තට්ටු දෙකේ බස් රථයක බෝම්බ පිපිරිම

විකිපීඩියා වෙතින්

9.47 මාර්බල් ආර්ක් සිට හැක්නිවික් දක්වා දිවෙන ස්ටේජ්කෝච් ගංඩන් මගින් ක්‍රියාත්මක කරන LXO3BUF ලියා පදිංචි අංකයක් ඇති තට්ටු දෙකේ බස් රථයක් තුල පිපිරිමක් ඇති විය. මීට ප්‍රථම, හැක්නිවික් සිට "මාර්බල් ආර්ක්" දක්වා " කින්ග්ස් ක්‍රෝස් " ප්‍රදේශය පසු කරමින් ගමන් කරයි. "මාර්බල් ආර්ක්" හි දි බස් රථය හරවා නැවත හැක්නිවික් වෙත ගමන් ආරම්භ කරන ලදි. එය "මාර්බල් ආර්ක්" වෙතින් උදෑසන 9ට පමණ පිටත්වු අතර ඉයුස්ටන් බස් නැවතුම් පොළට 9.35ට පමණ ළගා වු අතර එහිදී බසයේ මගින් උමං දුම්රිය පොළෙන් බස් රථයට නැගුනු අතර " කින්ග්ස් ක්‍රෝස් " මාවත වසා දමා ඇති හෙයින් පොලිසිය බස් රථය සාමාන්‍ය දිනවල භාවිතාකරන මාර්ගයෙන් බාහිරව වෙනත් මාර්ගයක ධාවනය කරවුහ. බිම්ගත මාර්ගවල සිට ජනතාවද බසයට ගොඩ විය. පිපිරිම සිදුවන වේදාවේදී බසය "ටච්ස්ටොක්" චතුරස්‍රය හරහා ඉහළ "වොබර්න් පෙදෙස" දක්වා ගමන් කරමින් සිටියේය.

පිපිරිමෙන් බසයේ ඉහළ මහලේ වහලය ගලවා දමන ලද අතර බසයේ පිටුපස ද විනාශ විය. සිද්ධිය ඇසින් දුටුවෙකු ප්‍රකාශ කරන ලද්දේ "බසයේ භාගයක් අහසේ පියාසර කරමින් තිබු බවයි." පිපිරිම සිදුවුයේ "බිත්‍රාන්‍යය වෛද්‍ය සංගම් ගොඩනැගිල්ලට ආසන්නව වන අතර ගොඩනැගිල්ලට ආසන්න වෛද්‍යවරැැන්ට හදිසි වෛද්‍ය සේවය ගලා දීමට හැකියාව ලැබුනි. " BBC ගුවන් විදුලිය 5" සහ " ද සන්" පුවත්පත පසුව වාර්තා කර තිබුණේ බසය තුළ සිටි පුද්ගලයෙකු බෝම්බයක් පුපුරවා ගත් බව බසයේ මගින් දුටු බවයි. පුවත්පත් වාර්තා "හසීබ් හුසේන් " (Hasib Hussain) නම් පුද්ගලයා එම පිපිරවීම සිදු කළ පුද්ගලයා හදුනා ගෙන ඇත. මෙම බස් බෝම්බය පිපිරි ඇත්තේ වාහනයේ ඉහළ තට්ටුව පිටුපසදී වන අතර බසයේ ඉදිරිපසට ඉන් දැඩි හානියක් වී නොතිබුණී. බසයෙ ඉදිරිපස සිටි පිරිස් ප්‍රහාරයෙන් නිරුපද්‍රිතව බේරි ඇති අතර පහළ හා ඉහළ තට්ටුවල පසුපස සිටි බොහෝ මගින් ප්‍රමාණයක් ප්‍රහාරයෙන් පිළිස්සුම් තුවාළ ලබා ඇත. මිය ගිය ප්‍රමාණය කොපමණදැයි ගණනය කිරිමට ටික කාලයක් ගතවු අතර පොලිසිය විසින් මිය ගිය පිරිස අතර ඝාතකයාගේ මළ සිරුරත් තිබේදැයි පරික්ෂා කරන ලදී. මෙම පිපිරිමෙන් එහා මෙහා ගමන් කරමින් සිටි කිහිප දෙනෙකුට තුවාල සිදු වු අතර වටපිටාවේ තිබු ගොඩනැගිලිද අනතුරට පත් විය. උමං දුම්රිය මාර්ගයේ තිබි ගවත් සැක කටයුතු පාර්සල් 02 සොයා ගන්නා ලදී. මේව පොලිසිය විසින් පුපුරුවා හැරිය නමුත් පසුව සනාථ වුයේ ඒවා බෝම්බ නොවන බවයි.

සන්දර්භය

මෙම බෝම්බ සිදු වීම වාර්තා වුයේ බ්‍රිතාන්‍යය විසින් 31වන G8 සමුළුව පැවැත්වු පළමු දිනයේ දීය. එමෙන්ම 2012 ගිම්හාන ඔලිම්පික් උළෙල සදහා ලංඩන් නගරය සුදුසුකම් ලැබීමට දිනකට ප්‍රථමයෙන්ද මුලධර්මවාදී පුජකයෙකු වන අබු හම්සා අල් - මස්රි ගේ නඩු විභාගයට දින දෙකකට කලින්ද " Live 8" ප්‍රසංගයට දින 05ක් තිබිය දීද සහ යුරෝපීය සංගම් කවුන්සිලයේ සභාපතිත්වය බ්‍රිතාන්‍යය විසින් භාර ගැනීමෙන් ස්වල්ප වේලාවකට පසුව ද ආදී වශයෙන් වු සිද්ධි දාමයකට පස්ව මෙම බෝම්බ පිපිරීම වාර්තා විය. එමෙන්ම වර්ගවාදී පෙළඹවීමකින් බිහිවු " බ්‍රැඩ්ෆිර්ඩ් කැරැල්ල"එම සිදු වීමේ හතරවන සංවත්සරය යෙදුණු දිනම මෙම ප්‍රහාරය ද වාර්තා විය.