ජෝන් ඇඩම්ස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ජෝන් ඇඩම්ස්
A painted portrait of a man with greying hair, looking left.

In office
1797 මාර්තු 4 – 1801 මාර්තු 4
Vice President තෝමස් ජෙෆර්සන්
Preceded by ජෝර්ජ් වොෂින්ටන්
Succeeded by තෝමස් ජෙෆර්සන්

ඇමෙරිකාවේ පළමුවැනි උප ජනාධිපතිවරයා
In office
1789* අප්‍රේල් 21 – 1797 මාර්තු 4
President ජෝර්ජ් වොෂින්ටන්
Preceded by අලුතින් පිහිටුවන ලද තනතුරකි
Succeeded by තෝමස් ජෙෆර්සන්

සෙන්ට් ජේම්ස් රාජසභාවට පත් වූ එක්සත් ජනපද තානාපති සහ ඇමති
In office
1785 අප්‍රේල් 1 – 1788 මාර්තු 30
Appointed by සමාබන්ධන කොංග්‍රසය
Preceded by අලුතින් පිහිටුවන ලද තනතුරකි
Succeeded by තෝමස් පින්ක්නි

In office
1782 අප්‍රේල් 19 – 1788 මාර්තු 30
Appointed by සමාබන්ධන කොංග්‍රසය
Preceded by අලුතින් පිහිටුවන ලද තනතුරකි
Succeeded by විලියම් ෂෝර්ට්

නියෝජිත
දෙවැනි මහාද්වීප කොංග්‍රසය
මැසචූසෙට්ස් ප්‍රාන්තයෙන්
In office
1775 මැයි 10 – 1778 ජූනි 27
Preceded by අලුතින් පිහිටුවන ලද තනතුරකි
Succeeded by සැමුඑල් හෝල්ටන්

නියෝජිත
පළමු මහාද්වීප කොංග්‍රසය
මැසචුසෙට්ස් බේ පළාත් සභාවෙන්
In office
1774 සැප්තැම්බර් 5 – 1774 ඔක්තෝබර් 26
Preceded by අලුතින් පිහිටුවන ලද තනතුරකි
Succeeded by තනතුර අලෝපනය කරන ලදි

Born ඔක්තෝම්බර් 30, 1735(1735-10-30)
මැසචූසෙට්ස් හි බේන්ට්‍රී
(වර්තමාන මැසචූසෙට්ස්හි කුවින්සි
Died ජූලි 4 1826 (වයස 90)
මැසචූසෙට්ස් හි කුවින්සි
Resting place United First Parish Church
Quincy, Massachusetts
Political party ෆෙඩරලිස්ට් පක්ෂය
Spouse(s) ඇබිගේල් ස්මිත්
Children ඇබිගේල් ඇඩම්ස් ස්මිත්
Alma mater හාවඩ් විශ්ව විද්‍යාලය
Profession නීතීඥ
Religion Unitarian
(previously Congregationalist) [1]
Signature Cursive signature in ink
*උප ජනාධිපති වශයෙන් ඇඩම්ස් සිය වාරය පටන් ගත්තේ මාර්තු 4 ද අප්‍රේල් 6 ද යන්න විවාද සහිතය. මාර්තු 4 යන්න සිය පළමු උප ජනාධිපතිවාරය පටන් ගත් නිල දිනයයි. අප්‍රේල් 6 යන්න කොංග්‍රසය විසින් චන්ද දිස්ත්‍රික්ක ගණන් කර අවසන් වූ පසු උප ජනාධිපති වශයෙන් සහතික කළ දිනයයි. අප්‍රේල් 21 දිනය ඇඩම්ස් සෙනෙට් සභාවේ මුලසුන ගත් දිනයයි.


ජෝන් ඇඩම්ස් විකිපීඩියා වෙතිනි, නිදහස් විශ්වකෝෂය

ජෝන් ඇඩම්ස් (1735 ඔක්තෝබර් 30 - 1826 ජූලි 4) මුලින් එක්සත් ජනපදයේ පළමුවන උප ජනාධිපති ලෙස සේවය කිරීමෙන් අනතුරුව එක්සත් ජනපදයේ දෙවන ජනාධිපති ලෙස තේරී පත්විය. ඇඩම්ස් රාජතාන්ත්‍රිකකු, රජධුතයෙකු, මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමේ අරගලයේ අනුශාසකයෙකු හා ඇමරිකාවේ ආරම්භක පීතෘ වරයෙකුද වේ. උගතෙකු වු ඔහු සමුහන්ඩුවාදය හා ශක්තිමත් මද්‍යම රජයක් ප්‍රචලිත කිරීමට වෙහෙසුන දේශපලන න්‍යායාචාර්ය වරයෙක් විය. ප්‍රකාශයට පත් වු ඔහුගේ ක්‍රියාවල, ඔහු සිය බිරිඳට, අනුකුත් ආරම්භක පීතෘවරුනට හා ප්‍රධාන උපදේශක ඇබිගේල් ඇඩම්ස් ලිවූ ලිපිවල ඔහු සතු වු නව හා බලපෑම්එල්ල කරන සුළු ලේඛන හැකියාව පෙන්වයි. කිසිදිනක වහලෙකු තබා නොගත් ඔහු වහල් මෙහෙයට ජීවිතය පුරාවටම විරුද්ධ විය. ජෝන් ඇඩම්ස් ප්‍රසිද්ධියට පත්වුයේ ඇමෙරිකානු විප්ලවයේ මුල් අවධියේදීය. ඔහු බොස්ටන් හී නීතිඥයෙකු හා ප්‍රසිද්ධ පුද්ගලයෙකු විය. මහද්වීපික කොන්ග්‍රසයේ මැසචුසෙට්ස් හි නියෝජිතයා ලෙස සිට කාලයේ ඔහු නිදහස ලබා ගැනීම සදහා කොන්ග්‍රසයට කැපී පෙනෙන බලපෑමක් සිදු කරන ලදී. 1776 නිදහස් ප්‍රකාශනය කෙටුම්පත් කිරීමේදී ඔහු තෝමස් ජෙෆෙර්සන් හට සහය වන ලද අතර ඔහු ඒ සම්බන්දයෙන් කොන්ග්‍රසයේ ප්‍රථමික න්‍යායාචාර්ය වරයකුද විය. එමෙන්ම පසුකාලීනව යුරෝපයේ රාජතාන්ත්‍රිකයෙකු ලෙස මහා බ්‍රිතාන්‍යය සමග සාම ගිවිසුම සාකච්ඡා කිරීමටද සහය විය. ඊට අමතරව නෙදර්ලන්ත බැන්කුකරුවන්ගෙන් ප්‍රධානම රාජ්‍ය ණය ලබා ගැනීමටද මුල් විය. දේශපලන සංකල්ප කරුවකු හා ඉතිහාසඥයකු වු ඇඩම්ස් ඇමරිකානු දේශපලන අදහස්‌ වලට බලපෑ "Thoughts on Government" නමැති කෘතිය පදනම් කරගෙන 1780 දී මැසචුසෙට්ස් හී ව්‍යවස්ථාව සම්පාදනයටද එක් විය. ඔහුගේ වැදගත්ම භුමිකාවන්ගෙන් එකක් වුයේ නඩුකාරයෙක් ලෙස සිටි අවධියයි. 1775 දී ජෝජ් වොෂින්ටන් හමුදපති ලෙසද වසර 25 කට ජෝන් මාෂල් එක්සත් ජනපදයේ නීතිපති ලෙස යෝජනා කරන ලදී.

ඇඩම්ස්ගේ විශ්වාසවන්ත භාවය ජෝජ් වොෂින්ටන් සමයේ උප ජනාධිපති ධුර කාල දෙකකට හා 1796 දී දෙවන ජනාධිපති ලෙස පතිවීමටද හේතු විය. ඔහුගේ ධුර කාලය තුලදී ඔහු ජෙෆෙරෝනියන් රීපබ්ලිකන් වරුන්ගේ හා ඔහුගේ ෆෙඩරල් පක්ෂයේ කල්ලි නායකයෙකු වු ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ගේ රුදිරු ප්‍රහාර වලට මුහණ දිනි. එමෙන්ම ඔහු මතභේදකාරී පරදේශ හා දේශද්‍රෝහී පනත අත්සන් කරන ලද අතර ප්‍රකාශයට පත් නොකරන ලද 1798 හා 1800 අතර ප්‍රංශය සමග පවතී නාවුක යුද්ධයක් සදහා යුධ හා නාවික හමුධ ද තර කරන ලදී. ඔහුගේ ප්‍රදානම ජයග්‍රහනය වුයේ හැමිල්ටන් ගේ විරෝධතාවය මත වුවද ගැටළු සමකාමීමව විසදා ගැනීමයි. 1800 දී තෝමස් ජෙෆෙර්සන් ඔහු නැවත පත්වීම පරාජය කරන ලද අතර ඔහු ඉන් පසු මැසචුසෙට්ස් වෙත ගියේය. පසු කලෙක ඔහු ජෙෆෙර්සන් සමග වු මිතුදම නැවත ඇති කර ගන්න ලදී. වර්තමානයේ ඇඩම්ස්ගේ දේශපලන පවුල ලෙස හදුන්වන ලබන ඇඩම්ස් හා බිරිඳ එක්ව සාදන ලද පිරුණු පවුලෙහි දේශපාලකයින්, රජතන්ත්‍රිකයන් හා ඉතිහාසඥයන්ගෙන් සපිරිණි. ඇමරිකාවේ හයවන ජනාධිපති වු ජෝන් ක්වින්සි ඇඩම්ස් ගේ පිය වුයේ ඇඩම්ස්ය. ඔහු ළගා කර ගත් දේ වර්තමානයේ මහත් පිළිගැනීමකට ලක්වන මුත් ඔහුගේ දායකත්වයන් අනිකුත් ප්‍රරම්බකයන්ට වඩා මුලදී ගණන් නොගැනිණි. ධවල මන්ධිරය ලෙස පසුකාලීනව හැදින්වූ නිවසේ ප්‍රථමයෙන්ම පදිංචි වු ඇමෙරිකානු ජනාධිපති වුයේ ඇඩම්ස්ය.

මුල් අවධිය වර්තමානයේ මැසචුසෙට්ස් හී ක්වින්සි (එකල්හී මැසචුසෙට්ස් හී බ්‍රෙන්ට්‍රී ලෙස හැදින්වූ ) හිදී ජේෂ්ඨ ජෝන් ඇඩම්ස් හා සුසානා බෝය්ල්ස්ටන් ඇඩම්ස් ට දාව 1735 ඔක්තෝබර් 30 වන දින (පැරණ ක්‍රමයේ ජුලියානු කැලැන්ඩරයට අනුව 1735 ඔක්තෝබර් 19 වන දින) පුතුන් තිදෙනෙක් සහිත පවුලක වැඩිමලා ලෙස ජෝන් ඇඩම්ස් උපත ලැබීය. ඇඩම්ස් උපන් ස්ථානය අද වන විට ඇඩම්ස් ජාතික පුරාවිද්‍යා උයනේ කොටසකි. ඔහුගේ පියා (1691-1761), 1638 දී එංගලන්තයේ සමර්සෙට් සිට මැසචුසෙට් ප්‍රදේශයට සංක්‍රමණය වූ හෙන්රි ඇඩම්ස් ගේ පස්වන පරම්පරාවට අයත් වේ. නරක දෙ ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් පැවත ආ වැඩිමහල් ඇඩම්ස් වරු සිය ආගමික සම්ප්‍රදායන් රකිමින් දේව සභාවේ උපස්තයකන් ලෙස කල්ගේවුහ. ඔහු වගා කටයුතු වල මෙන්ම කලක් හමුදාවේ ලුතිනන් වරයෙකු ලෙසද ක්‍රියා කළේය. එමෙන්ම ඔහු නගර සභිකයෙකු හා මහාමාර්ග, පාසල් ගොඩනැගීමේ හා සැලසුම් කිරීමේ වැඩ පරීක්ෂකයෙකු ලෙසද කටයුතු කළේය. ඇඩම්ස් නිතරම සිය පියාව අගය කල අතර ඔහු කුඩා කාලයේදී සිය පියා සමග දැඩි සම්භන්දයක් තිබු බව ප්‍රකාශ කර තිබුණි. සුසානා බෝඉල්ස්ටන් ඇඩම්ස් Brookline හී බෝඉල්ස්ටන් නමැති කොලනියේ ප්‍රකට වෙද පවුලක සාමාජිකාවක් වුවාය. තරමක් ධනවත් පසුබිමක ඇති දැඩි වුවද සමාජය බලාපොරොත්තු වන සිය පවුලේ උරුමය රැකගෙන ජීවත් වීමේ වගකීම ඇඩම්ස් හට තදින්ම දනී තිබුණි. ඇමෙරිකානු කොලනි කරණයට මුල්වූ 1630 දී පමණ ඇමරිකානු වනයට පැමිණ ශුද්ධවන්තයන්ගේ ඍජු පවතෙන්නෙක් වු ඔහුට කලාපයේ වු සංකෘතිය, නීතිය හා සම්ප්‍රදායන් කෙලිම බලපෑවේය. රිචඩ් බ්රුක්ෂයර් නම් මාද්‍යවේදියා අදාළ ඉතිහාස කරුණු ගෙනහැර දක්වමින් ශුද්ධවන්තයන් වු ඇඩම්ස් ගේ ආදී මුතුන් මිත්තන් බයිබලය තුල ජීවත්වුවන් පිරිසක් ලෙස ලියා දක්වන ලදී. 1735 ජෝන් ඇඩම්ස් උපත ලැබු වසර වන විට ශුද්ධවන්තයන්ගේ ඇදහීමක් වු කර්මය පොදුවේ එතරම් පිළිගත් එකක් නොවූ අතර ඔවුන්ගේ තදබල පරිචයන් කාලයත් සමගම වියැකී ගොස් තිබිණි. නමුත් ජෝන් ඇඩම්ස් විසින් ඔවුන් නිදහසේ ධාරකයන් ලෙස හා ශුද්ධ වු අවශ්‍යතාවයක හේතුව ලෙස සලකුණු ලැබීය. එය ඔහු ජීවත් වීවට පැතු හා අගය පද්ධතිය විය. 1751 වයස 16 දී තරුණ ඇඩම්ස් හාවඩ් විද්‍යාලයට යන ලදී. ඔහුගේ පියා ඔහු ඇමතිවරයෙකු වනු දැකීමට කැමැත්තෙන් සිටි මුත් ඇඩම්ස්ට එය ගැටලුවක් විය. 1755 දී උපාධිය ලබා ගැනීමෙන් පසු වොසෙස්ටර් හී පාසැලක වසර කීපයක් ඉගැන්වීමෙහි නියැලුණේය. එය ඔහුට තම වෘත්තීය තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දෙන ලදී. බොහෝ කල්පනා කිරීමෙන් පසු ඔහු නීතිඥයෙකු වීමට තීරණය කරන ලදී. ඔහු සිය පියාට ලිපියක් ලියමින් තමුන් නීතිඥ රැකියාවෙහි ශුර හා උසස් ජයග්‍රහණයන් දකින බවද පුජ්‍යපක්ෂය තුල ඇති මවාගත් පවිත්‍රතාවය හුදෙක්ම මෝඩකමක් බවද කියා සිටියේය. පසු කලෙක ඔහු අධ්වෛතවධියෙක් බවට පත් වීමත් සමගම ඔහු කර්මය, සදාකල් නිරයට යාම, ක්‍රිස්තුගේ දේවත්වය වැනි ඔහුගේ ශුද්ධවන්තයන්ගේ පරපුරේ වු කල්වනි පිළිගැනීම් ඉවත දමන ලදී. පසුව ඇඩම්ස් වොසෙස්ටර් හී ප්‍රකට නීතිඥයෙකු වු ජෝන් පුට්නම් ගෙන් නීතිය ඉගෙන ගන්නා ලදී. 1758 දී හර්වාඩ් විශ්ව විද්‍යාලයෙන් A.M ලබා ගැනීමෙන් අනතුරුව ඇඩම්ස් නීතිඥ සංගමයට ඇතුලත් විය. මුල් අවධියේ සිටම ඔහු සිය දිනපොතේ සිද්ධි පිළිබද විස්තර ලිවීම හා මිනිසුන්ගේ හැගීම් පිළිබද ලිවීම විනෝදාංශයක් බවට පත් කර ගත්තේය. ඔහු එම හැකියාව සිය නීතිඥ රැකියාවෙහි ඉතා හොදින් යොදා ගත් අතර නිතරම නඩු අද්‍යානයේ යෙදිනි. 1761 මැසචුසෙට්ස් හි ඉහලම උසාවියේදී ජේම්ස් ඔටිස් විසින් ගැන ආ රිට් ආඥවේ නීතනුකුල බව පිළිබද ඔහු ලියු වාර්තාව මේ සදහා කදිම උදාහරණයකි. ඔහුගේ 29 වන උපන්දිනයට දින පහකට මත්තෙන් වු 1764 ඔක්තෝබර් 25 වන දින ඔහු සිය තෙවන මස්සින මෙන්ම කොන්ග්‍රසයේ ඇමතිවරයෙකු වු වෙමවුත් හි පුජ්‍ය විලියම් ස්මිත් ගේ දියණිය වු අබිගෙල් ස්මිත් (1744-1818) සමග විවාහ විය. ඔවුන්ගේ දරුවන් වුයේ අබිගෙල් (1765-1813), අනාගත ජනාධිපති ජෝන් ක්වින්සි ඇඩම්ස් (1767- 1848), සුසානා (1768-1770), චාල්ස් (1770-1800), තෝමස් බෝය්ල්ස්ටන් (1772-1832) සහ එලිසබෙත් (1777) විය.

විප්ලවයට පෙර රැකියව

1765 මුද්දර පනතට විරෝධියෙක්

ඇමරිකානු නීති වේදීන්ගේ සහභාගිත්වයෙන් තොරව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් පැනවූ 1765 මුද්දර පනතට විරුද්ධ වීම ඇඩම්ස් ගේ පළමු නැගී සිටීම විය. ඉංග්‍රීසි ජාතිකයන් ලෙස සිය සාම්ප්‍රදායික අයිතිවාසිකම් උල්ලංඝන කරන බව පවසමින් ඇමරිකානුවන් එයට තදබල ලෙස විරුද්ධ විය. ඔහු පසුව සහභාගී වු ප්‍රසිද්ධ විරෝධයක් නම් නිතර නැවත මුද්‍රනය කල ජොනතන් මෙහිව් නම් බොස්ටන් හේ පුජකයාගේ දේශනාවකි. 1765 ඇඩම්ස් විසින් දී පසු කලෙක අනිත් නගර වල නියෝජිතයන්ටද උපදෙස් මාලාවක් සැපයු මැසචුසෙට්ස් ව්‍යවස්ථදායකයේ සිය නියෝජිතයන්ට බ්රෙන්ට්‍රී හී වැසියන් විසින් යවන ලද උපදෙස්මාලාව කෙටුම්පත් කරන ලදී. 1765 අගෝස්තු වලදී ඔහු බොස්ටන් ගැසට් හී පලවූ වැදගත් ලිපි හතරකට නිර්නාමිකව දායක වන ලදී. ("ඇමරිකාවේ සත්‍ය අභිප්‍රායන්" නොහොත් "කාල තුවක්කු හා වැඩවසම් නීති සංග්‍රහය" ලෙස 1768 දී ලන්ඩන් ක්රෝනිකල්ස් හී නැවත පලවිනි). ඇඩම්ස් ගේ ශුද්ධවන්තයන් වු මුතුන් මිත්තන් නව එංගලන්තයට ගෙන ආ ප්‍රොතේස්තන්ත අදහස්‌ හා මුද්දර පනතට විරුද්ධ වීම පසුපස සම්භන්ධයක් පවතින බව ඔහු ලිපියක් මගින් ඉඟි කරන ලදී. ඉහත කී ලිපියෙන් මුද්දර පනතට විරුද්ධව කොලනිවල විරෝධතාවයක් ඇති වුයේ සැම ඉංග්‍රීසි ජාතිකක් හටම මෙන්ම සැම නිදහස් මිනිසෙකුටම හිමිවියයුතු සහතික කරන ලද මුලික අයිතිවාසිකම් දෙකක් එම මුද්දර පනත නිසා උල්ලංගනය වන නිසා බැව පැහැදිලි කරන ලදී. එනම් බදු අය කල යුත්තේ අවසරයක් ඇතුව හා නඩු විභාග කල යුත්තේ තමාගේම අය සිටින ජුරි සභාවක් සමග යන්නයි. බ්රෙන්ට්‍රී උපදෙස්මාලාව යටත් විජිත අයිතිවාසිකම් හා නිදහස පිළිබද ලියවුන ඍජු හා සංශිප්ත ලියවිල්ලක් වන අතර ප්‍රභන්දය දේශපලන අද්‍යාපනය පිළිබද රචනාවක් විය. 1765 දී ඔහු කවුන්සිලය හා ආණ්ඩුකාර වරයා හමුවේ කතාවක් පවත්වමින් මැසචුසෙට්ස් හට පාර්ලිමේන්තුවේ නොමැති භූමිකාවක මුද්දර පනත අවලංගු සහගත බව ප්‍රකාශ කරන ලදී.

බොස්ටන් සංහාරය 1770 දී බ්‍රිතාන්‍ය සෙබළුන් විසින් මහමග උද්ඝෝයනය කල සිවිල් වැසියන් පස් දෙනෙක් ඝාතනය කිරීම බොස්ටන් සංහාරය ලෙස සැලකේ. සිද්ධියට සම්බන්ධ වු සෙබළුන් අපරාධ චෝදනා මත අත්තඩංගුවට ගන්නා ලදී. සුපුරුදු පරිදි ඔවුනට නීති උපදේශකයන් සොයා ගැනීමේ දුෂ්කරතා ඇතිවිය. අවසානයේ ඔවුන් ඇඩම්ස් හට ආරාධනා කලෝය. ඔහු සිය කීර්තිනාමයට හානි වේදෝ යන චකිතයෙන් එයට එකඟ විය. ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට යාමේදී ඇඩමස් වර්තමානයේ සාක්ෂි මත තීන්දු ගැනීම සම්බන්දයෙන් වන ප්‍රකට කියමන ප්‍රකාශ කරන ලදී. "කරුණු යනු දැඩි දෙයකි; අපගේ සිතුම් පැතුම්, අදහස්‌ උදහස් වැනි දේ මගින් කරුණු හා සාක්ෂි වල තත්ත්වය වෙනස් නොකරනු ළබයි. "දඩුවම් පැමිණවීමට නොහැකි තරමට අපරාධ හා වරදිකිරීම් මෙලොව ඉතා සුලභ බැවින් වරද්කරුවාට දඩුවම් පැමිණවීමට වඩා නිර්දෝෂී පුද්ගලයෙකු රැකීම ඉතා වැදගත් වේ. නමුත් නිර්දෝෂී පුද්යලයෙකු නීතිය හමුවට පැමිණ දඩුවමි දීම හෝ මරා දැමීම සිදු කල හොත් මහජනයා විසින් නිර්දෝෂී පුද්ගලයාටත් ආරක්ෂාවක් නොමැති පසුබිමක හොද හෝ නරකක් කිරීමේ වෙනසක් නොදකිනු ඇත. එවන් සිත්විල්ලක් මහජනයා විසින් සිතේ එල්බගෙන සිටියහොත් එය කුමන හෝ අයුරක ආරක්ෂාව යන සංකල්යේ අවසානය වනු ඇත. සෙබළුන් හය දෙනෙක් නිදහස් කරන ලදී. පිරිසට වෙඩි තැබු දෙදෙනෙකුට මිනීමැරීම සම්බන්දයෙන් චෝදනා එල්ල වු අතර වරද කරුවන් වුයේ මනුෂ්‍යඝාතනය සම්බන්දයෙන් පමණි. සෙබළුන් විසින් සපත්තු කුට්ටමක මිල නොහොත් ගිනි කුරුල්ලන් දහ අට දෙනෙකුගේ මිල ඇඩම්ස් හට ගෙවන ලදී. ඔහු නඩුවකට සුදානම් වෙමින් සිටියදීම 1770 වේ ජුනි මසදී මැසචුසෙට්ස් හී මහා අධිකරණයට ඇඩම්ස්ව තෝරා පත් කර ගන්න ලදී.

පාර්ලිමේන්තු අධිකාරිය පිළිබද ගැටුම

1772 දී මැසචුසෙට්ස් ආණ්ඩුකාර තෝමස් හචින්සන් විසින් කිරීටය විසින්ම රෙගු ආදායම් මගින් මින් මතුවට ගෙවීමට තීරණය කර ඇති නිසා ඔහුගේ හා සිය නඩුකාරයන්ගේ වැටුප් මැසචුසෙට්ස් ව්‍යවස්තාදායකය විසින් ගෙවීමට අවශ්‍ය නොවන බව නිවේදනය කරන ලදී. කැරලිකාරී බොස්ටන් වැසියන් උද්ඝෝෂණය කල අතර ඇඩම්ස් හට ඔවුන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන ලෙස කියා සිටියේය. මැසචුසෙට්ස් නියෝජිත මණ්ඩලය විසින් ආණ්ඩුකාර හචිසන් හට කල ප්‍රති උත්තර බැදීම් දෙකකදී යටත් විජිත වැසියන් කිසි දිනක පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය කට යටත් වී නොමැති බව කියා සිටියේය. එමෙන්ම සත්‍ය වශයෙන්ම ඔවුන් සමග ගිවිසුමක් ඇත්තේ රජු බවත් රාජපාක්ෂික බව අත්තේ ඔහු සමග පමණක් බවත් පවසන ලදී. යටත් විජිත වල පුර්ණ නිදහස හා පාර්ලිමේන්තු ස්විරීභාවය පිළිබද සැහීමකට පත් නොවිය හැකි නම් කොලනි කරුවන්ට නිදහස වින වෙන විකල්පයක් තෝරා ගත නොහැකි බව ප්‍රකාශ කරන ලදී. Novanglus; or, A History of the Dispute with America, From Its Origin, in 1754, to the Present Time නම් කෘතියෙ ඇතැම් ලිපි මගින් ඇඩම්ස් විසින් කොලනි පාර්ලිමේන්තු වල නිරපේක්ෂ අධිකාරිය සම්බන්ද හචිසන්ගේ මතයට පක්ෂව කරුණු දැක්වූ ඩැනියේල් ලෙනාඩ් විවේචනය කරන ලදී. Novanglum නම් කෘතියෙන් ලෙනාඩ් ගේ ලිපි කරුණින් කරුණ බිඳ හෙලන ලදී. එය එවකට යටත් විජිත් කරුවෙකු විසින් අධිරාජ්‍ය ප්‍රතිපත්තිය එරෙහිව ගෙනගිය ව්‍යක්තම හා ප්රුතුලම විවේචනය ලෙස හැදින්වනු ලැබිණි. ඇඩම්ස් විසින් ආරම්භය, ස්වරුපය හා බලතල පිළිබද පැහැදිලි කරන ලද අලිඛිත බ්‍රිතාන්‍ය ව්යවස්ථාව ඔහුගේ ක්‍රමානුකුල උත්සහයක් විය. ඇඩම්ස් විසින් සිය ඉංග්‍රීසි හා යටත් විජිත නීති ඉතිහාසය පිළිබද පෘථුල දැනීම ප්‍රාදේශීය ව්යවස්ථාදායකයාන් ස්වකීය අබ්යන්තර තීරණ ගැනීමෙහිලා ස්වාධීන බව කොලනි කරුවන් මහා බ්‍රිතාන්‍ය හා සම්බන්ධ වන්නේ රජු මාර්ගයෙන් පමණක් යන කරුණ මත සිට තර්ක කරන ලදී.

මහද්වීපික සමළුව

කොලනි අතර සමගිය ප්‍රවර්ධනය කිරීම උදෙසා 1775 සිට 1777 දක්වාත් 1774 දීත් ඇඩම්ස් විසින් මහද්වීපික සමළුවට සහභාගී වන ලදී. එම සැසිය බොස්ටන් හීදී රැස්වු අවතාවක වර්ජිනියා හී ජෝජ් වොෂින්ටන් හමුදපති ලෙස යෝජනා කරන ලදී. කොන්ග්‍රසයට ඔහුගෙන් මහත් පලාපෑමක් එල්ල වූ අතරම ඔහු මුල සිටම බ්‍රිතාන්‍යයෙන් ස්ථිරවම වින් වීමට අදහස්‌ කළේය. ඊලග දශකය පුරාවට ඇමෙරිකානුවන් විසින් එක් රැස්ව සිය පාලන ලියකියවිලි සාකච්චා කරන ලදී. 1776 ග්‍රීස්ම සමය උදා වෙත්ම ඇමෙරිකානු දේශපාලන චින්තනයේ වු විප්ලවකාරී ස්වරුපය මෙන්ම සිය ව්යවස්ථාව ලේඛණ ගත කිරීමට ඉතා රැඩිකල් ස්වරුපයක් ගෙන තිබුණි.

රජය පිල්බද අදහස

නව රජයන් පිහිටවීමේ රාමුවන් සාකච්චා කිරීම උදෙසා ඇතැම නියෝජිතයන් ඇඩම්ස් වෙත පැමිනියහ. නොකඩවා සිය අදහස්‌ ලිවීමට වු කරදරයෙන් නිදහස් කර ගැනීම උදෙසා පසු කලකදී ජනපද ව්‍යවස්තාවන් රචනය කිරීම උදෙසා බලපෑම් එල්ල වුන රිචඩ් හෙන්රි ලී විසින් 1776 දී Thoughts on Government නම් පත්‍රිකාව ලියන ලදී. ඇමෙරිකාවේ සමුහ ආණ්ඩු පිළිබද රාමුව පදනම් කරගත් දේශප්‍රේමින් විශ්වාස කල ආකාරයට ඇමරිකානු නිදහසට එරෙහි බ්‍රිතාන්‍ය ප්‍රහාරයට වරදකරුවන් වන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිටි දුෂ්ට හා දුෂිත කුලීනයන් හා ඇමෙරිකාව තුල සිටි ඔවුන්ගේ ගෝලබාලයන් බවයි. බොහෝ ජනයාගේ යහපත් හා සතුට වැනි අපේක්ෂිත ඉලක්ක ළග කර ගැනීම රජයන් පිහිටවීමේ අරමුණ බව ඇඩම්ස් පවසන ලදී. එම අරමුණ සිතේ එල්බගෙන ඔහු Thoughts on Government ලියන ලදී. "සමුහ ආණ්ඩුකරණය හැර වෙනත් හොද රාජ්‍යපාලන ක්‍රමයක් නොමැත. බ්‍රිතාන්‍ය ව්‍යවස්තාවේ ඇති එකම හොද කොටස වන්නේ එයයි. සමුහ ආණ්ඩු ක්‍රමයේ මුලිකම හරය වන්නේ එය මිනිසා මත නොව නීතියේ ආධිපත්‍යය මත රැදීමයි. එම ග්‍රන්ථය, එක් සභාවක් විසින් පුද්ගලයෙකුගේ දුෂ්ට කම්, මෝඩ කම් පිළිබද වගකියන ද්වීමන්ඩල කරණයට පක්ෂපාතිව කරුණු දක්වන ලදී. ඔහු තව දුරටත් කියා සිටියේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය වෙත බලය බෙදා හැරිය යුතු බවයි. එමෙන්ම මහද්වීපික රජයන් ඇති කරන්නේ නම් එහි බලතල යම් සීමාවකට සීමා කල යුතු බවට කරුණු දක්වන ලදී. Thoughts on Government කෘතිය රාජ්‍ය ව්‍යවස්ථාවන සම්පාදනයේදී නිසිබලධාරියා ලෙස විශාල ලෙස බලපෑම් එල්ල කරන ලදී.

නිදහස ප්‍රකාශ කිරීම. 1776 මැයි 10 වන දින රිචඩ් හෙන්රි ලී විසින් ගෙන ආ නව රාජ්‍යන් පිළිබද යෝජනාව ඇඩම්ස් විසින් ස්ථිර කරන ලදී. පසුව ඇඩම්ස් විසින් කොන්ග්‍රසය විසින් මැයි මස 15 වන දින අනුමත කරන ලද එය තව දුරටත් විස්තර කරන ප්‍රස්තාවනාවක් කෙටුම්පත් කරන ලදී. "නිදහස" යනුවෙන් ඇඩම්ස් විසින් හදුන්වනු ලාබූ එම සම්පුර්ණ ලියවිල්ල නිදහස ප්‍රකාශ කිරීම උදෙසා කල විධිමත් මාර්ග ඇතිරීමක් විය. එම ලියවිලි මැයි මසදී අනුමත වීමෙන් පසු විධිමත් ලෙස ප්‍රකාශ නොකලද නිදහස ලැබීම නැවැත්විය නොහැකි දෙයක් විය. 1776 ජුනි මස 7 වන දින ඇඩම්ස් විසින් කොලනි යනු නිදහස් රාජ්‍ය බවට රිචඩ් හෙන්රි ලී විසින් ඉදිරපත් කල නිදහස පිළිබද යෝජනාව ස්ථිර කරන ලදී. කොන්ග්‍රසය නිදහසට පක්ෂව ඡන්දය ලබා දෙන මොහොත වන විට සුදානම් කර තැබීමට අවශ්‍ය නිදහස් ප්‍රකාශනය කෙටුම්පත් කිරීමේ තෝමස් ජෙෆෙර්සන්, බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්, රොබට් ආර් ලෙවෙන්ටන් හා රොජර් ශේර්මන් ඇතුලත් වු කමිටුවකට ඔහුව පත් කරන ලදී. එම කමිටුවට එතරම් කාලයක් තිබුනේ නැත. එමෙන්ම කෙටුම්පත් කරන ක්‍රියාවලිය කෙසේ සිදූ විය යුතුද යන්න ගැන අවිනිශ්චිතවයක් පැවතිනි. අවසානයේදී ලියවිල්ලේ සැකිල්ල තීරණය කරගැනීමෙන් පසු ජෙෆෙර්සන් විසින් පළමු කෙටුම්පත් ලිවිය යුතු බවට් තීරණය විය. සමස්තයක් ලෙස කමිටුවමද විශේෂයෙන් ජෙෆෙර්සන් ද එය ඇඩම්ස් විසින් කල යුතු බවට සිතු මුත් ඇඩම්ස් විසින් ජෙෆෙර්සන් පත් කල යුතු බවට බලපෑම් කල අතර ජෙෆෙර්සන් හට පුද්ගලිකව උපදෙස් දීමට පොරොන්දු විය. පළමුවන කෙටුම්පත ජෙෆෙර්සන් විසින් සම්පාදනය කලද ඇඩම්ස් එය භාවිතයට ගැනීමේ දී වු විවාද වලදී වැදගත්ම භූමිකාව ඉටු කළේය. ලියවිල්ල තවදුරටත් සංස්කරණය කිරීමෙන් අනතුරුව ජුලි මස 4 වනදා කොන්ග්රාසය විසින් එය අනුමැත කරන ලදී. වාසර ගණනාවකට පසු ජෙෆෙර්සන් ඇඩම්ස් ව ප්‍රසංස කරමින් කියා සිටියේ ඔහු ප්‍රකාශනය සැකසීමේ එක් කුළුණක් වූ බවයි.

විප්ලව කාලය තුල රාජ්‍ය පරිපාලනය

1776 අගෝස්තු 26 වන දින ලෝන්ග් අයිලන්ඩ් සටනින් මහද්වීපික හමුදාව පරාජයට පත් වීමෙන් පසුව අද්මිරාල් රිචඩ් හා හොවී සාමි වරයා විසින් දෙවන මහද්වීපික කොන්ග්‍රස් සමළුවට සාම සාකච්චා සදහා නියෝජිතයන් යවන මෙන් ඉල්ලා සිටියේය. සැප්තැම්බරැ 11 වන දින ස්ටේටන් දුපතේදී ඇඩම්ස් හා බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ගැන සැදුනු ධුත පිරිසක් හොවී ව මුණ ගැසුණි. හොවී ගේ හා ධුත පිරිසේ බලාධිකාරයේ වු සීමත බව නිසා ඔවුන්ට පොදු මතයකට ඒමට නොහැකි විය. 1777 දී ඇඩම්ස් විසින් යුධ මණ්ඩලයේ ප්‍රදනිය ලෙස මෙන්ම අනෙකුත් ප්‍රධාන කමිටු වල කටයුතු කිරීමට ආරම්භ කරන ලදී. මේ සමාගම ඔහු සිවිල් පාලනයක් තුල හමුධා ගොඩ නැගීම, සන්නද්ධ කරීම හා ස්ථානගත කිරීම වැනි දේ පිළිබද ප්‍රවීනයෙක් විය. ප්‍රංසය සමග වාදයත් ගිවිසුම් ඇති කර ගැනීමෙහිලා කොන්ග්‍රසයේ අවශ්‍යතාවයන් ගෙන හැර පන "Plan of Treaties" නමැති කෘතියද ඔහු අතින් සම්පාදනය විය.

යුරෝපයේදී

1777 දී හා නැවතත් 1779 දී යුරෝපයේ වු සමළු සාදය කොන්ග්‍රසය විසින් දෙවතාවක්ම ඔහුව පිටත් කර හරින ලදී. එම අවස්ථා දෙකෙහිදීම ඔහුගේ වැඩිමහල් පුතු ජෝන් ක්වින්සි ඇඩම්ස් වඩා රැගෙන යන ලදී. (ඔහු සිය පළමු සංචාරයේදී වසර 10 පමණ විය. )

ප්‍රංසයෙදී

1778 පෙබරවාරි 15 වන දින බොස්ටන් නම් මහද්වීපික නාවුක හමුදාවට අයත් යුධ නැවක නැගී ප්‍රංශය බල යාත්‍රා කරන ලදී. එක් අයෙකට මරු කැදවමින් හා අකුණු නිසා තවත් 19 දෙනෙකුට තුවාල සිදු කරමින් ශීත සමයේ කුණාටු මැදින් සිදුකල එම ගමන ඉතා භයන්කාර විය. අත්ලාන්තික් සයුර මැදදී ඔහු ගමන් ගත් නව බ්‍රිතාන්‍ය යුධ නැව් මගින් ලුහු බැදී නමුත් ඒවා මග හැරීමට එයට හැකිවිය. ස්පාඤ්ඤ වෙරළ සමීපයේදී මාර්තා නමැති සන්නද්ධ වෙළද නැවක් අත්පත් කර ගැනීමෙහිලා ඇඩම්ස් විසින් අවි අතට ගන්න ලදී. නව ප්‍රංශයට ලගා වීමට ප්‍රථමව කාල තුවක්කු දෝෂයක් නිසා සිය කාර්ය මණ්ඩලයේ එක් අයෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු මිය ගියේය. ඇඩම්ස්ගේ මෙම ගමන එතරම් සාර්ථක නොවුයේ එකල්හී රජතාන්ත්රික භාෂාව වු ප්‍රංශ භාෂාව ඔහුට නොහැකි වු නිසාය. 1778 අප්‍රේල් 1 දින සිට 1779 ජුනි 17 තෙක් යුරෝපයේ ඔහු ගත කල කාලය එතරම් සාර්ථක නොවුයෙන් 1779 අගෝස්තු මුල් භාගය පමණ වන විට ඔහු නැවත සිය ගම් බිම් වු බ්රෙන්ට්‍රී වලට පැමිණියේය. සැමුවෙල් ඇඩම්ස් හා ජේම්ස් බෝඩින් හා එක්ව 1779 සැප්තැම්බර් 1 වන දින සිට ඔක්තෝබර් 30 දක්වා කාලය තුල මැසචුසෙට්ස් හී ව්‍යවස්ථාව කෙටුම්පත් කරන ලදී. 1779 සැප්තැම්බර් මාසයේදී මැසචුසෙට්ස් ව්‍යවස්ථා සමලුව විසින් ප්‍රංශයට යෑම සාදය ඔහුව තෝරා ගත් අතර නොවැම්බර් 14 වන දින ප්‍රංශ යුද නැවක් වු සෙන්සිබල් වෙත නාග පිටත් වන ලදී. ප්‍රංශය වෙත ගමන් කල දෙවන ගමනේදී ඔහුව සියලු බලතල සහිත ඇමතිවරයෙකු ලෙස පත් කරන ලද අතර එහිදී සාමය, මිත්‍රත්වය හා බ්‍රිතාන්‍ය නියෝජිතයන් සමග වානිජ්‍ය කරුණු පිළිබද සාකච්චාවට එලබිනි. කෙසේ වෙතත් ප්‍රංශ රජය ඇඩම්ස් ගේ පත්වීම නොපිළිගත් අතර පසුව ප්‍රංශ විදේශ ඇමති කොම්ටේ ඩී ව්ර්ජෙන් ගේ බලපෑම මත බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්, තෝමස් ජෙෆෙර්සන්, ජෝන් ජේ හා හෙන්රි ලොරන් ඇඩම්ස් සමග එක්ව වැඩකිරීමට පත් කරන ලදී. එනමුත් ජෙෆෙර්සන් යුරෝපයට නොයන ලදී. යුරෝපීය සාකච්චා වලදී ජේ, ඇඩම්ස් හා ෆ්‍රැන්ක්ලින් ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලදී. ව්ර්ජෙන් ගේ අවිශ්වාසී බව නිසා ෆ්‍රැන්ක්ලින් ගේ විරෝධය මත වුවද ජේ හා ඇඩම්ස් ප්‍රංශය සමග කටයුතු කිරීම නවතා බ්‍රිතාන්‍ය නියෝජිතයන් සමග පමණක් කටයුතු කලෝය. සාකච්චා පුරාවටම අත්ලාන්තික් කලාපයේ ධීවර කටයුතු කිරීමට එක්සත් ජනපදයට ඇති අයිතය ගැන ඇඩම්ස් විසින් කරුණු දක්වන ලදී. ඇමරිකානුවන්ට වාසි සහගත සම්මුතියකට එලබීමට හැකිවිය. ස්පාඤ්ඤය වෙත බලය පවරන ලද නැගෙනහිර හා බටහිර ෆ්ලොරිඩා හැර මිසිසිපි වලට නැගෙනහිරින් වූ සියලු භුමි වල අයිතිය ඇමරිකානුවන්ට පැවරිණි. එම ගිවිසුම අත්සන් කරන ලද්දේ 1782 නොවැම්බර් 30 වන දාය.

ඕලන්දය

සාම සාකච්චා ආරම්භ වීමෙන් පසු ඔහු එකල්යී තිබු ජනරජ කිහිපයෙන් එකක් වු ලන්දේසි ජනරජයේ තානාපති ලෙස කලක් කටයුතු කළේය. 1780 ජුලි මස වන විට පෙර ලොරන් හට පවර තිබු වගකීම් ඉටු කිරීමට් බලය දෙන ලදී. ලන්දේසි දේශප්‍රේමී නායකයෙකු වු ජෝඅන් වැන් ඩ ටෝට් ඩි පොල් ගේ උපකරයද ඇතුව 1782 අප්‍රේල් 19 වන දින හේග් නුවරදී එක්සත් ජනපදය ස්වාදීන රජයක් ලෙස පිළිගැනීමට ලක්විය. එම සංචාරයේදී නිකොලස් වැන් ස්ටපොස්ට් හා විල්හෙල්ම් විලින්ක් විසින් මුල්‍යනය කරන ලද ගිල්ඩ්ර්ස් මිලියන පහක් ණයක් අනුමත කර ගන්නා ලදී. 1778 ප්‍රංශය සමග ඇති වු ගිවිසුම් පසුව ඇති කර ගත් පළමු ගිවිසුම ලෙස නෙදර්ලන්තය සමග ඇති කර ගත් මිත්‍රත්ව හා වානිජ්‍ය ගිවිසුම 1782 දී ඇති කර ගන්නා ලදී. මෙම ගමනේදී ඇඩම්ස් සිටි නිවස පසු කලෙක වෙනත් භූමියක පිහිටවූ පළමු ඇමරිකානු තානාපති කාර්යාලය ලෙස සැලකේ. 1783 මාස දෙකක කාලයක් ලන්ඩන් නුවර රැඩිකල් ප්ප්‍රකාෂකයෙකු වු ජෝන් ස්ටෝක්දෙල් සමග වාසය කරන ලදී.

බ්‍රිතාන්‍යයෙදී

1785 දී ජෝන් ඇඩම්ස් ව ඇමරිකාවේ ප්‍රථම බ්‍රිතාන්‍ය තානාපති ලෙස පත් කරන ලදී. ඔහුගේ දිනපොතේ සටහන් කර ඇති ආකාරයට වරක් ඔහු හා තවත් තානාපති වරයෙක් අතට අත දීමකදී එම තානාපති වරයා ඔහු නිතර එංගලන්තයට ගමන් කරනවාද යන්නත් ඔහුට ඉංග්‍රීසි නෑදෑයන් සිටින බවටත් ඇසු විටකදී ප්‍රකාශ කර තිබුනේ ඔහු 1783 දී මාස දෙකේ සංචාරයකට එංගලන්තයට ගිය බවත් ඔහුට තම රටෙහි බ්‍රිතාන්‍ය නෑදෑයන් නොමැති බවත් කියන ලදී. එවිට එම තානාපති වරයා "එය කෙසේ සිදුවෙම්ද, ඔබ ඉංග්‍රීසින් ගෙන් පැවත එන්නෙක්" බව කී විට ඇඩම්ස් " මගේ මව හෝ පිය, සීය හෝ ආච්ච්, මුත්තා හෝ මිත්තනිය මෙම වසර එකසිය පනහක කාලයටම බ්‍රිතාන්‍ය නොගොස් ඇති බවත් ඇමරිකානු නොවන එක ලේ බිදක්වත් තම නහර වල නොමැති බව කියා සිටියේය. ඔහු වරක් සිය පුර්ව අධිරාජ්‍ය වු තෙවන ජෝජ් රජු මුණ ගැසුණු මොහොතක, ඇඩම්ස් ප්‍රංශ රජය සමග එතරම් විශ්වාසයක් නොදක්වන බව තමා දන්නා බව ඇගවීය. එවිට එය පිළිගනිමින් ටමන් සිය රටට හැර වෙනත් දෙයකට සම්භන්දයක් නොමැති බව කියා සිටියේය. 1976 ජුලි 7 වන දින ධවල මන්දිරයේදී පහත චේදය සක්වමින් දෙවන එලිසබෙත් රැජින මෙසේ ප්‍රකාශ කරන ලදී. "ඇමරිකාවේ පළමු තානාපති ජෝන් ඇඩම්ස් මාගේ මුතුන් මිත්තන් වු තෙවන ජෝජ් රජු හමු වී පැවසුයේ අප දෙපිරිස අතර කලින් තිබු හොද හිතා හා තත්ත්වය නැවත ඇති කිරීම ස්වකීය අරමුණ බවයි. එම ප්‍රතිස්ථාපනය ගොඩ කලකට ඉහතදීම ඇතිවිනු අතර භාෂාව හා සංස්කෘතිය එය පවත්වාගෙන යන බව කියා සිටින ලදී.

ලන්ඩනයේ සිටි සමයේදී ඔවුන්ට විවිධ රැවුම් හා තර්ජන ඇතිවිය. ලන්ඩන් හී ඇඩම්ස් ගේ නිවස තවමත් පවතින අතර එය සමරු ඵලකයක් තබා සමරයි. 1788 දී ඔහු ඇමෙරිකාවට පැමිණ සිය දේශීය දේශපාලනය ඉදිරියට ගෙන ගියේය.

ව්‍යවස්තාමය අදහස්‌

1780 දී අනුමැත කරන ලද මැසචුසෙට්ස් හී ව්‍යවස්ථාව සිය අදහස්‌ අනුව සකස් කරන ලදී. එය මහජනයා විසින් අනුමත කරන ලද විශේෂ කමිටුවක් සවිසින් සකස් කරන ලද පළමු ව්‍යවස්ථාව විය. විධායකය හා අධිකරණය වෙන්ව දක්වන ලද ද්වීමන්ඩල ස්වරුපයේ පළමු ව්‍යවස්ථාවද විය. ලන්ඩනයේ සිටි කාලයේ 1787 දී A Defence of the Constitutions of Government of the United State නමැති කෘතිය පල කරන ලදී. ජනපද රාජ්‍ය වල රාමුවේ ඇති කෘරත්වය ගැන ටුගොට් ඇතුළු අනෙකුත් යුරෝපීය රචකයන් දැක්වු අදහස්‌ ප්‍රතික්ෂේප කරන ලදී. රදලයන් නොමැති රටකට ද්වීමණ්ඩල ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව ටුගොට් ගේ මතය විය. සෙනෙට් සභාවේ අනිත් පුද්ගලයන්ගෙන් ධනවත් හා හැකියාවක් සහිත පුද්ගලයන් වෙන් කොට තැබිය යුතු බවට ඔහු සිය කෘතියකින් දැක්වීය. වුඩ් (2006) දැරු අදහසට අනුව ඇඩම්ස් ෆෙඩරල් ව්‍යවස්ථාව අනුමතා වන කාලය වන විට ප්‍රඥාවෙන් අනනුකුල ව සිටි බවයි. එතැන් සිට ඇමෙරිකානු දේශපලන අදහස්‌ දශකයකත් වඩා වැඩි කාලයක් රජය යනු සමාජ තත්ත්වයන්ගේ කැඩපතක් යන සම්භාව්‍ය දේශපලන මතය බැහැරකරමින් අනුභාවත්මක බලපෑම් වලට හා ප්‍රබල වාද විවාද වලට ලක් වෙමින් පරිවර්තනයකට ලක්විය. ඇමෙරිකානු සිවධිපත්‍ය පිළිබද නව සංකල්පය අනුව රාජ්‍යයේ භාරකරුවන් වන්නේ සමස්තයක් ලෙස වැසියන් බව සලකන ලදී. රජයේ සියලුම නියෝජිතයන් මහජනතාවගේ බලයෙන් කොටසක් පමණක් සුළු කාලයකට පමණක් භුක්තිවිදින විදිනු ලබයි. ඇඩම්ස් හට මෙම සංකල්පය මුළුමනින්ම මගහැරුණු අතර ඔහු සිය පුර්ව මතයේම සිටියේය. ඇඩම්ස් ගේ මහජනයා විසින් අනුමත කරන ලද ව්‍යවස්ථාව හා ඔහුගේ සමුහ ආණ්ඩු පිළිබද මතයට් වුඩ් විසින් විරුද්ධ නොවීය. ඇඩම්ස්ගේ විරෝධය මිශ්‍ර රජයන් පිළිබද වු සම්භාව්‍ය සමුහාණ්ඩු න්‍යායේ සැකැස්ම ලෙස හැදින්විය හැක. ඇඩම්ස් තරයේ කියා සිටි දෙයක් නම් සැම දේශපලන සමාජයකම සමාජ පන්ති පැවතීමේ යන යථාර්තය පිළිගත යුතු බවයි. ඇරිස්ටෝටල්ගේ කාලයේ සිට ශතවර්ෂ ගනනාවක් පුරා මිශ්‍ර පාලනය විසින් රාජාණ්ඩු, වංෂාධිපතිත්වය හා ප්‍රජාත්‍රන්තවාදය සමබර කරනු ලැබූ බව කියන ලදී. එනම් රජු, රදලයන් හා ජනතාව යහපැවැත්ම හා නිදහස රැකීම අවශ්‍ය බවයි. ඇඩම්ස් කිසි දිනක වහලෙක් ලබා නොගත් අතර වහල් මෙහෙය සිද්ධන්තිකවම ප්‍රතික්ෂේප කළේය. අබිගෙල් ඇඩම්ස් වහල් මෙහෙයට විරුද්ධ වු අතර වහලුන් නිදහස් කිරීමද කළේය. 1777 දී ඔහු වහලුන් නිදහස් කිරීමේ පනතකට විරුද්ධව කතා කරමින් කියා සිටියේ එය ඉතා බෙදුම්කාරී ගැටලුවක් බවත් ව්‍යවස්ථාදායකය මදක් සිටිය යුතු බවයි. දකුණු දිග වැසියන්ගේ විරෝධය මත ඔහු විප්ලවය සාදහා කළු ජාතික සෙබළුන් බදවගනීමට විරුද්ධ විය. දකුණින් එල්ලවිය හැකි ප්‍රතිචාර නිසා එම ගැටලුව ජාතික දේශපාලනයේ ඉවත් කර තැබීමට ඔහු කටයුතු කළේය. මැසචුසෙට්ස් හී වහල් මෙහෙය අවසන් වු නියත දිනයක් පැවසීමට නොහැකි වුවත් එය ඇඩම්ස් විසින් රචිත මැසචුසෙට්ස් ව්‍යවස්ථාවේ අඩංගු වු මානව හිමිකම් පිළිබද ප්‍රකාශය මගින් තහනම් කිරීමෙන් පසු 1780 වසරට පෙර සිදුවූ බව කිව හැක.

උප ජනාධිපති කම

මනාප 69 ලබා ගනිමින් 1789 වසරේදී වොෂින්ටන් ජනධිපති සටන දිනන ලද අතර මනාප 34 ලබා ගනිමින් ඇඩම්ස් දෙවන තැනට පත් වී උප ජනාධිපති බවට පත් විය. ඩේවිඩ් මැක්කළෝට අනුව ඔහුට සැබෑවටම අවශ්‍ය වුයේ එක්සත් ජනපදයේ මහාධිකරණයේ ප්‍රථම අග්‍රවිනිශ්චය වීමය. ඔහු සෙනෙට් සභාවේ නායකත්වය දැරුවද 1790 මුල් භාගය වන විට දේශපලන කරලියේ අඩු වගකීමක් දරන ලදී. 1792 දී ඔහුව උප ජනාධිපති ලෙස දෙවන වරටත් පත් විය. ඔහු උප ජනාධිපති ලෙස සිටි කාලයේ වොෂින්ටන් විසින් ප්‍රතිපත්ති හා නීති ගැටළු සම්භන්දයෙන් නිරතුරුවම් උපදෙස් ගන්න ලදී. වොෂින්ටන් පාලනය ආරම්භයේදී ඔහු මසක් පමණ කල් ඇදුනු ජනාධිපති නිල නාමය සම්භන්දයෙන්, සෙනෙට් සභාව සමග මතභේදයට ට ඇතුල් විය. ඇඩම්ස් විසින් උජාරු නාමයාන් වූ ජනාධිපති උත්තමාවන්, එක්සත් ජනපදයේ නිදහස් රකින්නාවූ ජනාධිපති උතුමාණන් යෝජනා කල මුත් පසුව සරල එක්සත් ජනපද ජනාධිපති යන නම තෝරා ගැනිණි. ඔහුගේ තරබාරුකම හා සිය මතයේම සිටිම ඔහුට "උතුම් බොලයා" යන අන්වර්ථ නාමයට ලක්වීමට හේතු විය.

සෙනෙට් සභාවේ සභාපහි ලෙස ඔහු ඡන්ද 29 පාවිච්චි කරන ලද අතර එයට කිට්ට්වුවට හෝ පමිනියී ඡන්ද 28 භාවිතා කල ජෝන් සි කොල්හොන් විසින් පමණි. ජනාධිපති සතු පත්කරන්නන් ඉවත් කරීමේ තනි බලතලය ඔහුගේ ඡන්ද ය නිසා ආරක්ෂා වු අතර අගනගරය තෝරා ගැනීමේදී බලපෑම් කරන ලදී. අවම වශයෙන් එක් වරක් වත් ඔහු විරුද්ධ වු නීතියකට එරෙහිව ඡන්දය භාවිතා කරන මෙන් ඔහු සෙනෙට් සභාවට බලපෑම් කළේය. ඔහු ක්‍රියාපටිපාටි හා ප්‍රතිපත්තිමය කරුණු සම්භන්දව සෙනෙට් සභාවව දේශනා පවත්වන ලදී. ඇඩම්ස් ගේ දේශපාලන අදහස්‌ හා සෙනෙට් සභාවේ ඔහුගේ ක්‍රියාකාරී බව වොෂින්ටන් පරිපාලනයේ විවේචනයට ලක් වීමට හේතු විය. දේශපාලන පක්ෂ දෙකක් පිහිටවීමෙන් පසුව ඔහු ෆෙඩරල් පක්ෂය හා එක්විය නමුත් එහි නායක ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් සමග එතරම් කුලුපගු බවක් තිබුනේ නැත. ඇඩම්ස් ග ජේෂ්ඨතත්වය හා උතුරින් පැමිණි නායකයෙකු අවශ්‍ය වීම නිසා තෝමස්, ඩිමොක්‍රට් රීපබ්ලිකන් පක්ෂයේ නායකයා වු ජෙෆෙර්සන් වෙනුවට් ඔහුව ෆෙඩරල් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස 1796 දී පත් කර ගන්නා ලදී. ඇඩම්ස් ගේ උප ජනාධිපති ලෙස ගත කල කාලය ඔහු වැනි බුද්ධිමත් හා ජවසම්පන්න පුද්ගලයෙකුට කලකිරීමක් ඇති කල කාලයක් විය.

1776 මැතිවරණය

1796 මැතිවරණය ද්වී පක්ෂ ක්‍රමයක් තුල තරග කල පළමුවන ඡන්දය විය. ෆෙඩරල් පක්ෂය වෙනුවෙන් ඇඩම්ස් ද දකුණු කැරොලින හී ආණ්ඩුකාර තෝමස් පන්කිණිද ෆෙඩරල් පාක්ෂිකයෙකු ලෙස ඉදිරිපත් විය. (එම කාලයේ උප ජනාධිපති වුයේ දෙවන තැන ගත් කවුරුන් හෝය). ෆෙඩරල් වරුන්ට ඇඩම්ස් සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීමට අවශ්‍ය විය. බෝහෝ ෆෙඩරල් වාදීන් ජෙෆෙර්සන් අපේක්ෂකත්වයට කැමැත්තෙන් සිටියහ. හැමිල්ටන් හා ඔහුගේ ආධාරකරුවන් ඇඩම්ස් හට සහයෝගය දුන්නද ඔහු සමග අමනාපයෙන් සිටියහ. ඔහුන් සිතු පරිදි ඇඩම්ස් සතුව වොෂින්ටන් සාර්ථක වීමෙහි බලපෑ ජනප්‍රියත්වය නොමැති වු අතර ඔවුන්ට පාලනය නොකළ හැකි තරමට ආඩම්බර, ඇට්ටර, අනුමාන කල නොහැකි හා මුරණ්ඩු පුද්ගලයෙකු වු බවයි. ඔහුගේ ප්‍රතිවාදිය වුයේ රාජ්‍ය ලේකම් වු වෙර්ජිනියාවේ තෝමස් ජෙෆෙර්සන් ය. සම්ප්‍රදයාක් වශයෙන් ඇඩම්ස් ජනාධිපතිවරණ සටනේ නොයලෙමින් ක්වින්සි හි සිය නිවසට වී සිටියේය. මෝඩ හා නරක තරගයක් ලෙස සලකා ඔහු එයින් ඒවත් ව සිටි මුත් ඔහුගේ පක්ෂය ඔහු වෙනුවෙන් සටන් කළේය. අතරවාරයේදී ඩිමොක්‍රටික් රිපුබ්ලිකන් වරු ජෙෆෙර්සන් වෙනුවෙන් සටන් කළහ. නව එංගලන්ත ප්‍රදේශය ඇඩම්ස් විසින් හා දකුණු දිග ප්‍රදේශ ජෙෆෙර්සන් විසින් දිනනු බව බලාපොරොත්තුව වුනු අතර අවසානයේදී ජෙෆෙර්සන් ඡන්ඩ 71 ලබා ගනිද්දී ජෙෆෙර්සන් ලබා ගත්තේ 68 පමණි. ඇඩම්ස් ජයග්‍රහණය කරන ලදී.

ජනාධිපතිත්වය 1797-1801 ජනාධිපති වශයෙන්, වොෂින්ටන් විසින් අරබන ලද, ජනාධිපති ධුරයෙන්, සමුහ ආණ්ඩු අගයන් හා සිවිල් සදාචාරයන් නිරුපනය වන තත්ත්වයක් අනුගමනය කරන ලදී. ඔහු කිසිදු දුෂණයකට හසු නොවන ලදී. වොෂින්ටන් කැබිනට් මණ්ඩලය පමණක් නොව වොෂින්ටන් පරිපාලනයේ වැදගත් වැඩසටහන් වලටද ඔහු දායක විය. විශේෂයෙන් නාවුක හා යුධ බලය පුළුල් කිරීම දේ සමග මද්‍යම රජය බලාත්මක කිරීමට ඔහු කටයුතු කළේය. ඔහුගේ ආර්ථික වැඩසටහන හමිල්ටන්ගේ වැඩසටහනේ දිගුවක් විය. ඔහු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීන්ගෙන් නිතර උපදෙස් ලබා ගත් අතර ඒ අතර මුල්‍ය ලේකම් ඔලිවර් වොල්කොට් ද විය. වොෂින්ටන් කැබිනට් මණ්ඩලය තබා ගැනීමේ ඔහුගේ තීරණය ඉතිහාසඥයන් අතර මත බේදයකට හේතු වී ඇත. ඔහුන් බොහොමයක් හමිල්ටන්ගේ ආධාර කරුවන් වුවද ඔවුන් තබා ගැනීම සුමට සංක්‍රාන්තියකට හේතු විය. ඔහුගේ ධුර කාලය අතර ඔහු කැබිනට් මණ්ඩලයෙන් ස්වාධීන ලෙස කටයුතු කළේය. කැබිනට් මණ්ඩලයේ විරෝධය මත සිය තීරණ ගැනීම සිදු කෙරිණි. ඔහුගේ කැබිනට් මණ්ඩලයේ දැඩි කැමැත්තක් දැක්වු ප්‍රංශය සමග ඇතිවෙන්නට ගිය යුද්ධය ඔහු වලක්වන ලදී. ප්‍රංශය සමග වු මෙම අර්ධ යුද්ධය යුරෝපය සමග ඇතිවීමට ගිය පටලවිල්ලකින් ගැලවා ගැනීමක් විය.

ඉතිහාසඥයකු වු ජෝජ් හෙරින්ට අනුව ප්‍රරම්භාකයන්ගෙන් වඩාත්ම ස්වාදීන මනසක් තිබුනේ ඇඩම්ස් හටය. ඔහු ෆෙඩරල් වාදීන්ට බැදී සිටියද ඔහු විපක්ෂ ඩිමොක්‍රට් රීපබ්ලිකන් වරු තරමටම සිය පාක්ෂිකයන් සමග නොඑකගතාවයන් ඇති කර ගන්න ලදී. "කටුඅත්තක්" ලෙස හැදින්වුවද ඔහුගේ ස්වාධීන බව මුළුමනින්ම කලබලකාරී අවස්ථා වලදී හොද තීරණ ගැනීමට හේතු විය. ඇත්තටම ඔහුගේ ජනප්‍රිය භාවයට හානි වුවද ප්‍රංශය සමග සාමයකට එලබීම ඔහුගේ තීරණයක් විය. එය ඔහුගේ මීලග ඡන්දයේදී බලපෑවද ඔහු ඔහුගේ තීරණය පිළිබද කුල්මත්ව සිටියේය. කොටින්ම ඔහු එය සිය මිනී වලේ සමරු ඵලකයේද කොටවන ලදී. ඔහු සිය ධුර කාලයෙන් වැඩි කාලයක් ගත කලේ මැසචුසෙට්ස් හී වු සිය නිවසේය.

අර්ධ යුද්ධය හා ප්‍රංශය සමග සාමය

ජෝන් ඇඩම්ස් විසින් 1815 ජනවාරි මස ලිපියක් මගින් ජේම්ස් ලොය්ඩ් අමතමින්

මෙහි සැතපී සිටිනනේ 1800 දී ප්‍රංශය සමග සාමය ඇති කර ගැනීමට මුල් වු ජෝන් ඇඩම්ස් යන්න තම මිනි වලේ සමරු ඵලකයේ කෙටීම තරම තමන් සතුටු වන තවත් දෙයක් නොවන බවයි. ඇඩම්ස් ගේ ධුරකාලය යුරෝපීය යන් සමග ගැටුම් දිග්ගස්සා නොගැනීමේ ප්‍රතිපත්තිය නිසා වියවුල් සහගත විය. බ්‍රිතාන්‍ය හා ප්‍රංශය යුද්ධයක් පැටලී සිටි අතර හැමිල්ටන් ඇතුළු ෆෙඩරල් වාදීන් බ්‍රිතාන්‍යට පක්ෂ වූ අතර ජෙෆෙර්සන් ඇතුළු ඩිමොක්‍රටික් රිපුබ්ලිකන් වරු ප්‍රංශයට පක්ෂ වුහ. ජෙෆෙර්සන් ජනපති වනු ප්‍රංශයේ කැමැත්ත විය. ධුරයට පත් වීමෙන් පසු ඔහු යුරෝපියන් සමග යුධ නොවදීමේ වොෂින්ටන් ප්‍රතිපත්තිය දිගටම සිටියේය. ප්‍රංශය ඇමෙරිකාව බ්‍රිතාන්‍යේ කනිෂ්ඨ සහකරුවකු ලෙස සැලකීම නිසා බ්‍රිතාන්‍ය සමග ගනුදෙනු කල ඇමෙරිකානු වෙළද නැව් සිය භාරයට ගැනිණි. විප්ලවයේදී කල උපකාර හේතුවෙන් ඇමෙරිකානුවන් තව දුරටත් ප්‍රංශ හිතවාදීන් ලෙස සිටියහ. එනමුත් ප්‍රංශය එරෙහිව ඇමෙරිකානුවන් ඇඩම්ස් හෝ වන කිසිවෙකු පසු පස නොගියහ. ප්‍රශ්නය සමතයකට පත් වුයේ කිසිදු සාකච්චාවකට පෙර ප්‍රංශය විසින් විශාල අල්ලස් මුදලක් ඉල්ලා සිටීම නිසාය. ඇමෙරිකානුවන් බොහෝ විට ප්‍රංශයට ලැදිව සිටි මුත් මෙම සිද්ධියෙන් පසු බොහෝ දෙනා ප්‍රංශයට විරුද්ධ විය. ප්‍රංශ හිතවාදීන් වු ජෙෆෙර්නියන්වරු මෙයින් මහත් අපහසුතාවයකට පත් වු අතර අමෙර්කනුවන් ප්‍රංශය සමග යුධ වැදිය යුතු බව ප්‍රකාශ කරන ලදී. යුරෝපයේ බොහෝ සටන් ජයගෙන තිබු ප්‍රංශය වැනි රටක් සමග යුධ වැදී ජයගැනීම පහසු දෙයක් නොවන බව ඇඩම්ස් හා ඔහුගේ උපදේශකයන්ගේ අදහස විය. ඇමෙරිකානුවන්ට එල්ල වන ප්‍රහාර වැළැක්වීම උදෙසා ඒ වෙනුවට ඇමෙරිකානු නැව් විසින් ප්‍රංශ නැව් වලට අඩම්තේට්ටම් කිරීමේ උපක්‍රමයක් අනුගමනය කරන ලදී. 1798 දී ඇවිලුණු මෙම ප්‍රංශ ඇමෙරිකා නාවුක යුද්ධය අර්ධ යුද්ධයක් ලෙස සැලකේ. විශාල හා මහත් බලගතු වු ප්‍රංශ හමුදාවේ ආක්‍රමණයක් ඇති වීමට ඉඩ තිබු බැවින් ඇඩම්ස් හා ෆෙඩරල් කොන්ග්‍රසය විසින් වොෂින්ටන් ගේ නායකත්වය යටතේ යුධ හමුධව ශක්තිමත් කරන ලදී. හැමිල්ටන් දෙවන අණකරු වීම වොෂින්ටන්ගේ අභිප්‍රාය විය. සියල්ලටම ප්‍රත්‍යක්ෂ වු පරිදි වොෂින්ටන්ගේ වයස නිසා හැමිල්ටන් සැබවින්ම නායකයා විය. USS Constitution වැනි යුධනැව් ඇතුළු බලසම්පන්න නැව් 6 ක් එක්කරමින් නාවුක හමුදාව නැවත ගොඩනගන ලදී. නාවුක හා යුධ හමුධාවන්ගේ වියදම සදහා කොන්ග්‍රසය විසින් නව දේපල මත නව බදු (1798 ඍජු බද්ධ) ඇති කරන ලදී. එය එවැනි පළමු හා අවසාන බද්ධ විය. බදු ගෙවන්නන් මෙයින් කෝප වු අතර එය අග්නිදිග පෙනිසිල්වේනියාවේ වෙන කොතනකටත් වඩා වැඩි විය. සමුහ ආණ්ඩු නිදහසට හා පල්ලි වලට තර්ජනයක් වේ යයි සිත ජර්මන් කතා කරන ගොවියන් අතර වු Bloodless fries නම් කැරලිකරුවන් වසින් අරගල ඇති කරන ලදී. යුධ දෙපාර්තමේන්තුවේ හැමිල්ටන් හට වැදගත් ධුරයක් හිමි වු අතර එයින් ඇඩම්ස් හා හැමිල්ටන් ආධාරකරුවන් අතර වු විරසකය තවත් පුළුල් විය. හමුධාවේ පාලනය පිළිබද ඉල්ලමින් ඔවුන් කටයුතු කලේ ජනපති ආකාරයටය. ඇඩම්ස්ට අවශ්‍ය කල පරිදි රීපබ්ලිකන් ඩිමොක්‍රටික් සහයෝගය ලබා ගැනීම උදෙසා හමුධව තුල රීපබ්ලිකන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට හමුධාවේ වැදගත් තනතුරු ලබා දීමටද ඔවුන් ප්‍රතික්ෂේප කරන ලදී. විශාල හමුධාවක් ඇති කිරීම නිසා හැමිල්ටන් විසින් විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගන්න ලදී. ඔවුන් ඇඩම්ස් සතු දේ බොහොමයක් අන්සතු කරන ලදී. සමස්ත ජාතියම ප්‍රංශයට එරෙහිව රැගෙනයාම හා ෆෙඩරල් පක්ෂය ඔවුන්ගේ දෙයක් ලෙස ඔවුන් සලකන ලදී. සමස්තයක් ලෙස දේශප්‍රේමීත්වය හා නාවුක සටන් කීපයක් ජය ගැනීම නිසා යුද්ධය හා ඇඩම්ස් ගේ ජනප්‍රියත්වය ඉහල නැංවිණි. අධිරාජ්‍ය වැදී ප්‍රංශයට එරෙහිව යුධ වඩා ජයගැනීම කළනොහැකි බව ඇඩම්ස් ට තේරුම් ගිය හෙයින් , ඔහුගේ ජනප්‍රියත්වයට වන හානියද නොසලකා ඔහු සාම සදහා ඉදිරිපත් විය. 1799 පෙබරවාරි මසදී ඔහු සාම සාකච්චා සදහා විලියම් වැන්ස් මුරේ ව ප්‍රංශය වෙත පිටත් කර හරීන ලදී. යුධ කිරීම ඵලක් නොමැති බව තේරුම් ගත් නැපෝලියන් සාමය සදහා කැමැත්ත පල කරන ලදී. 1800 වු සමලුවෙදී 1798 මිත්‍රත්ව ගිවිසිමු අවලංගු වු අතර එක්සත් ජනපදය විදේශ පැටලවිලි වලින් නිදහස් විය. ඇඩම්ස් යුද්ධය වැළැක්වූ අතර එම ක්‍රියාවලියේදී ඔහුගේ පක්ෂය බේද වීම් වලට ලක්විය. ඔහු සිතු පරිදිම එය ඔහුගේ ජනප්‍රියත්වයට හානි ගෙන දුනි. කෙසේවුවත් ඇඩම්ස් සිය ජාතිය යුද්ධයෙන් ඉවත් කර තැබීම නිසා අතිශයින්ම ප්‍රීතිමත් විය. පසු කලෙක ඔහු සිය මිනි වලේ සමරු ඵලකයේ මෙහි සැතපී සිටිනනේ 1800 දී ප්‍රංශය සමග සාමය ඇති කර ගැනීමට මුල් වු ජෝන් ඇඩම්ස් යන්නද සටහන් කරන ලදී.

පරදේශ හා දේශද්‍රෝහී පනත

XYZ කටයුතු වලින් ඩිමොක්‍රතටික් රිපුබ්ලිකන් වරු අපකීර්තියට පත් වුවද ෆෙදරල්වාදීන්ට ඔවුන් දැක්වූ විරෝධය ඉහල මට්ටමක පැවතිනි. යුධ පරිසරයක් තුල මෙන්ම ප්‍රංශ විප්ලවය කාලයේ වු ත්‍රස්ත ආධිපත්‍යය ක මතකයන් තුල නහර පුපුරන මට්ටමක් පැවතිනි. ඩිමොක්‍රටික් රිපුබ්ලිකන් වරු ප්‍රංශයට සහය දැක්වූ අතර අතුම්හු රීපබ්ලිකන් වරු එළවා දැමීමට ප්‍රංශ විප්ලයවට සමාන සිදුවීමක් සිදුවෙ යයි බලාපොරොත්තුවෙන් සිටියහ. ඇතැම් ප්‍රාන්තවල වු ඩිමොක්‍රටික් රිපුබ්ලිකන් වරු ෆෙඩරල් නීති ක්‍රියාත්මක කිරීම හා කැරැල්ලක් ඇති කිරීමටද තර්ජනය කළහ. මෙහිදී ෆෙඩරල් වාදීන් හමුධ යවා ඔවුන් අත්තඩංගුවට ගන්නා බවට තර්ජනය කළහ. යුරෝපය පුරා පැතිරෙමින් තිබු අවිශ්වාසය ඇමෙරිකාවටද ළගාවිය. භේද වීම අන් කවරදදාටත් වඩා ඉහල තත්ත්වයක් ගැනිණි. ඇමෙරිකාව දෙකඩ වීමේ ලකුණු පහළ විය. ෆෙඩරල් වරුන් දුටු ආකාරයට මොවුන් ප්‍රංශ හා ප්‍රංශවරුන්ට අනුකම්පාව දක්වන සංක්‍රමණිකයන් විය. මෙම නිසා කොන්ග්‍රසයේ සිටි ෆෙඩරල් වාදීන් ගෙන ආ පරදේශ හා දේශද්‍රෝහී පනත ඇඩම්ස් විසින් 1798 දී අත්සන් කරන ලදී. පනත හතරැක විස. දෙශානුකුලන පනත, පරදේශ පනත, පරදේශ සතුරන්ගේ පනත හා දේශද්‍රෝහී පනත ඒවා අතර විය. විපක්ෂයෙන් එල්ල වු බලපෑම් වැළැක්වීම උදෙසා මෙම පනත 4 ගෙන එන ලදී. දේශානුකුලන පනත මගින් සංක්‍රමනිකයෙක් අමෙර්කානු පුරවැසි භාවය ලබා ගැනීම උදෙසා පදිංචිව සිටිය යුතු කාලය වසර 14 දක්වා දීර්ඝ කිරිනි. පරදේශ මිතුරු පනත හා පරදේශ තුරු පනත් මගින් ජනාධිපති විසින් තර්ජනයක් වේ යයි සලකන පුද්ගලයෙකු පිටුවහල් කිරීමට ඉඩ ලබා දුනි. පරදේශ පනත මගින් රජයට හා එහි නිලධාරීන්ට එරෙහිව බොරු ප්‍රකාශ කරන පුද්ගලයන් ට එරෙහිව චෝදනා කිරීමට බලය ලබා දෙන ලදී. වසර 2-5 දක්වා සිර දඩුවන් හා ඩොලර් 5,000 දක්වා දඩයක් නියම කිරීමටද හැකි විය. ඇඩම්ස් විසින් මම පනත කිසිවක් ආරම්භ හෝ ප්‍රවර්ධනය නොකලද ඒවා අනුමැත කරන ලදී. මෙම පනත මගින් පුවත්පත් කතුවරුන් කීප දෙනෙකු හා කොන්ග්‍රස් සභිකයේකුට චෝදනා එල්ල කිරීම මත්භේදත්මක් විය. ඉතිහාසඥයින්ට අනුව පරදේශ හා දේශද්‍රෝහී පනත එතරම් ක්‍රියාත්මක නොවූ අතර මෙම පනත මගින් වරදකරුවන් බවට පත් කලේ 10 දෙනෙක් පමණකි එමේන්ම ඇඩම්ස් විසින් කිසිවිටකත් පිටුවහල් කිරීමකට අත්සන නොකරන ලදී. මෙම පනතට විරුද්ධව කරුණු ප්‍රකාශ කලේ ඩිමොක්‍රටික් රිපුබ්ලිකන් වරු පමණි. ඉතිහාසඥයින්ට අනුව මෙම පනත මුල සිටම මතභේදාත්මක වුනු අතර මේ හේතුවෙන් පරදෙශීන් ස්වේච්චාවෙන්ම රට හැර ගියහ. 1800 මැතිවරණය අනිත් පක්ෂයේ ප්‍රතිපත්ති විවේචනය කරන්නාවූ අමිහිරි හා චංචල එකක් විය. 1800 මැතිවරණයෙන් ඩිමොක්‍රටික් රිපුබ්ලිකන් වරු ජයග්‍රහණය කිරීමෙන් පසු ඔවුන් එම පනත ෆෙඩරල් වරුන්ට එරෙහිව යොදා ගන්නා ලදී.

1800 මැතිවරණ ක්‍රියාවලිය

1799 වු වොෂින්ටන්ගේ මරණය සිදුවිය. එය පක්ෂයේ සංකේතයබදු වු හා සමගිය ඇති කල පුද්ගලයෙකුගේ අහිමි වීමක් වුයෙන් ෆෙඩරල් වාදීන් දුර්වල කිරීමක් විය. 1800 ජනාධිපති මැතිවරණයේදී ඇඩම්ස් හා ඔහුගේ හිතවත් ෆෙඩරල් අපේක්ෂක චර්ස් කෝට්ස්වෙර්ත් පිනකිනි විසින් රීපබ්ලිකන් අපේක්ෂකයන් වු ජෙෆෙර්සන් හා බාර් ට එරෙහිව ඡන්දය ඉල්ලන ලදී. අවසානයේදී 65 ට 73 ලෙස ඇඩම්ස් ජෙෆෙර්සන් හමුවේ පරාජයට පත් විය. ඇඩම්ස්ගේ පරාජයට මුල් වුයේ රිපුබලිකන් වරුන්ගේ මනා සංවිධන ශක්තිය හා ෆෙඩරල් වාදීන්ගේ අසමගියයි. පරදේශ හා දේශද්‍රෝහී පනත , දකුණේ ජෙෆෙර්සන් හට වූ ජනප්‍රියත්වය හා නිව් යෝක් ප්‍රාන්තයේ ආරොන් බාර් ගේ සාර්ථක මැතවරණ ව්‍යාපාරය එයට හේතු විය. ඇඩම්ගේ ධුර කාලයේ අවසාන මාස කිහිපයේදී ඔහු ඒ වන විට නිම නොකර තිබු ජනාධිපති නිවසට (පසුව ධවල මන්දිරයලෙස හැදින්වූ) 1800 නොවැම්බර් 1 දින සිට පදිංචියට යන ලදී.

පරිපාලන හා කැබිනට් මණ්ඩලය

ධුරය නම ධුර කාලය ජනාධිපති ජෝන් ඇඩම්ස් 1797-1801 උප ජනාධිපති තෝමස් ජෙෆෙර්සන් 1797-1801 රාජ්‍ය ලේකම් ටිමොති පිකරින්ග් 1797-1800 ජෝන් මාර්ෂල් 1800-1801 මුල්‍ය ලෙකම් ඔලිවර් වොල්කොට් 1797-1801 සැමුවෙල් ඩේක්ස්ටර් 1801 ආරක්ෂක ලේකම් ජේම්ස් මැක්හෙන්රි 1796-1800 සැමුවෙල් ඩේක්ස්ටර් 1800-1801 නීතිපති චාල්ස් ලී 1797-1801 නාවුක ලේකම් බෙන්ජමින් ස්ටෝදර්ට් 1798-1801

අධිකරණ පත්කිරීම් අග්‍රවිනිෂ්චකාර ජෝන් ජේ 1800 ජෝන් මාෂල් 1801-1835 සහකාර විනිෂ්චකාර බුෂ්රෝඩ් වොෂින්ටන් 1799-1829 අල්ෆ්රෙඩ් මෝර් 1800-1804

කතාවන් ආරම්භක දේශනය (1797 මාර්තු 4)

අයහපත් සෞක්‍ය තත්ත්වය නිසා විශ්‍රාම ගිය ඔලිවර් එල්ස්වත් ට පසුව එක්සත් ජනපදයේ සිව්වන අග්‍රවිනිෂ්චකාර ලෙස පත් කරන ලද ජෝන් මාෂල් ඇඩම්ස් ගේ ඇඩම්ස්ගේ ප්‍රමුඛ සිදුවීමක් විය. මාෂල්ගේ දීර්ඝ ධුර කාලය ෆෙඩරල් වරුන්ගේ දීර්ඝ බලපෑම පෙන්නුම් කරයි.

වෙනත් අධිකරණ පත්කිරීම් කොන්ග්‍රසය දුර්වල වු අවස්ථා වලදී 1801 අධිකරණ පනත පිහිටුවන ලදී. එයින් දිස්ත්‍රික් උසාවි හා මහාධිකරණය අතර අභියාචනාධිකරණයක් ඇති කරන ලදී. දෙආකාර වු එම පනතේ අරමුණ වුයේ 1798 අධිකරණ පනතේ ඵලයක් වු ෆෙඩරල් අධිකරණයේ වු දුර්වලතා මගහැරීම හා පරාජය වු ෆෙඩරල් වාදීන්ට අධිකරණ තනතුරු ලබා දීමයි. ඔහුගේ ධුර කාලය ඉකුත් වෙමින් තිබු නිසා, ඇඩම්ස් විසින් මෙම පනත ප්‍රකාරව නව අධිකරණ පත්වීම් බොහොමයක් සිදු කල අතර එය ඔහුගේ ප්‍රතිවාදීන් විසින් "මහ රැ නඩුකාරයන්" ලෙස හදුන්වනු ලැබුවේය. 1802 අධිකරණ පනත බලාත්මක වීමෙන් පසු ජෙෆෙර්සන් ෆිසින් මෙම බොහොමයක් පත්වීම් අවලංගු කරන ලදී. මෙමගින් 1801 අධිකරණ පනත මගින් ඇති කල නව උසාවි අහෝසි කරන ලද අතර 1789 තිබු පෙර තත්තත්වයට ෆෙඩරල් උසාවි ගෙන එන ලදී.

ජනාධිපති ධුරයෙන් පසු

1800 වු පරාජයෙන් පසු ඔහු සිය පුද්ගලික ජීවිතයට විශ්‍රාම ගන්නා ලදී. ඔහු ජීවත්ව සිටි කාලයේදී සිය අනුප්‍රාප්තිකයාගේ දිවුරුම් දීමට නොපැමිණි ජනාධිපති වරුන් සිව් දෙනාගෙන් එක් අයෙකු විය. එමෙන්ම ඉතිරි තිදෙනාගෙන් එක් අයෙකු වුයේ ඔහුගේ පුතු වු ජෝන් ක්වින්සි ඇඩම්ස් ය. ඔහු ජෙෆෙර්සන් සමග පැවැත්වූ සම්භන්දතා ඔහු හුදකලාවීමට් හෝ අමනාපයක් දැක්වූ බවට පසු කලක විද්‍යාර්ථන් විසින් දැක්වූ අදහසට පටහැනි වේ. ඔහු ජෙෆෙර්සන් ගේ දිව්රුම් දීමට ප්‍රථමයෙන් වොෂින්ටන් වලින් පිටත් වුයේ සිය පුතු වු චාල්ස් ඇඩම්ස් ගේ මිය යාමෙන් වු සිත් තැවුල නිසා බව පැවසේ. ක්වින්සි නගරයේ පීස්ෆීල්ඩ් හී සිය නිවසට වී වගා කටයුතු වල නියැලිනි. ඔහු සිය චරිතාපදාන රචනය ආරම්භ කරන ලද අතරම (එය කිසිදා එලි දැක් නොවිණි) සිය පරණ මිතුරන් වු බෙන්ජමින් වොටර්හාවුස් හා බෙන්ජමින් රශ් සමග සබදතා ඇති කර ගත්තේය. ජනාධිපති ලෙස දෙවරක් කටයුතු කිරීමෙන් පසු 1809 දී ජෙෆෙර්සන් මහජන සේවයෙන් ඉවත් වීමෙන් පසු ඇඩම්ස්ගේ හඬ නැවත අවධි විය. බොස්ටන් දේශප්‍රේමියා පුවත්පතට පලකිරීමට පුරා වසර තුනක් ලිපි යවමින් හැමිල්ටන් ඇඩම්ස් ගේ චරිතය හා හැසිරීම විවේචනය කරමින් පලකල පොතක කරුණු එකින් එක නිශ්ප්‍රබා කරන ලදී. 1894 දී හැමිල්ටන් මිය ගියද නිව් යෝක් වැසියන්ගේ තදබල ප්‍රහාර වලින් තමුන් නිර්ධෝෂ කර ගැනීමට ඔහුට උවමනා විය.

ජෙෆෙර්සන් සමග සම්භන්දතා

1812 මුල් භාගයේදී ඇඩම්ස් ජෙෆෙර්සන් සමග සාමදාන විය. නිදහස් ප්‍රකාශය අත්සන් කල බෙන්ජමින් රශ් ඔවුන් දෙදෙනාගේ එකතුවීමට අනුබල දුන්නේය. 1812 නව අවුරුදු දින ඔහු ජෙෆෙර්සන් හට කෙටි ලියමනක් යවන ලදී. අසනින්ම ජෙෆෙර්සන් විසින් ලිපියක් යොමු කරන ලද අතර ලිපි මගින් ඔවුන් සිය මිත්‍රත්වය වැඩි දියුණු කර ගන්න ලදී. 1812 ඇරඹි එම සම්බන්ද තව ඔවුන් මිය යන තුරුම පවතී අතර එම ලිපි හුවමාරුව ඇමෙරිකානු සාහිත්‍යයේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ. එම ලිපි උසස් දැකමකින් සමන්විත් වුනි. ඔවුන්ගේ සබදතාව වසර 15 පවතී අතර ලිපි 158 පමණ හුවමාරු විය. "ස්භාවික කුලීනත්වය" සාකච්ඡා කරන ලද්දේ මෙම වසර කීපයේදීය.

