චන්දන මෙන්ඩිස්

විකිපීඩියා වෙතින්

චන්දන මෙන්ඩිස් ග්‍රන්ථ පරිවර්තකයෙකි.එලෙසම ගාල්ලේ උපත ලබා රිච්මන්ඩ් විද්‍යාලයේ සිප්සතර හැදෑරූ චන්දන මෙන්ඩිස්, දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව හැදෑරීමට 1969 දී පේරාදෙණියේ ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළු විය. (පේරාදෙණිය විශ්ව විද්‍යාලය එවකට හැඳින්වූයේ ලංකා විශ්ව විද්‍යාලය යන නමිනි.)

1973 දී රජයේ සේවයට බැඳුනු ඔහු දිවයිනේ රෝහල් ගණනාවක සේවය කළේ ය. පස් වසරක් විදෙස්ගතව සිටි ඔහු යළි දිවයිනට පැමිණ කලක් පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරත විය. තිස්තුන් වසරක සේවයෙන් පසු ඔහු වෛද්‍ය වෘත්තියට ආයුබෝවන් කීවේ පූර්ණ කාලීන ලේඛකයෙකු වීමේ අභිලාශයෙනි.

'ශේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටිකතා' නමින් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කොට පළ කල කෙටි කතා සංග්‍රහයට 2008 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි විය. "නිශ්චල චංචල දේපළ" චන්දන මෙන්ඩිස්ගේ ප්‍රථම ස්වතන්ත්‍ර නව කතාවයි.

චන්දන මෙන්ඩිස්ගේ නිර්මාණ සහ පරිවර්තන[සංස්කරණය]

විද්‍යා ප්‍රබන්ධ[සංස්කරණය]

  • ජුරාසික් දඩයම

යොවුන් නවකතා[සංස්කරණය]

  • අබිරහස් දූපතේ නිධානය
  • නිල් දියමන්ති අබිරහස

නවකතා[සංස්කරණය]

  • නිශ්චල චංචල දේපළ

කෙටිකතා[සංස්කරණය]

  • චීන යෙහෙළිය

පරිවර්තන (ෂර්ලොක් හෝම්ස් කතා)[සංස්කරණය]

  1. සුනඛ ශාපය
  2. සිව් රහස් සලකුණ
  3. බිහිසුණු නිම්නය
  4. මළගිය ඇත්තෝ සාක්කි දෙති
  5. ලේ සලකුණ
  6. ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක
  7. මහ රෑ ආ මාරයා
  8. ඉන්ද්‍රනීල මාණික්‍යය
  9. දියමන්ති ඔටුන්න
  10. ලෝහිත පරීක්ෂණය
  11. ඔබෙන් සමුගනිමි - ෂර්ලොක් හෝම්ස්

පරිවර්තන (ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ නොවන ෂර්ලොක් හෝම්ස් කතා)[සංස්කරණය]

  1. ෂර්ලොක් හෝම්ස් ආපසු එයි
  2. පුද්ගලිකයි රහසිගතයි
  3. ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස්
  4. භයානක මිනිහා
  5. කළු ව්‍යාඝ්‍රයා
  6. රතුවත හැඳි කත
  7. ප්‍රදීපාගාරයේ වික්‍රමය
  8. අබිරහස් දොස්තර සමග ෂර්ලොක් හෝම්ස්
  9. ගින්දර සමග සෙල්ලම්
  10. සමුදුරේ සටන
  11. භීෂණයක් !
  12. රුසියානු ඔත්තුකාරයා
  13. මර උගුල
  14. ඊජිප්තු ශාපය
  15. හදිසි අනතුර
  16. අද්භූත ආගන්තුකයා
  17. ඕලන්ද නෞකාව
  18. වැරදුණු දඩයම
  19. මාරක සටන
  20. වෙඩිහඬ
  21. සුරූපී නළඟන
  22. මුහුදු ගිනිඅවිය
  23. රන් දෙවඟන

පරිවර්තන (වෙනත්)[සංස්කරණය]

  • සැඟවුණු ලොවේ සවාරියක්
  • ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව
  • වියරු විද්‍යාඥයා
  • යකාගේ නවාතැන
  • හරිම පුදුමයි!
  • සිහිනයක රැඳි රහසක්
  • චාලි සහ අරුම පුදුම චොක්ලට් කම්හල
  • මෝරා
  • ගැටකපන පුංචා
  • ගිනි කන්දක් හරහා... ලෝකය වටේ අසූ දවසකින්
  • රහස් පරීක්ෂකයා අතුරුදන්
  • රක්ත මාණික්‍යයේ අභිරහස
  • ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා 1 - (රාජ්‍ය සාහිත්‍ය සම්මාන-2008)
  • ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා 2 - සොඳුරු සිතුවම් - (රාජ්‍ය සාහිත්‍ය සම්මාන-2009)
  • ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා 3 - සඳ දියේ පාවී ගියා - (රාජ්‍ය සම්මාන නිර්දේශිත-2010)
  • ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා 4 - මුතුඇටය - (රාජ්‍ය සාහිත්‍ය සම්මාන-2011)
  • ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා 5 - කෝකිල මැදුර - (රාජ්‍ය සම්මාන නිර්දේශිත-2012)
  • ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා 6 - වීණා වාදකයා - (රාජ්‍ය සාහිත්‍ය සම්මාන-2013)
  • ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා 7 - මායාකාරී
  • ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා 8 - ආදර කැදැල්ල

ක්‍රීඩා සාහිත්‍ය[සංස්කරණය]

  • ඔලිම්පික් ක්‍රීඩා සියවසක කතාව
"https://si.wikipedia.org/w/index.php?title=චන්දන_මෙන්ඩිස්&oldid=536746" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි