තන්තිරිමලය

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
තන්තිරිමලය

පටුන

[සංස්කරණය] හැදින්වීම

ශ්‍රී ලංකා ඉතිහාස පොතෙහි මුල්ම පරිඡ්චේදය තුල අන්තර්ගත, නමුත් ඉන් එහාටද විහිදෙන ඉතාමත් ඉපැරණි මෙන්ම පෞරානික වටිනාකමකින් යුක්ත පුන්‍ය භූමියක් ලෙස තන්තිරිමලය හදුන්වා දිය හැකිය.ඉතාමත් ඉපැරණි මෙන්ම පෞරානික වටිනාකමකින් යුක්ත යැයි අද පිළිගනු ලබන සීගිරිය, දඹුල්ල,මහියංගනය වැනි ආගමික සිද්ධස්ථාන මෙන්ම මනා වූ උරුමයකට උරුමනම් කියන වර්තමාන මහවිලච්චිය ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ‍යේ 366 ග්‍රාමනිලධාරී වසම තුල පිහිටා තිබෙන තන්තිරිමලය ඓතිහාසික රජමහා විහාරයේ ඓතිහාසික පසුබිම සහ වත්මන් සමාජ සහ ආර්තික රටාව මෙම ලිපිය තුල අන්තර්ගත වේ.


[සංස්කරණය] පිහිටීම සහ හෙතිහාසික පසුබිම

පිහිටීම

තන්තිරිමලය යනු ශ්‍රී ලංකාවේ ඉපැරණි ජනාවාස වලින් එකක් පමණි.මහින්දාගමනයට පෙර සටම ශ්‍රී ලංකාවේ ජනාවාස පැවති බවට තන්තිරිමලය ප්‍රදේශය ශාක්‍ෂි දරයි.මුල්භාගයේ සිට අනුරාධපුර යුගයේ අගභාගය දක්වාම විහිදෙන දීර්ග කාල පරිඡ්චේදයකට අයත්වන,

  • කැටයම් සහ වාස්තු විද්‍යාත්මක නිර්මාණ
  • ශිලා ලේඛණ
  • චිත්‍ර හා මූර්ති
  • මිනිසුන් භාව්තාකල මෙවලම්
  • ආගමික නිර්මාණ

මෙහිදී දැක බලාගත හැකිය.ජනප්‍රවාද සහ ඓකිහාසික මූලාශ්‍ර අනුව මෙහි සිට වයඹදිග මුහුදු වෙරළ දක්වා සක්‍රිය ජනාවාස පැවති බවට සාධක පවති. අනුරාධපුර නගරයේ සිට කි.මි. 36 පමන වයඹ දෙසින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැගෙනහිර සීමාවට ලංව මල්වතු ඔය වම් ඉව්රේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ‍යේ 366 ග්‍රාමනිලධාරී වසමට අයත් අක්කර 200 වඩා වැඩි ශිකර සහිත භූමි ප්‍රදේශයක් තුල පිහිටා තිබෙන තන්තිරිමලය පුරාණ රජමහා විහාරය ඉපැරණි භෞද්ධ සිද්ධස්ථාන අතර කැපී පෙනේ.

විජය කුමරු ශ්‍රී ලංකාවට ගෙඩබැස මල්වතු ඔය ඔස්සේ අනුරපුරයට පැමින එහි රාජ්‍ය පිහිටුවාගන්නා ලදි.ඔහු සමග පැමිණි සෙසු අමාත්‍ය වරුන්ටද විවිධ දිශාවන්ට ගොස් රාජධානි පිහිටුවා ගැනීමට උපදෙස් ලබාදුන්නේය.ඒ අනුව උපතිස්ස අමාත්‍යවරයා විසින් මල්වතු ඹයට කනදරා ඹය හමුවන ස්ථානයේ උපතිස්ස ග්‍රාමය පිහිටුවාගන්නා ලදි.වර්තමානයේ දී තන්තිරිමලය යනුවෙන් හදුන්වනු ලබන්නේ එම ප්‍රදේශය යැයි විශ්වාස කරයි. ශ්‍රී බු.ව. 3 වන සියවසේ දි දෙවැනිපෑතිස් රජු දවස තිවන්ක බමුණුගම යනුවෙන් හැදින්වූයේ මෙම ප්‍රදේශයයි. එකල මෙම ප්‍රදේශය තිවන්ක නම් බමුණකු යටතේ පැවත ඇත. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරපුරයට වැඩම කරවන ගමනේදී මෙම ස්ථානයේ එම පෙරහැර එක් දිනක් නවාතැන්‍ ගෙන ඇත. සාලිය අශෝකමාලා දෙදෙනාගේ අසම්මත විවාහය නිසා ඔව්න් පිටුවහල් කල අවස්ථාවේ මෙම ප්‍රදේශයේ කලක් වාසය කළ බව කියැවේ. පසුව දුටුගැමුණු මහ රජතුම මේ දෙදෙනාට සමාව ලබාදුන් බවත් එම අවස්ථාවේ "තන්තිරිම" යන සමනල විශේෂයේ හැඩැති මාලයක් ත්‍යග වශයෙන් ලබාදුන් බවත් පසු කලෙක සාලිය කුමරු එම මාලය මෙම ප්‍රදේශවය් න්ධන් කල බවත් ඒ හේතුවෙන් මෙම ප්‍රදේශයට තන්තිරිමලය යන නම ලැබුණු බවටත් මතයක් පවතී. මෙම ප්‍රදේශය තන්තිරිමලය නමින් හැදින්වීමට වෙනත් කරුනත් මුල් වු බවට තවත් විස්වාසයක් පවතී එනම්, "පූජණීය පිරිස නවාතැන් ගත් ස්ථානය" යන අරුත දෙන දමිල වචනය වන "තන්ගෛතිරුමලේ" යන දමිල විවහාරය පසුව "තන්තිරිමලය" බවට පත් වූ බව අනිත් ජනප්‍රවාදයයි.

සිංහලේ මහා වන්ශකතාව විජය කුමරුගේ ආගමනයත් සමග ඇරබිණැයි මහාවන්ශයේ සදහන් වුවත් ඊට පෙර සිටම ස්වදේශීය ගෝත්‍රික ජන කොටස් ජීවත් වූ බවට විවිධ ප්‍රදේශ වල කල කැණීම් වලින් අනාවරනය වී ඇත. එසේ ඉපැරණි ජනාවාස පිළිබඳ සාධක හමුවන ස්ථානයක් ලෙස තන්තිරිමලය පුන්‍ය භූමිය හදුන්වාදිය හැතිය. ක්‍රි. ව. 1909 දි පමන ජෝන් ස්ටීල් මහතා විසින් මෙම ප්‍රදේහවය් කළ පර්යේශන මගින් ඉතා ඉපැරණි ගෘහ නිර්මාණ හිල්පයට අයත් ශේශ වු කොටස් විශාල ප්‍රමානයක් විශාල ගල් ලෙනක තිබී සොයාගන්නා ලඳි. එම අවශේශ පරික්‍ෂාකොට ඔහු විශේශ ප්‍රකාෂයක් කර ඇත. ප්‍රාග් ඓතිහාසික යුගයේ දි යම් මානව කෙටඨාශයකට අයත් ජනාවාස මෙහි පිහිටා තිබු බවත්, එම ආදි මානවයින් විසින් භාවිතා කළ සේශ වු වටකුරැ ගල්, පලිගු ගල් සහ තවත් මෙවලම් තමා විසින් සොයාගත් බවත් මෙකී වටකුරු ගල් හා පලිගු සෑදීමට යෙදාගෙන ඇති අමුද්‍රව්‍ය එම ප්‍රදේශයට පූර්ණ වශවයන් ආගන්තුක ඒවා බවත්, මෙම මෙවලම් එම ජනකොටස් ජීවත් වූ කාලයේ දී කලාතුරකින් හමුවන බවත්, එම මෙවලම් නිපදවූ කාල වකවානු නිර්නය කිරීමට තමා අපොහොසත් බවත් ජෝන් ස්ටීල් මහතා මෙම ප්‍රකාශවය් දක්වා ඇත. ජෝන් ස්ටීල් මහතාගේ අනුමාන වලට අනුව මෙම මෙවලම් සහ ගල් පලිගු ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ඒවා බවත් ඒවා අවම වශවයන් මෙම මෙවලම් වර්ශ 2000කටවත් පෙර බාවිත කළ ඒවා බවත් ඔහු ප්‍රකාශ කරයි. තන්තිරිමලය ප්‍රදේශයට උරුම පෞරාණික රහස් වසන් කල නොහැකි අනෙක් කාරනාව වන්නේ එම විහාර භූමියේ ඇති ඉපැරණි ලෙන් සිතුවම් ය. ජෝන් ස්ටීල් මහතාට අනුව මෙමෙ සිතුවම් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ඔස්ත්‍රො නීග්‍රොයිඩ් මානවයා විසින් අඳින ලද ඒවා වේ. ලාන්කේය බෙදු ජනී ජනයාගේ බැතිබර හැගුම් උද්ධීපනය කරනු ලබන ආගමික වශයෙන් වැදගත් වන පූජණීය වස්තු කිහිපයක් ම මෙ‍ම පුන්‍ය භූමිය තුලදී අදටත්අපට දැක වැද පුදා ගත හැකිය. අව් වැසි දෙකට එකම සොමි ගුණ පාමින් අමාමෑණි බුදු පියානන්ගේ ලොව්තුරු සුවය බැතිබර සිත් තුල ජනිත කරවන එම සලකුණු අතර,

  • සමාධි පළිම වහන්සේ
  • අෂ්ඨ ඵළ බෝධි රුක්‍ෂය
  • සැතපෙන පිළිම වහන්සේ
  • චෛත්‍ය රාජයානන් වහන්සේ

දැක්විය හැකිය.


[සංස්කරණය] සමාධි පිළිම වහන්සේ

සමාධිපිළිමය


බෝධීන් වහන්සේට දකුණුපසින් ඒ අසලම උස් කවාකාර හැඩයෙන් යුත් ගල් කුලෙහි අඩි 08 පමන උසට සමාධි පිළිම වහන්සේ නෙලා ඇත. කළු ගල්කුලකට ජීව ගුනය දී ‍සෞම්‍ය වු ශාන්ති සුවයෙන් වැඩහිසින මෙම ලිළිම වහන්සේ දෙපස තවත් පිළිම නෙලීමට සූදානම් කළ ගල් පුවරු වල නෙලීම් මදක් සිදුකෙට ඇත.එසේම එම ස්ථානයට ලගාවීමට පියලැට පෙළක අඩක් නිමවා ඇත.පිළිම වහන්සේගේ පහළ කොටසේ වැඩ නිමවා නොමැති බව ද දක්නට ලැබේ.පිහිටි කළුගල හාරා මතුකොට නෙලා ඇති මෙම පිළිම වහන්සේ උන්නත නර්මාණයකි.

පිළිම වහන්සේ දෙපසින් චාමරධාරී දෙවි වරුන් නිරූපනය වේ. පිළිමයේ සිරස් පතය ද නිර්මානය කොට ඇත. එමෙන්ම රැස් වලළු නිර්මානය කිරීමට සූදානම් කොට තිබූ බවක් දැකගත හැකිය. පිළිමයට පිටුපසින් මකර තොරණකි එහි බර උසුලනුයේ සින්හයන් දෙදෙනෙකු විසිනි. පිලිමයේ ආසන වාමන රූප වලින් අලන්කාර කොට ඇත. පිළිමය අව් වැසි වපින් ආරක්ශා කිරීමට පියස්සක් නිර්මාණය කොට තිබූ බවට පිළිමය ඉදිරිපස ඇති ගල් උළුවස්ස සහ ගල් කුළුණු සාක්‍ෂි දරයි.මෙම උළුවස්ස අලංකාර බොරදම් වලින් යුක්ත වේ.‍කරනලද කැණීම් වලින් මෙ‍ම පියස්සට උළු සෙවිලිකර තිබු බව අනාවරනය කරගෙන ඇත.එදා මෙදා තුල ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ලිදුම් ලබමින් වැජබෙන මෙම පිළිම වහන්සේට අව් වැසි වලින් සුළු හානි සිදුවී ඇති නමුත් එහි ශාන්ති ගුනයෙහි කිසිදු අඩුවක් වී නොමැත.අනුරාධපුර යුගයේ අග භාගයේදී නෙලීම ආරම්භ කර ඇති මෙම පිළිමයේ චීවරය සිරැරටම ඇලී ඇති ආකාරය නිරූනය කර ඇත.පොළොන්නරුව ගල් විහාරයේ සමාෂි පිළිම වහන්සේට බෙහෙවින් සමාන වේ.අනුරාදපුර යුගයේ අගභාගයේ දී එල්ල වූ සතුරු ආක්‍රමණ නිසා නිම කිරීමට නොහැකි වූ නිර්මාන පොළොන්නරැ යුගයේ දී තනා නිමකළා යැයි අනුමාන කල හැකිය.


[සංස්කරණය] සැතපෙන පිළිම වහන්සේ

සැතපෙන පිළිමය


අෂ්ඨඵල බෝධි රුක්‍ෂය රෝපිත ගල් තලාවේ උතුරු බෑවුමේ මෙම පිළිම වහන්සේ නෙලා ඇත.පිහිටි කළු ගල්තලාවෙන් මතුකොට නෙලා ඇති මෙම පිළිමයේ චීවරය සිරැරටම ඇලී ඇති ආකාරය නිරූනය කර ඇත. අඩි 40 පමන දිග මෙම පිළිම වහන්සේගේ හිස නැගෙනහිරට දිශානුගතතර ඇත. පිළිමය අව් වැසි වපින් ආරක්ශා කිරීමට පිළිමගරයක් නිර්මාණය කොට තිබූ බවට අවට නටබුන් පිරාක්සීමෙන් පෙනීයයි.අනුරාධපුර යුගයේ අගභාගයේ දී එල්ල වූ සතුරු ආක්‍රමන නිසා මෙම ප්‍රදේශය ජන ශූන්‍ය වීමෙන් පසු නිධන් හොරුන්ගේ ගොදුරු වී ඇත.1974 දී මෙම ප්‍රසේශයේ කැනීම් කර නැවත අනාවරනය කරගන්නා විට පිළිමයේ සිරස සහ ගැබ ප්‍රදේශය කඩා තිබී ඇති අතර නිධන් ගැනීමට ඒ අසල විශාල ගිනිමැලයක් දල්වා තිබූ බවට ඉතිරි වූ දරකොට සහ අගුරු වලින් අනාවරනය විය. එම අවස්ථාවේ දී ඒ අවට තිබී පිළිමයේ කෙස් වලළු,නාසය තොල්,කන් පෙති කම්මුලේ කොටස් ආදි හමුවිය.1984 සි පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව මෙම කොටස් යොදාගෙන ප්‍රති නිර්මාණයක් කිරීමට උත්සාහයක් ගත් නමුත් අද වනතෙක් එය සිදුවී නැත.පොලොන්නරුව ගල්විහාරයේ සැතපෙන පිළිම වහන්සේට බෙහෙවින් නෑකම් කියයි.


[සංස්කරණය] අෂ්ඨඵල බෝධි රුක්‍ෂය

බෝධීන් වහන්සේගේ


අණුබුදු මිහිදු මාහිමියන් විසින් ශ්‍රී ලංකාවේ බුද්ධ ශසනය පිහිටුවීමත් සමග මෙහෙණි සස්නද පිහිටවීමේ අරමුණ ඇතිව සංගමිත්තා මහා තෙරණියෝ ලක්දිව වැඩි සේක.ඇයගේ ලංකාගමනයේදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාකාවද වැඩම කරවන ලදි.මෙම ඓතිහාසික පිරිවර යාපනය සහ මන්නාරම අතර දඹකොළ පටුන නම් ස්ථානයට ගොඩබටහ.ඒ අවස්ථාවේ දී දෙවැනිපෑතිස් රජු කරවටක් ජලයට බැස ශ්‍රී මහා බෝධීන් වහන්සේ රන්මුවා පාත්‍රයකට ඉමහත් හරසරින් පිළිගත්හ. එතැන් සිට අනුරපුරයට රාජකීය පෙරහරින් වැඩමකරවන ගමනේ දී එවකට තිවන්ක බමුණුගම නමින් හැදින් වූ මෙම ප්‍රදේශයේ පාලකා වූ තිවන්ක නම් බමුණු පාලකයා පිරිස සමග මල්වතු ඹය දක්වා පෙරගමන් කොට රජු ඇතුළු පිරිස මහත් හරසරින් පිළිගෙන තම ප්‍රදේශයේ වූ උසම ස්ථානය වූ මෙම ගල් තලාවෙහි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු රාජකීය සහ පූජණීය පිරිසට පුද පූඩා පවත්වා නවාතැන් පහසුකම් හා ආගන්තුක පුද සත්කාර දක්වා ඇත.එම පූජණීය පිරිසට මිහිදු මහරහතන් වහන්සේ,සංගමිත්තා මහා රහත් තෙරණියෝ ඇතුළු සෙසු රහත් මෙහෙණින් වහන්සේලා 11 නමක් ද දේවනම්පියතිස්ස රජු ඇතුව රාජකීය සේනාවද වූහ.එදින රාත්‍රියේ දී බෝධීන් වහන්සේ අහසට නැගී බුදුරැස් විහාදුවමින් පෙළහර පෑ බවද කියැවේ. පසුදින උදෑසන අනුරපුරයට වැඩමවූ බෝධීන් ‍වහන්සේ ඉමහත් හරසරින් මහමෙව්නා උයනේ රෝපනය කරවන ලදි.මෙම අවස්ථාවේ සී තවත් බෝධී ැංකුර 08 පැණ නැගී ඇත.එම බෝධි අංකුර රෝපණය කිරීමේ උත්සවයට දිවයනේ සිව්දෙස නියෝජනය කරමින් සියළුම රාජ්‍ය නායකයින් සහබාගී විය.තිවන්ක බමුණු තෙමේ ද ඒ අතර ප්‍රමුක විය.බුදුරජානන් වහන්සේගේ ප්‍රාතිහාරයක් සහ මිහිදු මහ රහතන් වහන්සේගේ තීරණයක් අනුව එම බෝද අංකුර 08න් එකක් තිවන්ක බමුණු තුමාටද හිමිවිය. බමුනුතුමා එම අංකුරය භක්තියෙන් පිළිගෙන පෙරහරින් සියරට වැඩමවා පලමු දින ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැඩම‍කර තැබූ ගල්තලා මස්තකයේ කවාකාර මන්ඩපයක් තනවා එහි රෝපනය කළ සේක. මෙම ඓතිහාසික සිදුවීමත් සමග සියළුම ප්‍රදේශවාසී සියළුම දෙනා බෞද්ධාගම වැලඳගත්හ. තමන් ලත් අෂ්ඨඵල බෝධි රුක්‍ෂය තම ප්‍රාණය දෙවැනිකොට ආරක්‍ෂා කරමින් පුද පූජා පැවැත්වූහ. එමෙන්ම පසු කාලයේදී බෝධීන් වහන්සේගේ ආරක්‍ෂාවට ශෛලමය බෝධිගරයක් ද කරවා ඇත. සිව් දෙසින් මල් ආසන ද කරවා තුබුනු බවට මෑතකදී කල කැණීම් වලින් අනාවරනය වී ඇත.බුදුපිළිම නෙලීමේ කලාව බිහිවීමට පෙර ගල් පුවරැ වල සිරිපතුල නෙලා එයට පුද පූජා පැවැත්වීමට පුරැසු වී සිටි බවත් එවැනි සලකුණු මේ අවට පවතින බව දැකබලා ගත හැකිය.අවුරැදු දහස් ලණනක් අව්,වැසි,සුළං හා වන සතුනගේ පීඩා ලද නමුත් බුදුන් වහන්සේගේ අධිෂඨානයකට අනුව මෙම අෂ්ඨඵල බෝධි රුක්‍ෂයානන් වහන්සේ අදටත් ජීවමානව වැඩ හිදීම ඉමහත් ආශ්චර්යයකි.දෙස් විදෙස් බැතිමතුන් මෙම බෝධීන් වහන්සේ අභියස ලබන මානසික සුවය අපමනය.ඇතමෙක් මෙහි ඇති ශාන්ති ගුණය නිසාම දින ගණන් බෝධි මූලයේ බවුන් වඩති.


[සංස්කරණය] චෛත්‍ය රාජයානන් වහන්සේ

දාගැබ


1960 වර්ශයේ විහාරස්ථානය නැවත සොයාගෙන දියුනු කිරීමේ දි එහි දාගැබක් නොමැති වීම විශාල අඩුපාඩුවක් විය.මෙම අඩුව තදින්ම දැනෙන්නට විය. විහාරයේ නායක ස්වාමින් වහන්සේ මේ පිළිබඳව කොළඹ කොටුව ප්‍රදේශයේ පදිංචි ජේ.පි. ප්‍රේමදාස මහතාට සහ එම මැතිණියට දැනුම් දීමෙන් අනතුරුව එම දෙපල විසින් මුලින්ම විහාරස්ථානයට ඝණ්ඨාර කුළුණක් ස පසුව 1976 වර්ශයේ දී විහාරස්ථානයට මහත් අඩු පාඩුවක් වූ දාගැබ කරවන ලදි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ භශ්මාවශේෂ,‍වෙනත් වටිනා වස්තූන්,මූර්ති,බුදුන් වහන්සේ දේශනා කල ධර්මය කෙටූ රන්පත් තඹපත් ආදිය නිධන් කරනුයේ බෞද්ධ සිත් තුල තම සාන්තුවරයානන් වහන්සේ පිළිබඳව සහ එම ධර්මය පිළිබඳව පවත්නා විස්වාසය නිසාය. ඓතිහාසික අනුරාධපුර යුගයේ ඉදි වූ සෙසු දාගැබ් සමග සැසදීමේ දී මෙම දාගැබ එතරම් විශාල එකක් නොවේ. නමුත් තන්තිරිමලය පුරාන රජමහා විහාර භූමියේ ශෛලතලා මස්තකයේ රිදි බුබ්බුලාකාර හැඩයෙන් නිමවා ඇති මෙම දාගැබ් වහන්සේ ප්‍රමානයෙන් කුඩා වුවත් සුවිශේෂී අලංකාර බවකින් යුක්ත වේ.


