ගෝලීයකරණය
Wikipedia වෙතින්
ආර්ථික ප්‍රවණතාවන්ගෙන් ප්‍රබලතම කරැණක් වු ගෝලීයකරණය නිසා එදා ශ්‍රමයට හිමි වී තිබූ තැන අද තාක්ෂණයට හිමි වී ඇත.ලෝකය නව මාවතකට යොමු කිරීම ගෝලීයකරණය මගින් සිදු වී ඇත.එකිනෙක ඡාතීන් අතර සිදුවන වෙළඳාම නැත්නම් බහුපාර්ශ්වීයව සිදු කරන වෙළඳාම මේ ආර්ථික ක්‍රියාවලියෙහි ප්‍රධාන මාධ්‍යය වෙයි. බහුපාර්ශ්වික වෙළඳාමට ලෝක ආර්ථිකය තූළ තීරෑ ගාස්තු පිළිබඳ පොදු එකඟතාවය සේම ඊට අදාල වූ කාර්මික රටවල නිෂ්පාදන,කාර්මික හා රෙදි පිළි වැනි වෙළඳ ද්‍රව්‍යය ද තීරැ ගාස්තු ලැබීමට සුදුසුකම් ලැබුෙවි ගෝලීයකරණය නිසාවෙනි.
නූතනයේ මේ ගෝලීයකරණය නමැති දැවැන්ත හස්තයට වෙළඳාම ලෙස භාණ්ඩ.සේවා හා බුද්ධිමය දේපළ ද හසු වී හමාරය.අතීතයේ රාඡ්‍ය විසින් කළ වෙළඳාමේ පාලනය අද බහුඡාතික සමාගම් හෝ වෙළඳබලවේග මඟින් සිදු කරන්නේ ලෝකයම එකම වෙළඳපොළක් සේ සලකමිනි.වත්මන් අාර්ථිකය තුළ ගෝලීයකරණය නම් වන බලවේගය පාලනය කිරීමට නොහැකි වී ඇත්තේ අාර්ථික වර්ධනයට අන්තරායකාරි වන නිසාය.එයට විකල්පය වන්නේ සංවර්ධිත රටවල සේම තුන්වන ලෝකයේ රටවල ද නිදහස් වෙළඳාමට අනුබල දීමයි.විවෘතකරණය පසුබිම් භාණ්ඩ,සේවා හා බුද්ධිමය දේපළට අදාලව සිදු කරන වෙළඳාම තීරැ ගාස්තු වලින් තොරව නිදහසේ ගලායාමට ඉඩ සලසා දෙයි.එහිදී රාජ්‍ය මැදිහත් වීමකින් තොරව වෙළඳපොළ බලෙවිගයන් විසින් ලෝක අාර්ථිකය හැසිරවීමට ඉඩ සලසා ගනී. ජාතික හා කලාපිය දේශසීමාවන් හරහා ආබාධිතව භාණ්ඩ හා සේවා ගලා යාමට අදාල ප්‍රතිපත්තිමය බාධක බහුපාර්ශ්වික ලෙස ඉවත් කිරීම සේම දේශපාලනික ලෙස නිශ්චය කරනු ලබන ඡාතික හා කලාපිය දේශසීමාවන් තුළින් පැන නඟින්නා වූ අාර්ථික ක්‍රියාකාරකම් වර්ධනයක් ලෙස ද හැඳින්වියහැක. ඒ අනුව බෝහෝ විට ඒ ක්‍රියාකාරකම් මෙහෙය වන්නේ ක්ෂුද්‍ර අාර්ථික බලවෙග වන එක් එක්පුද්ගලික අාර්ථික ක්‍රියාකාරකයන් වන පුද්ගලයන්,බැංකු ආදිය විසිනි.
ෙමි අනුව ගෝලීයකරණයඅාර්ථික ක්‍රියාවලියක් පමණක් නොව ඒ අාර්ථික ක්‍රියාවලිය බහුපාර්ශ්වික වෙළඳවාදය මුල්කරගෙන රාජ්‍ය මැදිහත් වීම් වලින් තොරව පුද්ගලික ව්‍යවසාය නැතහොත් ක්ෂුද්‍ර අාර්ථික බලවෙිග විසින් විවෘතවෙළඳාම තුළ දක්නට ඇත.තරඟකාරීත්වය පදනම් කරගත් නිෂ්පාදන මාධ්‍යයේ වෙනස්කම් අනුව වෙළඳපොළ බලෙවිගයන් හසුරැවනු ලබන ලෝක අාර්ථික සේ දේශපාලනික ක්‍රියාවලියක් ලෙස හඳුනා ගත හැක.ගෝලීයකරණය නිසා අන්තර් රඳා පැවැත්ම පිළිබඳ ආකල්ප වඩා උත්සන්න වීම සේම , රාජ්‍යයන් සතු ජාතික ප්‍රතිපත්තින් සම්පාදනයේ ස්වාධිපත්‍ය බලය අඩු වීමද ලෝක වෙළඳපොළ තුළ දැඩි අවිනිශ්චිතතාවක් හා අස්ථාවරත්වයක් ඇති වීම ද සිදු වීම ස්වභාවයෙන්ම වන්නකි.
