ජනගහණ භූ විද්‍යාව

විකිපීඩියා වෙතින්
tiny globe
1994 ලොකයේ ජන ඝනත්ව සිතියම

ජනගහණ භූගෝල විද්‍යාව, මනුෂ්‍ය භූ විද්‍යාවේ අංගයකි. එය යම් ස්ථානයක ස්වභාවය අනුව ජනගහණ වර්ධනය, ව්‍යාප්තිය, සංයුතිය හා සංක්‍රමණය පිළිබඳ අධ්‍යයනයකි. එය ජනවිකාශ විද්‍යාව දෙස භූගෝලීය දාෂ්ටිකෝණයකින් අධ්‍යයනය කරයි. එය අවකාශීය මට්ටමෙන් ජනගහණයක ලක්ෂණ ව්‍යාප්තියේ වෙනස්කම් අධ්‍යයනය කරයි. මෙය සඳහා උදාහරණයක් ලෙසජනගහණ සිතියම් දැක්විය හැක. ක්ලෝරොප්ලෙන්, අයිසෝලයින් හා තිත් සිතියම් මෙවැනි ජනගහණයක අවකාශීය පැතිරීම පෙන්වන සිතියම් වර්ථා කිහිපයකි. ජන විකාශන විද්‍යාවේ අංග,

  • අවකාශිය ව්‍යාප්තිය හා ඝනත්වය අනුව පුද්ගලයින් අධ්‍යයනය
  • ජනගහණයේ වර්ධනය හා අඩුවීම
  • ජනගහණයේ චලනය හා ජංගමතාවය
  • ජනාවාසවල මිනිස් කණ්ඩායම
  • ස්ථානයක භූවිද්‍යාත්මක ලක්ෂණ අනුව උදා:- ජනාවාස රටා
  • ජනගහණ සිද්ධි වෙත ස්ථානවාසින් දක්වන ප්‍රතිචාර උදා:- සංක්‍රමණ


ඉහත සියළු කරුණු අධ්‍යයනය කරන්නේ අවකාශය හා කාලය පදනම් කරගෙනය. සැලකිය යුතුයි :- ජනගහණ භූවිද්‍යාව හා ජනවිකාශ විද්‍යාවේ වෙනස ක්‍රමයෙන් අඩු වෙමින් පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=ජනගහණ_භූ_විද්‍යාව&oldid=606592" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි