දැනට පවතින ඇමෙරිකානු සාහිත්‍යය (ඇතුලාන්තය හා බාහිරාන්තය)

විකිපීඩියා වෙතින්

ජේම්ස් මැඩියන් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රිසි මහාචාර්ය ජෝආන් ගැබින් දක්වන ආකාරයට අනුව අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍ය යනු ඇමරිකානු සාහිත්‍යය අභ්‍යන්තරයේ හා එහි බාහිරය තුළ අන්තර්ගත වන්නකි.තවද අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය යම් හෙයින් වෙනත් මට්ටමකට ගෙන යනු ලැබුව ද ඇමරිකානු සාහිත්‍යය තුළ එය ඇතුලත් වන්නක් බවයි.

අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යයෙහි අන්තර්ගකය කළු ජාතිකයන්ගේ අත්දැකිම් මත පාදක වේ. අප්‍රිකානු ඇමරිකානුවන් ඇමරිකානු ජාතිකයන් බවට පිළිගත්ත ද ඉතිහාසයේ බොහෝ අවස්ථා වලදී ඔවුන් සම්පුර්ණ පුරවැසි භාවය හිමි නොවුවන් ලෙස සැලකිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ඇමරිකාවේ කොටසක් ලෙස මෙන්ම,ඇමරිකාවේ කොටස්කරුවන් නොවන ලෙස ද පිළිගැනිණි.

මෙයට සමාන තත්වයක් අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යයට ද හිමිවිය. එය ඇමරිකානු සාහිත්‍යයේ රාමුව තුළම අන්තර්ගත වුවත් එය එයින් පරිබාහිරව පැවතුණි. මෙහි ප්‍රථිඵලයක් ලෙස නව හඬවල් හා නව කථා කිරිමේ විලාශයන් එයට එක් විය. මෙහි වාසි සහගත තත්ත්වයන් වනුයේ මෙම නව අංග මඟින් සමස්ත ලෝක සාහිතයයේ ඇති වන දියුණුවයි. (Me lay 2004) මෙම කලා රටාවන් අප්‍රිකානු ඇමරිකානු සංස්කෘතිය හා බැඳී පවතී. පසුගිය සියවස් මුළුල්ලේම ජෑස් හා හිප් පොප් යන ශෛලීන් කළු ජාතිකයන්‍ අතර වෙනමම දියුණු වු ශෛලීන් වලට උදාහරණ වේ. පසුව මේවා විශාල සභාවන් හා දියුණුවන/ අළුත්වන ඇමරිකානු සාහිත්‍යය තුළින්ද ප්‍රදර්ශනය වූ අතර ඒ තුළටද ඇතුලත් වුණි.

මෙම රටාව අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍ය තුළ දිගටම පවතීද යන්න කිව නොහැකිය. මෙම ශෛලීන් දැනටත් විශාල වශයෙන් ජනප්‍රිය වන අතර මේවායින් තව තවත් නව ශෛලීන් බිහි විමේ ඉඩකඩ ඇත. එමෙන්ම ඒවා වෙනසකට භාජනය නොවී ආවේනික අයුරින්ම පැවතිය හැකි බව විද්වතුන්ගේ මතයයි.

සටහන්[සංස්කරණය]

Existing both inside and outside American literature