ගව කිරි ආශ්‍රිත නිෂ්පාදන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Holstein cows large.jpg

කිරිවලින් ඉතා ජනප්‍රය වෙනත් නිෂ්පාදනයන් රාශියක්ම සාදාගත හැක. එය සෑම රටකම සිටින විවිධ ජාතීන් පරිභෝජනය කරනු ලබන පොදු ආහාරයක් වී ඇත. වෙනත් බොහෝ ආහාරද්‍රව්‍ය වලට තිඛෙන තහංචි කිසිවක් කිරිවලට නැත. ලෝකයේ පරිභෝජනය කරන කිරි වැඩි ප්‍රමාණයක් ගනු ලබන්නේ වමාරා කන සතුන් “වන ගව, මී ගව,එළු, බැටළු ගව හා ඔටුවන්ගෙන් ය”. මෙම වමාරා කන සතුන්ට අද්භූතජනක කෑම දිරවීමේ පද්ධතියක් ඇත. එමගින් උන් කෑමට ගන්නා රළු සත්ව ආහාර නිරායාසයෙන් කිරි බවට පත්කරන බැවින් අඩු සම්පත් ප්‍රමාණයක් ඇතිව කටයුතු කරන ගම්බද ගොවියාට පවා කිරි නිෂ්පාදනයට පහසුවෙන් හවුල් වියහැක. පසුගිය දශක කිහිපය තුළ කිරි හා මස් පරිබෝජනයත් ඒ සඳහා ඉල්ලූමත් සීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. මෙම තත්වය දියුණු වෙමින් පවතින රටවලටම විශේෂිත වන අතර එය පශු සම්පත් විප්ලවය ලෙස හඳුන්වන මට්ටමට වර්ධනය වී ඇත.

Jmptrad006.gif

පෝෂණ සංඝටක[සංස්කරණය]

විටමින,ප්‍රෝටීන්, මේද, කාබෝහයිඩ්රේට් හා ඛණිජ ප්‍රභවයන් සහිත පෝෂ්‍ය අදායක ආහාරයකි.

වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන කිරි වර්ගය එළකිරි ය. ප්‍රයෝජනයට ගනු ලබන අනෙකුත් කිරි වර්ග නම් මී කිරි සහ එළු කිරි ය. පරිභෝජනයට පෙර කිරි පැස්චරීකරණය, ජීවානුහරණය හෝ අති උච්ච තාප පිරියම වැනි යම් ආකාරයක තාපමය ක්රිකයාවලියකට භාජනය කළ යුතුය. මෙය මෙසේ සිදු කළ යුත්තේ කිරි පරිබෝජනයට පෙර එහි විය හැකි යම් ක්ෂුයද්ර ඓන්ද්රිෙකයන් විනාශවන බවට සහ එය කල් තබාගත හැකි ගුණාංගයන්ගෙන් දියුණුවන බවට වගබලා ගැනීම උදෙසා ය.කිරි හා කිරි ආශ්‍රීත නිෂ්පාදන මවගේ කිරි ඉතාම යෝග්‍ය වන වයසින් 12ස් මසකට අඩු ළමුන් සඳහා හැරෙන්නට සෑම වයස් කාණ්ඩයක් සඳයාම සුදුසු සුවදායක භෝජනයක වැදගත් කොටසක් වේ.අප දිනකට යටත් පිරිසෙයින් කිරි නිෂ්පාදන වේල් 1-2 ක් (වේලක 200මිලි.ලීටර ) පරිබෝජනය කළ යුතු බව ශ්‍රී ලංකාව සඳහා ආහාරමය පදනම් සහිතව පරිබෝජනය සම්බන්ධ මඟපෙන්නීම් වලට අනුව නිර්දේශිතය. දෛනික පරිබෝජනයේදී පෝෂක ලබා ගැනීම කෙරෙහි ඊට ඇතුළත් කිරි හෝ කිරි නිෂ්පාදන ප්රබධාන වශයෙන් දායකවන අතර ඒවා සමතුලිත පරිභෝජනයක් සඳහා අවශ්‍ය මූලික ආහාර ගණ අතරෙහි වේ.පෝෂණාත්මක දෘෂ්ටිකෝණයෙන් කිරි වැඩි වශයෙන්ම එහි ප්‍රෝටීන හා කැල්සියම් අන්තර්ගත වීම මත වැදගත් ආහාරයක් වේ.බොහෝ විට කිරි සීනි යනුවෙන් හඳුන්වනු ලබන ලැක්ටෝස් කිරිවල මූලික වශයෙන් පවතී’ ගව වර්ගයේ සතුන්ගේ කිරිවල ලැක්ටෝස් මට්ටම 5% ක් පමණ වේ.මෙය සාපේක්ෂක වශයෙන් ඉහළ සාන්ද්ර්ණයක් වේ. කිරි,අයිස් ක්රීිම් හා පැසවා ගැනීමක් නොමැති කිරි වලින් සාදාගනු ලබන වෙනත් නිෂ්පාදනවල ලැක්ටෝස් සාපේක්ෂ වශයෙන් විශාල ප්රලමාණයන්ගෙන් ඇත.පැසවා ඇති චීස්වල මෙය සාමාන්ය යෙන් නොමැත. යෝගට් සහ කොටේජ් හෝ ක්රී්ම් චීස් වැනි නොවියළි චීස් වර්ගවල ඉතා කුඩා ප්රනමාණයන්ගෙන් මෙය තිබිය හැක. සියවස් ගණනාවක් තිස්සේ කිරි නොයෙකුත් ක්ෂීයරපායී වර්ගයන්ගෙන් ලබා ගනිමින් විවිධ ප්රියෝජන සඳහා යොදාගනිමින් පැවතී තිබේ. විශාල සංඛ්යාෙවක කිරි නිෂ්පාදන ඇති වීමට මෙය තුඩු දී තිබේ. විවිධ අයුරේ කිරි පිටි වර්ග හැරෙන්නට බටර්, චීස්, ක්රීනම් සහ යෝගට් මේ අතර වේ. කිරිවල ඉහළ මට්ටමක ජල අන්තර්ගතය සහ ඉතා පහළ මට්ටමක චය අගය හේතු කොටගෙන කිරි ක්ෂුද්‍ර ජීවීන්ගෙන් නරක්වීමේ අවකාශය තිබේ.

Milksellers in Cologne 1900.jpg

කිරි පෝෂ්‍යදායී ආහාරයකි. ක්‍ෂීරපායී සතුන්ගේ ගැහැනු සතුන්ගේ ක්‍ෂීර ග්‍රන්ථි වල නිපදවෙන කිරිවල, ඇයගේ පැටවුන්ගේ ළදරු අවධියේ අවශ්‍ය සියලූම පෝෂණයන් නියමිත ප්‍රමාණයෙන් පවතී. ඒවා පහසුවෙන් ශරීරගත වී ජීර්ණ කරගැනීමේ හැකියාවෙන්ද යුක්තය.කිරිවලින් වෙනත් ආහාරමය නිෂ්පාදනයන් රාශියක්ම සාදාගත හැක. එය බොහෝ රටවල සිටින විවිධ ජාතීන් පරිභෝජනය කරනු ලබන පොදු ආහාරයක් වී ඇත. වෙනත් බොහෝ ආහාරද්‍රව්‍ය වලට තිඛෙන තහංචි කිසිවක් කිරිවලට නැත. ලෝකයේ පරිභෝජනය කරන කිරි වැඩි ප්‍රමාණයක් ගනු ලබන්නේ වමාරා කන සතුන් “වන ගව, මී ගව,එළු, බැටළු ගව හා ඔටුවන්ගෙන්ය. මෙම වමාරා කන සතුන්ට අද්භූතජනක කෑම දිරවීමේ පද්ධතියක් ඇත. එමගින් උන් කෑමට ගන්නා රළු සත්ව ආහාර නිරායාසයෙන් කිරි බවට පත්කරන බැවින්අඩු සම්පත් ප්‍රමාණයක් ඇතිව කටයුතු කරන ගම්බද ගොවියාට පවා කිරි නිෂ්පාදනයට පහසුවෙන් හවුල් වියහැක. පසුගිය දශක කිහිපය තුළ කිරි හා මස්පරිබෝජනයත් ඒ සඳහා ඉල්ලූමත් සීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. මෙම තත්වය දියුණු වෙමින් පවතින රටවලටම විශේෂිත වන අතර එය පශු සම්පත් විප්ලවයලෙස හඳුන්වන මට්ටමට වර්ධනය වී ඇත.අගනා ශක්ති, විටමින,ප්‍රෝටීන්, මේද, කාබෝහයිඩ්රේට් හා ඛණිජ ප්‍රභවයන් සහිත කිරි පෝෂ්‍ය අදායකආහාරයකි. වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන කිරි වර්ගය එළකිරි ය. ප්‍රයෝජනයට ගනු ලබන අනෙකුත් කිරි වර්ග නම් මී කිරි සහ එළු කිරි ය. පරිභෝජනයට පෙර කිරි පැස්චරීකරණය, ජීවානුහරණය හෝ අති උච්ච තාප පිරියම වැනි යම් ආකාරයක තාපමය ක්රිකයාවලියකට භාජනය කළ යුතුය. මෙය මෙසේ සිදු කළ යුත්තේ කිරි පරිබෝජනයට පෙර එහි විය හැකි යම් ක්ෂුයද්ර ඓන්ද්රිෙකයන් විනාශවන බවට සහ එය කල් තබාගත හැකි ගුණාංගයන්ගෙන් දියුණුවන බවට වගබලා ගැනීම උදෙසා ය.කිරි හා කිරි ආශ්‍රීත නිෂ්පාදන මවගේ කිරි ඉතාම යෝග්‍ය වන වයසින් 12ස් මසකට අඩු ළමුන් සඳහා හැරෙන්නට සෑම වයස් කාණ්ඩයක් සඳයාම සුදුසු සුවදායක භෝජනයක වැදගත් කොටසක් වේ.අප දිනකට යටත් පිරිසෙයින් කිරි නිෂ්පාදන වේල් 1-2 ක් (වේලක 200මිලි.ලීටර) පරිබෝජනය කළ යුතු බව ශ්‍රී ලංකාව සඳහා ආහාරමය පදනම් සහිතව පරිබෝජනය සම්බන්ධ මඟපෙන්නීම් වලට අනුව නිර්දේශිතය. දෛනික පරිබෝජනයේදී පෝෂක ලබා ගැනීම කෙරෙහි ඊට ඇතුළත් කිරි හෝ කිරි නිෂ්පාදන ප්රබධාන වශයෙන් දායකවන අතර ඒවා සමතුලිත පරිභෝජනයක් සඳහා අවශ්‍ය මූලික ආහාර ගණ අතරෙහි වේ.පෝෂණාත්මක දෘෂ්ටිකෝණයෙන් කිරි වැඩි වශයෙන්ම එහි ප්‍රෝටීන හා කැල්සියම් අන්තර්ගත වීම මත වැදගත් ආහාරයක් වේ.

බොහෝ විට කිරි සීනි යනුවෙන් හඳුන්වනු ලබන ලැක්ටෝස් කිරිවල මූලික වශයෙන් පවතී’ ගව වර්ගයේ සතුන්ගේ කිරිවල ලැක්ටෝස් මට්ටම 5% ක් පමණ වේ.මෙය සාපේක්ෂක වශයෙන් ඉහළ සාන්ද්ර්ණයක් වේ. කිරි,අයිස් ක්රීිම් හා පැසවා ගැනීමක් නොමැති කිරි වලින් සාදාගනු ලබන වෙනත් නිෂ්පාදනවල ලැක්ටෝස් සාපේක්ෂ වශයෙන් විශාල ප්රලමාණයන්ගෙන් ඇත.පැසවා ඇති චීස්වල මෙය සාමාන්ය යෙන් නොමැත. යෝගට් සහ කොටේජ් හෝ ක්රී්ම් චීස් වැනි නොවියළි චීස් වර්ගවල ඉතා කුඩා ප්රනමාණයන්ගෙන් මෙය තිබිය හැක. සියවස් ගණනාවක් තිස්සේ කිරි නොයෙකුත් ක්ෂීයරපායී වර්ගයන්ගෙන් ලබා ගනිමින් විවිධ ප්රියෝජන සඳහා යොදාගනිමින් පැවතී තිබේ. විශාල සංඛ්යාෙවක කිරි නිෂ්පාදන ඇති වීමට මෙය තුඩු දී තිබේ. විවිධ අයුරේ කිරි පිටි වර්ග හැරෙන්නට බටර්, චීස්, ක්රීනම් සහ යෝගට් මේ අතර වේ. කිරිවල ඉහළ මට්ටමක ජල අන්තර්ගතය සහ ඉතා පහළ මට්ටමක චය අගය හේතු කොටගෙන කිරි ක්ෂුද්‍ර ජීවීන්ගෙන් නරක්වීමේ අවකාශය තිබේ. ‍

ලෝකයේ කිරි නිෂ්පාදනයේ ස්වභාවය.[සංස්කරණය]

ලෝකයේ දැනට ඇති කිරි නිෂ්පාදනය වර්ෂයකට මෙට්රි ක් ටොන් මිලියන 600 ක් පමණ වේ. මෙයින් වැඩි ප්රිමාණයක් නිපදවනු ලබනනේ යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ ය. කිරි නිෂ්පාදනය වැඩිම තනි රට ඉන්දියාව යි. එය මෙට්‍රික් ටොන් 80% කි. දෙවෙනි තැන ඇමරිකා එක්සත් ජනපදයට හිමිවන අතර ඊළග ස්ථානය ප්‍රංශය, එක්සත් රාජධානිය හා ජර්මනිය වැනි රටවලට හිමි වේ. මෙම රටවල කිරි නිෂ්පාදනය කරනු ලබන්නේ එම රටවල පරිබෝජනය පිණිසයි. අපනයනය සඳහා කිරි නිපදවනු ලබන්නේ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් කිහිපයක පමණි.මේ නිසා ලෝකයේ මුළු කිරි නිෂ්පාදනයන් ජාත්‍යයන්තර වෙළඳාමට ඉදිරිපත් වන්නේ 5%ක පමණ ප්‍රමාණයකි. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක රට තුළ කිරි නිෂ්පාදනය එම රටවල ඉල්ලූම සැපයීමට ප්‍රමාණවත් නැත. එම නිසා මෙම රටවලට කිරි ආනයනය කිරීමට සංවර්ධිත හා සංවර්ධනය වන රටවල කිරි නආනයන ප්‍රමාණය (1000 මෙ’ටොන්) 2006'

රටවල කාණ්ඩය වෙඩරු කේජු යොදය රහිත කරිපිටි පූර්ණ යොදය සහිත කිරිපිටි සංවර්ධිත රටවල 707.77(62.20) 99.08 (8.28) 43016(37.80) 1097.12(91.72) සංවර්ධනය වෙමින් පවතින රටවල 869.79(59.62) 57.49 (3’63) 589.18 (40.38) 124.76(96.37) (සම්පූර්ණ ගෝලීය ආනයනයට අදාළ ප්රපතිශත අගයන් වරහන් තුළ දක්වා ඇත.) මූලාශ්ර3ය-ආ.ස.සහ සං.සදහා සංවිධානය (ශ්‍රේණි, 2008)


කිරි නිෂ්පාදිතයන් සඳහා ඉහළ යන ඉල්ලූම සපුරාලීමේදී ශ්‍රී ලංකාව වඩ වඩාත් ලෝක කිරි වෙළඳපොළ මත යැපෙමින් සිටින තත්වයකට පත්ව ඇත. ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයට අනුව ආනයනයන් මත පදනම් වූ ඒක ශීර්ෂ දෛනික කිරි හා කිරි නිෂ්පාදිත සැපයුම් 1990 වර්ෂයේ ග්රෑම් 32.67 සිට 2005 වර්ෂයේ දී ග්රෑම් 81 දක්වා වැඩි වී ඇත. මේ අනුව මෙම කාලය තුළ ආනයන මත රඳා පැවැත්ම 45% සිට 77% දක්වා වැඩි වී ඇත.මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක කිරි වෙළඳපොළේ උච්ඡාවචනයන් ශ්‍රී ලංකාවට දැඩිව බලපා ඇත. වර්තමානයේ ලෝක කිරි වෙළඳ පොළේ පෙර නොවු විරූ විපර්යාසයන් නිරීක්ෂවණයට ලක් වී ඇත. විශේෂයෙන් ලෝක කිරි නිෂ්පාදිත මිල ගණන් 2002 සිට 2007 දක්වා හතර ගුණයකින් වැඩි වී ඇති අතර බොහෝ විද්වතුන් අපේක්ෂා කරන පරිදි කිරි නිෂ්පාදිත මිල ගණන් අඛණ්ඩව ඉහළ යනු ඇත.


ලෝක කිරි වෙළඳපොළ ඇතැම් සුවිෂේශී ලක්ෂිණයන්ගෙන් සමන්විත වේ. ලෝකයේ ප්‍රධාන කිරි නිෂ්පාදන රටවල් පහ එනම් යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ආජන්ට්නාව ලෝක කිරි නිෂ්පාදනයෙන් 40%කට පමණක් හිමිකම් කියන නමුදු ලෝක අපනයනයන්ගෙන් 80% කට වැඩි ප්‍රමාණයකට දායක වෙයි. එම නිසා ජාත්‍යන්තර කිරි වෙළඳාමේ ප්‍රධාන අපනයනකරුවන් එනම් නවසිලන්තය, ඕස්ට්‍රේලියාව හා යුරෝපා සංගමය අවශ්‍යයෙන්ම විශාලතම නිෂ්පාදකයන් නොවේ.උදාහරණයක් ලෙස නවසීලන්තය සාපේක්ෂව කුඩා පරිමාණයේ නිෂ්පාදකයෙකු වන නමුදු ප්‍රධාන අපනයනකරුවෙකි.2004-2006 කාලය තුළ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල කිරි නිෂ්පාදනයේ වාර්ෂික වර්ධන වේගය පිළිවෙළින් 0.3% හා 4.0% විය.


2003 වර්ෂයේදී සංවර්ධිත රටවල හා සංවර්ධනය වෙමින් පැවති රටවල ඒක පුද්ගල කිරි නිෂ්පාදන පරිභෝජනය පිළිවෙලින් 204.42 හා 49.29 විය. සංවර්ධනය වෙමින් පවත්නා බොහෝ රටවල පසුගිය දශකයේ ඇතිවු වේගවත් ආර්ථික සංවර්ධනය මගින් කිරි නිෂ්පාදිතයන් වැනි ඉහළ අගයක් ගන්නා ආහාර සම්බන්ධයෙන් විශාල ඉල්ලූමක් ජනිත කරනු ලැබ ඇත. 1990-2005 අතර කාලය තුළ ඉන්දියාව, බ්‍රසීලය, නයිජීරියාව හා චීනය යන රටවල කිරි හා කිරි නිෂ්පාදිත ඒක පුද්ගල පරිභෝජනය පිළිවෙළින් 20% හා 300% ප්‍රමාණයන්ගෙන් ඉහළ ගොස් ඇත. ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ ප්‍රධාන කිරි නිෂ්පාදිතයන්ට බටර්, චීස් යොදය රහිත කිරිපිටි හා සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ඇතුළත් වේ. කිරි වෙළඳපොළෙහි සැපයුමෙන් සුළු ප්‍රමාණයක් වන යොදය රහිත කිරිපිටි හා සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ප්රසධාන වශයෙන් සංවර්ධනය වෙමින් පවත්නා රටවලට අලෙවි කෙරේ. ප්‍රධාන කිරි නිෂ්පාදිත අපනයනකරුවන් වනුයේ යුරෝපා සංගමය, නවසිලන්තය හා ඕස්ට්‍රේලියාවයි. 2007 වසරේ ලෝක කිරි අලෙවියේ ප්‍රමුඛයා වූයේ යුරෝපා සංගමයයි.ආසියානු වෙළඳපොළට කේජු සහ වියළි නිෂ්පාදිත සපයන ප්‍රධාන සැපයුම්කරුවන් වනුයේ ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ අඩු පිරිවැයක් යටතේ කිරි නිපදවන්නන්ය.

ලෝකයේ කිරි නිෂ්පාදිතයන්ගේ විවිධ ස්වරූපයන්[සංස්කරණය]

  • පූර්ණ කිරි
  • අඩු මේද සහ යොදය ඉවත් කළ කිරි
  • පිටි කිරි
  • මෝල්ටඩ් කිරි පිටි
  • රස කැවූ කිරි
  • යෝගට්
  • කේජු
  • මුදවන ලද මී කිරි
  • චීස්
  • ගිතෙල
  • මෝරු

Glass of milk on tablecloth.jpg Milk-bottle.jpg Yakult brazil.jpg

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනයේ සාම්ප්‍රදායක පසුබිම.[සංස්කරණය]

අතීත කාලයේ සිට මුදවන ලද කිරි සහ වෙනත් කිරි නිපැයුම් සඳහා කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් රුහුණ කීර්තියක් උසුලනු ලැබීය. කෙසේ වෙතත් දශක දෙක තුනක කාල පරාසය තුළ දකුණේ එළ හා මී ගව ගොවීන් කෙරේ මහත් අහිතකර බලපෑම් ඇති කරමින් දකුණු ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය නොයෙකුත් හේතූන් නිසා පරිහානියට පත්වෙමින් පවතී. රටේ ගොවි ආර්ථිකයට ඉමහත් ලෙස දායක වන මිලියන හතරක් පමණ වන සුළු පරිමාණයේ ගොවීන් මත දකුණේ කිරි නිෂ්පාදනය රඳා පවතී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුකරන ලද සමීක්ෂවණයකින් හෙලිවූයේ සතුන් ඇති කිරීමේ යෙදී සිටින පවුල් අතරින් 76% ක් සතුව එළ ගවයන් ද 33% සතුව මී ගවයන්ද ඇත. එළ ගව පට්ටි අතරින් 90% ක පමණ එක් පට්ටියක සතුන් දහයකට අඩු ප්රීමාණයක් ඇති අතර 46% ක පමණ එක් පට්ටියක සතුන් පස්දෙනෙකුට වඩා අඩුවෙන් සිටී.දකුණු පළාතේ එළ හා මී ගවයන් ඉතා අඩු පහසුකම් යටතේ ඇති කරනු ලැබේ. දේශීය සතුන්ගෙන් ලැඛෙන කිරි ප්‍රමාණය ඉතා අඩු වීම හේතුවෙන් පියස්සක් සහිත කිරි මඩු සහ සෙසු අත්‍යවශය පහසුකම් සහිත ගව මඩු දැක ගැනීම ඉතා දුෂ්කරය. අඩු පහසුකම් ඇති නිදැල්ලේ තණ කැවීමේ ක්‍රමයට ේශීය සතුන් හැඩගැසී ඇති බැවින් අසල පිහිටි ලඳු කැලෑ, වනපෙත් සහ පුරන් බිම් තුළ සතුන් තණ කවමින් නිතරම පිරිවැය හා දුක්ගැහැට අවම කරගැනීමට ගොවීහු වෙර දරති. සාම්ප්‍රදායක කිරි කර්මාන්තයට අදාලව තණ කැවීමේ ක්‍රම කිහිපයක් ඇත.

  • වනපෙත් තුළ තණ කැවීම
  • ගම පදනම්ව තණ කැවීම
  • වනපෙත් හා ගම පදනම්ව තණකැවීම

වන පෙත් තුළ තණ කැව විශාල එළ හා මී ගව පට්ටි හිමි ගොවීහු ජනාවාසයන්ගෙන් දූරස්ථව පිහිටි රක්ෂිදත වන භූමි තුළ සතුන් ඇති කරති. ස්වභාවික තෘණ භූමි තුළ සතුන් තණ කවන අතර උදෑසන කරි දෙනුන්ගෙන් දොවාගන්නා කිරි ගවගාල් වෙත පැමිණෙන කිරි එකතු කරන්නන්ට ගොවීන් විසින් අලෙවි කරනු ලබයි. ස්වභාවික වන රක්ෂිතයන් පිහිටා ඇති හම්බන්තොට දිස්ත්‍රික්කයේ උඩවලව, සූරිය වැව සහ කිරි ඉබ්බන් ආර වැනි ප්‍රදේශයන්හි මෙම ක්‍රමය පොදුවේ භාවිතා වේ. උඩවලව හා බුන්දල වන රක්ෂි තයන්හි විශාල එළ හා මී ගව පට්ටි තණ බුදිනු දැක ගත හැකිය.

ගම පදනම්ව තණ කැවීම' කුඩා හා මධ්‍යම පරිමාණයේ එළ හා මී ගව පට්ටි ඇති ගොවීහු තම සතුන් තණ කැවීම පිණිස වන රක්ෂිතයන් වෙත ගෙන නොයති. ගම තුළ පිහිටි මාර්ග දෙපස සහ ලඳූ කැලෑ හා පුරන් බිම් තුළ දිවා කාලයේ තණ කැවීමෙන් අනතුරුව රාත්‍රී කාලයේ සතුන් ගාල්කර තැබීමට තම නිවෙස් ආසන්නයේ ඉදිකළ ගව ගාල් මොවුන් සතුය.

වනපෙත් හා ගම පදනම්ව තණ කැවීම මධ්යතම හා විශාල ප්රණමාණයේ ගව පට්ටි හිමි ගොවීහු මෙම ක්ර මය භාවිතා කරති. කුඹුරු පුරන්ව ඇති කාලයට වී අවිශිෂ්ටයන් සහිත කුඹුරුවල සතුන් මුදාහරින අතර වගා කන්නය තුළ තණ කෑම සඳහා සතුන් අසල පිහිටි වන රක්ෂිතතයන් කරා ගෙන යති. හම්බන්තොට දිස්ත්රිඳක්කයේ සූරියවැව සහ කිරි ඉබ්බන්ආරප්ර්දේශයේ විවිධ පෝෂණ ක්‍රමයන්හි ව්‍යාප්තිය.

පෝෂණ ක්‍රමය                        එළ ගව පට්ටි ප්‍රතිශතය             මී ගව පට්ටි ප්‍රතිශත

වනය පදනම් කරගත්. 0.0% 21.2%

ගම පදනම් කරගත්. 82.8% 21.2%

වනය හා ගම පදනම් කරගත්. 17.2% 51.6%


මූලාශ්‍රය-රුහුණු විශ්වවිද්‍යාලයේ ක්ෂේත්‍ර සමීක්ෂණ . එළ ගව පට්ටි ගම මත පදනම්ව තිබිම සමග සසදා බැලීමේදී වනය පදනම් කරගෙන තණ කැවිමේ ක්‍රමය මූලික වශයෙන් මී ගව පට්ටි සම්බන්ධයෙන් භාවිතාවන බව.

පශ්චාත් යටත් විජිත අවධිය තුළ ශ්‍රී ලංකාවේ කිරි හා කිරි ආශ්‍රීත නිෂ්පාදන පරිභෝජනය.[සංස්කරණය]

ශ්‍රී ලංකාව තුළ ඇති කිරි නිෂ්පාදනය මෙරට ඉල්ලුම සැපයීමට ප්‍රණමාණවත් නො‍වේ. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනය මෙට්‍රික් ටොන් 612000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය එක් පුද්ගලයෙකුට කිලෝ ග්රෑම්.32 කි. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාව පරිභෝජනය කරන ලද කිරි වලින් නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 202000ක් පමණි. ඉතිරි මෙට්‍රික් ටොන් 410000ක් ආනයනය කීරීමට සිදූවිය. ශ්‍රී ලංකාවේ නිපදවනූ ලබන කිරි වලින් 56% ක්ම සැකසූම් කරුවන් විසින් එකතු කර ආනයනය කරන ලද කිරි සමඟ වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබයි. ඉතිරි 44% ක්වූ මෙට්‍රික් ටොන් 88000ක් කිරි නිපදවන්නන් ස්වකීය පරිභෝජනය සඳහාත් අසල්වැසියන්ට අලෙවිකිරීම සඳහාත් යොදාගෙන ඇත. ශ්‍රී ලංකා‍වේ පරිභෝජනය කරන කිරි වලින් 67% ක් හා වෙළඳපොළට ඉදිරිපත් කරන කිරි හා කිරි නිෂ්පාදන වලින් ආසන්න වශයෙන් 80% ක්ම සමන්විත වන්නේ ආනයනය කරන ලද කිරි වලිනි.දැනට මෙරට නිෂ්පාදනය කරන්නේ කිරි අවශ්‍යතාවෙන් 20% ක් පමණි. 2015 වන විට මෙය 50% ක් දක්වා වැඩි කර ගැනිමට අරමුණු කරගෙන ඇති නමුත් එය ළගා කර ගත නොහැකි බව පොදූ මතයයි.ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සමිපූර්ණයෙන්ම සිදූවන්නේ මිශ්‍ර කුඩා ගොවිපොළ වලය. මෙයින් සමහරක් ගෙවතු වශයෙන් සැලකිය හැක.1981 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තෙමින්තුව විසින් කරනලද සංගණනයට අනුව රටතුළ ඇති 17,91500 ක් වූ කුඩා ගොවිබිම් වලින් 22% ක්ම එළගවයින් හෝ මී ගවයින් හෝ එම දෙවර්ගයම හෝ ඇතිකර ඇත. ගොවිබිම් වලින් වැඩිප්රටමාණයක් මිශ්‍ර ගොවිබිම් ය. කිරි ගවයින් පමණක් ඇති කළ ගොවිබිම් තිබුණේ ස්වල්පයකි. 1980 දී වසරකට පුද්ගලයෙකු සදහා 1.59% ක් වූ ඒකපුද්ගල කිරි පරිභෝජනය 2006 දී 3.63% ක් දක්වා වැඩිවුණි. එම වැඩි වූ නිෂ්පාදනය සැපයීමට දේශීය කිරි ගොවියාට නොහැකි විය. මෙම කිරි අවශ්‍ය තාවයෙන් 25%ක් රටතුළ නිපදවන අතර ඉතිරි 75% පරිභෝජන අවශ්‍යතාව සපුරාලීම සදහා කිරිපිටි ආනයනය කරයි.ඒ සදහා රුපියල් මිලියන 11ක් වැය වේ. 2005-2006 වසරේ රටේ මුළු කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 193 ක් හා 196.5 ක් විය. මෙම ප්‍රමාණය එළකිරි වලින් මිලියන 162 සහ හා 164.9 ක් හා මීගව කිරි වලින් ලීටර් මිලියන 31 සහ 31.65ක් වේ.කිරි පානය කිරිම හා මුදවා ගැනීමට අමතරව සැකසිය හැකි කිරි නිෂ්පාදන රැසකි. ඊට බටර්, චීස්,ක්‍රිම්, යෝගටි, වෙඩරු,ගිතෙල්, පැණිරස කළ සම්පූර්ණ යොදය සහිත උකුකිරි වාෂ්පීකෘත කළ කිරි, සකසන ලද චීස්, චීස් තැවරුම හා අයිස්ක්‍රීම් වේ. පරිභෝජනයට ගන්නා ප්‍රධාන කිරි ආහාරය කිරි පිටි වීම නිසා කිරි වල වැදගත්කම වර්තමානයේ අඩුවෙන්මින් පවතී. කිරි පිටිමිල වැඩිවීම නිසා එයට ප්‍රතිචාරයක් වශයෙන් නැවුම් කිරි වෙත යොමුවී ඇත්තේ නාගරික පරිසරයේ පාරිභෝගිකයන්ගෙන් කුඩා ප්‍රතිශතයකි. අගනා ශක්ති ප්‍රෝටීන හා මේද කාබෝහයිට්රේඩ් විටමින් හා ඛනිජ ප්‍රභවයන් සහිත කිරි පෝෂ්‍යදායී ආහාරයකි.වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන්නේ එළකිරිය. නොයෙකුත් සමාජ ආර්ථික ප්‍රඡාවිද්‍යාත්මක සංස්කෘතික හා ආගමික සාධක හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල කිරි පරිභෝජනය වෙනස් වෙයි. කිරි හා කිරි නිෂ්පාදනයන්හි ස්වාභාවික තත්වය කෙරෙහි නිසි සැලකිල්ලක් ඇතිව නව තාක්ෂණික ශිල්ප ක්‍රමයන්ඇතිකරමින් දේශීය කිරි නිෂ්පාදනයන්හි තිරසාර සංවර්ධනයක් ඇතිකරගැනීම වැදගත් ය. ආනයනයට වාර්ෂිකව රුපියල් බිලියන 18 ක් වැය වේ.දේශීය වශයෙන් නිෂ්පාදිත කිරි පරිභෝජනය කිරිම. පිටිවල සිට නැවුමිකිරි පරිභෝජනය කිරිම.කිරි පිටි වල සිට නැවුමි දියරකිරි දක්වා හා වෙනත් වටිනාකමි එක්කළ නිෂ්පාදිත ලෙස කිරි නිෂ්පාදනය විවිධාංගීකරණය කිරිම යනාදී විවිධ මානයන් ඔස්සේ කිරි පරිභෝජනය කිරිම සදහා යොමුවිමට අපේ ආකල්පයන් වෙනස්කර ගනිම්න් දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කළ යුතුය. මේ නිසා කිරි පරිභෝජනයට අප ආකල්ප වෙනස් කරමින් දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කිරිම අවශ්යිය වේ.

