ජීවීන්ගේ පෝෂණ ක්‍රම

විකිපීඩියා වෙතින්

පෝෂණය යනු ජීවීන් ශක්තිය සහ ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලියයි. පෝෂණය සඳහා විවිධ ජීව විශේෂ විවිධ වූ ක්‍රම යොදා ගනු ලබයි. ජීවීන්ගේ පෝෂණ ක්‍රම ඔවුන්ගේ ශක්ති ප්‍රභවය සහ කාබන් ප්‍රභවය මත වර්ග කල හැක. කාබන් ප්‍රබවය මත ජීවීන්ගේ පෝෂණය ප්‍රධාන ආකාර දෙකකි.

  1. ස්වයංපෝෂි පෝෂණ ක්‍රමය
  2. විෂමපෝෂී පෝෂණ ක්‍රමය
  • කාබන් ප්‍රභවය ලෙස කාබන්ඩයොක්සයිඩ් (අකාබනික කාබන්) උපයෝගී කර ගන්නා ජීවීන් ස්වයංපෝෂින් ලෙස හඳුන්වයි.
  • කාබන් ප්‍රභවය ලෙස කාබනික කාබන් (කාබනික ද්‍රව්‍ය) උපයෝගී කර ගන්න ජීවීන් විෂම පෝෂීන් ලෙස හඳුන්වයි.
ස්වයංපෝෂී ජීවීන් කාබනික ආහාර සංස්ලේෂණය කරයි. මේ සඳහා ඔවුන්ට ශක්තිය අවැසි වේ. ඔවුන් ශක්තිය ලබාගන්නා ප්‍රභවය අනුව ස්වයංපෝෂී ජීවීන් නැවතත් කාණ්ඩ දෙකකට බෙදිය හැක. එනම්,
  1. ප්‍රභා ස්වයංපෝෂී පෝෂණය
  2. රසායනික ස්වයංපෝෂී පෝෂණය යනුවෙනි.
  • කාබනික ආහාර සංස්ලේෂණය කිරීමට සූර්ය ශක්තිය උපයෝගී කර ගන්නා ජීවීන් ප්‍රභා ස්වයංපෝෂීන් ලෙස හඳුන්වයි.
  • කාබනික ආහාර සංස්ලේෂණය කිරීමට රසායනික ද්‍රව්‍ය ඔක්සිකරණය කිරීම මගින් ශක්තිය ලබා ගන්නා ජීවීන් රසායනික ස්වයංපෝෂීන් ලෙස හඳුන්වයි.


කාබන් ප්‍රභවය ලෙස කාබනික ද්‍රව්‍ය (කාබනික කාබන්) උපයෝගී කර ගන්න ජීවීන් විෂම පෝෂීන් ලෙස හඳුන්වන බව ඉහත දක්වන ලදී. විෂම පෝෂී පෝෂණය ප්‍රධාන ආකාර 3කි. එනම්,

  • මෘතෝපජීවී පෝෂණය
  • සත්ත්ව සදෘෂ පෝෂණය සහ
  • සහජීවී පෝෂණය යනුවෙනි.

මෘතෝපජීවී පෝෂණය[සංස්කරණය]

මැරුණු ශාක සත්ත්ව කොටස් වල ඇති කාබනික ද්‍රව්‍ය මත පෝෂණය ලබන ජීවීන් මෘතොපජීවීන් ලෙස හඳුන්වයි. මොවුන් මැරුණු ශාක හා සත්ත්ව කොටස් වල ඇති කාබනික ද්‍රව්‍ය මතට බහිශ්සෛලීය එන්සයිම ශ්‍රාවය කර ඒවායේ ඇති සංකීර්ණ කාබනික ද්‍රව්‍ය සරල ද්‍රාව්‍ය තත්ත්වයට පත් කරයි. අනතුරුව ඒවා අවශෝෂණය කර භාවිතයට ගනු ලබයි. උදා: ඇතැම් බැක්ටීරියා, සියළුම දිලීර

සත්ත්ව සදෘෂ පෝෂණය[සංස්කරණය]

ආහාර මාර්ගයක් තුලට ආහාර අධිග්‍රහණය කරන ජීවීන් සත්ත්ව සදෘෂ පෝශීන් ලෙස හඳුන්වයි. සත්ත්ව සදෘෂ පෝෂණය අදියර 5කින් සමන්විත වේ. ඒවා නම්, අධිග්‍රහණය, ජීරණය, අවශෝෂණය, ස්වීකරණය සහ පහකිරීම යන ඒවායි. සත්ත්ව සදෘෂක පෝෂණය දක්වන ජීවීන් ක්ෂුද්‍ර භක්ෂක, තරල භක්ෂක හෝ මහා භක්ෂක පෝෂණයක් පෙන්වයි.

  • ක්ෂුද්‍ර භක්ෂක ජීවීන් ජලයේ අවලම්බනය වී ඇති ඉතා කුඩා අංශු අධිග්‍රහණය කරයි. උදා: Amoeba, මදුරු කීටයා
  • තරල භක්ෂක ජීවීන් ශාක හා සත්ත්වයන්ගේ තරල මත යැපේ. උදා: මදුරුවා, මකුළුවා, දුඹුරු කීදෑවා
  • මහා භක්ෂක පෝෂීන් විශාල ආහාරමය කොටස් අධිග්‍රහණය කරයි.
මහා භක්ෂක ජීවීන් ඔවුන් ලබා ගන්නා ආහාර වර්ගයට අනුව කොටස් 3 කට බෙදිය හැක. එනම්, ශාක භක්ෂක, මාංශ භක්ෂක සහ සර්ව භක්ෂක යනුවෙනි.

සහජීවී පෝෂණය[සංස්කරණය]

ඉතා සමීප ලෙස ජීවත් වන විශේෂ දෙකක් හෝ කිහිපයක් අතර දක්නට ඇති පාරිසරික සම්බන්ධතාවයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ජීවීන්ගේ_පෝෂණ_ක්‍රම&oldid=502266" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි