චිත්‍රපට ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
රවුන්ඩ් හේ ගාර්ඩන් ජවනිකාව 1888, සෙලියුලොයිඩ් පට මත පටිගත කල ලොව පලමු චිත්‍රපටය

චිත්‍රපට ඉතිහාසය, 19 වැනි සියවසේ අග භාගයේ සිට 21 වැනි සියවසේ ආරම්භය දක්වා අවුරුදු සිය ගණනකට විහිද යයි. චිත්‍රපට කලාව මූලාරම්භයේ සිට ක්‍රම ක්‍රමයෙන් සන්නිවේදනයේ සහ රසාස්වාදයේ අංගයක් ලෙස මෙන්ම 20 වන සියවසේ ජන සන්නිවේදනයේ වැදගත් අංගයක් ලෙසද වර්ධනය විය. චිත්‍රපට මඟින් කලාව, තාක්ෂණය සහ දේශපාලනය යන අංශ වෙත සැලකිය යුතු බලපෑමක් එල්ල කරයි. චිත්‍රපටියේ උපත ලුවිස් ලී ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝබර් 14 වැනි දින එංගලන්තයේ, බටහිර යෝක්ෂයේ, ලීඩ්ස්, රවුන්ඩ්හේ හි දී චිත්‍රපටයට නගන ලද “රවුන්ඩ්හේ ගාඩ්න් සීන්” නිපදවීමත් සමඟ (Roundhay Garden Scene,) සිදුවිය. දැනට ඉතිරි වී ඇති මුල්ම චිත්‍රපටය ලෙස පොදුවේ මෙය පිළිගැනේ. 1878 දී ලේලන්ඩ් ස්ටෑන්ෆෝර්ඩ්ගේ අනුග්‍රාහකත්වය යටතේ, එඩ්වඩ් මයිබ්‍රිජ් විසින් “ඔසිඩන්ට්” නැමැති අශ්වයෙකුගේ වේග චලන, ත්‍රිමානේක්ෂ කැමරා 12 ක ශ්‍රේණියක් භාවිතා කර කැමරාගත කරනු ලැබීය. මෙම ප්‍රථම අත්දැකීම ජුනි 11 වැනි දින කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝ ගොවිපලේ දී සිදු කෙරුණි. මෙහි කැමරා, අශ්වයාට සමාන්තර මාර්ගයක සකසා තිබුණ අතර, සෑම කැමරා පියනක්ම අශ්වයාගේ කුරවලින් ප්‍රේරණය වන පැන්නුම් කම්බියකින් පාලනය කරන ලදී. මෙහි අශ්වයාගේ ධාවන අඩි 20ක් ආවරණය කිරීම සඳහා වෙනම කැමරාවක් තිබූ අතර තත්පරයෙන් දහසෙන් එකක් වැනි අවස්ථා පවා ඡායාරූපයට නගන ලදී. 1893 දී චිකාගෝහි ලෝක කොලොම්බියානු ප්‍රදර්ශනයේ දී, මයිබ්‍රිජ් විසින්, සත්ව සංචාරණය පිළිබඳ දේශන මාලාවක් පවත්වනු ලැබීය. එම දේශන මාලාව ප්‍රදර්ශනය කළ “Midway Plaisance" ශාඛාව ඒ ප්‍රථම වානිජ සිනමා ශාලාව බවට පත් කෙරිණි. පසුව ඔහුගේ “zoopraxiscope” උපකරණය භාවිත කරමින් ඔහුගේ චලන චිත්‍රයන් මහජනතාවගෙන් මුදල් අයකර ප්‍රදර්ශණය කරනු ලැබීය.


රූප පේළියක් අඩංගු ප්‍රායෝගික ආකාරයක සෙලියුලොයිඩ් පටියක් නිර්මාණය කිරීමේ ගෞරවය, එඩ්සන් රසායනාගාරයන්හි ප්‍රධාන ඉංජිනේරු, විලියම් කෙනඩි ලෝරි ඩික්සන් මහතාට හිමිවේ. මෙම චලන රූප කැමරාගත කිරීමේදී සිහින්ව කපා ඉන්පසු රත් වූ පීඩන තහඩු මඟින් ඉවත් කරනු ලැබේ. ඉන් අනතුරුව ඒවා ඡායා සංවේදී ජෙලටීන් දිස්නමය ආලේපයකින් වසනු ලැබේ. 1893 දී චිකාගෝ ලෝක සැණකෙලියේ දී තෝමස් එඩිසන් විසින් මහජනතාවට මෙම අලුත් නිමැවුම මත පදනම් වූ ප්‍රධාන නිමැවුම් 2 ක් හඳුන්වා දෙනු ලැබීය. එනම් ප්‍රථම ප්‍රායෝගික චලන රූප කැමරාව වන “Kinetoscope” යයි. මෙහි පසුව සඳහන් කළ උපකරණය මඟින් චිත්‍රපටයේ සෙලියුලොයිඩ් පටය අඛණ්ඩ තාපදීප්ත ලාම්පුවක් මඟින් ආලෝකමත් වූ අතර (මෙයට විදුලි මෝටරයක් මඟින් ශක්තිය සපයන ලදී) එය කුඩාදේ විශාල කර බලන කාචයකින් දර්ශනය විය. නරඹන්නා විසින් උපනෙතක් තුළින් රූපය නරඹන ලදී. මෙම “Kinetoscope” හි ඇතුළත, ඩික්සන් විසින් එඩිසන්ගේ “Black Maria" චිත්‍රාගාරයේ දී ඡායාරූපගත කරන ලද අඩි 50 චිත්‍රපට කොටස්වලින් සමන්විත විය. මෙමඟින් සාමාන්‍ය රසවත් නොවන සිදුවීම් (1894 දී “ෆ්‍රෙඩ් ඔට්ගේ කිවිසුම” වැනි) මෙන්ම කරනම් වැනි විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රියා, සංගීත ශාලා රැගුම් දක්වන්නන් සහ බොක්සිං නිරූපන ආදිය පටිගත කරනු ලැබුණි. “Kinetoscope” සාර්ථක ලෙස යුරෝපය කරා පැතිරිණි. කෙසේ නමුත්, ඔවුන් බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ පෙර පරීක්ෂණ සහ නව නිමැවුම් පිළිබඳ බොහෝ විශ්වාසය තබා සිටි බැවින්, එඩිසන් කිසිම දිනක අත්ලාන්තික්හි අනෙක් පැත්තට මෙම උපකරණවල පේටන්ට් බලය ලබා දුන්නේ නැත. මෙය බ්‍රිතාන්‍ය විදුලි ශිල්පී සහ විද්‍යාත්මක උපකරණ නිපැයුම්කරුවකු වන රොබට් ඩබ්. පෝල් සහ ඔහුගේ සහායක බර්ට් ඒකර්ස් විසින් අලුතින් නිපදවන ලද කැමරාව වැනි අනුකරණයන් නිපදවීම සඳහා තුඩු දුන්නේය. පෝල්ගේ අදහස වූයේ චලන චිත්‍රයන් තනි නරඹන්නන්ට වඩා ප්‍රේක්ෂක කණ්ඩායම්වලට ප්‍රදර්ශනය කිරීමයි. එබැවින් ඔහු චිත්‍රපට ප්‍රක්ෂේපකයක් නිපද වූ අතර, 1895 දී එහි ප්‍රථම මහජන ප්‍රදර්ශණය පැවැත්විය. මෙම වකවානුවේ දීම, ප්‍රංශයේ Auguste සහ Louis Lumière යන දෙපල විසින්, කැමරාව, මුද්‍රණ යන්ත්‍රය සහ ප්‍රක්ෂේපකය යන 3 ම එකට එක්කොට අතේ ගෙන යා හැකි උපකරණයක් වන “cinematograph” නිර්මාණය කළේය. 1895 අගභාගයේ පැරීසි නගරයේ Antoine Lumière පියතුමා විසින් මහජනයාගෙන් මුදල් අය කරමින් ප්‍රක්ෂේපිත චිත්‍රපට ප්‍රදර්ශණය ආරම්භ කළේය. මෙමඟින් ප්‍රක්ෂේපනය සඳහා අවශ්‍ය මාධ්‍යය පිළිබඳ සංවාදයක් ආරම්භ විය. (1990 ,කුක්) “Workers Leaving the Lumière Factory” සහ “The Sprinkler Sprinkled” වැනි හාස්‍යජනක නාට්‍ය (1895) නිපදවීමත් සමඟ ඔවුන් ඉතා ඉක්මණින් යුරෝපියෝ ප්‍රධාන චිත්‍රපට නිෂ්පාදකයන් බවට පත්විය. ආරම්භයේ දී ප්‍රක්ෂේපනය හෙළා දකිනු ලැබු එඩිසන් ද, මාස 6 කට අඩු කාලයක දී “Vitascope” සමඟ මෙම රැල්ලට එකතු විය. යුරෝපයේ ප්‍රථම චලන රූප චිත්‍රපටවල හිමිකාරීත්වය සහ ප්‍රදර්ශණ අයිතිය බර්ලින්හි මැක්ස් සහ එමිල් ස්ක්ලැඩනොවුස්කි සතු වන අතර ඔවුන් එය 1895 නොවැම්බර් 1 වැනි දින සිට 31 වැනි දින දක්වා "Bioscop" නැමැති චංචලන රහිත ද්විත්ව නිර්මාණ උපකරණය මඟින් ප්‍රක්ෂේපණය කළහ. එම වර්ෂයේදීම මැයි මාසයේ දී ඇමරිකාවේ ඉවුජීන් ඔග්ස්ටින් ලෝස්ටේ විසින් Latham පවුල වෙනුවෙන් ඔහුගේ Eidoloscope උපකරණය නිර්මාණය කරනු ලැබීය. නමුත් ප්‍රථම මහජන චිත්‍රපට පෙර දැක්වීම කරනු ලැබුවේ ජීන් අයිමේ “ඇක්මේ” ලි රොයි නම් ප්‍රංශ ඡායාරූප ශිල්පියා විසිනි. ඔහු විසින් ඔහුගේ 40 වැනි උපන්දිනය යෙදී තිබූ 1894 පෙබරවාරි 5 වැනි දින ඔහුගේ “ආශ්චර්යමත් සිනමා රූප” නිව්යෝර්ක් නඟරයේ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුගේ පමණ කණ්ඩායමකට ප්‍රදර්ශණය කළේය. එකල චිත්‍රපට බොහොමයක් තාවකාලික වෙළෙඳසැල් ඉදිරිපිට අවකාශයෙහි සහ සංචාරක ප්‍රදර්ශකයන් හෝ විවිධ ප්‍රසංග වැඩසටහන් ආදිය හරහා දක්නට ලැබුණි. එක් චිත්‍රපටයක් මිනිත්තු එකක කාල සීමාවකට යටත් වූ අතර සාමාන්‍යයෙන් එහිදී එක් ජවනිකාවක් ප්‍රදර්ශණය කෙරුණි. ඊට තාත්වික හෝ වේදිකාමය, එදිනෙදා ජීවිතය පිළිබඳ මහජන ක්‍රියාකාරකම් ක්‍රීඩා අංගයක් හෝ විනෝදජනක නාට්‍යයක් ඇතුළත් විය. මෙය තුළ සිනමා රූපී තාක්ෂණික ක්‍රම ඉතා අල්ප හෝ නැති තරම් විය. එමෙන්ම ඒවායෙහි සංස්කරණයක් කර නොතිබු අතර සාමාන්‍යයෙන් කැමරා චලන ද නොමැති නීරස නාට්‍යමය රචනා විය. නමුත් නවීන තාත්විකමය චලන ඡායාරූප, සියවස අවසාන වීමට පෙර ලෝකය පුරා රටවල චිත්‍රපට කර්මාන්තය වේගයෙන් පැතිර යාමට හේතු විය.


1895 සිට 1906 දක්වා චිත්‍රපටි[සංස්කරණය]

එඩිසන් සමාගම විසින් නිපදවූ මිනිත්තුවක් පමණ දිග සියළුම චිත්‍රපට අතරෙන් අසමසම/සුවිශේෂී චිත්‍රපටය වූයේ “Execution of Mary, Queen of Scots” චිත්‍රපටයයි. මෙයින් පෙන්වූයේ රැජිනක් ලෙස ඇඳගත් පුද්ගලයෙකු කුඩා පිරිසක් ඉදිරියේ දංගෙඩිය මත සිය හිස තැබීමයි. වදකයා පොරව පහත හෙළන අතර රැජිනගේ කදින් වෙන්වූ හිස පොලව මතට වැටේ. මෙම උපක්‍රමය සිදු කළේ කැමරාව නතර කර රැජින (නිළිය) වෙනුවට ව්‍යාජ පඹයෙකු (ඩමියක්) එම ස්ථානයේ තබා පොරව පහත හෙලීමට පෙර නැවත කැමරාව ක්‍රියාත්මක කිරීමෙනි. ඊලගට චිත්‍රපටිය පෙන්වන විට දර්ශනය අඛණ්ඩව ගලාගෙන යන බව පෙනෙන පරිදි කොටස් දෙක එකට එකතු කරන ලදී.

1895දී පළමු Kinetoscope යන්ත්‍ර සමඟ යුරෝපයට අපනයනය කළ චිත්‍රපටි අතර මෙම චිත්‍රපටියද තිබූ අතර එවකට පැරීසියේ Robert-Houdin රඟහලේ මැජික් දර්ශන පෙන්වමින් සිටි ජෝර්ජ් මේලීස් (Georges Melies) විසින් මෙය නරඹන ලදී. 1896දී ඔහු චිත්‍රපටි නිපදවීමට පටන්ගත් අතර එඩිසන් සමාගමේ අනෙකුත් චිත්‍රපටි අනුකරණය කිරීමෙන් පසු ඔහු විසින් ‘The vanishing lady’ චිත්‍රපටිය නිපදවන ලදී. මෙම චිත්‍රපටියෙන් පෙන්වූයේ කලින් සඳහන් කළ එඩිසන් සමාගමේ චිත්‍රපටියේ තිබූ ‘Stop motion technique’ හෙවත් චලන නැවැත්වීමේ (කැමරාව නැවැත්වීමේ) භාවිතයෙන් කාන්තාවක් අතුරුදහන්වූ දර්ශනයකි. මෙම චිත්‍රපටයෙන් පසුව Georges Melies විසින් ඊළඟ වසර කිහිපය පුරා මෙම උපක්‍රමය උපයෝගී කර ගනිමින් තනි දර්ශන (Single shot) චිත්‍රපටි බොහෝමයක් නිපදවන ලදී.

සිනමා ශිල්පයේ අනෙකුත් ප්‍රධාන/මූලික ශිල්ප ක්‍රම වූයේ චිත්‍රපටියේ ද්විත්ව නිරූපණය හෙවත් double exposure වේ. මෙය මුලින්ම සිදුකලේ ජී.ඒ. ස්මිත් විසින් 1898 ජූලි මාසයේ එංගලන්තයේදීය. 1900 දී ඔහුගේ චිත්‍රපට බෙදා හැරීම පවරාගත් Warwick Trading සමාගම විසින් ඔවුන්ගේ නාමාවලියේ (Catalogue) සඳහන් කරන ලදී.

"සැන්ටාක්ලෝස්" (1899) චිත්‍රපටයේ ජවනිකාවක්.

‘Dream vision’ හිදී උඩුකය ඡායාරූපයක් නිරූපණය කරමින් යොදන ලද දර්ශණයක් ඇතුලත්වේ.(1899)/නිවුන් සහෝදරයන් දෙදෙනෙකුගෙන් කෙනෙක් Corsican කඳුකරයේ දඩයමේ ගොස් නැවත නිවසට පැමිණෙන අතර අනෙක් සහෝදරයාගේ හොල්මන ඔහුව මුණ ගැසීමට පැමිණේ. අතිශය සූක්ෂම ඡායාරූපකරණයක් තුළින් හොල්මන පෙන්නුම් කරන ලද්දේ සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන ලෙසයි. ඔහුව කඩු පහරකින් මරා දැමූ බවත් සහ පලිගැනීමට සූදානම් වන බව දැක්වීමෙන් පසුව ඔහු අතුරුදහන් වේ. හිම මත සිදු කරන මාරක ද්වන්ධ යුද්ධයක් නිරූපණය කරමින් ඊළඟ දර්ශණය පෙන්වයි. ද්වන්ධ යුද්ධය හා ඔහුගේ සහෝදරයාගේ මරණය එම දර්ශන තුළ විචිත්‍රවත්ව විස්තර කෙරෙන අතර අවසානයේදී ඔහුගේ හැගීම් මැඩපවත්වාගෙන ඔහුගේ මව කාමරයට ඇතුල්වන විට පොළව මතට ඇදවැටේ.


හොල්මන් දර්ශණය සිදුකළේ ප්‍රධාන දර්ශණය තිරගත කිරීමෙන් පසුව පසුබිම/වේදිකාව කලු වෙල්වට්වලින් රැලි කිරීමෙනි. එමෙන්ම මෙම දර්ශණය සකස්කර තිබුණේ ප්‍රතිරූපන තුළින් කිසිවක් නොපෙනෙන ආකාරයටය. එනම් ඝන ද්‍රව්‍යයක් ලෙස පෙනෙන අයුරිනි. වසරකට පසුව ස්මිත් විසින් මෙම ශිල්ප ක්‍රමය ‘Santa Claus’ චිත්‍රපටියේදීද භාවිතා කරන ලදී.

Georges Melies විසින් ප්‍රථම වරට අඳුරු පසුබිමක් තුළ මෙම ශිල්ප ක්‍රමය යොදා ගන්නේ ‘The Cave of the Demons’ චිත්‍රපටියේදීය.

චිත්‍රපට අඛණ්ඩතාව දියුණුවීම[සංස්කරණය]

අනෙකුත් චිත්‍රපට නිෂ්පාදකයින් චිත්‍රපට තැනීම පිළිබද මූලික කාරණා උකහා ගන්නට විය. චිත්‍රපට භාෂාව චිත්‍රපට වියරණ (Film grammer) වශයෙන්ද මෙය හැදින්විය හැකිය. චිත්‍රපට නිෂ්පාදකයින් අතරින් වඩාත් ප්‍රසිද්ධ පුද්ගලයා වුයේ එඩ්වින් එස් පෝටර්ය. (Edwin S.Porter) ඔහු 1901 දී එඩිසන් (Edison) සමාගම සදහා චිත්‍රපට නිෂ්පාදනය කිරීම ආරම්භ කරන ලදී. 1902 දී එනම් ඔහු දිගු චිත්‍රපට නිෂ්පාදනය කිරීමට පටන්ගත් අවදියේ ඔහු රූපයක් මැකී රූපයක් මතුවෙන (Dissolve) ආකාරයේ දර්ශන සෑම දර්ශන මණ්ඩයක් අතරටම යොදා ගන්නා ලදී. ඒ වන විටත් Eeorges Melies යන අය එම ක්‍රමය අනුගමනය කරන ලදී. ඔහු නිරන්තරයෙන් එකම ක්‍රියාවක් නැවත නැවතත් මැකී නැවත මතුයවන ආකාරයට යොදාගන්නා ලදී. වෙනත් විදියකට ප්‍රකාශ කළහොත් එඩ්වින් පෝටර් චිත්‍රප‍ට තැනීම පිළිබද මූලික කාරණා දියුණු නොකරන ලදී. 1902 සිට ඉදිරියට ප්‍රංශයේ Pathe සමාගම Smith සහ Williams යන අයගේ චිත්‍රපට ආශ්‍රයෙන් අනුකාරක සහ වෙනස් කරන ලද චිත්‍රපට සාදන ලදී. මේ සදහා ඔවුන් දර්ශන අතර කොටස් (cuts) භාවිතා කරන ලදී. මෙය චිත්‍රපට තැනීම සදහා මූලික කාරණා ප්‍රමිතිකරණය (Standardize) කිරීමට උදව් විය.

1903 දී මිනිත්තු කිහිපයක් දිග චිත්‍රපට වල සැළකිය යුතු වර්ධනයක් සිදුවිය. 1902 දී නිෂ්පාදනය වූ Georges Melios ගේ “ A Trip to the moon” (හදට චාරිකාවක්) චිග්‍රපටය ලැබූ ජනප්‍රියත‍ාවය මෙයට හේතු විය. මෙවැනි චිත්‍රපට තවමත් චිත්‍රපට නිෂ්පාදයේ සුළු කොටසක් නියෝජනය කළත් මෙවැනි චිත්‍රප‍ට “Chase Films” යනුවෙන් හදුන්වන ලදී. මෙහි කතා තේමාව වූයේ (Atramp) පාදඩයකු විසින් බැටළු කකුළක් සොරකම් කරගෙන යාමේ සිද්ධියකි. පළවන දර්ශන ඛණ්ඩයේදී පාදඩයා බැටළු කකුළ මස් විකුණන කොල්ලකුගෙන් සොරකම් කරන ආකාරයද දෙවන දර්ශන ඛණ්ඩයෙන් මස් විකුණන කොලුවා සහ ඔහුගේ සුනඛයින් පාදඩයා ලුහු බැඳ යන ආකාරයද තුන්වන දර්ශනයෙන් සුනඛයින් පාදඩයා කොටු කර ගන්නා ආකාරයද දැක්වෙන ලදී.

1903 මුල් භාගයේදී නිෂ්පාදනය කරන ලද ඉංග්‍රීසි චිත්‍රපට වලින් කීපයක් චිත්‍රපට තැනීමේ ලුහුබැඳයාමේ ක්‍රමය (Chase Method) අභිභවා යන ලදී. මෙවැනි චිත්‍රපට සඳහා නිදසුන් වශයෙන්, Alfa Colins විසින් ප්‍රංශයේ Gavment සමාගමේ බ්‍රිතාන්‍ය ශාඛාවට නිර්මාණය කරන ලද An Elotement හි Lo – Mode & the Pickpocket, A Chase Through London. “Sheffielephopograpic” සමාගම විසින් තනන ලද Darning Daylight Burglary. “Haggar” පවුල විසින් තනන ලද Desperate Paching Affray වැනි චිත්‍රපට දැක්විය හැකිය. “haggar” පවුලේ ප්‍රධාන ව්‍යාපාර කටයුත්ත වූයේ අනුන් විසින් කරන ලද චිත්‍රපට ඔවුන්ගේ ජංගම සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමයි. මෙම සියළු චිත්‍රපට ඇමෙරිකා එක්සත් ජනපදය තුල ප්‍රදර්ශනය කරන ලද අතර Edwin Porter විසින් මේවායින් වැඩි ප්‍රමාණයක් ඔහුගේ The Great Train Robbery චිත්‍රපට තැනීමට පෙර නරඹන ලදී. The Great Train Robbery චිත්‍රප‍ටයේ කාල අඛණ්ඩතාවය (Time Continuity) එයට පාදක වූ චිත්‍රපට වලට වඩා විශාල සාර්ථකත්වයක් ලෝකය පුරා ලබාගන්නා ලදී. එයට හේතු වූයේ එහි පැවති වනගත ප්‍රචණ්ඩත්වයයි.

1900 සිට Pathe සමාගම බ්‍රිතාන්‍ය චිත්‍රපට නිෂ්පාදකයින්ගේ අදහස් උපුටාගනිමින් වෙනස් කරමින් ඔවුන්ගේ නිර්මාණ සඳහා යොදා ගන්නා ලදී. නමුත් ඔවුන් වෘතාන්ත පිළිබඳ චිත්‍රපට නිෂ්පාදනයට විශාල වෙනසක් සිදු කිරීමට අසමත් විය. අවසානයේදී ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රමාණය චිත්‍රපට නිෂ්පාදකයින්ට නායකත්වය දෙමින් චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ තොරතුරුවල ගුණාත්මක බව ඔපමට්ටම් කරන ලදී.


සජීවීකරණය[සංස්කරණය]

1905 වසර වනතුරු සජීවීකරණ තාක්ෂණය සිනමා ක්ෂේත්‍රයට අළුත් අත්දැකීමක් විය. එඩ්වින් පෝටර් විසින් නිර්මාණය කරන ලද How Jones Lost his Roll සහ The whole Dam family and the Dam Dog සජීවීකරණ අත්දැකීම් සහිත පළමු චිත්‍රපට ලෙස හැඳින්විය හැක. මෙම චිත්‍රපටවල නාමාවලි ඉදිරිපත් කිරීමේදී විසුරුණු අකුරු එක්වී නාමාවලියේ අඩංගු වචන ක්‍රමානුකූලව සෑදීමක් පෙන්නුම් කරයි. මෙය සිදුකරන ලද්දේ එක් රූපරාමුවක් එක් අවස්ථාවකදී දර්ශණය වෙමින් දර්ශණ දෙකක් අතර වාරයේ අකුරු සුළු ප්‍රමාණයකින් වෙනස් වීමක් දර්ශණය කිරීමෙනි. මෙය ‘තනි රූපරාමු සජීවීකරණය’ ලෙස හඳුන්වයි. මේ සඳහා එක් අවස්ථාවකදී එක් රූපරාමුවක් පමණක් රූපගත කළ හැකි විශේෂිත කැමරා භාවිත කළ යුතුවේ. සාමාන්‍ය කැමරාවකින් එක් අවස්ථාවකදී රූපරාමු අටක් රූගත කරනු ලබයි.

1906 දී ඇල්බට් එඩ්වර්ඩ් ස්මිත් සහ ජේමිස් ස්ටුවර්ට් බ්ලැක්ටන් පසුව මෙම සජීවීකරණ අත්දැකීම තම නිර්මාණයන්ට දායක කර ගත්තේය. ඒ Humorous Phases of Funny Faces චිත්‍රපටය සඳහාය. මෙහි මිනිසුන්ගේ කාටුන් රූප එක් තැනක සිට තවත් අතකට වෙනස්වීමක් පෙන්වයි. මෙයත් පෝටර් විසින් අකුරු හැසිරවූ ආකාරයටම සිදු කරන ලදී. මෙම චිත්‍රපටයේම ඉතා කුඩා කොටසකදී කාටුන් රූප රාමුවෙන් රාමුවට වෙනස් වෙමින් චලනය වන ආකාරයක් පෙන්වයි. මෙය අද අප දකින සම්මත සජීවීකරණ කාටුන් වල මුලාරම්භය ලෙස සැලකේ.


චිත්‍රපට ප්‍රදර්ශණය[සංස්කරණය]

මූලික වශයෙන්ම චිත්‍රපට පෙන්වනු ලබන්නේ සුවිශේෂී වූ ස්ථානයක නවකථාමය ස්වරූපයකිනි. නමුත් මෙය ප්‍රදර්ශණය කිරීමේදී මූලික සිද්ධාන්තයක් වශයෙන් ඉක්මනින් විවිධ චිත්‍රපට ශාලාවන්හි ප්‍රදර්ශණය කරන වැඩසටහන් තත්ත්වයට පත්වීම හෝ නාගරික ප්‍රදේශයන්හි පෙන්වන සැණකෙලිවලට චිත්‍රපට ගෙනගොස් තාවකාලික කූඩාරම් ගසා එහි ප්‍රදර්ශණය කරන තත්ත්වයට පත්විය. මේනිසා නිෂ්පාදන සමාගම්වල චිත්‍රපටවල සම්පූර්ණ මුද්‍රණය විකිණීම සඳහා එහි අඩියක් සඳහා මිලක් නියම කරමින් මෙම විෂය පිළිබඳව නොසලකා හරින ලදී. මූලික වශයෙන් සත 15ක නිෂ්චිත මිලක් ඇමෙරිකානු එක්සත් ජනපදය විසින්ද, සිලින් 1 ක් බ්‍රිතාන්‍ය විසින්ද පඩිය ලෙස අයකරනු ලැබිණි. අතින් පාට කරන ලද චිත්‍රපට 1900 වර්ෂයට පෙර වඩාත් ජනප්‍රිය ලෙස නිෂ්පාදනය විය. එහි අඩියක් සඳහා දෙතුන් වතාවක්ම වියදම් කිරීමට සිදුවිය. ඇමෙරිකානු චරිත කථාමය සමාගම් වැනි සමහර නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ විකිණීමට නොහැකි අසභ්‍ය චිත්‍රපට තමන්ගේම ප්‍රදර්ශණ ඒකකයන් තුළ අයුතු ලෙස භාවිතා කරන ලදී. “The Nickelodeon” නම් චිත්‍රපටිය අන් සෑම චිත්‍රපටයක්ම අභිබවා යමින් අති සාර්ථක ලෙස Pittsburgh හි ස්ථිර චිත්‍රපට ශාලාවක් තුළ ප්‍රදර්ශණය ආරම්භ කෙරුණි. එම දිනයන්හි වැඩිපුර විනාඩි ගණන් දුවනා අවම වශයෙන් පැය බාගයක්වත් දුවන වැඩසටහන් සහ සතියෙන් සතිය වෙනස්වන සුළු දේශීය ප්‍රේක්ෂකයින්ට සමීප වන චිත්‍රපට නොසෑහෙන ලෙස තිබුණි. එක්සත් ජනපදයේ අනෙක් ප්‍රදර්ශකයින් තමන්ට ගැලපෙන දේ ඉක්මනින් අනුගමනය කරන ලදී. එමෙන්ම අවුරුදු දෙකක් තුළ දහස් ගණනින් මුදල් ඉපයීමට මෙම Nickelodeon නම් මෙහෙයුම සමත් විය. එක්සත් ජනපදයේ මෙම තත්වය ලොවපුරා චිත්‍රපට නිෂ්පාදකයින්ට චිත්‍රපට නිෂ්පාදනයට මෙන්ම චිත්‍රපට ප්‍රදර්ශණයටද 1906 සිට නායකත්වය ලබාදුනි.

1906 සිට 1914 දක්වා සිනමා ඉතිහාසය[සංස්කරණය]

ගොනුව:Paul3.gif
"කම් අලෝන්ග් ඩු" චිත්‍රපටයේ ජවනිකා දෙකක්.

1907 පමණ වෙද්දී එක්සත් ජනපදයේ කුඩා “නිකලෝඩියන්” සිනමාහල් 4000 ක් පමණ විය. විශාල සංගීතඥයින් පිරිසක් යොදා ගත හැකි වුවත් චිත්‍රපට පෙන්වූයේ පියානෝ වාදකයාගේ සහාය සමඟිනි. සමහර විශාල නගරවල විශාල සිනමාහල් කුඩා සංඛ්‍යාවක්ද තිබුණි. ආරම්භයේදී වැඩසටහන්වල තිබූ චිත්‍රපට වැඩි සංඛ්‍යාවක් “පතේ” චිත්‍රපට විය. නමුත් ඇමෙරිකානු සමාගම් විසින් චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීම හේතුවෙන් මෙය තරමක් ඉක්මණින් වෙනස් විය. චිත්‍රපට ස්වල්පයක් සඳහා පමණක් වැඩසටහනක් නිපදවීය. එමෙන්ම දර්ශනය මිනිත්තු 30 කට ආසන්න කාලයකදී අවසන් විය. උපරිම දිග අඩි 1000 ක් (මීටර් 300) වන සාමාන්‍යයෙන් එක චිත්‍රපටයක් අඩංගු වන චිත්‍රපටයේ පටය, චිත්‍රපට නිෂ්පාදනයේ හා ප්‍රදර්ශනයේ සම්මත ඒකකයක් බවට මෙම කාලපරිච්ඡේදයේදී පත් විය. සතියකට දෙපාරක් හෝ ඊට වැඩි වාර ගණනක් වැඩසටහන වෙනස් විය. නමුත් වසර 2කට පසු වැඩසටහනේ වෙනස්කම් සතියකට පහ දක්වා ඉහළ ගියේය. සාමාන්‍යයෙන් සිනමාහල් ගොඩනැඟුවේ නගරවල ස්ථාපනය වූ විනෝදාස්වාදය සඳහා වෙන්වූ ස්ථානවලය. බටහිර ලෝකයේ අනෙක් රටවල චිත්‍රපට ප්‍රදර්ශණයද මීට සමාන විය. “නිකලෝඩියන්”ප්‍රදර්ශණයට මාරු වීමත් සමඟම වෙනසක් සිදු විය. 1907 දී “පතේ” මඟ පෙන්වීමෙන් චිත්‍රපට විකිණීම වෙනුවට චිත්‍රපට හුවමාරුව තුළින් බඳු දීම මෙහිදී සිදුවූ වෙනස වේ.


පේටන්ට් අයිතිය ලබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකානු චිත්‍රපට නිපදවන සමාගම් නඩු මඟට පිවිසීමේ ප්‍රවණතාවයක් මෙම කාලයේදී ඇතිවෙමින් තිබුණි. 1908 අග භාගය වන විට ඇමෙරිකානු චිත්‍රපට සමාගම් පාලනය සඳහා ඔවුන් විසින් පේටන්ට් බලපත්‍ර සංචිතයක් පිහිටුවීමෙන් අරමුදලක් ඇති කිරීමට තීරණය කරන ලදී. මෙසේ සලකා බැලූ සමාගම් වන්නේ ප්‍රධාන යුරෝපීය චිත්‍රපට ආනයනය කරනු ලබන පතේ, එඩිසන්, බයෝග්‍රාෆ්, විටාග්‍රාෆ්, ලියුබින්, සෙලිග්, එසනේ, කාලෙම් හා ක්ලේන් ඔප්ටිකල් යන සමාගම්ය. එක්සත් ජනපදයේ එකම චිත්‍රපට තොග නිෂ්පාදකයා හා මෝෂන් පික්චර් පේන්ටන්හි ඊස්ට්මන් කොඩැක් යන එකතුවෙහි කොටසක් වන ජෝර්ජ් ඊස්ටර්න් සමාගම චිත්‍රපට තොග, සාමාජිකයින්ට පමණක් සැපයීමට එකඟ විය. සියලුම චිත්‍රපට බෙදාහරින්නන්ගෙන් හා ප්‍රදර්ශණය කරන්නන්ගෙන් චිත්‍රපට ප්‍රදර්ශණය හා ප්‍රක්ෂිප්ත සඳහා බලපත්‍ර ගාස්තුවක් අය කරන ලදී. අරමුදලෙහි කොටසක් වන නිෂ්පාදන බලපත්‍ර ලාභී ප්‍රදර්ශකයන් සඳහා ඔවුන්ගේ වැඩසටහන් සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් පරිදි තමන්ගේ නිෂ්පාදන සලාක බෙදා හරින ලදී. (විශාල ප්‍රදර්ශකයින් සඳහා පට දෙකක චිත්‍රපට සතියක් සඳහා, කුඩා ප්‍රදර්ශකයින් සඳහා සතියකට එක පටයක් බැගින්) විටාග්‍රාෆ් හා එඩිසන් යන සමාගම් ඔවුන්ට අවශ්‍ය සලාක ලැබීමේදී අපහසුතාවයන්ට පත් නොවන්නේ මෙම සමාගම් සතුව නිෂ්පාදන ඒකක රාශියක් පැවතීම හේතුවෙනි. නමුත් 1908 දී බයෝග්‍රාෆ් සමාගම විසින් ඔවුන්ගේ එක් ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු අහිමිකර ගන්නා ලදී. ඔවුන් තමන්ගේ චිත්‍රපට හැදීමේ අවස්ථාව අදක්ෂ නළුවකු හා තිරරචකයකු වන D.W. ග්‍රිනිත්ට පිරිනමන ලදී. ග්‍රිනිත්ට එම රැකියාව සඳහා දක්ෂකමක් ඇති බව ඔවුන් විසින් වටහා ගන්නා ලදී. 1908 සිට 1910 දක්වා ඔහු විසින් තනිවම බයෝග්‍රාෆ් සමාගම සඳහා චිත්‍රපට නිපදවන ලදී. මෙය සතියකට මිනිත්තු 30 ක තිර කාලයක් විය.

නමුත් මෝෂන් පික්චර් පේටන්ට් සමාගමේ චිත්‍රපට කෙරෙහි පැවැති වෙළෙඳපොළ ඉල්ලුම එහි සාමාජිකයින්ට සැපයිය හැකි ප්‍රමාණයට වඩා වැඩිවිය. 6000 ක් පමණ ප්‍රදර්ශකයින් MPPC අරමුදලේ සාමාජික්වය ලබා ගත්තත් 2000 ක් පමණ වන අනෙක් සාමාජිකයින් ඒ සඳහා ඇතුළත් නොවුණි. සුළුතරයක් වන හුවමාරුකරුවන් (බෙදාහරින්නන්) MPPC අරමුදල සඳහා ඇතුළත් නොවී සිටියහ. මෙම ස්වාධීන හුවමාරුකරුවන් අලුත් චිත්‍රපට නිෂ්පාදන සමාගම් සොයා ගැනීමට පටන් ගත්හ. 1991 වන විට ප්‍රමාණවත් තරම් ස්වාධීන හා විදේශීය චිත්‍රපට ස්වාධීන ප්‍රදර්ශකයින්හට ලැබුණි. 1912 වන විට ස්වාධීන ප්‍රදර්ශකයින් වෙළෙඳ පොළෙන් අඩක් පමණ විය. සමස්ත එක්සත් ජනපද වෙළෙඳපොළ පාලනය කිරීමට MPPC හි වු අරමුණ ප්‍රබල ලෙස පරාජය කරන ලදී. MPPC අරමුදලට එරෙහිව පමණක් දැනට අරඹා ඇති රජයේ ප්‍රතිසංගතභාවී (Anti- trust) ක්‍රියාමාර්ගය සත්‍ය වශයෙන්ම පරාජය කිරීමට අවශ්‍ය නොවුණ

චිත්‍රපට තාක්ෂණය[සංස්කරණය]

වැඩිවුණු චිත්‍රපට නිෂ්පාදනයත් සමඟ කෘතිම ආලෝකකරණය වැඩි වශයෙන් චිත්‍රාගාර වල පැතිරුණු හිරු එළියට අමතරව යොදාගන්නා ලදී. මේ නිසා දිනක් තුල චිත්‍රපටියක් පටිගත කල හැකි පැය ගණන වැඩි විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් වීදි ආලෝකකරණය සඳහා යොදාගන්නා ලද චාප පහන් භාවිතා කරන ලදී. මේවා රංගන ශිල්පීන්ට ඉදිරියෙන් වහලයේ ‍එල්ලා හෝ කණ්ඩායමක් විසින් උඩකට නැග යොමු කරන ලදී. චාප පහනක් වටා ලෝහ පරිවර්තකයක් එකතු කිරීමෙන් පුළුල් ආලෝක ධාරාවක් අඹ ගස දිසාවකට යොමු කරගත හැක. මේ ආකාරයටම ස්ථානගත කරන ලද රසදිය වාෂ්පිත ටියුබ්ලයිට් දෙකක් මේ සඳහා භාවිතා කරන ලදී. චාප පහන්, පහන් ආලෝකය හෝ ගිනි ආලෝකය වැනි විශේෂ ආලෝක කරන බලපෑම් ඇති කිරීම සඳහා 1906ට පෙර භාවිතා කරත් වර්ථමානයේ මෙය සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ.

ඉහලින් එල්ලන ලද චාම් ආලෝකය ප්‍රවාහයක් ආශ්‍රයෙන් A.E. Smith The bargain Fiend චිත්‍රපටිය 1907 දී Vitagraph චිත්‍රාගාරයේදී සිදු කිරීම

ඉතා අර්ථාන්විත ගිනිබලපෑමක් (Fire effect) පවතින්නේ 1909දී තිරගත වූ D.W. Griffith ගේ “The Drunkard’s Reformation” චිත්‍රපටයේය. එහිදී තම වැරදි සාදාගන්නා ලද බේබද්දා ලිප ගිනි මෙලවීමටත් කලින් ඔහුගේ පවුල සමග සතුටින් යළි එකතුවේ, චිත්‍රපටය ආරම්භයේ ගින්දර නොමැති ලිප සීතල වී තිබේ. එමඟින් පවුලේ අසරණ භාවය නිරූපණය වේ.

අශුභ බලපෑමි සඳහා පහත් ආලෝකයක් The mystery of temple court චිත්‍රපටියේ යොදා ගැනීම

අමු ආලේකකරණය (low – key lightning) ශෝකජනක / අශුභ දර්ශන වලදි යොදා ගන්නා ලදී. නමුත් D.W. Griffith ගේ චිත්‍රපට වල මෙය දක්නට නොලැබේ. 1910දි නිෂ්පාදනය වූ Nitagraph’s thriller The mystery of temple court වැනි චිත්‍රපට වලදී අමු ආලේකකරණ අපරාධ දර්ශනය සඳහා භාවිතා කරන ලදී. ඔවුන්ගේ හෘර්ද සාක්ෂියට අනුව අමු ආලේකකරණය භයංකර දර්ශන සඳහා කෘතිම ආලෝකයක් විය.

Quo Vadis චිත්‍රපටියේ Nero දල්වන ලද චාප ආලෝක ප්‍රවාහය.

මේ ආකාරයේ ආලෝකකරණයක් 1911 සිට ඉදහිට නිරූපීය චිත්‍රපට වල දක්නට ලැබිණි. පහත් කෝණයකින් එන ආලෝකකරණයක් 1912 දී තිරගත වූ Quo Vadis ? නම් ඉතලියානු වීර චිත්‍රපටියේ වැඩිමනක් භාවිතා කරන ලදී. මීට අමතරව 1914දී තිරගත වූ ප්‍රසිද්ධ cadiria චිත්‍රපටියේ අත්භූත වටපිටාවක් ප්‍රතිසාධනය කිරීම සඳහා මෙය යොදා ගන්නා ලදී.

අඳුරු සේයාවක බලපෑමි සහිත දර්ශන 1909දී ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉතාලියේ දර්ශනය විය. ඒවන විට තත්වය දියුණු මට්ටමක පැවතියත් යුරෝපීය චිත්‍රපට නිෂ්පාදකයන් ඇමෙරිකානුවන්ට වඩා වැඩි වශයෙන් මෙය භාවිතා කරන ලදී.

මෙහිදී වඩා වැදගත් අංශයක් වූයේ මෙම දර්ශන ඛණ්ඩ සඳහා හිරු එළිය පසෙකින් සම්බන්ධ කර ගැනීමයි. මෙම ප්‍රවේශය තවදුරටත් වර්ධන කරමින් සුදු මතුපිටක් ආශ්‍රයෙන් හිරු එළිය පරාවර්තනය කර රංගන ශිල්පීන්ගේ මුහුණු වල සෙවනැලි ආලෝකමත් කිරීම සඳහා යොදා ගන්නා ලදී. චිත්‍රප‍ට නිෂ්පාදක D.W. Griffith ගේ සහ ඔහුගේ කැමරාකරු වූ Billy Bitzer විසින් සොයාගන්නා ලද නව තාක්ෂණය විය. මෙහි ඊලඟ පියවර වූයේ පසු පස ආලෝකකරණය (back lighting) චිත්‍රාගාර වලදී රංගන ශිල්පීන් සඳහා යොදා ගැනීමයි. මේ දක්වා කෘතිම ආලෝකකරණය චිත්‍රාගාර වල භාවිතා කරන ලද්දේ ඉදිරියෙන් පැවති ප්‍රදේශ වලිනි. නමුත් 1912දී චාප ආලෝක ප්‍රවාහයන් රංගන ශිල්පීන්ට ඔබ්බෙන් එක්පැත්තකට යොමු කරන ලදී. මෙය යම් විධියක පසුපස ආලෝකකරණයක් ලෙස හැදින්විය හැකිය‍. 1915 වන විට සූර්යාලෝකය නිසා රංගන ශිල්පීන්ට සිදුවන බලපෑම චිත්‍රාගාර තුලදී නැති කරන ලදී. මේ සඳහා බලවත් චාප පිරික්සුම් පහනක් (Arc spotlight) ඉදිරියෙන් හා පසෙකින් රංගන ශිල්පීන්ට යොමු කරන ලදී. මෙය කෙමෙන් කෙමෙන් චිත්‍රාගාර ආලේකකරණයේ පිළිගත් උපාංගයක් විය. ඇමෙරිකානුවන් මෙය අ‍ාරම්භකරන ලද අතර යුරෝපීය කැමරා ශිල්පින්ට මෙය යොදා ගැනීමට විශාල කාලයක් ගතවිය.


චිත්‍රපටවල අතීත ආවර්ජන ගොඩනැංවීම[සංස්කරණය]

මෙම කාලය තුළ දී හඳුනාගත් තවත් වැදගත් ක්‍රමෝපායක් වන්නේ චිත්‍රපට කතාන්දර ගොඩනැංවීම සඳහා “අතීත-ආවර්ජන”(Flash – back) යොදා ගැනීමයි. අතීත-ආවර්ජන යනු කතාවක වර්තමාන දර්ශනයකට අනුගත අතීත දර්ශනයක් පෙන්වීම සහ අවසානයේදී එම දර්ශනවලින් ආපසු වර්තමාන දර්ශනයට පැමිණීමයි. චිත්‍රපට නිර්මාණයේ මුල් කාලයේදී මෙම ක්‍රමය භාවිතා කළේ එක් චරිතයක් අතීතය ආවර්ජනය කර ගන්නා දර්ශනයක් පෙන්වීම සඳහා පමණි. 1901 දී තිරගත වූ Pathe ගේ චිත්‍රපටයක් වූ Histoire Dun Crime (The Story of Crime) චිත්‍රපටයේදී මෙය දක්නට ලැබේ. පළමුවරට චිත්‍රපටයක චරිතයක් අවධියෙන් සිටින අතරතුර අතීතය ආවර්ජනය කර ගන්නා සිද්ධියක් නිරූපනය කර ඇත්තේ 1909 දී තිරගත වූ Vitagraph ගේ Napoleon – Man of destiny යන චිත්‍රපටයෙනි. මෙම චිත්‍රපටයේදී Napoleon සටනින් පසු තම මාළිගයට වී අතීතයේ සිදුවූ විශිෂ්ට සිදුවීම් ආවර්ජනය කරන අවස්ථාවක් නිරූපණය කර ඇත.


අවස්ථාපිත මාතෘකාවක පෙන්නුම් කරන්නේ ඔහු සිතමින් සිටින අවස්ථාව ගැන සහ එම අවස්ථාව නිමා වූ වහාම එම දර්ශනයෙන් ඉවත් වී නැවතත් නැපෝලියන් සිතමින් සිටින අවස්ථාව හඳුනාගැනීමටයි. මෙම අදහස හෙමින් ඊළඟ වසර ගණනක් පුරා පැතිරුණු මෙම ක්‍රියාවලියේදී සාමාන්‍යයෙන් එක් චරිතයක් කතාවේ අතීත අවස්ථා විස්තර කිරීම ප්‍රේක්ෂකයින්ට අසා සිටීමට සලස්වයි. මෙවැනි අවස්ථාවක් ලුයිගි මැගී (Luigi Maggi) ගේ Nozze d’oro (Golden Wedding) නැමති 1911 දී තිරගත වූ චිත්‍රපටයේත් සහ 1912 දී තිරගත වූ එඩිසන් (Edison) සමාගමේ The Passer – By චිත්‍රපටයේත් දක්නට ඇත. අතීත ආවර්ජනයන් යොදා ගැනීමේ සම්මත තත්ත්වය කුමක්ද යන්න හඳුන්වාදීම මෙම චිත්‍රපටයෙන් සිදු විය. පුද්ගලයෙක් ඔවුන්ගේ අතීත කතාවක් පවසන විට කැමරා කෝණය කෙලින්ම ඔහුගේ මුහුණ දෙසට යොමුවී ක්‍රමයෙන් ඔහුගේ මුහුණ මැකී ගොස් ඔහුගේ තරුණ කාලයේ මුහුණ දිස්වී එමඟින් අතීත ආවර්ජනය සිදුවීමද තවත් ක්‍රමයකි. මෙහිදී එක් දර්ශන ඛණ්ඩයක අතීත මතක ආවර්ජනවලට විශාල නිදසුන් ප්‍රමාණයක් 1913 කාලයේ දක්නට තිබුණි. මතකයන් පෙන්වන අතරතුර දීර්ඝ කරන ලද දර්ශන ඛණ්ඩ මාලාවකින් පෙන්වීම දුර්ලභ දෙයක් විය. මෙහිදී තවත් එක් උදාහරණයක් වන්නේ අතීත ආවර්ජනයන් තුළ තවත් අතීත ආවර්ජනයක් තිබෙන දර්ශනයකි. 1913 දී තිරගත වූ Thanhouser සමාගමෙන් නිෂ්පාදනය කරන ලද Just a Shabby Doll චිත්‍රපටයේ එවැන්නක් නිරූපණය කර ඇත.

චිත්‍රපටවල මානසික ආත්මීය රංගෝපාක්‍රම දියුණුවට යොදාගත් එක් ක්‍රමයක් වන්නේ මත්ද්‍රව්‍ය, මායා වැනි දේ චිත්‍රපටවලින් නිරූපණය කිරීමයි. Victorian Jasset නම් 1912 දී තිරගත වූ විශේෂඥ කතාව වන Zigomar Contra Nick Cartar කතාවේ ඇතුළත් කංසා ගුහාවක් හා වැඩිහිටියෙකුගේ මත් දර්ශනය අධි ස්ථාපිතව ප්‍රධාන දර්ශනය මතින් ඉවත් කොට අවසානයේ බහු ප්‍රතිබිම්බයන් එකම රාමුවකට දක්වා ඇත. මෙම අදහසේ සංවර්ධනයක් වන්නේ 1913 දී Itala සමාගමේ Tigris චිත්‍රපටයයි. මත්ද්‍රව්‍ය ග්‍රහණය කර ගැනීමේ බලපෑම ද මෙහි රාමුවේ පසෙකින් නිරූපනය කර ඉන් පසු අලංකාර පසුබිම් තලයේ එකකට එකක් වෙනස් පින්තූර එකතු කර විසුරුවා හරිමින් අධිස්ථාපනය කරයි.


චිත්‍රපට සජීවීකරණයේ සංවර්ධනය[සංස්කරණය]

තනි රාමුවේ සජීවීකරණ තාක්ෂණය වැඩිදුර සංවර්ධනය කරනු ලැබුවේ 1907දී Edvin S. Poter ගේ The Teddy Bears සහ J. Stuart Blackton ගේ Work Made Easy යන චිත්‍රපටි වලිනි. මෙම චිත්‍රපට සඳහා ප්‍රථම වරට පැහැදිලිව පෙනෙන පරිදි එහාමෙහා චලනය වන වලසුන් නිර්මාණය කෙරිණි. රාමුවෙන් රාමුවට සජීවීකරණ භාවිතයට ගනිමින් මෑත කාලීනව චිත්‍රපටි ප්‍රදර්ශනයේදී මිනිසාගේ මැදිහත්වීමකින් තොරව චිත්‍රපටි ප්‍රදර්ශනය කළහැකි උපකරණද නිර්මාණය කරන තත්ත්වයට පත්විය. මෙම තාක්ෂණය යුරෝපය කරා ඉතා ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර Segundo De Chomon සහ Pathe සමාගම විසින් මැටි සජීවීකරණය තවදුරටත් ඉදිරියට ගෙනයාම සිදුකරනු ලැබීය. ඒ විරූපී මූර්ති එක් රාමුවක සිට අනෙක් රාමුවට මාරු කිරීමේ මූර්ති ශිල්පී හැඩය මඟිනි. ඉන්පසු ඊළඟ පියවර ලෙස සජීවීකරණ ප්‍රදර්ශන හැඩය ඇති විය. ප්‍රංශ ජාතික Emile Chole ගේ සංවර්ධිත සජීවීකරණ චිත්‍රපට මාලාව Fantasmagorie චිත්‍රපටයෙන් ආරම්භ කරන අතර එහි මිනිසුන් සහ උපකරණ සංඛ්‍යා ආකෘති වශයෙන් ඇද චිත්‍රපට පාඨමාලාව පුරා විශිෂ්ට අන්තර් ක්‍රියා විපර්යාසයක් ලෙස ඉදිරිපත් කරන ලදී. එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ කාටුන් චිත්‍රපටි කලාකරුවෙක් වන Minsor Mccay විසින් වර්ෂ 1911දී වඩාත් තාත්වික සජීවීකරණ සුමට හා වඩාත් ස්වාභාවික අංග චලන සමඟ චිත්‍රපට පාඨමාලාවක් Vitagraph සමාගම විසින් නිපදවිය. ඉන්පසු වසර කීපයක් තුළදී එක්සත් ජනපදයේ මෙන්ම ලොව වෙනත් රටවල පුද්ගලයින්ද මෙම සජීවීකරණ කාටුන් කලාවේ දියුණුව සඳහා දායක විය.


විවිධ චිත්‍රපට ශෛලීන්[සංස්කරණය]

1906 න් පසුව චිත්‍රපට නිෂ්පාදනයේ ශීඝ්‍ර වැඩිවීම මඟින්, ඉහළ යන ශ්‍රම විභජනයත් සමඟ විශේෂඥ ලේඛනයක් චිත්‍රපට නිපදවීමට යොමු කරන ලදී. නමුත් එය එසේ වුවත් චිත්‍රපට සමාගම්වලට තම නිෂ්පාදනයන් සඳහා ප්‍රමාණවත් තරම් යෙදවුම් ලබා ගැනීම පිණිස තවදුරටත් බාහිර පුද්ගලයින්ගෙන් කතා මිලදී ගැනීමට සිදු විය. මේ නිසා චිත්‍රපටවලට භාවිතා කරන / යොදා ගනු ලබන කතාවල විශාල විවිධත්වයක් පැවතුණි. මෑත අතීතයේ සාහිත්‍ය හා වේදිකාවෙන් පැන නැඟුණු වඩාත් සංකීර්ණ කතාන්දර භාවිතා කිරීමද පිටපත් මඟින් චිත්‍රපට නිපදවීම සංවර්ධනය කිරීමෙහිලා දායකත්වය ලබා දෙන ලදී. සාමාන්‍ය ඇමෙරිකානු ප්‍රවණතාවය වූයේ නවකතා මඟින් ලබා ගත් කතා වස්තුව සරල කිරීම හා එය එක් සේයා පටයකින් කටයුතු කළ හැකි ආකාරයට සකස් කර ගැනීමයි.එසේම කතා වස්තුවේ අන්තර්ගතය, සරල කිරීම හැකිතාක් උපරිම කිරීමයි. නමුත් මේවාට වියතිරේඛ පවතී. රූපගත කිරීමට අපහසු තොරතුරු පවතින අවස්ථාවලදී හා දැඩි නාට්‍යමය රසයක් (ප්‍රබෝධමත් කරන ආකාරයේ ශෛලියක් / රුචිකත්වයක්) හිඟ හෙවත් අඩු අවස්ථාවලදී එම තොරතුරු සෑම දර්ශනයකටම පෙර කතාවේ තේමා යටතට ගනු ලැබේ. මෙය යුරෝපීය චිත්‍රපටවල බහුලව යොදා ගැනෙන පුරුද්දක් ලෙස දැක්විය හැකිය. අනෙකුත් මාධ්‍යයන්වල දැනටමත් ස්ථාපිතකර ඇති විභජනයන් (අංශයන්) අනුගමනය කරමින් චලන පින්තූර විවිධ ශෛලීන්වලට (කලාවේ හෝ සාහිත්‍යයේ ශෛලීන්) චිත්‍රපට කර්මාන්තය විසින් වර්ගීකරණය කරන ලදී. එහි ප්‍රධානතම අංශ වූයේ හාස්‍යමය හා නාට්‍යමය යන්නයි. නමුත් මෙම වර්ගීකරණයන් තවදුරටත් උප අංශවලට බෙදන ලදී. හාස්‍යමය ‘Slapstick’ ‘හෙවත් දැඩි හා රළු රඟපෑම් ඇති විනෝදජනක නාට්‍ය’ [මෙය බොහෝ විට ‘Burlesque’(එනම් සිනා පහළ කරවන යන අර්ථ ඇති) ලෙස හඳුන්වන ලදී.] හෝ ‘Polite Comedy’ හෙවත් ආචාරශීලී (විනීත ආකාරයේ) නාට්‍ය ලෙස කොටස් දෙකක් යටතේ හඳුනාගත හැකි විය. පසුව මෙම අංශ දෙක ‘Domestic Comedy’ හෙවත් ගෘහස්ථ හාස්‍යමය ජවනිකා හෝ ‘Sophisticated Comedy’ හෙවත් විදග්ධ හාස්‍යමය ජවනිකා ලෙස හඳුන්වන ලදී. D.W. Griffith විසින් Biograph වල ගෙවූ ඔහුගේ පළමු වසර දෙක තුළ ඉහත දෙවනුව සඳහන් කළ චිත්‍රපට ඉතා සුළු ප්‍රමාණයක් නිපදවන ලදී. නමුත් ශෛලීන් කෙරෙහි ඔහු තුළ පැවතියේ අල්ප රුචිකත්වයකි. 1910 සිට Frank Powell සහ ඉන් පසු Mack Sennett විසින් මෙම හාස්‍යමය චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලදී. Sennett විසින් 1912 දී මෙය හැර ගිය අතර Keystone සමාගම පිහිටුවාලමින් දැඩි හා රළු රඟපෑම් ඇති හාස්‍යමය චිත්‍රපටවලට එනම් (Slapstick Comedy) ඔහුගේ අවධානය යොමු කරන ලදී. මේවා “The Runaway Horse” වැනි මුල් කාලීන Pathe හාස්‍යමය චිත්‍රපටවලින් පැන නඟින ලදී. යුරෝපයෙන් බාධා පමුණුවනු ලැබු හෝ වළක්වනු ලබන ආකාරයේ හාස්‍යමය චිත්‍රපට, සැලකිය යුතු තරම් ප්‍රමාණයන්ගෙන් ප්‍රංශයේ නිෂ්පාදනය වූයේ Max Linder ගේ චිත්‍රපට සමඟිනි. Linder ගේ හාස්‍යමය චිත්‍රපට සකස් කරන ලද්දේ මෙහිදී ලැජ්ජාවට පත්වන කාරණාවන් හා අරමුණු කරා හඹා යාමේදී පැන නඟින්නා වූ බාධක නිසා පැහැදිලි හා නව මාවත් කෙරෙහි අවධානය යොමු කරන ලදී. බොහෝ විට මෙය ලිංගික ස්වභාවයේ අරමුණක් විය. චිත්‍රපට කතාන්දර සරල කිරීමෙහිලා මහඟු බලපෑමක් D.W. Griffich සිදුකළේය. ඔහු Biograph හි වසරක් සිට පසුව, අඩු කතා අන්තර්ගතයක් සහිත (කලින් තිබූ තනි සේයා පටල චිත්‍රපටයකටම වඩා) චිත්‍රපට නිපදවීම ආරම්භ කළේය. උදා: ලෙස The Country Doctor චිත්‍රපටයේ වැඩිපුර චරිත නොවූ අතර එහි ඇතුළත් වූයේ වෛද්‍යවරයෙකු, ඔහුගේ රෝගී වූ දරුවා, ඔහුගේ නිවස ඉදිරිපස හා පිටුපස තවත් අසනීප දරුවෙකු විසූ අසල්වැසි නිවාසයක් පමණි. 1912,1913 වන විට ඇමෙරිකානු සමාගම් විසින් නිපදවූ බොහෝ චිත්‍රපටවල රුචිකත්වය රඳවා ගැනීම උදෙසා නාට්‍යටම ද්විකරණය (පෙරළි) යොදා ගැනීමට වඩා කතාවට නවමු විචිත්‍රත්වයක් යොදා ගන්නා ලදී.


1914 සිට 1919 දක්වා සිනමා ඉතිහාසය[සංස්කරණය]

යුරෝපීය චිත්‍රපට නිෂ්පාදන සමාගම්[සංස්කරණය]

යුද්ධය ආරම්භයේදී චිත්‍රපට කර්මාන්තයෙහි යෙදී සිටි පිරිස් හමුදා සේවයෙහි යෙදවීම හේතුවෙන් ප්‍රංශයේ චිත්‍රපට නිෂ්පාදනය හා ප්‍රදර්ශණය නතර කිරීමට හේතු විය. චිත්‍රපට නිෂ්පාදනය නැවතත් 1915 දී ආරම්භ වුවත් එය කුඩා පරිමාණයෙන් සිදු විය. විශාල සමාගම් ක්‍රමක්‍රමයෙන් චිත්‍රපට නිෂ්පාදනයෙන් ඉවත් වූයේ චිත්‍රපට බෙදා හැරීම හා ප්‍රදර්ශණය වෙත තම අවධානය දැඩි ලෙස යොමු කිරීමටය. ඒ හේතුවෙන් චිත්‍රපට ශාලා ආනයනය කළ චිත්‍රපට, විශේෂයෙන්ම ඇමෙරිකානු චිත්‍රපට ප්‍රදර්ශණය සඳහා යොදා ගන්නා ලදී. කුඩා නව සමාගම් චිත්‍රපට කර්මාන්තය කෙරෙහි යොමු විය. එමෙන්ම තරුණ අධ්‍යක්ෂකවරුන් එක්සත් ජනපදයේ සේවය කරන අයගේ පුරප්පාඩු පිරවීමට වෙළෙඳපොළට ඇතුළත් විය. ඒබල් ගාන්ස් යනු මෙවැනි විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂක වරයෙකි.

ඉතාලි චිත්‍රපට නිෂ්පාදනය යුද්ධය අතරතුරදී ආරම්භ විය. කෙසේ වෙතත් “ඩීවා චිත්‍රපට” නමින් විනාශකාරී වෙනසක් ඉහත කාරණයේදී ඇති විය. මෙම ප්‍රේමාන්විත නාටක නොසතුටු ප්‍රේමයෙන් පසුතැවෙන කාන්තා තරුවකින් (ඩීවා) සමන්විත වේ. එමෙන්ම මනහර, නිමා නොවන දුක්බර ලීලාව (Art Nouveau Poses) වගේම පිරිමින්ගේ ප්‍රශංසා කිරීම් හා සුඛෝපභෝගීත්වය මෙම චිත්‍රපටය තුළ අඩංගු වේ. 1915, 1916 වසරවල ඩෙන්මාර්කයේ නොර්ක්ඩිස්ක් සමාගම එහි නිෂ්පාදනය වැඩි කිරීම හේතුවෙන් එම චිත්‍රපට විකිණීමට නොහැකි විය. එය ඩැනීෂ් නිෂ්පාදන ශීඝ්‍ර ලෙස පහළ බැසීමට හා ලෝක චිත්‍රපට ක්ෂේත්‍රයේ ඩෙන්මාර්කයේ වැදගත් දායකත්වය අවසන් වීමට හේතු විය. 1917 දී ජර්මානු රජය විසින් ජර්මනියේ නෝර්ඩිස්ක් බෙදා හැරීමේ හා සිනමා දාමයෙහි භුක්තිය සාර්ථක ලෙස පැහැරගන්නා ලදී. නිෂ්පාදනය, වෙළෙඳපොළ ඉල්ලුම,පවතින සමතුලිතතාවය මේ සඳහා හේතුවිය. ඩෙන්මාර්ක් චිත්‍රපටවලට වඩා ස්වීඩන් චිත්‍රපටවලට ඉහළ ගුණාත්මකභාවයක් පැවතීම හේතුවෙන් ස්වීඩන් චිත්‍රපට කර්මාන්තය මෙම ප්‍රශ්නයට මුහුණ පෑවේ නැත.


ප්‍රධාන සමාගම් පෙර පරිදිම ක්‍රියාත්මක වුවත් ජර්මානු චිත්‍රපට කර්මාන්තය යුද්ධය හේතුවෙන් දරුණු ලෙස දුර්වල තත්ත්වයකට මුහුණ දෙන ලදී. තනි නිෂ්පාදන වලට ආධාර දීමෙන් සහ මෙස්ටර් (Messter) සමාගම බොහෝ චිත්‍රපට නිපදවීම මඟින් මෙන්ම බෙදා හැරීමේ සංවිධාන ප්‍රක්ෂේපණයෙන්ද “AG සමිතිය” (PAGU) කුඩා සමාගමක් (Umbrella Company) ලෙස ක්‍රියා කරන ලදී. යුද්ධය පැවති වර්ෂ මුළුල්ලේ ත්‍රාසජනක කතා මාලා හා වික්‍රමාන්විත චිත්‍රපට නිපදවූ ජෝ මේ සහ ඉතා සාර්ථක හාස්‍යජනක නාට්‍ය හා නාටක නිපදවූ අර්නස්ට් ලුබ්ටිෆ් මෙම කාලයේ විසු ඉතා වැදගත් චිත්‍රපට නිෂ්පාදකයන් ලෙස සැලකේ. හුදකලා බව හා රටෙහි ස්වභාවය අතින් විශේෂ ලක්ෂණ රුසියානු චිත්‍රපට කර්මාන්තයට හිංසාවක් ඇති නොවීමට හේතු විය. කන්සොන්කොට් සමාගම එය හඳුනාගනිමින් චිත්‍රපට කර්මාන්තය තුළ ආධිපත්‍ය ගනු ලැබීය. නමුත් තරුවක් වන අයිවන් මොස්ජෝකින් සහ ප්‍රධාන අධ්‍යක්ෂකවරයෙකු වන යකොව් ප්‍රොටසනෝව්ගේ ක්‍රියාවක් නිසා 1914 දී පිහිටුවන ලද අර්මෝලි සමාගම කන්සන්කෝට් සමාගමේ ප්‍රධාන තරඟකරුවකු බවට පත් විය. 1918 මුළුල්ලේ නිෂ්පාදනය අඩු වුවත් 1917 ඔක්තෝම්බරයේ ඇතිවූ බෝල්ෂෙවික් විප්ලවය චිත්‍රපට සමාගම්වල පෞද්ගලික අයිතිය මුලදීම ඉවත්කළේ නැත.ඔවුන්ගේ දක්ෂතාවයන් නිසා රට හැර යාම සිදු වූයේ 1919 දී පමණි. එමෙන්ම ප්‍රායෝගිකව කිසිත් නොමැතිවීම හේතුවෙන් ප්‍රබන්ධ චිත්‍රපට නිපදවීම අඩු විය.

චිත්‍රපටි චිත්‍රාගාරය[සංස්කරණය]

මේ කාලයේ ඇමරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට නිර්මාණයේ සිදුවු විශාලම වෙනස වුයේ අදුර‍ැ චිත්‍රාගාර තුල චිත්‍රපටි නිෂ්පාදනය කිරීමයි. විදුරු වහලවල් වලින් යුතු චිත්‍රාගාර ඉවත් කර අලුතින් බිත්ති සහ සිවිලිම් සහිත චිත්‍රාගාර විශාල ප්‍රමාණයක් ලොස් ඇන්ජලීස් අවට ඉදිකර ඇත. මේ අනුව රෑ දවල් සහ හිරු එළියේ වෙනස් වීම් වලින් බාධා නොමැතිව චිත්‍රපටි පටිගත කිරීම් කළ හැකි විය. ප්‍රධාන වශයෙන්ම පරණ චිත්‍රාගාර වල පතුරවන සමාන ආලෝකය සම්පුර්ණයෙන්ම ප්‍රබල ආලෝක ධාර වලට වෙනස් කර නළුවන් වෙන් වෙන්වම ආලෝක ධාර වලින් දීප්තිමත් කළ හැකි විය. ස්ථාන‍යේ ආලෝකයේ ප්‍රයෝජනයෙන් නළුවන් වෙත ආලෝකය යවා ඔවුන් ආලෝකමත් කිරීම නිතර නිතර සිදුවිය. මෙම 1918 කාලයේ ඇමරිකානු කැමරා ශිල්පයෙන් ඉදිරි පසින් නළුවන් ආලෝකමත් කිරීමට ස්ථානයේ ආලෝකය ප්‍රයෝජනයට ගැනීම ආරම්භ කලා.

මෙම සිදුවීම නිසා නළුවන්ගේ රූපය මෙම ආලෝකයෙන් වඩාත් අලංකාරවිය. තවද මෙමගින් පසුබිමේ ඇති අඩු ආලෝකයෙන් කැපීපෙනෙන්නටද යොදාගත හැකිවිය. මෙය මෙම කාලයේ සම්ප්‍රදායක චිත්‍රාගාර වල ආලෝක කරණයේ විශාල පියවරකි. මෙම කාලයේදී ආරම්භ වුණ තවත් නව්‍යතාවයක් වන්නේ විවිධ ස්ථාන වල සිටින නළුවන් ආලෝකමත් කිරීම සදහා කෘතීම ආලෝකය යොදා ගැනීමය. මේ අනුව සමහර විශාල චිත්‍රාගාර මෙම කාරණය සදහා විද්‍යුත් උත්පාදන ට්‍රක් මිල දී ගන්නා ලදී.

මේ සියළු සංවර්ධනයන් යුරෝපය පුරා පැතිරීමට වසර ගණනාවක් ගත විය.

චිත්‍රපට කර්මාන්තයේ නිහඬ යුගය 1900[සංස්කරණය]

නිහඩ යුගයේ චිත්‍රපටවල විශ්මය ජනක අනුපිළිවෙල; 1923 දී Harold Lloyd සමඟ Safety Last!, 1925 දී The Gold Rush Charlie Chaplin. නමුත් වර්තමානයෙහි පවා හොලිවුඩ් විනෝදාශ්වාදයන්හි මුඛ්‍යධාරාවන්ගේ ප්‍රමුඛතාවය එහි තිබිය යුතු තරමටම ශක්තිමත් නොවේ. එසේම විකල්පයන් පුළුල් ලෙස දැකගත හැකි වූ අතර ඒවා බොහෝ වැදගත් විය.


1915 දී ප්‍රංශයේදී විදේශ ආනයනකයින්ට පනවා තිබු තහනම අවසන් වීමෙන් පසු මුල් කාලීන හොලිවුඩ් ගාස්තූන් සිනමා සාහිත්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමීන්ගේ පිබිදීමට පෙළඹවීමක් සිදුකරන ලදී. ඇතැම් සිනමා නිෂ්පාදක කණ්ඩායම් ප්‍රකාශනාත්මක හා චිත්‍රාත්මක බලපෑම් මෙන්ම රිද්මයානුකූල සංස්කරණයන් සමඟින් පර්යේෂණ සිදු කිරීම ආරම්භ කරන්නට කටයුතු යොදන ලදී. මෙම නව රැල්ල ප්‍රංශ ස්වරය ප්‍රතිපාදක සිනමාව (French Impressionist Cinema) ලෙස හැඳින්විය හැකිය.


ජර්මනිය ඇමරිකාවේ බලවත්ම තරඟකරු විය. එහි ඉතා වැදගත් දායකත්වය සැපයුවේ ජර්මානු ප්‍රකාශන වාදයේ අඳුරු මායාකාරී ලෝකයයි. එසේම එය මනසින් දකින අභ්‍යන්තර තත්ත්වයන් දැමීමට යථාර්ථ විරෝධී ගෙනහැරපෑම්හි බලය මඟින් වඩා උසස් බවට පත්කරයි. එමෙන්ම එය හාස්‍යජනක ප්‍රභේදයන් හෙලිදරව් කිරීමට වඩාත් ශක්තිමත් බලපෑමක් සිදුකරනු ලබයි.

අලුතින් ඇතිවූ සෝවියට් සිනමාව රැඩිකල්වාදී වූ නව නිර්මාණයක් විය. මෙහිදී පෙර පැවති කාර්යභාරයට වඩා කථාව උසස් කිරීම කෙරෙහි සංස්කරණ කලාව සැඩපහරක් සේ වේගවත්ව ඉදිරියට යන්නට විය. ඊනියා, තාර්කික හා බුද්ධිමය සමෝධානය වූ තාක්ෂණය Sergei Eisenstein පූර්ණත්වයට පත් කෙරිණි. එම තාර්කික හා බුද්ධිමය සමෝධානය වූ තාක්ෂණය බොහෝවිට බලන්නාගේ සිත තුළ සාහසික ගැටුම්, රූපන පිළිබිඹු වන අදහස්, ඇවිස්සුනු හැගීම් හා බුද්ධිමය ප්‍රතිචාර ඒකජ නොවන ආකාරයට සැසදීමට යත්න දැරීය.


මේ අතරතුර ඉන්දියානු සිනමාවේ පියා ලෙස සැලකෙන Badasaheb Phalke විසින් ඉන්දියාවේදී ප්‍රථම දීර්ඝ වෘත්ත්‍රාන්ත නිහඩ චිත්‍රපට තැනීය. එම චිත්‍රපටය 1913දී Period Piece හෙවත් රාජා හරිස්චන්ද්‍ර විය. එසේම එය කාල චිත්‍රපට සඳහා පදනම් දමනු ලැබීය. ඊළඟ දශකය තුළදී ඉන්දියානු සිනමාවේ වාර්ෂික නිමැවුම් සාමාන්‍ය චිත්‍රපට 27ක් විය.

බොහෝ රටවල සංස්කෘතික පෙරටුගාමී පරපුර, කෙටිවූ, සම්පූර්ණයෙන් තනිවූ ඒකීය කතාන්දර, ශුද්ධ සෞන්දර්ය වාදී වූ හා උප වින්‍යානිකව අවිචාරී වූ පර්යේෂණාත්මක චිත්‍රපට සමඟ එක්ව වැඩ කරන්නට විය. මෙය ස්පාඤ්ඤ කලා සාම්ප්‍රදායික Luis Bunuel ගේ වැඩ නිසා වඩා ප්‍රසිද්ධ විය. කෙසේ හෝ මෙම දශකය තුළ චිත්‍රපටයේ මුඛ්‍ය ධාරාව දරුණු ලෙස බෙදීමට ලක්වීම සනිටුහන් කරමින් ජනප්‍රිය හා කලාත්මක චිත්‍රපට ලෙස වර්ගීකරණය විය.

නමුත් මුඛ්‍යධාරාව තුළදී පවා ශිෂ්ටත්වය වඩා වේගවත් විය. නිහඩ චිත්‍රපටයක් පවා සෞන්දර්යාත්මකව ඉහළ තලයකට ගෙන ඒමට හැකි විය. සිනමා ශිල්පයේ පැවත්මට උපකාර වෙමින් කැමරා වඩාත් පහසුවෙන් ගෙනයාහැකි ලෙස වේගවත්ව පරිවර්තනය විය. එසේම චිත්‍රපට තොග බොහෝ සංවේදී හා හුරුබුහුටි බවට පත්විය. තිර රචනය එහි පළමුව පැවති අස්වාභාවික අතිශෝක්තිය තොරවූ කලාවක් බවට පත්විය. එසේම මනෝමය තේරුම්ගැනීමක් හා විශිෂ්ට විතක්ෂණභාවයක් ළඟාකර ගැනීමට හැකිවිය. දුෂ්‍ය වාග් චාතුර්ය වඩා වර්ධනය වීමක් ලෙස අභ්‍යන්තර මාතෘකා (Intertiles) පිළිබඳ පැවති විශ්වාසය අඩු විය. කලාතුරකින් නිදසුනක් ලෙස වර්ෂ 1926දී ජර්මනියේ නිපදවූ F.W. Murnau ගේ The Last Laugh වැනි චිත්‍රපටවල මෙයින් වැළකිණි. තේරුම් ගැනීමට දුෂ්කර ලෙස මෙම කාලයේදී නිහඩ චිත්‍රපට යුගය අවසාන විය.

ශබ්ද සහිත යුගය[සංස්කරණය]

හඬ සහිත චිත්‍රපටි තාක්ෂණය සම්බන්ධයෙන් පටිගත කිරීම සහ නැවත ප්‍රදර්ශනය කරවීම ආශ්‍රිත පර්යේෂණ නිහඬ චිත්‍රපට යුගය පුරාවටම බොහෝ දුරට ඒකකාරී තත්ත්වයක පැවතුණි. කෙසේ නමුත් ශබ්දය රූප සමග සමමුහුර්තණය සහ ශබ්දය ප්‍රමාණවත් තරම් වර්ධනය කිරීම පිළිඳව වූ ගැටලු විසඳා ගැනීම අපහසුවිය. (Eyman 1997) 1926 දී හොලිවුඩ් චිත්‍රාගාරයක් වූ Warner Bros. ආයතනය මගින් “Vitaphone” පද්ධතිය හඳුන්වාදෙන ලදී. මේ ඔස්සේ සජිවී විනෝදාත්මක ක්‍රියා සහ ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබවඳ කෙටි චිත්‍රපට නිෂ්පාදනය කිරීමටත් ඔවුන් සමත්වූ අතර ඔවුන්ගේ ප්‍රධාන නිර්මාණ කිහිපයකටම පටිගත කළ ශබ්ද ප්‍රයෝග සහ වාද්‍ය වෘන්ද මගින් නිර්මාණය කළ සංගීතය එක් කිරීමටද ඔවුන් සමත්විය. 1927 වසරේ අගභාගයෙහි වෝනර් සමාගම මගින් The Jazz Singer නම් නිර්මාණය ඉදිරිපත් කරන ලදී. එය බොහෝ දුරට නිහඬ චිත්‍රපටයක් වූ නමුදු වාර්තා වැඩසටහනක ප්‍රථම වරට ඇතුළත් වූ සම මුහුර්තිත සංවාද (සහ ගීත) ඇතුළත් වූයේ මෙම නිර්මාණයේ වෙයි. මෙම නිර්මාණය අති සාර්ථක වූ අතර ඉන්පසු ඒහා සමානවම නිර්මාණය කළ The Lights of New York (1928 මෙය සම්පූර්ණයෙන්ම සමමුහුර්තිත ශබ්ද සහිත පළමු වාර්තාමය චිත්‍රපටිය වේ) නිර්මාණයද අතිසාර්ථක විය. මුල් කාලීන තැටිමත ශබ්ද පටිගත කිරීමේ ක්‍රමවේදයන් අනුව(Vitaphone වැනි) ශීඝ්‍රයෙන් සේයාපටය මතම ශබ්දය පටිගත කළ හැකි ලෙස නිර්මාණය කෙරිණි. Fox සමාගමේ Movietone, DeForest හි Phonofilm සහ RCA හි Photophone වැනි ක්‍රමවේදයන් මගින් එම පාට ප්‍රතිස්ථාපනය විය. මෙම නව රැල්ලත් සමග මුලදී ශබ්ද සහිත චිත්‍රපට පිළිබඳව වැඩි විශ්වාසයක් තැබීමට මැලිවිය. කර්මාන්තකරුවන්ගේ අනාගතය කතානාද චිත්‍රපටවලට අයත් බව ඒත්තු ගියේය.

1985 සිට 1906 දක්වා චිත්‍රපටි ඉතිහාසය[සංස්කරණය]

1986 දී Kinetoscope pee-show යන්ත්‍රවලින් චිත්‍රපටි ප්‍රදර්ශනය කරනවාට වඩා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් භාවිතයෙන් පින්තූර චිත්‍රපටි විශාල නරඹන්නන් ප්‍රමාණයකට පෙන්වීමට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් යෙදවීමට සිදු විය.

Armat සහ Jenkins විසින් සංවර්ධනය කරන ලද ‘Phantoscoe’ නම් ප්‍රක්ෂේපණ යන්ත්‍රය Edison සමාගම විසින් ලබා ලන්නා ලද අතර පසුව එය vitascope ලෙස නැවත නම් කරන ලදී. එසේම එය Edison සමාගම විසින් සහ ප්‍රංශයේ සහ එංගලන්තයේ අනෙකුත් පුද්ගලයන් විසින් නිපදවන මී.මී 480 පළල චිත්‍රපටි පෙන්වීම සඳහා වෙනත් පුද්ගලයන් විසින් සාදන ලද විවිධ ප්‍රක්ෂේපණ යන්ත්‍ර සම්බන්ධ කර ගන්නා ලදී.

කෙසේ වුවත්, එක්සත් ජනපදයේ වඩාත්ම සාර්ථක චලන පින්තූර සමාගම වුයේ American Mutoscope සමාගමයි.1900 දක්වාම විශාලතම චිත්‍රපට නිෂ්පාදනය ඔවුන් සතු විය. මෙය මූලිකවම පිහිටු වන ලද්දේ W.K.L Dickson විසින් 1985 දී Edison සමාගම හැරයාමෙන් පසු ඔහු නිපද වූ ආකෘතීන් හා නිර්මාණ භාවිත කරමින් විවර දර්ශන ආකාරයේ චිත්‍රපටිවලින් වාසි ලබා ගැනිමටය. ඔවුන්ගේ උපකරණ මී.මී 70 ප්‍රමාණයේ පුළුල් ලෙස භාවිතා කළ අතර , Mutoscope ලෙස හැඳින්වෙන ඔවුන්ගේ නැරඹුම් යන්ත්‍රයට නිවේශය සඳහා සෑම රාමුවක්ම වෙන වෙනම පත්‍රිකාවලට මුද්‍රණය කරන ලදී. ප්‍රතිබිම්බ පත්‍රිකා ,භ්‍රමණය වන බෙරයක් වැන්නක පර්යන්තයෙන් කැපී පෙනෙන ලදී. Mutoscope හැරුණු විට , ඔවුන්ද Biograph ලෙස හඳුන්වන ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් නිපදවන ලදී. එමගින් , සමාජ ප්‍රතිඡායාවන්ගෙන් / සේයාපට නිපදවන ලැබූ , අඛණ්ඩ චිත්‍රපටි මුද්‍රණයන් ප්‍රක්ෂේපණය කිරීමට හැකි විය.

වෙනත් කුඩා නිෂ්පාදකයන්ද විශාල ප්‍රමාණයක් එක්සත් ජනපදයේ විසූ අතර ඔවුන්ගෙන් ඇතැමෙක් විසින් ශත වර්ෂයේ දිගු කාලීන රූපාකාරයෙක් ගොඩනංවන ලදි. මෙම සුළු පරිමාණ නිෂ්පාදකයන්ගෙන් කෙනෙක් වන American Vitagraph ආයතනය Brookiyn හි ඡායාරෑපගාරයක් ගොඩනංවන ලද අතර එහි මෙහෙයුම් කටයුතු 1905 දී පුළුල් කරන ලදී. 1896 සිට චලන පින්තූර බා දිය හැකි මූලික යන්ත්‍රයන් ආවරණය කරන පේටන්ට් හිමිකම් අඛණ්ඩ නඩු පටිපාටින් එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක විය.

ප්‍රංශයේ Lumiere සමාගම ,1896 සිට , චිත්‍රපටි කැමරාගත කිරීම පිණිස ලෝකය පුරාම කැමරා ශිල්පීන් යවන ලදී. ඒ කටයුතු මෙම ඡායාරූප ශිල්පීන් විසින් ප්‍රාදේශියව සිදු කරනු ලැබු අතර පසුව ඒවා Lyons වල පිහිටි සමාගමේ කර්මාන්තශාලාවට මුද්‍රණය කිරීම පිණිස යවන ලදී. තවද ඒවා, අවශ්‍ය වන්නා වූ ඕනෑම පුද්ගලයෙකුට විකුණනු ලැබේ.1901වන විට මෙවැනි චිත්‍රපට 1000කට ආසන්න ප්‍රමාණයක් පැවතුන අතර ඒවා බොහෝමයක්ම පාහේ සැබෑ ඒවා වේ.

1898 වන විට ප්‍රංශයේ විශාලතම ප්‍රබන්ධ චිත්‍රපටි නිපදවන්නා වුයේ ceorges melies ය. නිපැයුම් සම්පූර්ණයෙන්ම පාහේ උපක්‍රමික ලක්ෂණ විදහා පෑහ. එමෙන්ම සියලුම චිත්‍රපට වෙළෙඳ පොළේ ඉතාමත් සාර්ථක ලෙස අළෙවි විය. ඔහුගේ දිගු චිත්‍රපටි සම්බන්ධයෙන් පැවති විශේෂ ජන ප්‍රසාදය (1989 සිට ඉදිරියට ඔහුගේ චිත්‍රපටි මිනිත්තු කිහිපයක් දිගු වු අතර අනෙකුත් බොහෝ චිත්‍රපට දිගු වුයේ මිනිත්තුවක කාලයක් පමණි.) අනෙකුත් වෙළෙඳ පොළවලටද වඩා දිගු චිත්‍රපටි නිපදවීමට යොමු කරවන ලදී .

1900 සිට Charles Pathe විසින් Pathe -frrers සන්නම යටතේ චිත්‍රපටි නිපදවීම ආරම්භ කළ අතර චිත්‍රපටි සැබෑ ලෙසම නිපදවීම සඳහා Ferdinand Zecca කුලියට ගන්නා ලදී. 1905 වන විට ලෝකයේ විශාලතම චිත්‍රපට සමාගම වුයේ Pathe ආයතනයයි. පළමු ලෝක යුද්ධය දක්වාම ඔවුන් මෙම ස්ථානය යොදා ගන්නා ලදී. Leon Gaumont විසින් 1900දී චිත්‍රපටි නිෂ්පාදනය ආරම්භ කළ අතර ඔහුගේ නිපදවීම Alice Guy විසින් අධීක්ෂණයට ලක් කරන ලදී.

එංගලන්තයේ,Robert W.lul ,James William son සහ G.A.Smith සහ වෙනත් නිෂ්පාදකයින් සුළු පිරිසක් 1899 දී Cecll Hepworth සමඟ සම්බන්ධ වු අතර වසර කිහිපයක් ගත වන විට ඔවුන් වසරකට චිත්‍රපට 100ක් පමණ මුදා හරින ලදී.ඔවුන්ගේ සමාගම බ්‍රිතාන්‍යයේ විශාලතම චිත්‍රපට නිෂ්පාදන සමාගම බවට පත්විය.

සටහන්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=චිත්‍රපට_ඉතිහාසය&oldid=250069" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි