ගොටුකොල

විකිපීඩියා වෙතින්
ගොටුකොල
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Asterids
ගෝත්‍රය: Apiales
කුලය: Mackinlayaceae
ගණය: 'Centella'
විශේෂය: C. asiatica
ද්වීපද නාමය
Centella asiatica
(L.) Urban
පර්යාය නාම(ය)

Hydrocotyle asiatica L.
Trisanthus cochinchinensis Lour.


Centella asiatica යන උද්භිද විද්‍යාත්මක නමින් හදුන්වනු ලබන ගොටුකොළ ශාකය තෙතමනය සහිත ස්ථාන වල බහුලව දැකිය හැකි භූගත කදක් සහිත පැලෑටියකි.මැඩගස්කරය,ශ්‍රී ලංකාව,ඉන්දුනීසියාව හා දකුණු අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල  දැකිය හැක. ශ්‍රී ලංකාවේ ඉතාමත් සරුවට වැවෙනු ඇත.

බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයෙහි ලක්ෂ්මි සෙනරත් විද්‍යාඥ්ඥවරිය (ආයුර්වේද) පවසන අන්දමට කුඩා පත්‍ර හා ලොකු පත්‍ර ලෙස එසේත් නැත්නම් හීංගොටුකොළ සහ මහ ගොටුකොළ ලෙස ප්‍රභේද 02 ක් පවතී.

ආයුර්වේද ඖෂධයක් ලෙස ඉතාමත් ප්‍රයෝජනවත් ගොටුකොළ මුල් හෝ සමස්ත ශාකයම වියළා හෝ නැවුම් තත්වයෙන් ඖෂධීය ප්‍රතිකර්ම සදහා පාවිච්චි කරනු ලැබේ.වියලා වායුරෝධක වීදුරු බෝතල් වල අසුරා තැබීමෙන් අවශ්‍ය වේලාවට පාව්ච්චියට ගත හැක.

විටමින් A,G,K සහ Mg ඉතා ඉහල ලෙස අඩංගු වන අතර ශ්‍රී ලාංකිකයින් බහුල වශයෙන් සම්බෝල ලෙස හෝ කැද වශයෙන් ආහාරයට ගනු ලැබේ .

කුඩා මෙන්ම වැඩිහිටි පිරිමි ගැහැණු ඕනෑම පුද්ගලයෙකුට ඉහල ඖෂධීය ගුණයක් ලබාදෙනු ලබන ගොටුකොළ ශාකය ශරීරගත ලෙඩ රෝග බොහොමයකට හෙළ ඔසුවකි. බිලිදුන්ගේ කැස්සට,ධාරණ ශක්තිය වැඩිකිරීමට,පණු රෝග,සෙම් රෝග,ශරීරයේ දැවිල්ල ආදී රෝග බොහොමයක් සුව කිරීමට ගොටුකොළ හේතු වනු ඇත.එමෙන්ම ඇස්වලට මෙන්ම සම පැහැපත් කිරිමටද බලපාන ඖෂධයකි. කුඩා දරුවන්ගේ කටහඩෙහි මිහිරි බව රැක ගැනීමටද උදව් වේ. කුඩා දරුවන් සිටින කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි වැඩිකිරීමටද ගොටුකොළ හේතු වේ. මුත්‍ර වර්ධකයක් සේ ක්‍රියාත්මක වන ගොටුකොළ මුත්‍ර මාර්ගයේ අසාදන වලක්වා ලිමට මෙන්ම උපදංශය,රක්ත වාතය,ලාදුරු රෝගය,අතීසාරය,දියවැඩියාව,ඇදුම,ප්‍රදාහය,අක්මා රොග වැනි රෝග රැසක් සුව කිරිමට හා ප්‍රකිශක්තීකරන පද්ධතිය ශක්තිමත් කිරිමට බලපානු ඇත.

උගුරෙහි සෙම අරිනු ලබන බෙහෙතක් ලෙසද ගොටුකොළ යොදා ගනු ලබයි.ගොටුකොළ මුල් කුඩු කර සාදා ගන්නා පවුඩරය නාසාරන්ධ්‍ර ඉදිමුමට ප්‍රතිකාරයක් වන අතර සම්පූර්ණ ගොටුකොළ ශාකය තම්බා සිනි හා ගම්මිරිස් කුඩු ස්වල්ප වශයෙන් එකතු කර සකසන ලද කසාය සති කිපයකට වරක් පානය කිරිමෙන් බොහෝ රෝග වලක්වා ගත හැක.උණ සහ පාචනය/අතීසාරය සදහා ගොටුකොළ හා වැල්මී කසාය ඉතා හොද ඔසුවකි.

විශේෂයෙන් එළකිරි සමග ගොටුකොළ ශාකය තම්බා එය වියලා කුඩු කර එළකිරි සමග පානය කිරීමෙන් හෝ නැවුම් ගොටුකොළ යුෂය එළකිරි සදග පානය කිරීමෙන් නව යොවුන් විය ආරක්ෂා කර ගත හැකි බව සොයා ගෙන ඇත.එසේම මෙසේ වියළා කුඩු කර ගන්නා පවුඩරයට සීනි ,මී පැණි හා ගිතෙල් එකතු කර පානය කිරීම තුලින් මොළයේ ආබාධ,අපස්මාරය,අර්ශස් තත්වයන් සුව කර ගැනීමේ හැකියාව ඇති බව සොයාගෙන ඇත.

Dr.Seela Fernando (In her Herbal Food and Medicines in Sri Lanka) උපදෙස් පරිදි ,කැස්ස ඇති රෝගීන්ට ගොටුකොළ රතුළූනු සමග දීමෙන් එම රෝගී තත්ත්වය මග හරවා ගත හැකි බවයි. එසේම ගොටුකොල වියලා සකසා ගන්නා ගොටුකොළ පානය(Gotukola Tea) මගින් උණ හා පීනස් තත්ත්වය මගහැරී යන බවද ඇය විසින් පවසා ඇති තවත් කරුණකි.ගොටුකොළ ඉතාමත් ශක්ති ජනක ආහාරයක් වන අතර මානසික පීඩාව මග හරින ඖෂධයකි.එසේම පුද්ගලයින්ගේ සුවදායක නින්දකටද ගොටුකොළ හේතුවන බව සොයාගෙන ඇත.

මෑත අධ්‍යයනයන්ට අනුව සංසරණ පද්ධතිය කෙරෙහි ඉතා හොද බලපෑමක් ඇති කල හැකි ඖෂධීය පැලෑටියක් ලෙස ගොටුකොල හදුනාගෙන ඇති අතර අධි රුධිර පීඩන තත්ත්වයනට ප්‍රතිකාර වශයෙන් යොදා ගනු ඇත.ශිරා සහ කේශනාලිකා හරහා ශරීරය හැම තැනම ඉතා හොද පීඩනයකින් යුතුව රුධිරය ගලායාමකට ගොටුකොළ හේතුවනු ඇත. ගොටුකොළ වලින් ලබා ගන්නා සමහර සංයෝග වැඩිදියුණු කිරීමෙන් ශරීරයෙහි ඇති තුවාල සුව කළ හැකි බව 1999 හි යුරෝපයේ සහ ඉන්දියාවෙහි කරන ලද පරීක්ෂණ වලින් මේ වන විට සොයාගෙන ඇත.

උපුටා ගැනීම-www.herbwisdom.com/herb-gotu-html ,www.drugs.com>Natural products(consumer) , www.healthline.com.

"https://si.wikipedia.org/w/index.php?title=ගොටුකොල&oldid=433465" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි