ග්‍රැමෆෝන් තැටි යුගය (සංගීතය)

විකිපීඩියා වෙතින්

https://r.search.yahoo.com/_ylt=AwrxgupfPP1gDx8A6xXnHgx.;_ylu=Y29sbwMEcG9zAzEEdnRpZAMEc2VjA3Ny/RV=2/RE=1627237600/RO=10/RU=http%3a%2f%2fstaffweb.sjp.ac.lk%2f%3fq%3dsunil%2fpublications%2fgramaphone-gee-yugaya/RK=2/RS=XcFZxuXX3ld3MlgYrFF2qvBZYdA- මෙයින් පිවිස ග්‍රැමෆෝන් තැටි යුගය පිලිබ්ඳ වැඩි දුර තොරතුරු දැනගන්න.

ග්‍රැමෆෝන් තැටි යු‍ගයේ ආරම්භය ක්‍රි.ව. 1876 වසරේදී සිදුවිණි. තෝමස් අල්වා එඩිසන් මහතා විසින් නිපැයූ ග්‍රැමෆෝනයේ තැටිගත කිරීමේ තාක්‍ෂණය සොයාගත්තේ ඉතාලි ජාතික එමිල් බර්ලිනර් මහතා විසිනි.

*ග්‍රැමෆෝන් තැටි ලංකාවට ආනයනය, ව්‍යාප්තිය හා වර්ධනය.[සංස්කරණය]

යුරෝපයේ විවිධ රටවල් මඟින් මෙම ග්‍රැමෆෝන් යන්ත්‍රය නිපැයීම හා අපනයනය කිරීමෙන් ග්‍රැමෆෝන් තැටි ශ්‍රවණය ලොවපුරා ප්‍රචලිත විණි. ක්‍රි.ව. 1903 වර්ෂයේදී ග්‍රැමෆෝන් යන්ත්‍රය ලංකාවේ ව්‍යාප්ත විය. එවකට ලංකාවේ වූ ආයතන විසින් විවිධ භාෂාවලින් යුත් ග්‍රැමෆෝන් තැටි ආනයනය කර ශ්‍රී ලංකා රසිකයන්ට ශ්‍රවණය කිරීමට ඉඩ සලසා ඇත. ඒ අතර ඉංග්‍රීසි, හින්‍දි, වංග, ගුජරාටි, අරාබි, චීන හා මලයාල භාෂාවලින් යුත් තැටි වේ. ක්‍රි. ව. 1906 වර්ෂය වනවිට ලංකාවේ සමාගම් කීපයක් ගායක ගායිකාවන් බඳවා ගැනීමෙන් පසු සිංහල තැටි ගී නිපැයුමට දායක වී ඇත. පළමුවෙන් ම සිංහල තැටි ගී නිෂ්පාදනයට දායක වූයේ "කාර්ගීල්ස් පුද්. සමාගම" යි. ඔවුන් විසින් නිපැයූ සිංහල තැටි H.M.V. (His Master's Voice) ලේබලය යටතේ බෙදා හැරිණි. පසුව,

  • කොළොම්බියා
  • මිලර්ස්
  • දොන් කරෝලිස් පුත්‍ර සමාගම
  • W. E. බැස්ටියන්
  • විලියම් පේදිරික්

යන සමාගම් මීට දායක විය.

*තැටිගීත සිංහලෙන්[සංස්කරණය]

පළමු තැටිගත කළ ගීතය වූයේ එවකට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වූ නූර්ති ගීත වේ. ඔතෙලෝ නූර්තියේ "දේවනේ ලෝකපති" ගීතය ප්‍රථම තැටිගත කළ සිංහල ගීතය යි. මේ සඳහා 'රද්දොළුවේ ජේන් නෝනා' නමැත්තිය ගායනයෙන් සහභාගී වූ බව ජනප්‍රවාදයේ එයි.

පළමු තැටිගීතවලට උදාහරණ[සංස්කරණය]
  • හරිමි රජ සැපා
  • සීතා මා සිරියා
  • ශ්‍රියා මනමත්වී වැනි ගීත ද ලෙස දිය හැක.
පසු කලෙක හින්‍දි හා ද්‍රවිඩ ගීතනු අනුකාරක ගීත තැටිගත විණි.
හින්‍දි හා ද්‍රවිඩ ගීතනු අනුකාරක තැටිගීතවලට උදාහරණ[සංස්කරණය]
  • දුල් සල්වනේ ලකල් (චල් චල්තේ නෞ ජවාන්)
  • මහා බෝධිමුලේ විදුරසුනේ
  • ප්‍රේම දයාබර ස්‍වාමි
  • සිරි බුඬගයා විහාරයේ
  • පිට දීප දේශ ජයගත්තා

මෙම යුගයට සමාන්තරව ම චිත්‍රපට ගීත ද තැටිගත විය. උදාහරණ:

චිත්‍රපට ගීතාශ්‍රිත තැටිගීතවලට උදාහරණ[සංස්කරණය]
  • ශාන්ත මේ රාත්‍රියේ (අශෝකමාලා චිත්‍රපටිය)
  • ප්‍රීති ප්‍රීති (අශෝකමාලා චිත්‍රපටිය)
  • නෝනගෙ ආලේ (කඩවුණු පොරොන්‍දුව චිත්‍රපටිය)

තැටිගීත සඳහා නව ගායන පරපුර[සංස්කරණය]

ග්‍රැමෆෝන් ගීත සඳහා සිංහල බසින් ගීත තැටිගත කිරීමට ලාංකේය ගායන පරපුරක් මෙකල බිහිවන්ට වීය. මොවුන්ගෙන් තැටිගීත සඳහා සිඬවූ මෙහෙය අතිමහත් ය.

සිංහල තැටිගීත සඳහා ගායන දායකත්‍වය සැපයූවෝ[සංස්කරණය]
  • ග්‍රේටා ජෙනට් ද සිල්වා මිය.
  • H. W. රූපසිංහ මහතා
  • N. රොමියුලස් ද සිල්වා මහතා
  • සාදිරිස් සිල්වා
  • ග්‍රේස් මාග්‍රට් මහත්මිය

ස්වාධීන තැටි යුගය (ක්‍රි. ව. 1937)[සංස්කරණය]

‍ග්‍රැමෆෝන් යුගයේ අවසාන කාල පරිච්ඡේදය වූයේ මෙම ස්වාධීන තැටි යුගය යි. මේ යුගයේ ඇති විශේෂ ලක්‍ෂණය නම්, ගී තනු හා ගී පද නිර්මාණ ස්වතන්ත්‍රව ඉදිරිපත් කිරීම යි.පියානෝව,මැන්ඩලීනය සහ ගිටාරයට අමතරව වෙනත් සංගීත භාණ්ඩ යොදාගෙන ඇත. ගී තනු පද මාලාවට උචිත සේ යෙදීමද මෙකල විශේෂ ලක්ෂණයකි. මෙකල 1)සෞන්දර්ය ප්‍රේමය 2)උපදේශාත්මක 3)ආගම භක්තිය යන මුහුණුවරින් යුත් පදමාලා දක්නට ලැබීමද විශේෂත්වයකි.