[සංස්කරණය] කටුක දිවිවෙත


මහවිලච්චිය ප්‍රාදේශිකයට අයත් තන්තිරිමලේ ග්‍රාමය විල්පත්තු ජාතික වනෝද්‍්‍යනයට මායිනව පිහිටා තිබීම ප්‍රදේශ වාසීන්ට මිහිරි මෙන්ම අමිහිරි දිවිපෙවතක් උදාකර දීමට සමව බලපෑම් කරනු ලබයි.ඊසානදිග මේසම් සුළගින් පේෂණය වන හේන් ගෙවිතැනින් ප්‍රදේශ වාසීන්ගේ බත සරිකර ගනිති.වී,බඩඉරිගු, මුං, කවුපි, කුරක්කන්, තල, මෙන්රි,උඳු වැනි ධින්‍්‍ය වර්ග මෙන්ම වට්ටක්කා, මිරිස, පතවල, කරවිල, හා වැටකොළු වැනි එළවළු වර්ග ද අක්කර 200 පමන වන භූමි භාගයක් පුරා දෙසැමබර් හා ජනවාරි මාස වලදී දැකගත හැකිය. 20 වසරක් පුරා මෙරට පැවති කුරිරු යුද්ධයේ අඳුරු සෙවනැලි ප්‍රදේශය පුරා වරින් වර මතුවිය.මේ හේතුවෙන් මෑතකාලීන ගැමි ජීවිතය අඩාල කරදැමීමට හේතු වී ඇත.මෙම තත්වය සිය ගණන් ජනයා සිය වගා භූමි පමනක් නොව ගම් බිමි පවා අතහැර දමා යන තතවයට පත්කළහ.මෙසේ අත්හැර සමා ගිය ගම්මාන 20 පමන ප්‍රදේශයේ දැකගත හැකිය.ත්‍රස්ත ක්‍රියා ප්‍රදේහයේ මාරග පද්ධතිය මෙන්ම කුඩා පරිමාන වාරි පද්ධති වලටද විහාල ලෙස හානි සිදුකර ඇත.මේ හේතුවෙන් නැවත ජනාවාස කරණයකට පෙර ප්‍රදේශ‍යේ යටිතල පහසුකම් වර්ධනය කලයුතු වේ. කුමන තර්ජන ගර්ජන මධ්‍්‍ය‍‍‍‍‍‍‍‍‍‍යේ උවද නොසැලී සිටින සමාධි පිළිමය මෙන් එවකට විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේත් ප්‍රදේශයේ ජනතාවත් මෙම සියළු භාදක මැඩගෙන ඉදිරියට එමින් සිටිය දී 1992 ජූලි මස 22වන දින කුරිරැ බෝමබ ප්‍රහාරයකට ලක්ව නායක ස්වාමින් වහන්සේ හදිසියේ අපවත් විය. නමුත් එතුමන්ගේ ගෝල ස්වාමින් වහන්සේලා නායක ස්වාමින් වහන්සේගේ සමාජ මොහවරයන් ඉදිරිවයට ගෙන එනු ලබයි. නායක ද්වාමින් වහන්සේගේ හදිසි අපවත් වීමෙන් අනතුරුව වර්තමාන විහාරාධිපති ධූරන්දර පූජ්‍ය චන්‍ද්‍රරතන නායක ස්වාමින් වහන්සේ අද වනවිට විහාරද්තානයේ දියුණුවට විශාල මෙහෙයක් ඉටුකර ඇත. දෙස් විදෙස් සංචාරකයින් අතර මෙම ඓතිහාසික නාමය පතල කිරීම ඉන් ප්‍රධාන තැනක් ගනී. විහාරස්තානය තුල අද සිදුවන විශාලතම පුන්‍යකර්මය වන්නේ පොසොන් පෝය පාදක කරගෙන අති උත්කර්ශවත් ආකාරයෙන් පවත්වනු ලබන මහා ආලෝක පූජාන හා ධර්ම දේශානාවයි.විජය පුවත්පත් සමාගමේ පූර්ණ අනුග්‍රහය තැතිව සිදුවන මෙම සත්කාර්‍රය හේතුනේ වර්තමාණයේ දි විහාරස්තානයට විශාල ප්‍රසිද්ධියක් ලඅබී ඇත.අද වනනිට ත්‍රස්ත බිය ප්‍රදේශයෙන් තරමක් පහව ගෙස් ඇත.මේ හේතුවෙන් විශාල ලෙස දෙස් විදෙස් සංචාරකයින් දිනපතාම පාහේ මෙම ඓතිහාසික පුදබිම වැද පුදා ගැණීමට පැමිනෙමින් පවතී. බුදු සසුන ලොව පතල කිරීමට උර දුන් මහ රහතන් වහන්සේලාගේ පාද ස්පරශය ලද, අප මුතුන් මිත්තන්ගේ මහා විශම කර්ම නිර්මාණ වල අවශ්ෂ ගුණ සුවද තවමත් රැදි පවතින මෙම පුණ්‍ය භූමිය වැද පුදා ගැණීම මහත් කුසල් හිමිකර දෙන්නා සේම ලැබිය හැකි මානසික සුවය මෙතකැයි කිව නොහැකිය.පිංතූර ගැලරියක් යෙදීම සඳහා කේතනය.



[සංස්කරණය] වෙනත් පිටු

තන්තිරිමලේ

[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු

tantirimale.wordpress.com

lankalibrary.com/heritage/tantiri

lankadeepa.lk/Section/tantirimale

tantirimale.org

mahavilachchiya.net


[සංස්කරණය] පින්තූර

[සංස්කරණය] මූලාශ්‍ර