තින් මෑන් (න්‍යෂ්ටික බොම්බය)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
තින් මෑන්
Thin man bomb casings.jpg
"තින් මෑන්" ප්ලුටෝනියම් තුවක්කු පරි්ක්ෂණ කොපු
වර්ගය න්‍යෂ්ටික අවිය
සම්භවය ඇතිවූ ස්ථානය එක්සත් ජනපදය
නිෂ්පාදන ඉතිහාසය
සැලසුම්කරු Los Alamos Laboratory
පිරිවිතර
දිග 17 අඩි[convert: unknown unit]
විෂ්කම්භය 38 අඟ[convert: unknown unit]

Filling ප්ලුටෝනියම්


තින් මෑන් (සිංහල තේරුම: කෙට්ටු මිනිසා) නම් න්‍යෂ්ටික බොම්බයවු කලී ප්ලූටෝනියම් තුවක්කු ආකරයේ න්‍යෂ්ටික බොම්බය කි. එය අමෙරිකා එක්සත් ජනපදය විසින් මෑන්හැටන් ව්‍යපෘතිය යටතේ දියුනු කරන ලදී.තුවක්කු ආකරයේ හැඩය ගත් මෙම න්‍යෂ්ටික බොම්බයේ තිබූ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකවල ඉබේ සිදුවන ස්ථෝථන අනුපාතය ඉතා ඉහල අගයක් ගෑනිම නිසා, මෙම ව්‍යපෘතිය අත්හැරදැමීමට සිදුවුනි.

පුර්ව තීරණ[සංස්කරණය]

රොබර්ට් ඕපන්හෙයිමර් විසින් 1942 ජුනි වල ච්කාගො හිදිත් ජුලි වල බර්ක්ලි, කැලිෆෝනියා හිදිත් ඉන්ජිනරුවරුන් සහ භෞතික විද්‍යාඥයනුත් සහභාගි කර ගෙන න්‍යෂ්ටික බොම්බ සෑකසිමදි අතිවන ගැටලු ගැන සාකච්ඡා පවත්වන ලදී.මෙහිදි තුවක්කු ආකරයේ සැලස්මක් යොජනා වු අතර,අවදනම් සහිත ස්කන්ධ කොටස් දෙකක් එකට ගැටීමෙන් අතිවන ස්ඵෝථනය මෙහිදි යොදගන්නා ලදී[1].රිචර්ඩ් තොල්මන් විසින් ක්ෂණික අභ්‍යන්තර ගටුම් ආකරයේ අවියක් යොජනා කල නමුත් එයට වැඩි අවධානයක් යොමු නොවිනි.[2]

ඕපන්හෙයිමර් සාකච්ඡාවේ කරුනු සලකා බලා [2] 1943 දී තුවක්කු ආකරයේ සැකස්ම ක්‍රියාත්මක කිරිමට තීරණය කලේ ය. නමුත් එහි පවති පූර්ව ස්ථෝථන ක්‍රියකරිත්වය නිසා ඔහු E-5 කාණ්ඩය නිපදවූ අතර එය ලොස් අලමොස් විද්‍යාගාරයෙදි සෙත් නෙදල්මෙය යටතෙ ක්ෂණික අභ්‍යන්තර ගටුම් සදහා පරික්ෂා කිරිමට දුන්නේය. එකක ස්කන්ධයකට සිදුවන ස්ථෝථන සංඛ්‍යාව බොම්බයේ ඇති විඛණ්ඩ්‍ය මුලද්‍රවවලට සාපෙක්ෂව විශාල අගයක් වු බෑවින් ක්ෂණික අභ්‍යන්තර ගටුම් ආකරයේ බොම්බ වල කාර්යක්ෂමතාව වැඩි යැයි සලකිමට ලක් වුනි. මෙයට ප්‍රධාන හේතුව වුයේ සම්පීඩිත විඛණ්ඩ්‍ය මුලද්‍රව සම්පුර්ණව සහ කාර්යක්ෂම ලෙස ක්‍රියකිරිම ය.එම නිසා ප්ලුටෝනියම් තුවක්කුවට මෙම පර්යේෂනය තුල වැඩි ඉඩක් වෙන් කරනු ලබූ අතර අයට ප්‍රධානම හෙතුව වුයේ එහි අති ඉතා කුඩාවූ අවිනිශ්ච්තතා සාධකයයි. මෙමගින් යූරේනියම් තුවක්කුව නිපදවිමට අවකාශ ලබෙනු ඇතැයි ද උපකල්පනය කරන ලදී.[3]

මෙහි තුවක්කු ආකරයේ බොම්බ සහ පිපුරුම් ආකරයේ බොම්බ ව්‍යපෘති වල කේත නාම පිලිවලින් "තින් මෑන්" සහ ෆැට් මෑන් ලෙස යොදන ලදී. මෙම කේත නාම යොදනු ලබූ වේ මෑන්හැටන් ව්‍යපෘතියේ සිටි ඕපන්හෙයිමර්ගේ ශිෂ්‍යයකු වූ රොබර්ට් සර්බෙර් විසිනි. ඔහු මෙම නම් තෝරා ගනු ලබූයේ මෙම බොම්බ වල තිබූ හෑඩය පාදක කොටගෙන වන අතර "කෙට්ටු මිනිසා" වූ කලී ඩෑෂ්හිල් හෑම්මට්ගේ රහස් පරීක්ෂක කතාවක් වූ "ද තින් මෑන්" සහ තවත් ඒ ආකාරයේම වූ ච්ත්‍රපට දාමයකින් ඔහු නිර්මානය කරන ලද නම වේ. "මහත මිනිසා" බොම්බය මහත සහ වටකුරු බොම්බයක් වූ අතර අය සිඩ්නි ග්‍රීන්ස්ටීට්ගේ චරිතයක් වූ ද මෑල්ටීස් ෆෑල්කොන් ඈසුරෙන් නම් කරන ලදී.[4]

සංවර්ධනය[සංස්කරණය]

තින් මෑන් ප්ලූටෝනියම් තුවක්කු කොපු .
තින් මෑන් ප්ලූටෝනියම් තුවක්කු කොපු වෙන්දොවර් ගුවන් හමුදා කදවුර තුල පරික්ෂා කරමින් .

ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු එඩ්වින් මෑක්මිල්ලන් සහ ජ්‍යෙෂ්ඨ භෞතික විද්‍යාඥ චාර්ල්ස් ක්‍රිච්ෆිල්ඩ්, ජෝෂප් හර්ච්ෆෙල්ඩර් අතුලු කණ්ඩායමක් සමග ඕපන්හෙයිමර් ලොස් අලමොස් විද්‍යාගාරයෙදි ප්ලුටෝනියම් තුවක්කුවේ ආකෘතිය සෑදීම ආරම්බ කරන ලදී. ක්‍රිච්ෆිල්ඩ් සෑබොට සමග වඩකර තිබූ නිසා එය "තින් මෑන්"හි තුවක්කු බෑරලය සෑදීමට සහ එහි අවධානම් සහිත කොටස් නිපදවීමේදී පිටුවහලක් වනු ඇතැයි ඕපන්හෙයිමර් විශ්වාස කරන ලදී.හර්ච්ෆෙල්ඩර් ප්‍රක්ෂේපණවලට සබැඳි කටයුතු බාරව සිටියේය. ඕපන්හෙයිමර් 1943 ජුනි වනතුරු ආකෘතිය සෑදීමේ නිරත වු අතර ඉන්පසු නාවික කපිතාන් විලියම් ස්ටර්ලින් පාර්සන්සි පමිණ එහි ඉංජිනේරු අංශයේ සහ කළමණාකරන අංශයේ වැඩ බාරගන්නා ලදී.[5]


මොවුන් හතර දෙනා 1943 අප්‍රෙල් සහ 1944 අගෝස්තු අතර කාලය තුල මෙම අවියහි විවිධ දියුණු කිරීම් කරන ලදී . නාවික හමුදාව වෙනුවෙන් අසර ස්විචය නිපදවූ පර්සන් මෙහි වැඩ බලන ලදී ."ඒ-6" ප්‍රක්ෂිප්ත වියපෘතියහි නායකත්වය දරු ක්‍රිච්ෆිල්ඩ් මෙම උණ්ඩයෙහි ඉලක්යයට යාමෙහි හැකියාව සහ විවිද ප්‍රමාණයන්ගෙන් නිපදවීමේ හැකියාව ගැන සොයා බලන ලදී .ඔහු මේ සදහා 20ම්ම් කැනොන් බාවිතා කර ඇත[6].ප්ලූටෝනියම් බාවිතා කොට පරීක්ෂණ අරම්භ කිරීමට නොහැකි වුයේ ඒ අවදිය වන විට මෙම මුලද්‍රව්‍ය එතරනම් සුලබ නොවූ නිසාවෙනි .තවද එහි භෞතික ගුණ එතරම් දුරට අධ්‍යනය කර නොතිබුණි .[7]


