතමය අභ්‍යාසයක් භාවිතයෙන් බැහැර කරමින් , බෙදුම් ගැටළු විසඳීමට බෙහෙවින් පොදු ක්‍රමය බවට මිල අධික නොවන ගණන යන්ත්‍ර සහ පරිගණක පත්ව ඇති බැවින්, එම ගැටළු විසඳීමට කඩදාසිය හා පැන්සල භාවිතා කර ගත හැක්කේ කෙලෙසද යන්න අධ්‍යාපනික ලෙසින් පෙන්වාදීමේ ඉඩප්‍රස්ථාව අවම කර ඇත. (අභ්‍යන්තර වශයෙන්, මෙම උපකරණ විසින් විවිධවූ බෙදුම් ඇල්ගොරිතම ගොන්නක් භාවිතා කරති). එක්සත් ජනපදයෙහිදී, නොවැදගත් බවක් හුවා දැක්වීමකට දීර්ඝ බෙදීම ඉලක්කවී ඇති අතර, 4වන හෝ 5වන ශ්‍රේණි වලදී සාම්ප්‍රදායික ලෙසින් හඳුන්වාදුන්නද, ප්‍රතිසංස්කරණ ගණිතය ඔස්සේ පාසැල් විෂය මාලාවෙන් බැහැර කිරීමට පවා යෝජනා වී ඇත.

ක්‍රමය[සංස්කරණය]

ඉංග්‍රීසි-කතා කරන රටවල, ඇලය (/) හෝ බෙදීම (÷) හෝ ලකුණු, දීර්ඝ බෙදීම හා සම්බන්ධිතව භාවිතා නොවන අතර, ඒ වෙනුවට භාජ්‍යය, භාජකය, හා (එය ගණනය කල පසුව) ලබ්ධිය යන්නන් ටැබ්ලෝවක් ඇසුරෙන් දක්වාලනු ලැබේ.

මෙම ක්‍රියාවලිය ඇරඹෙනුයේ භාජ්‍යයේ වම් කෙළවරෙහිම ඇති සංඛ්‍යාංකය භාජකයෙන් බෙදීමෙනි. . (පූර්ණ සංඛ්‍යාවකට වටැයන ලද) ලබ්ධිය, ප්‍රතිඵලයෙහි පළමු සංඛ්‍යාංකය වන අතර, ශේෂය ගණනය කරනු ලැබේ (මෙම පියවර අංකනය කෙරෙන්නේ අඩුකිරීමක් ලෙසිනි). භාජ්‍යයේ ඊළග සංඛ්‍යාංකය සඳහා ක්‍රියාවලිය යළි සිදුකෙරෙන විට මෙම ශේෂය ඉදිරියට ගෙන එනු ලැබේ (ශේෂය වෙත ඊළග සංඛ්‍යාංකය 'පසුපසට ගෙන යාමක්' ලෙසින් අංකනය කෙරෙයි). සියළුම සංඛ්‍යාංක ප්‍රක්‍රියනය කෙරුමෙන් අනුතුරුව හා කිසිදු ශේෂයක් ඉතිරිව නොමැති විට ක්‍රියාවලිය සම්පූර්ණ වෙයි.

නිදසුනක් පහත දැක්වෙන අතර, 4 වෙතින් 500 බෙදීම (ප්‍රතිඵලය ලෙසින් 125 ලගා කර ලමින්) එහිදී නිරූපණය වෙයි.

     125     (පැහැදිලි කිරීම්)
   4)500
     4        (4 ×  1 = 4)
     10       (5 -  4 = 1)
      8       (4 ×  2 = 8)
      20     (10 -  8 = 2)
      20      (4 ×  5 = 20)
       0     (20 - 20 = 0)

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දීර්ඝ_බෙදීම&oldid=394760" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි