ට්‍රම්පට්

විකිපීඩියා වෙතින්


වර්ගීකරණය · සුසරභාණ්ඩයකි. (Wind) · පිත්තල. · Aerophone. වාදන පරාසය

ලිඛිත පරාසය:


විශාල හඬක් නැංවිය හැකි පිත්තල පවුලේ උපකරණයකි. පැහැදිලි හඬක් නිකුත් කරයි. ට්‍රම්පටයෙහි ඉතිහාසය කි.පූ.1500 පමණ තෙක් දිව යයි. පිත්තල නලයක් හතරැස් හැඩයක් ලැබෙන සේ දෙකට නමා නිපදවන අතර තොල් වසා පිඹීමෙන් ‘ගුම්’ නාදයක් (Buzzing Sound) නිපදවා ගනු ලැබේ.

කීප ආකාරයක ට්‍රම්පට් වර්ග තිබේ. පැරනි ට්‍රම්පට් වල කපාට නොමැත. නවීන ට්‍රම්පට් වල පිස්ටන් කපාට තුනක් තිබේ. නලය සම්බන්ධ කිරීමේදි මේ හැම එකක්ම නලයේ දිග වැඩි කරයි.

ලුයී ආර්ම්ස්ට්‍රෝන්ග්, මයිලස් ඩේව්ස්, ඩිසි ගිලෙස්පි සහ මේනාර්ඩ් ෆර්ගියුසන් වැනි පිලිගත් වාදකයින් ජෑස් සංගීත ක්ෂේත්‍රය තුල සිටියද විවිධා කාර සංගීත ක්‍රමයන් වලට ට්‍රම්පටය යොද‍ා ගනු ලැබේ. ට්‍රම්පටය සඳහා වඩාත් ජනප්‍රිය සංගීත ඛාණ්ඩයන් අතර ට්‍රම්පට් වොලන්ටරි වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ට්‍රම්පට්&oldid=582800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි