චිත්‍රක නිර්මාණකරු
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| වෙනත් ලිපි කිසිවක් හෝ සැලකිය යුතු තරමක වෙනත් ලිපි ගණනක් හෝ එයට නොබැඳෙන නිසා, මෙම ලිපිය, කණගාටුවෙන් හෝ අනාථ ලිපියක් ලෙස හැඳින්වීමට සිදුව ඇත. කරුණාකර සබැඳි ලිපි භාවිතයෙන් මෙම ලිපියට සබැඳියන් එක් කරන්න. |
චිත්‍රක නිර්මාණ කරුවෙකු යනු රූප එකිනෙක සම්බන්ධ කිරීම් සිදු කරන, මුද්‍රණාක්ෂර විද්‍යාව හෝ චලන චිත්‍රක යොදා ගනිමින් නිර්මාණකරණයේ යෙදෙන චිත්‍රක නිර්මාණකරණය සහ චිත්‍ර කලාව තුළ සිටින වෘත්තිකයෙකි. චිත්‍රක නිර්මාපකයෙකු ප්‍රාථමිකව ප්‍රකාශයන්ට, මුද්‍රණයට හෝ විද්‍යූත් මාධ්‍ය වෙත චිත්‍රක නිර්මාණ කරන අතර විශේෂ කුඩා පොත් සහ වෙළඳ ප්‍රචාරණය නිර්මාණයෙහි විශේෂිතය. අකුරු සැකසීම, සන්නිදර්ශනය සහ වෙබ් නිර්මාණය වැනි කටයුතුවල ද විශාල වගකීමක් සතු වෘත්තිකයෙකු ලෙස චිත්‍රක නිර්මාණකරු හඳුන්වයි. එහෙත් මෙම විශේෂඥයන් විවිධාකාරයෙන් චිත්‍රක නිර්මාණය සම්බන්ධ වෘත්තීන්හි නිරත වේ. නිර්මාණකරුවෙකුගේ ප්‍රධාන වගකීම වන්නේ සෞන්දර්යාත්මක සහ ප්‍රවේශාත්මක ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමයි.