ජ්‍යාමිතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
කැලබි - යාවු සමූදාය

(Geometry - ග්‍රීක භාෂාවට අනුව geo යනු පොළව ද metria යනු මිණුම යන්නයි) ජ්‍යාමිතිය යනු අවකාශයේ ගුණ සමඟ සහ රූපවල හැඩය, විශාලත්වය හා සාපේක්ෂ පිහිටීම පිළිබඳ ගැටළු හා බැඳී පවතින ගණිතයෙහි කොටසකි. ජ්‍යාමිතිය පැරණිතම විද්‍යාවලින් එකකි. මුලින්ම ජ්‍යාමිතිය යනු දිග , වර්ගඵලය හා පරිමාව සැලකිල්ලට ගත් ප්‍රායෝගික දැනුම් සම්භාරයක් විය. පසුව ක්‍රිස්තු පූර්ව තෙවන ශත වර්ෂයේ දී යුක්ලීඩ් ජ්‍යාමිතිය ඉදිරිපත් කළ යුක්ලීඩ් විසින් ජ්‍යාමිතිය ස්වයං ප්‍රත්‍යක්ෂ්‍ය ආකාරයක් බවට පත් කරන ලද අතර ශත වර්ෂ ගණනකට භාවිතා කළ හැකි සම්මතයක් ගොඩ නැඟීය. නක්ෂත්‍රයේ දී, විශේෂයෙන් අවකාශ ගෝලයේ ඇති තාරකා හා ග්‍රහ ලෝකවල පිහිටීම් අනුරූපණය කිරීමේ දී අර්ධ සහස්‍ර කාලය තුළ දී ජ්‍යාමිති ප්‍රශ්න සැපයීමේ වැදගත් ප්‍රභවයක් විය. රෙනී ඩිස්කාටස්(Rene Descartes) විසින් ඛණ්ඩාංක හඳුන්වාදීම සහ සමකාලීනව සිදු වූ වීජ ගණිතයේ දියුණුවත් සමඟ තලීය වක්‍ර වැනි ජ්‍යාමිතික හැඩයක් විශ්ලේෂණාත්මක ලෙස ශ්‍රිත හා සමීකරණවලින් නිරූපණය කළ හැකි වීම නිසා ජ්‍යාමිතියට නව මුහුණුවරක් සනිටුහන් විය. මෙය 17 වන ශත වර්ෂයේ දී කලනයේ නිර්මාණය වීමේ දී වැදගත් කාර්යයක් ඉටු කළේය. තවදුරටත් රූපවල ප්‍රමිතික ගුණවලට දෙයක් වඩා ජ්‍යාමිතියෙහි ඇතුළත් පර්යාලෝක සිද්ධාන්තය මඟින් පෙන්වයි. ඉයුලර් සහ ගවුසිස් සමඟ සිදු කළ ජ්‍යාමිතික වස්තූන්වල නිසඟ ව්‍යුහ අධ්‍යයනය මඟින් ජ්‍යාමිතිය තව දුරටත් සාරවත් වූ අතර එය අවකල ජ්‍යාමිතිය සහ ස්ථල විද්‍යාව නිර්මාණය වීමට හේතු විය. 19 වන ශත වර්ෂයේ යුක්ලීඩියානු නොවන ජ්‍යාමිතිය සොයා ගැනීමෙන් පසු අවකාශය පිළිබඳ සංකල්පය, විප්ලවකාරී පරිවර්තනයකට ලක් විය. නූතන ජ්‍යාමිතිය මඟින් සලකනු ලබන සමූදාය හුරු පුරුදු යුක්ලීඩියානු අවකාශයට වඩා වියුක්ත අවකාශ කුඩා පරිමාණවලදී පමණක් ආසන්නව සමානව පවතී. මෙම අවකාශ අයෙකුට දුර පිළිබඳ කතා කිරීමට ඉඩ සලස්වමින් ආකලන ව්‍යුහ සමඟම පවරා දිය හැකිය. භෞතික විද්‍යාව හා නවීන ජ්‍යාමිතිය ශක්තිමත් බැඳීම් ගණනාවකින් බැඳී ඇත. රීමන් ජ්‍යාමිතිය හා සාමාන්‍ය සාපේක්ෂතාව අතර බැඳීම මඟින් මෙය වඩාත් තහවුරු කරයි. භෞතික විද්‍යාවේ නවතම ප්‍රමේයයක් වන තන්තු සිද්ධාන්තය අතිශයින් ජ්‍යාමිතික වේ. ජ්‍යාමිතියෙහි දෘශ්‍ය ස්වභාවය , එය වීජ ගණිතය හා අංක සිද්ධාන්ත වැනි ගණිතයෙහි අනෙකුත් කොටස්වලට වඩා පහසුවෙන් ප්‍රවේශ විය හැකි අංශයක් බවට පත් කරයි. කෙසේ නමුත් යුක්ලීඩ් සාධනවලින් බොහෝ කලක සිට ඉවත් කළ සංදර්භයන් හි පවා ජ්‍යාමිතික භාෂාව භාවිතා වේ. නිදසුන් ලෙස භාගික ජ්‍යාමිතිය හා විශේෂයෙන් වීජීය ජ්‍යාමිතිය දැක්විය හැක.

"http://si.wikipedia.org/w/index.php?title=ජ්‍යාමිතිය&oldid=210713" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්