දත්ත සමුදාය කලමනාකරණ පද්ධති

විකිපීඩියා වෙතින්

පරිඝනකය තුල දත්ත සමුදායක් ගබඩා කර තබා ගනිමින් එය මෙහෙයවීම සඳහා විශේෂ මෘදුකාංග (Software) අවශ්‍ය වේ. මෙලෙස දත්ත සමුදායක් නිර්මාණය කර එය පවත්වාගෙන යාම සඳහා භාවිතා කරන මෘදුකාංග පද්ධතියක් (Collection of programs) දත්ත සමුදාය කලමනාකරණ පද්ධතියක් (Database Management System) ලෙස හඳුන්වනු ලැබේ. දැනට ලෝකයේ භාවිතා වන ප්‍රසිද්ධ දත්ත සමුදාය කලමනාකරණ පද්ධති ලෙස MySQL, Microsoft SQL server, Oracle, Microsoft Access සැලකිය හැකිය.