පවුල් ජීවිතය ජෝන් ඇඩම්ස්ගේ මරණයට මාස 16 කට පෙර ඔහුගේ පුත් ජෝන් ක්වින්සි ඇඩම්ස් ඇමෙරිකාවේ 6 වන ජනාධිපති ලෙස පත්වුණු අතර එය 2001 දී හිටපු ජනපති ජෝජ් ව බුෂ් තෙක් හිටපු ජනාධිපති වරයෙකුගේ පුතෙකු විසින් ජනපති පධවියට පත් වුනු පළමු අවස්ථාව විය. ඇඩම්ස්ගේ දියණිය වු අබිගෙල් ඇඩම්ස් මහජන නියෝජිතයෙක් වු විලියම් ස්ටීවන් ස්මිත් සමග විවාහ වු අතර එය අසර්තක වීමෙන් පසු නැවත මාපියන්ගේ නිවසට පැමිණියාය. ඇය 1813 දී පියයුරු පිළිකාවකින් මිය ගිය අතර ඔහුගේ පුත් මත පන් නිසා 1800 මිය ගියේය. ඔහුගේ බිරිද 1818 ඔක්තෝබර් 28 වන දින තයිරොයිඩ් වලදී මිය ගියාය. ඔහු මිය යන තෙක් ඔහුගේ පුත් තෝමස් හා හා ඔහුගේ පවුලේ අය ජීවත් වීය.

මරණය ඔහු මිය යාමට මාසයකට පමණ පෙර ඔහු ඇමෙරිකාවේ ඉරණම පිළිබද ප්‍රකාශයක් නිකුත් කල අතර එය ජෝ හොකිම් නම් ඉතිහාසඥයාට අනුව සිය රටවැසියාට කල අනතුර ඇගවීමක් විය. 1826 ජුලි 4 වන දින නිදහස් ප්‍රකාශය ට 50 වසරක් එළබෙන දිනයේදී ක්වින්සි හී සිය නිවසේදී ඔහු මිය ගියේය. ඔහුට එදින 4 වනදා බව පැවසූ විට ඔහු ඉතා පැහැදිලි හඩින් එය ඉතා හොද දිනයක් යයි පවසන ලදී. ඔහුගේ අවසාන වදන් වුයේ "තෝමස් ජෙෆෙර්සන් ජීවත්වනවා" යන්නයි ( ජෙෆෙර්සන් , ඇඩම්ස් මිය යාමට පය කීපයකට පෙර මිය ගියේය). ඔහුගේ මරණය සිදු වුයේ නිදහස් ප්‍රකාශනය අත්සන් කල අයගෙන් ජීවත් වන එකම පුද්ගලයා බවට චාල්ස් කැරොල් බවට පත් කරමිනි. ඔහු මිය ගියේ ඔහුගේ පුත් ජෝන් ක්වින්සි ඇඩම්ස් ජනපති ධුරය දරන සමයේදීය. ඔහුගේ දේහය එක්සත් ජනපදයේ ප්‍රථම පරිශ් පල්ලියේ තැන්පත් කර ඇතී මුත් ඇත්තටම ඔහුව භූමදාන කරන ලද්දේ හැන්කොක් සුසාන භූමියේය. 2001 වසරේදී රොනල්ඩ් රේගන් විසින් බිද හෙලීමට් ප්‍රථම වසර 175 පුරාවටම පවතී දේශයේ වැඩිම කල් දිවි ගෙවූ (වසර 90 කුත් දින 247 කුත්) ජනපති වුයේ ද ඔහුය.

දේශපාලන දර්ශනය හා දැක්ම

රාජකීය හා පරම්පරාගත ආයතනයන් ඔහුගේ ජීවිත කාලය පුරාවටම ඔහු රාජකීය හා පරම්පරාගත ආයතනයන් පිළිබද මතබේදාත්මක ප්‍රකාශ සිදු කරන ලදී. එක් කාලයකදී ඔහු මෙම පරිචයන්ට සහයෝගය දක්වමින් කියා සිටියේ නීතිය හා මිනිසුන්ගේ නිදහස රකින එකම ආයතනය වන්නේ රාජකීය හා පරම්පරාගත ආයතනයන් පමණක් බවයි. නමුත් යම් කාලයකදී ඔයු ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දැරීය. එම ප්‍රතික්ෂේප කිරීම් ඔහු විවේචනය කල වුන් අස්වසන්නක් නොවූ අතර ඔහුව රාජකීයත්වය කරපින්නා ගත්තෙකු ලෙස ඔහුව සිය කාලය තුලම හංවඩු ගැසිනි. ඉතා අසභ්‍ය වු එම විවේචන ඔහු රජ වීමට තැත් කරන බවත් ඔහුගේ පුත් වු ජෝන් ක්වින්සි මීලග ජනපති බවට පත් කෙරීමට දරන උත්සහයක් බවත් අගවිනි.

ඇඩම්ස් විසින් ඔහු වෙත එල්ල වු රළු වුද සත්‍යය මත එල්ල කළා වුද ප්‍රහාර කිසි දිනක පිළිගත්තේ නැත. ඔහු නොපිලිගත්තද ඔහු "Davila" නමැති කෘතිය සම්පාදනය කරන අවධියේ රාජකීයත්වය හා පරම්පරා උරුමය දෙසට නබුරුවෙමින් සිටියේය. එලෙසින්ම ඔහු උප ජනාධිපති බවට පත්වීමෙන් සුළු කාලයකට පසු පරම්පරා උරුමය හා රාජකීයත්වය ඇමෙරිකාව විසින් පිළිගත් යුතු බවට යෝජනා කළේය.

එම ප්‍රකාශ වලට ප්‍රතිවිරුද්ධ අදහසක් ඔහු ජෙෆෙර්සන් ට ලියු ලිපියක සටහන් වේ.

මම රජුන් , සාමිවරුන් හා සාමාන්‍ය ජනතාව සිටින රජයක් හෝ වෙනත් වචනවලින් කියනවානම් පරම්පරාගත් විධායකයක්, සෙනෙට් සභාවක් එක්සත් ජනපදය තුල හෝ ප්‍රාන්තයක් තුල ඇතිකිරීමට සැරසෙනවා යයි ඔබ සිතන්නේ නම් ඔබට වැරදී ඇත. මා එවැනි දෙයක් මගේ රාජකාරි හෝ පුද්ගලික ලිපියක නොලියා ඇති අතර එවන් දෙයක් ලිය ඇත්නම් එය පෙන්වාදෙන ලෙස මම ඔබට අභියෝග කරන බවයි.

ආගමික දැක්ම

ඔහුගේ මුතුන් මිත්තන් ශුද්ධවන්තයන්ගෙන් පැවතෙන්නන් වු බැවින් ඔහු සභාවට අයිති පුද්ගලයෙකු ලෙස ඇති විනි. ඔහුගේ අපදාන කතෘ ඩේවිඩ් මැක්කළෝ ට අනුව ඔහු සැදැහැවත් ක්‍රිස්තියානි භක්තිකයෙක් මෙන්ම නිදහස් චින්තකයෙක්ද විය. ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් සමයේ එහි දේව වාදය වර්ධනය වෙමින් පැවතිනි. ඔහුගේ ඇතැම් දේශනා හා ලේඛන වල දේව වාදය පිළිබද අදහස්‌ තිබුණි. ඔහු විශ්වාස කල පරිදි පල්ලියේ දේව මෙහෙය මිනිසාගේ මානසික සුවයට මග පාදන බවයි. එව්රට් (1966) දැක්වූ ආකාරයට ඇඩම්ස් ආගම ගැන කටයුතු කලේ සාධාරණත්වය වැනි කරුණු මුල් කර ගෙන බව හා ආගම පුර්ණත්වය වෙනුවෙන් වෙනස් වීම හා පරිණාමය විය යුතු බවයි. ෆීල්ඩින්ග් (1940) පැවසූ පරිදි ඇඩම්ස් ගේ ඇදහිලි හා විශ්වාසයන් ශුද්ධවන්ත බව හා දේවවාදී බව නිරුපනය කරන බවයි. ඇඩම්ස් විසින් එක් වරක් ප්‍රකාශ කලේ ක්‍රිස්තියානි දහම මුලිකවම හෙළිදරව් කරන සුළු වුවද එය වැරදි අර්ථකථනයන්ගෙන්, වැරදි භාවිතයන්ගෙන් මිත්‍යා දෘෂ්ටික, වැරදි සහගත් වෙමින් පවතින බවයි.

චර්තාපදාන ජෝන් ඇඩම්ස් ගේ පළමු චරිතාපදානය ලෙස එළිදැක්වූයේ වෙළුම් දෙකක් ලෙස පැමිණි චාල්ස් ෆ්‍රැන්සිස් ඇඩම්ස් විසින් සංස්කරණය කරන ලද 1850 ,1856 අතර කාලය තුල චාල්ස් C ලිට්ල් හා බොස්ටන් හී ජේම්ස් බ්‍රවුන් විසින් ප්‍රකාශයට පත් කරන ලද The Works of John Adams, Esq., Second President of the United State නම් කෘතියයි. මෙහි පැලමු පරිච්චේද 7 ජෝන් ක්වින්සි ඇඩම්ස් ගේ වන අතර ඉතිරිය චාල්ස් ෆ්‍රැන්සිස් ඇඩම්ස් ගේ වේ. 1929 දී ප්‍රසිද්ද වු ජෙෆෙර්සන් පිළිබද චරිතාපදානය ලියු ඇමෙරිකානු ඉතිහාසය පිළිබද ප්‍රංශ විශේසඥයෙකු වු ගිල්බට් චිනඩ් විසින් 1933 දී රචිත Honest John Adams, ඔහු පිළිබද ප්‍රථම නුතන චරිතාපදානය වේ. ඇඩම්ස් සම්බන්ද හොදම ලේඛනය ලෙස එය වසර ගණනක් සැලකිණි. 1950 දී ඇඩම්ස්ගේ ලිපි ගොනු නිරාවරණය වීමත් සමග පේජ් ස්මිත් විසින් මීට පෙර හෙලින් නොවූ කරුණු අලළා චරිතාපදානයක් සම්පාදනය කළේය. එම ග්‍රන්ථය 1962 වසරේදී Boncroft සම්මනය් දින ගන්නා ලදී. 1975 දී පීටර් ශෝ විසින් The Character of John Adams නමැති කෘතිය පල කරන ලදී. 1992 දී ජෝශප් ජේ එලිස් විසින් Passionate Sage: The Character and Legacy of John Adams නම් චරිතාංග විග්‍රහයක් ඉදිරිපත් කලේය. එලිස් ගේ ප්‍රථම සාර්ථක පලකිරීම වු මෙය ඇඩම්ස්ගේ චරිතය පිළිබද ලියවුනු හොදම හා විචාරශීලී කෘතිය ලෙස සැලකේ. 1993 දී විප්ලවවාදී යුද ඉතිහාසඥයකු හා චරිත කතා කරුවෙකු වු ජෝන් E ෆෙර්ලින් විසින් John Adams නම් කෘතිය පල කල අතර එය ඇඩම්ස්ගේ මානසික සංවේදී බව පෙන්නුම් කෙරේ. එම කෘතිය මෙතෙක් පලවූ හොදම චරිතාපදානය ලෙස සැලකේ. 2001 දී ප්‍රසිද්ද ඉතිහාසඥයකු වු ඩේවිඩ් මැක්කළෝ John Adams නම් විශාල චරිතාපදානය පල කල අතර එය විවිධ සම්මාන හා ජනතා ප්‍රසාදයද දිනා ගත්තේය. මැක්කළෝ ගේ චරිතාපදානය 2008 වසරේදී ටෙලි නාට්‍ය යකට නැගුන අතර පොල් ගිඅමටි විසින් ජෝන් ඇඩම්ස්ගේ චරිතයට පන පොවන ලදී. 2005 වසරේදී ජේම්ස් ග්‍රාන්ට් විසින් John Adams, Party of One නම් කෘතිය පල කරන ලදී

තවත් බලන්න හැනා ඇඩම්ස් කොන්ග්‍රස් පුස්තකාලයේ ජෝන් ඇඩම්ස් ගොඩනැගිල්ල ජෝන් ඇඩම්ස්ගේ උසාවිය ලෙස හැදින්වෙන සෆෝක් ප්‍රදේශයේ උසාවිය


මූලාශ්‍ර[සංස්කරණය]

  1. "The religion of John Adams, second U.S. President". Adherents.com. http://www.adherents.com/people/pa/John_Adams.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-05-15. 
"http://si.wikipedia.org/w/index.php?title=ජෝන්_ඇඩම්ස්&oldid=284523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි