දිලීර විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
හතු යනු දිලීරමය ප්‍රජනක ව්‍යුහ වර්ගයකි

දිලීර විද්‍යාව යනු දිලීර ගැන ඉගෙන ගැනීමයි. මෙයට දිලීරවල ජාන සහ ජීව රසායනික ගුණ මෙන්ම ඒවායේ වර්ගීකරණය සහ පෙනිසිලින් වැනි ප්‍රතිජිවක ඖෂධ, ආහාර (uq` - බීර , වයින්, චීස් සහ හතු වර්ග) සහ එන්තියෝජන (පැරණි ආගමික චාරිත්‍ර සඳහා භාවිතා කළ ද්‍රව්‍යයන්) ලබා දීම ආදී මිනිසාට ඇති ප්‍රයෝජන ද දිලීර නිසා සිදු වන විසවීම් සහ ආසාදන වීම් ගැන හැදෑරීම ද අන්තර්ගත වේ. දිලීර විද්‍යාවෙන් ශාක ව්‍යාධි විද්‍යාව ද පැන නැගී ඇත. ශාක ව්‍යාධිවලින් විශාල ප්‍රමාණයක් සෑදෙන්නේ දිලීර මගින\ නිසා මෙම ක්ෂේත්‍රයන් දෙක එකිනෙකට සමීප සබඳතාවක් දක්වයි. දිලීර ගැන හදාරන්නා වූ ජීව විද්‍යාඥයන් දිලීර විද්‍යාඥයින් ලෙස හඳුන්වයි.

පසුබිම[සංස්කරණය]

ඉතිහාසයේ දී දිලීර විද්‍යාව උද්භිද විද්‍යාවේම අංශක්ව පැවතිනි. (දිලීර පරිණාමයේ දී ශාකවලට වඩා සත්වයාට ළඟ සම්බන්ධතාවක් පෙන්වන අතර එය අදින් දශක කිහිපයකට පෙරදී හඳුනාගනු ලැබුවේ). පුරෝගාමී දිලීර විද්‍යාඥයින් අතර ඒලියස් මැග්නස් ෆ්රයිස් (Elias Magnus Fries) , ක්‍රිස්ටියන් හෙන්ඩ්‍රික් පර්සූන් (Cristian Hendrik Persoon), ඇන්ටන් ද බාරි (Anton de Bary) සහ ලුවිස් ඩේවිස් ශ්වීනිට්ස් (Lewis David von Schweinitz) වැදගත් තැනක් උසුලයි.

අද වඩාත්ම සම්පූර්ණ ලෙස අධ්‍යයනය කර වටහා ගෙන ඇති දිලීර වන්නේ යීස්ට් සහ සූන්‍යෂ්ටික ආදර්ශ ජීවීන් වන Saccharomyces cerevisiae සහ Schizosaccharomyces pombe යන දිලීර වේ.

බොහෝ දිලීර විෂ වර්ග , ප්‍රති ජීවක සහ වෙනත් ද්විතීයක පරිවෘත්තීය නිෂ්පාදන නිපදවයි. උදාහරණ වශයෙන් ලොව පුරා පැතිරී ගිය වර්ගයක්වන Fusarium (ෆියුසේරියම්) සහ ඒවායේ විෂ ආහාර මාර්ගයේ විෂ වීම ඇතිකර මරණීය ව්‍යසනයක් මිනිසාට ඇති කරන බව ප්‍රත්‍යක්ෂව අධ්‍යයනය කරන ලද්දේ ඒබ්‍රහම් ජොෆේ විසිනි. දිලීර පෘථිවි ජීවයේ ආවශ්‍යක ජීව කොට්ඨාශයක් වන අතර සහජීවීන් ලෙසද වැදගත් වේ. උදාහරණ ලෙස දිලීරකමුල (mycorrhizae), කෘමීන් සමඟ ඇති සහජීවී සබඳතා සහ ලයිකන දැක්විය හැක. තවද දිලීර මගින් ලිග්නින්(ශාක වල අන්තර්ගත කල් පවතින සංයෝගයක්) වැනි සංකීර්ණ කාබනික අණු ද සෙනොබයොටික නම් වියෝජනයට අධික ලෙස ප්‍රතිරෝධය දක්වන සංයෝගද බිඳ හෙලයි. මෙය කාබන් චක්‍රයේ වැදගත් අවස්ථාවකි.

දිලීර සහ සම්ප්‍රදායිකව දිලීර ලෙස හඳුනාගත් අනෙකුත් ජීවීන් (උදා - ඌමයිසිටේස්, මික්සෝමයිටෙස්/සෙවෙල දිලීර) ආර්ථික සහ සමාජීය වශයෙන් වැදගත් වන අතර ශාකවලට හා සතුන්ට වැළ‍ඳෙන සමහර රෝගවලට ද හේතු කාරක වේ. උදාහරණ ලෙස ශාක වල පෘතුගීසි එල්ම් රෝගය (Dutch elm disease), ගොයම් අංගමාරය (Rice blast) සහ සතුන්ට වැළ‍ඳෙන හිස්ටොප්ලැස්මෝසියාව (Histoplasmosis) දැක්විය හැක.

ක්ෂේත්‍රයේ දී නව දිලීර විශේෂ සොයා ගැනීම සඳහා පැවැත්වෙන රැස්වීම් “ආක්‍රමණ ලෙස නම් කෙරෙන අතර එවැනි ප්‍රථම රැස්වීම සංවිධානය කරන ලද්දේ “වූල්හෝප් ස්වභාව” විද්‍යාඥයින්ගේ ක්ෂේත්‍ර සමාජයයි. ඒ 1868 දී වන අතර එය “දිලීර ආක්‍රමණය” ලෙස නම් කෙරුණි.

සමහර දිලීරවලට මිනිසාට හෝ අනෙකුත් ජීවීන්ට රෝග සෑදිය හැක. ව්‍යාධිජනක දිලීර ගැන අධ්‍යයන වෛද්‍ය දිලීර විද්‍යාව ලෙස හැඳින් වේ.

"http://si.wikipedia.org/w/index.php?title=දිලීර_විද්‍යාව&oldid=264074" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි