ග්‍රෙගරි රස්පුටින්

විකිපීඩියා වෙතින්
(ගිරිගරි රස්පුටින් වෙතින් යළි-යොමු කරන ලදි)
ගිරිගරි යෙපිමොවිච් රස්පුටින්
ගිරිගරි රස්පුටින්
උපත
ගිරිගරි යෙපිමොවිච් නොවික්‌

22 ජනවාරි 1869(1869-01-22)
මියගිය දිනය29 December 1916(1916-12-29) (වයස 47)
සෙන් පිටස්බේර්ක්, රුසියානු අධිරාජ්‍ය
මිය යාමට හේතුවHomicide
ජාතිකත්වයරුසියානු
වෙනත් නම්The Mad Monk
The Black Monk
රැකියාවRussian Orthodox Monk
තනතුරFather Grigori
කලත්‍රයා(යන්)Praskovia Fedorovna Dubrovina
දරුවන්Dmitri (1897-1937)
Matryona (1898-1977)
Varvara (1900)
one illegitimate child
ආගමRussian Orthodox

ගිරිගරි යෙපිමොවිච් රස්පුටින් (Grigori Yefimovich Rasputin)(රුසියානු: Григорий Ефимович Распутин [ɡrʲɪˈɡorʲɪj jɪˈfʲiməvʲɪtɕ rɐˈsputʲɪn]) (22 ජනවාරි [O.S. 10 ජනවාරි] 1869 – 29 දෙසැම්බර් [O.S. 16 දෙසැම්බර්] 1916) රුසියානු මීස්ටික් කෙනකි. ශුද්ධවන්තයෙකු බව තමන් විසින්ම පවසාගත්, එමෙන්ම දෙවැනි නිකොලස් සාර් පවුල සමඟ හිතවත්කමක් ගොඩනගා ගැනීම මගින් රුසියානු අධිරාජ්‍යයේ අවසාන සමයේ දී එහි කටයුතු වලට සැළකිය යුතු බලපෑමක් ඇති කළ පුද්ගලයෙකි.

සයිබීරියාවේ පොක්රොව්ස්කොයෙ (Pokrovskoye) නම් ගම්මානයේ ගොවි පවුලක උපත ලද රස්පුටින් 1897 දී පුජකාරාමයකට වන්දනා ගමනක් යාමෙන් පසු ආගමික පරිවර්තන අත්දැකීමකට මුහුණ දුන්නේය. ඔහු තමන්ව පූජකයෙකු/වන්දනාකරුවෙකු ලෙස හඳුන්වන්නට විය. නමුත් රුසියානු ඕතඩොක්ස් පල්ලියේ කිසිදු නිල තත්ත්වයක් ඔහුට නොවීය. 1903 දී හෝ 1904-05 ශීත ඍතුවේ දී ශාන්ත පිටර්ස්බර්ග් වෙත පැමිණීමෙන් පසු රස්පුටින් පල්ලියේ සහ සමාජය තුල පිළිගත් පුද්ගලයන් කිහිපදෙනෙකු නතු කර ගත්තේ ය. සමාජයේ වැදගත් චරිතයක් බවට පත් වූ ඔහු 1905 නොවැම්බරයේ දී සාර් හමුවිය.

1906 අග බාගයේ දී සාර් සහ ඔහුගේ බිරිය වූ ඇලෙක්සන්ද්‍රාගේ පුත්, හිමෝෆීලියා රෝගයෙන් පෙළුණු අලෙක්සේයිට වෙදකම් කරන්නෙකු ලෙස රස්පුටින් කටයුතු කරන්නට විය. ඇතැම් රුසියානුවන් විසින් යෝගීවරයෙකු/දාර්ශනිකයෙකු/අනාගත වක්තෘවරයෙකු ලෙස සහ තවත් සමහරුන් විසින් ආගමික ඇස්බැන්දුම්කරුවෙකු ලෙස සලකනු ලැබූ රස්පුටින් රාජ සභාව තුල භේද බින්න ඇතිකරවන්නට සමත් වූ පුද්ගලයෙකු විය. 1915 දී දෙවැනි නිකොලස් පළමුවන ලෝක යුද්ධයේ රුසියානු හමුදා සටන් වදින්න අයුරු නිරීක්ෂණය සඳහා පිටර්ස්බර්ගයෙන් පිටත්ව ගිය විට රස්පුටින්ගේ බලය උච්චස්ථානයකට පත් වූයේ පාලන තන්ත්‍රය කෙරෙහි අලෙක්සන්ද්‍රාගේ සහ රස්පුටින්ගේ බලපෑම් ඉහල නංවමිනි. 1916 දෙසැම්බර් 30 අළුයම් කාලයේ, සාර් පවුල කෙරෙහි රස්පුටින්ගේ බලපෑම් වලට විරුද්ධ වූ වංශවතුන් කිහිපදෙනෙකුගෙන් සැදි කණ්ඩායමක් විසින් රස්පුටින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

ඇතැම් ලේඛකයින් පවසන්නේ රස්පුටින් සාර් පාලනය අවසන් කිරීමට සහාය දුන් බව සහ රුසියානු විප්ලවයට සහ රොමොනොව් පෙළපතේ බිඳවැටීමට ද සහාය දුන් බවයි. කෙසේ වෙතත් රස්පුටින් ගේ ජීවිතය සහ ඔහුගේ බලපෑම් පිළිබඳව නිශ්චිත තොරතුරු ඇත්තේ ස්වල්පයකි. බොහෝ විස්තර් ගොඩනැගී ඇත්තේ කටකතා සහ පුරාවෘත මගිනි.

"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රෙගරි_රස්පුටින්&oldid=516146" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි