ජන සංගණන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

1.හැඳින්වීම[සංස්කරණය]

ජන සංඛ්‍යාවේ ප්‍රමාණය,වර්ධනය,ව්‍යාප්තිය හා සංයුතිය තීරණය වීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක වන සඵලතාවය,මර්ත්‍යාවය,සංක්‍රමණ හා විවාහකත්වය ආදි සංරචක පිළිබඳ තොරතුරු අවබෝධ කරගත හැකි මුලයන් අපි ප්‍රජා විද්‍යා දත්ත මුලාශ ලෙස හදුන්වන අතර එම මුලාශ්‍රයන් අතර ජනසංගණන වලට හිමි වනුයේ වැදගත් ස්ථානයකි.බොහෝ රටවල ජනසංඛ්‍යා වර්ධනය පිළිබදව දත්තයන් සපයන මුලාශ්‍රය බවට ජනසංගණන පත්ව ඇති නිසා ,

  • අප ජනසංගණනයක් යනු කුමක්ද?
  • එහි ඉතිහාසය
  • මුල් කාලීන හා පසුකාලීනව එය පැවැත්විමේ පරමාර්ථයන්
  • ජනසංගණනවල ප්‍රධාන ලක්ෂණ
  • ජනසංගණන පැවැත්වීමේ ක්‍රම
  • ජනසංගණනවල වැදගත්කම ආදිය

මේ හරහා සළකා බැලීමට බලාපොරොත්තු වේ.

2.ජනසංගණනයක් යනු කුමක්?[සංස්කරණය]

නිශ්චිත කාල පරිච්ඡේදයකදි යම් කිසි රටක ජීවත් වන ජනගහනයේ ප්‍රජා විද්‍යාත්මක,සමාජ,ආර්ථික දත්ත එක් රැස් කිරිම,ගොනු කිරීම,ඇගයීම,විශ්ලේෂණය කිරීම හා ප්‍රකාශයට පත් කිරීමේ සම්පුර්ණ ක්‍රියාවලිය 'ජනසංගණනයකි.රටක් විසින් පවත්වනු ලබන ඉතා පුළුල් වුත් වියදම් සහගත වුත් දත්ත රැස් කිරීමේ ක්‍රමයක් ලෙසද ජනසංගණන හැදින්විය හැකිය.සංගණනයක් මඟින් තොරතුරැ කලින් කලට ලබා ගන්නා නිසා එය කාලීන දත්ත පද්ධතියක් ලෙස හඳුන්වනු ලැබේ.


3.ජන සංගණනවල පරිවර්තනයන්[සංස්කරණය]

i.ක්‍රි.පු.4000 දී බැබිලෝනියාවේ පැවැත්වු ප්‍රථම සංගණනයේ සිට ක්‍රි.පු.3000 චීනයේ,ක්‍රි.පු.2500 දී ඊජිප්තුවේ,ක්‍රි.ව.1666 උතුරු ඇමරිකාවේ ක්ව්බේක් හි පවත්වනු ලැබු සංගණනය දක්වා සියලුම සංගණනයන් බඳු තක්සේරු කටයුතු හා යුධමය කාර්යන් පරමාර්ථ කරගෙන පවත්වා ඇත.


ii.පුරාණ ග්‍රීක යුදමය කාලවල දී වැඩිහීටි පිරිමි ප්‍රමාණය ඇස්තමේන්තු කිරීමේ අරමණු ඇතිව හා සාමාන්‍ය ජනතාවට ආහාර සැපීමේ පරමාර්ථ ඇතිව ජනසංගණන පවත්වා ඇත.


iii.1797 සිට ඇමරිකාවේ සංගණන පැවැත්වීමේ සැළකි යුතු වර්ධනයක් ඇති වු අතර එරට රජය මඟින් ඉන් පසුව සෑම වසර 10 ට වරක් සංගණන පවත්වා ඇත.


iv.බොහෝ යුරෝපීය රටවල 19 සියවසේ දී නුතන ආකාරයේ සංගණන පැවැත්විම ආරම්භ කරන ලදී.


v.ආසියාවේ ඉන්දියානු උප මහද්වීපයේ සංගණන ආවරණය 1871 දී ආරම්භ විය.


අතීතයේ යුදමය,බඳු ආදි පරමාර්ථ මුල් කරගෙන ජනසංගණන පැවැත්වුවද වර්තමාන වන විට ඒ අරමුණ වෙනස් වි එක්තරා මොහොතක ජනසංඛ්‍යාවේ ප්‍රමාණය,ව්‍යාප්තිය, වර්ධනය හා සංයුතිය යනාදී ප්‍රජා විද්‍යාත්මක තොරතුරුත් සමාජීය හා ආර්ථික කටයුතු පිළිබද තොරතුරු එක් රැස් කිරීමේ,ගොනු කිරීමේ,විග්‍රහ කිරීමේ හා ප්‍රකාශයට පත් කිරීම අරමුණ වී ඇත.අතීතයේ රැස්විම් හරහා රටවල සංගණන කරත් නුතකයේ සෑම නිවසකටම ගොස් පෞද්ගලිකවම හා වෙන වෙනම සෑම පුද්ගලයකුගෙන්ම තොරතුරු ලබා ගනී.සංගණනයේදි හැම අයකුම ආවරණය වන අතර එහිදි මුලික ප්‍රශ්න කිහිපයක් අසයි. එනම් වයස,පුමිතිරිභාවය, විවාහකත්වය හා උපන් ස්ථානය...........ආදිය දැක්විය හැකිය.


4.ජනසංගණනයක තිබිය යුතු ලක්ෂණ.[සංස්කරණය]

i. පුද්ගලයන් වෙන වෙනම ගණන් ගැනීම.

එනම් යමක් තේරුම් ගැනීමට හැකි වයසේ සිටින අය (වයස අවු:18 ට වැඩි පුද්ගලයන්)වෙන වෙනම ගෙන ඔවුන්ගෙන් තොරතුරු ලබා ගැනීමයි. සංගණනය පවත්වන විට සමහරක් ගෘහ මූලිකයන් පවුලේ සියලු දෙනාම වෙනුවෙන් විස්තර ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වේ.එවිට සංගණනයට අවශ්‍ය තොරතුරු අවශ්‍ය පුද්ගලයාගෙන් ලබා ගැනීමට අපහසු වේ.


ii.එක්වර ගණන් ගැනීම.

මෙමගින් අදහස් කරනු ලබන්නේ රටක හෝ යම් නිශ්චිත ප්‍රදේශයක සිටින අදාළ සියලුම පුද්ගලයන්ගේ ගණන් ගැනීමකි.මෙහිදී වඩා වැදගත් වන්නේ පුද්ගලයන් ඌන ආගණනය විම හැකිතාක් අවම කර ගැනීමයි.


iii.මායිම් කරන ලද නිශ්චිත ප්‍රදේශයක් තිබීම.

සෑම පුද්ගලයකුම කලින් නියම කරන ලද එකම මොහොතක ගණන් ගැනීම කළ යුතුයි.


iv. නිශ්චිත කාල සීමාවකට අනුව ගණන් ගැනීම.

‍බොහෝ ර‍ටවල ජන සංගණන අවු:10 ට වරක් පවත්වනු ලබයි.තවත් රටවල අවු:05 ට වරක් පවත්වනු ලබයි.එක්සත් ජාතීන්ගේ නිර්දේශයට අනුව සංගණන පැවැත්වීමට යොදා ගන්නා වර්ෂය 0 හෝ 5 න් අවසන් වන වර්ෂයක් විය යුතුයි.ඊට හේතුව රටවල් අතර සංගණන තොරතුරු සැසදීම‍ටයි.


5.ජනසංගණනයක් පැවැත්වීමේ මුලික ක්‍රම[සංස්කරණය]

i.තත්වාකාර ආගණනය

(මෙහිදී විමර්ශකයාට යම් පුද්ගලයකු හමු වන්නේ කොතනකදී ද එම ස්ථානයේදීම ගණන් ගැනීම.)

i.





ii.

ii.නීති ප්‍රකාර ආගණනය

(පුද්ගලයන් ජීවත් වන වාසස්ථානවලට ගොස් ගණන් ගැනීම.)







6.ජනසංගණනයේ මුලික අවදි තුන හා එම අවදිවල සිදු කෙරෙන කාර්යන්[සංස්කරණය]

පුර්ව ආගණන අවදිය

i.සංගණනයේ නීතිමය පදනම දැමීම

ii.අය-වැය ලේඛනයක් සැදීම

iii.සංගණනයේ දින දර්ශන සැදීම



iv.පරිපාලන සංවිධානයක් තිබීම


iv.

සංගණනය පැවැත්වීම සදවා ඉතා විශාල නිළධාරීන් පිරිසක් අවශ්‍ය වේ. සංගණන පැවැත්වෙන කාල සීමාව තුළදී අලුතින් බදවා ගන්නා අනියම් සේවකයින් ප්‍රමාණය ඉතාම අධිකය.ශ්‍රි ලංකාවේ සංගණන පවත්වනු ලබන ජන ලේඛන වා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව ඒ සදහා රජයේ පරිපාලන සැකිල්ල භාවිතා කරයි.









v.සිතියම් සම්පාදනය

මෙමගින් අධි ආගණනයක් හෝ අව ආගණනයක් ඇති වීම වැළැක්වීමට බලාපොරොත්තු වේ.සෑම ගනන් ගන්නා නිළධාරියකුටම භාර දෙන සංගණන කාණ්ඩයටම සිතියම් සැකසිය යුතු වේ.මේ මගින් ආගණනය කරන ප්‍රදේශය පිළිබදව නිසි අවබෝධයක් ලබා ගත හැක.

vi.ගෘහ ලැයිස්තු සැකසීම

vii.වගුගත කිරිම් සැළසුම් කිරිම

එකතු කරනු ලබන දත්ත විග්‍රහ කිරීමට කුමන ආකාරයක වගු භාවිතා කරන වාද යන්නත් ඒ සදහා අවශ්‍ය සැකිලි සකස් කිරීම මේ යටතේ සිදු කරයි.






viii.

viii.ප්‍රශ්නාවලි පිළියෙළ කිරීම

සංගණන ප්‍රශ්නාවලියක පහත සදහන් ප්‍රශ්න ඇතුළත් විය යුතුය උදා;අධ්‍යාපන මට්ටම, සංස්කෘතික ලක්ෂණ, ආර්ථික තත්වයන් ගෘහ සම්බන්ධ තතු පුද්ගලයන් පිළිබඳ තතු රටේ භූගෝලීය විද්‍යාත්මක තතු





ix.එම ප්‍රශ්නාවලිය පරීක්ෂා කිරීම

සංගණන ප්‍රශ්නාවලිය අදාළ කලාපයට ගෙන ගොස් පුර්ව පරීක්ෂණයක් කළ යුතුය.වෙන වෙනම භාෂා සංස්කෘතීන් ඇති ප්‍රදේශවලට ගොස් මෙම ප්‍රශ්න ඉදිරිපත් කළ යුතුය.එසේ කිරීමෙන් බලාපොරොත්තු වනුයේ විවිධ භාෂා සංස්කෘතීන්වලට අයත් පුද්ගලයන් මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු දිමේ වෙනසක් තිබේදැයි බැලීමටය.





x.

x.ආගණන සැළසුම් සකස් කිරීම

තත්වාකාර හා නීති ප්‍රකාර ක්‍රමයන් යටතේ ආගණන සැළසුම් සකස් කළ හැකිය.







xi.දත්ත සැළසුම් කිරීමේ සැළැස්ම සැකසීම

xii.සංගණනය පිළිබද ප්‍රචාරණය

මෙමගින් වැදගත්කම පිළිබදව ජනතාවට තොරතුරු ඉදිරිපත් කළ යුතුය. එනම් ලිපි මාර්ගයෙන්,මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මාර්ගයෙන් ප්‍රචාරණය ලබා දීම සිදු කරයි.ඉන්දියාව වැනි රටවල මේ සඳහා ප්‍රසිද්ධ නළු නිළියන්ගේ ආරාධනය පවා ලබාගනී.



xiii.සංගණන ක්‍රියාවලිය සිදු කිරීමට අවශ්‍ය නිළධාරීන් තේරීම හා පුහුණු කිරීම

xiii.

සංගණන කටයුතු සඳහා තෝරාගන්නා නිළධාරීන්ට ඒ සදහා විශේෂයෙන් ම සංගණන ප්‍රශ්නාවලිය පිළිබදව අවබෝධයක් ලබා දීම සිදු කෙරේ.








ආගණන අවදිය

i.මේ අවදියේ දි තත්වාකාර හෝ නීතිප්‍රකාර ආකාරයට ජනගහනය ගණන් ගැනීම සිදු කරයි. ආගණන අවදිය ඉතා සුළු කාලයක් වන අතර මුළු සංගණන ක්‍රියාවලියේ වැදගත්ම කාලයයි.උදා:-ලෙස 1971,1981,2001 සංගණනවල ආගණන අවදිය වුයේ සවස 6.00-රාත්‍රි 12.00 දක්වා කාලයයි.


වැඩි දුර කියවීමට


පශ්චාත් ආගණන අවදිය සංගණනය සිදු කළ පසුව ඒ ලබා ගත්,

i. දත්ත සැකසීම

සංගණනයේදි ලබා ගන්නා දත්ත දිස්ත්‍රික්ක අනුව,වයස් මට්ටම් අනුව,ස්ත්‍රි-පුරුෂ අනුව යම් පිළිවෙළක‍ට සැකසීම පළමුව කරනු ලබයි.පළමුව දත්ත යම් පිළ්වෙළකට සකසන්නේ විශ්ලේෂණයේ පහසුව පිණිසය.



ii.ප්‍රතිඵල ඇගයීම

ii.

දත්ත සකසා ලත් පසුව එම සැකසු සත්ත අනුසාරයෙන් රටක නම් දිස්ත්‍රික්ක අනුව පළාත් අනුව ඇගයීම් කළ හැකිය.







iii.

iii.දත්ත විශ්ලේශණය

තත්වාකාර හා නීති ප්‍රකාර ක්‍රමවේදයට ලබා ගත් දත්ත පරිපාලන මණ්ඩලයක් හරහා විශ්ලේෂණය කරනු ලබයි






iv.ප්‍රතිඵල හා වාර්තා ප්‍රකාශයට පත් කිරීම

සංගණනය කළ පසුව ඒ තොරතුරු වාර්තා කළ යුතු වන්නේ සැළසුම් සම්පාදකයින්ට,පර්යේෂකයන්ට ඒවා වැදගත් වන නිසාත්,ඉදිරි සංගණන සඳහා වැදගත් වන නිසාත්ය.








v.

v.සංගණන අත්දැකීම් වාර්තා කර තැබීම


සංගණන සිදු කරන විට විවිධාකාර අත්දැකීම්,සිදු වීම් ආදිය සිදු වේ.මේවා ඉදිරි සංගණනවල සාර්ථකත්වයට වැදගත් නිසා ඒවා පිළිවෙළකට සැකසීම වැදගත්ය.






vi.

vi.සංගණනයේ දෝෂ ඉදිරි සංගණන සදහා වාර්තා කර තැබීම.

සංගණන සිදු කරන විට විවිධිකාර දෝෂයන් සිදු වේ.එම දෝෂ නිසා සංගණනය සාර්ථක නොවිය හැක.එවිට ලබා ගන්නා දත්තවල නිවැරදිභාවය සම්බන්ධව ගැටලු මතු වේ.එම තත්වය ඉදිරිටයේදී වළක්වා ගැනීමට සංගණන දෝෂ වෙනම වාර්තා කර තබයි.





7.ජනසංගණනයේ වැදගත්කම[සංස්කරණය]

i. සමාජ,ආර්ථික සැළසුම් හා සමීක්ෂණ සඳහා අවශ්‍ය දත්ත ලබා ගත හැකි වීම.

ii. රටක රැකියා,කර්මාන්ත සංයුතිය,අධ්‍යාපන මට්ටම්,අනෙකුත් සංස්කෘතික තත්වයන් පිළිබඳ තතු ලබා ගත හැක.

iii. වයස් හා පුමිතිරි ව්‍යුහය,උපත් හා මරණ අනුපාත ලබා ගත හැක.

iv. ජීවන වගු නිර්මාණයට අවශ්‍ය දත්ත ලබා ගත හැක.

v. ජාතික,ප්‍රාදේශීය,පෞද්ගලික මට්ටමේ සැළසුම් සම්පාදනය කිරීමට අවශ්‍ය දත්ත ලබා ගත හැක.

vi. අනාගත ජනගහනය ඇස්තමේන්තු කිරීමට අවශ්‍ය දත්ත ලබා ගත හැක.

vii.වර්තමාන,අනාගත ඡන්ද දායක ප්‍රමාණය ගැන තොරතුරු ලබා ගත හැකි වීම.

viii.රටක ජනතාවගේ ආහාර,සෞඛ්‍ය,ජලය,නිවාස,අධ්‍යාපන අවශ්‍යතා හඳුනා ගෙන පහසුකම් සැපයීම සඳහා තොරතුරු ලබා ගැනීමට හැකිය.


8.පශ්චාත් සංගණන සමීක්ෂණය[සංස්කරණය]

ImagesCABL2D1O.jpg


සංගණනය කරන ලද ප්‍රදේශවලින් ‍‍තෝරා ගත් ප්‍රදේශ කිහිපයක පුද්ගලයන්ගෙන් සංගණනයේදි අසන ලද ප්‍රශ්නම නැවත වරක් ඇසීම මේ මගින් කෙරේ.සංගණනය කරන ලද කාණ්ඩ වලින් ඉතා කුඩා නියදියක් මේ සඳහා යොදා ගනී.මේ මගින් සංගණනයෙන් ලබා ගත් දත්තවල නිවැරදිභාවය පරීක්ෂාවට ලක් කරයි.(ශ්‍රි ලංකාවේ 2001 පශ්චාත් සංගණන සමීක්ෂණය සංගණන කාණ්ඩ 100 ක් පමණ යොදා ගෙන පවත්වා ඇත.



මෙම කරුණු හරහා අපට ජනසංගණනයක් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකිය.ඒ වගේම ලෝක ප්‍රජාව පිළිබදව තොරතුරු ලබා ගැනීමට සංගණන ඉතා ප්‍රයෝජනවත් මුලාශ්‍රයක් වන අතර සමස්ථ ලෝකය පිළිබදවත් ආර්ථික, සමාජ,ප්‍රජා විද්‍යාත්මක දැනුම පිළිබඳ විස්තර කිරීමට ද ජන සංගණන දායක වන බව කිව හැකිය. .


9.ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

ජනගහන අධ්‍යයනය (ශ්‍රි ලංකාව ඇසුරින්) ඉන්ද්‍රලාල් ද සිල්වා.

"http://si.wikipedia.org/w/index.php?title=ජන_සංගණන&oldid=30512" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි