තොටගමු රතපත් රජමහා විහාරය

විකිපීඩියා වෙතින්

සැළලිහිණි සංදේශ කාව්‍ය රචනා කරන ලද මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩ වාසස්ථානය කළ විහාරස්ථානය ලෙස තෙල්වත්තේ තොටගමු රතපත් විහාරය හැඳින්විය හැකිය. 15 වන සියවසේ උසස් ව්ද්‍යා පීඨයක් ලෙස තොටගමු විජයබා පිරිවෙන මෙම විහාරස්ථානය වටා පැවතීම සුවිශේෂි කරුණක් වෙයි.[1] අදටත් මෙම පිරිවෙණ මෙම විහාරයේ පවත්වාගෙන යනු ලබයි. වංශ කතාවලට අනුව ලංකාවේ දෙවන රාජධානිය වන පොළොන්නරුව පිහිට වු පළමු වන විජයබාහු ( ක්‍රි.ව.1070 - 1110 ) රජුගේ කාලය දක්වා තෙල්වත්ත විහාරයේ පුරාණය දිවෙන බව අදහස් කෙරේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජ මහා විහාරය". බුදුසරණ. 2009-12-15. 2017-01-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015 ජනවාරි 6. {{cite news}}: Check date values in: |accessdate= (help)