පිරිවිතර[සංස්කරණය]

තින් මන් වූ කලී යුරේනියම්-238 න් විකිරණ පාත්‍රණය කොට ප්ලූටෝනියම් ලබාගැනීමට ප්‍රථම සාදන ලද න්‍යෂ්ටික ආයුධයකි.ප්ලූටෝනියම්, යුරේනියම්-238 පරිදිම තුවක්කු-ආකාරයේ න්‍යෂ්ටික ආයුධයක් නිපදවීමට භාවිතා කල හැකි යයි උපකල්පනය කරන ලද තවත් අවධානම් සහිත මුලද්‍රව්‍යකි.කලින් ස්පොඨනය සිදු වීම වැලක්වීමට ප්ලූටෝනියම් උණ්ඩයක් තත්පරයට අඩි 3000(910 මි /තත් )ප්‍රවේගයෙන් යැවිය යුතු වූ අතර කොටස් එකලස් කිරීමටත් ප්‍රථම එය පිපිරීමට ඉඩ තිබුණි [8].තින් මන් අඩි 17ක් (5.2මි ) දිග සහ අගල් 38ක් දිග ඉදිරිපස සහ පසුපස කොටස් වලින් යුක්ත විය .අගල් 23ක් වූ මැද කොටසකින් සමන්විතවූ මෙම බෝම්බයේ ප්ලූටෝනියම් උණ්ඩයට අවශ්‍ය ප්‍රවේගය කරා ලගාවීමට අවශ්‍ය වූ දිගකින් මෙම උණ්ඩය සමන්විත විය .මෙහි බර 3600 Kg [9] වූ අතර මෙය එසවීමට හැකි යානාවකට තිබුනේ අවරෝ ලන්කස්ටෙර් නැමති බ්‍රිතාන්‍ය යානය යි .කෙසේ වුවත් ඇමරිකානු B-29 යානයද සුළු වෙනස්කම් කිහිපයක් කොට මෙම විශාල බර බෝම්බය එසවීමට හැකි පරිදි සැකසීමට හැකියාව තිබුණි.[10]

නිර්මාණයේදී ඇතිවූ ගැටළු[සංස්කරණය]

වායු ගතිකය[සංස්කරණය]

තින් මෑන් බෝම්බයේ තිබු දිගු භාවය නිසා එය වායු ගතිකව අස්ථායි විය.1943 අගෝස්තු හිදී කුඩා කරන ලද බෝම්බයේ මොඩලයක් අවේන්ජර් යානයකින් දල්ග්රන් ,වර්ජිනියා වල එක්සත් ජනපද නාවුක පරීක්ෂණ භූමියකදී අත්හදා බලන ලදී .මෙහිදී බෝම්බය බිමට පතිත විමදී භ්‍රමණය වෙමින්[11] පැතකට වැටි කැබිලි වීම දක්නට ලැබුණි.[12]

1944 මාර්තු වල දී මෙලෙස පුපුරුවා හැරීම් විසිහතරක් සිදු කල අතර ඉන්පසුව මෙය සංවර්ධනය කල යුතු ආකාරය පිලිබදව නැවත පරීක්ෂණ ආරම්භ කරන ලදී .පරීක්ෂණ වලදී යානයෙන් එක්වරම බෝම්බය මුදා හැරීමට නොහැකි වූ අවස්ථා තිබු අතර නිෂ්ඵල ප්‍රමාණ ශෝධන ගණනාවක් කිරීමටද සිදුවුනි .බෝම්බයේ තිබු අධික බර සහ B-29 යානයේ සිදුකරන ලද වෙනස්කම් නිසා "බොම්බ් බේ"(යානයේ බෝම්බය රදවා තබන සහ අත්හරින ස්ථානය ) වලින් එක්වරම පහතට හෙලීමට නොහැකි විය .

ප්‍රස්ඵෝටනය[සංස්කරණය]

1942 දී ප්ලූටෝනියම් බෝම්බ සැදීමේ ශක්‍යතාව පිලිබදව ගැටළුවක් ඇති විය .ප්ලූටෝනියම්හි ඇති අනෙකුත් මුලද්‍රව්‍ය සංයෝග නිසා එය විකන්ද්‍යා මුලද්‍රව්‍යක් ලෙස ප්‍රයෝගිකව භාවිතයේ ඇති නොහැකියාව පිලිබදව ජේම්ස් චද්වික් විසින් කරන ලද සනාථ කිරීම බ්‍රිතාන්‍ය ඇලෝස් වියපෘතියේ අධ්‍යක්ෂ වොලස් එකර්ස් ගෙන් ජේම්ස් කොනන්ට දැනගනන්ට ලැබුණි .කොනන්,අර්නෙස්ට් ලව්රෙන්ස් සහ ආතර් කොම්ටන් ගෙන් මේ පිලිබදව විමසා සිටි අතර ඔවුන්ද ඒ බව සනාථ කරමින් කියා සිටියේ ඔවුන්ගේ චිකර්ගෝ සහ බෙර්ක්ලි වල සිටින විද්‍යාඤයන් ද මේ පිලිබදව දැන සිටි නමුත් ඒ සදහා විසදුමක් දැන නොසිටි බවයි . කොනන් මේ පිලිබදව මෑන්හැටන් ව්‍යපෘතිය භාර නිලධාරි බ්‍රිගේඩියර් ජෙනරාල් ලෙස්ලි.ආර් ග්රෝවෙස් මේ බැව් දන්වා සිටි අතර ඔහු එය සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කළේය.එහි ලෝරන්ස් ,කොම්ටෝන් ,ඕපන්හෙයිමර් සහ මෑක්මිල්ලන් සිටි අතර ඔවුන්ගේ නිගමනය වුයේ වැඩි පිරිසිදු ද්‍රව්‍ය යොදා ගෙන මෙම ගැටලුව මග හරිය හැකි බව ය .


සටහන[සංස්කරණය]

  1. Hoddeson et al. 1993, pp. 42–44.
  2. 2.0 2.1 Hoddeson et al. 1993, p. 55.
  3. Hoddeson et al. 1993, p. 87.
  4. Serber & Crease 1998, p. 104.
  5. Hoddeson et al. 1993, pp. 83–84.
  6. Hoddeson et al. 1993, pp. 83–84, 111–112.
  7. Hoddeson et al. 1993, pp. 126–128.
  8. Hansen 1995, p. 106.
  9. Campbell 2005, pp. 76–77.
  10. Hansen 1995, pp. 107, 119.
  11. Campbell 2005, p. 42.
  12. Hoddeson et al. 1993, p. 380.

සැඳහුම[සංස්කරණය]

  • Campbell, Richard H. (2005). The Silverplate Bombers: A History and Registry of the Enola Gay and Other B-29s Configured to Carry Atomic Bombs. Jefferson, North Carolina: McFarland & Company. ISBN 0-7864-2139-8. OCLC 58554961. 
  • Hansen, Chuck (1995). Volume V: US Nuclear Weapons Histories. Swords of Armageddon: US Nuclear Weapons Development since 1945. Sunnyvale, California: Chukelea Publications. ISBN 978-0-9791915-0-3. OCLC 231585284. 
  • Hoddeson, Lillian; Henriksen, Paul W.; Meade, Roger A.; Westfall, Catherine L. (1993). Critical Assembly: A Technical History of Los Alamos During the Oppenheimer Years, 1943–1945. New York: Cambridge University Press. ISBN 0-521-44132-3. OCLC 26764320. 
  • Nichols, Kenneth D. (1987). The Road to Trinity. New York: William Morrow and Company. ISBN 0-688-06910-X. OCLC 15223648. 
  • Serber, Robert; Crease, Robert P. (1998). Peace & War: Reminiscences of a Life on the Frontiers of Science. New York: Columbia University Press. ISBN 978-0-231-10546-0. OCLC 37631186. 

සැකිල්ල:මෑන්හැටන් ව්‍යපෘතිය