ද්‍රව්‍යයමය විද්‍යාව හැදින්වීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ද්‍රව්‍යමය විද්‍යාව හෝ ද්‍රව්‍යමය ඉංජිනේරු ශිල්පයට පදාර්ථවල ගුණ හා විද්‍යාවේ හා ඉංජිනේරු ශිල්පයේ විවිධ කොටස්වල දී ඒවායේ යෙදීම් ආදිය ඇතුළත් වේ. මෙම විද්‍යාව ද්‍රව්‍යවල ව්‍යුහය හා ගුණ අතර සම්බන්ධකම් පිළිබඳ සොයා බලනු ලබයි. එයට ව්‍යවහාරික භෞතික විද්‍යාවෙහි හා රසායන විද්‍යාවේ අංශ ඇතුළත් වන අතරම රසායනික , යාන්ත්‍රික , සිවිල් හා විදුලි ඉංජිනේරු ‍ක්ෂේත්‍රවලට අයත් කොටස්ද ඇතුළත් වේ. මෑත කාලයේ නැනෝ විද්‍යාවට හා නැනෝ තාක්ෂණයට යොමු වූ සැලකිය යුතු මාධ්‍ය අවධානය ද්‍රව්‍යමය විද්‍යාව බොහොමයක් විශ්ව විද්‍යාලවල පෙරමුණට ගෙන ඒමට දායක විය. තවද මෙය අසාර්ථක වූ උපකරණ හා භාණ්ඩ පිළිබද අධ්‍යයනය කරන අධිකරණ ඉංජිනේරු ශිල්පය හා අධිකරණ ‍ද්‍රව්‍යමය ඉංජිනේරු ශිල්පයෙහි වැදගත් අංශයක් වෙයි.

ඉතිහාසය[සංස්කරණය]

දී ඇති යුගයක දී තෝරාගත් ද්‍රව්‍යය එම යුගය නිර්වචනය කරන සාධකය විය. ගල් යුගය, ලෝකඩ යුගය හා වානේ යුගය මෙයට උදාහරණ වේ. ද්‍රව්‍යයමය විද්‍යාව ඉංජිනේරු ශිල්පයේ හා ව්‍යවහාරික විද්‍යාවේ පැරණිතම ආකාරයක් වන අතර සෙරමික් නිෂ්පාදනය තුළින් එය නිර්මාණය විය. නූතන ද්‍රව්‍යයමය විද්‍යාව හටගන්නේ ලෝහ විද්‍යාවෙනි. ලෝහ විද්‍යාව හට ගත්තේ පතල් නිසාය. ද්‍රව්‍ය තේරුම් ගැනීමේ විශාල සොයා ගැනීමක් වූයේ 19 වන සියවස අග භාගයේ දී විලර්ඩ් ගිඕස් විසින් විවිධ කලාපවල , පරමාණුක ව්‍යුහය හා සම්බන්ධ තාප ගතික ගුණ ද්‍රව්‍යයේ භෞතික ගුණවලට ද සම්බන්ධකමක් ඇති බව පෙන්වා දීමයි. නවීන ද්‍රව්‍ය විද්‍යාවේ වැදගත් දේ බොහෝමයක් අභ්‍යාවකාශ තරගයේ ප්‍රතිඵලයි. අභ්‍යාවකාශ යානා සෑදීමට ගන්නා මිශ්‍ර ලෝහ , සිලිකන් හා කාබන් සංයෝග හඳුනා ගැනීම ඒ අතරට අයත් වේ. ප්ලාස්ටික්, අර්ධ සන්නායක හා ජෛව ද්‍රව්‍ය වැනි විප්ලවකාරී තාක්ෂණ නිසා ද්‍රව්‍යයමය විද්‍යාව දිගින් දිගටම ඉදිරියට ඇදේ.

1960ට පෙර (සමහරක් අවස්ථාවල දී දශක කිහිපයකට පසු) බොහෝමයක් ද්‍රව්‍යය විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තු ලෝහ විද්‍යා දෙපාර්තමේන්තු ලෙස නම් කරන ලදී. එය සිදු වූයේ 19 හා 20 වන සියවසේ මුල් භාගයේ වූ ලෝහ පිළිබඳ අවධානය නිසාය. එතැන් සිට ක්ෂේත්‍රය සෙරමික් , බහු අවයවක , අර්ධ සන්නායක, චුම්භක ද්‍රව්‍යය , වෛද්‍යමය අධිරෝපණ ද්‍රව්‍යය හා ජීව විද්‍යාත්මක ද්‍රව්‍යය ඇතුළුව සියලු කාණ්වල ද්‍රව්‍ය ඇතුළත් වන සේ පුළුල් වී ඇත.