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය පිළිබඳ ආර්ථික විශ්ලේෂණයක්.[සංස්කරණය]

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක රටතුළ ඇති කිරි නිෂ්පාදනය එම රටවල ඉල්ලුම සැපයීමට ප්‍රමාණවත් නොවේ. එම නිසා එම රටවලට කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීමට සිදූව ඇත. සංවර්ධිත රටවල වාර්ෂික ඒකපුද්ගල කිරි පරිභෝජනය අතිශයින් අධිකය. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ඒකපුද්ගල කිරි පරිභෝජනය දළ වශයෙන් කිලෝ ග්රෑම්.40 කි. යුරෝපය තුළ හා යුරෝපීයයන් සංක්‍රමණය වූ උතුරු ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව හා දකුණූ ආසියාව වැනි රටවලත් කිරි ඉතා ජනප්රි ය ආහාරයකි. මස් පරිභෝජනය අධිකව කරන නැගෙනහිර ආසියානු රටවල කිරි පරිභෝජනය අඩු නමුත් දැනට එම රටවල කිරි සඳහා ඇති ඉල්ලුම වැඩිවෙමින් පවතී. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කිරි පරිභෝජනය මෙට්‍රික් ටොන් 612000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.එය ඒක පුද්ගලයෙකුට කිලෝ ගෑ.32 කි. ඉන්දියාවේ ඒකපුද්ගල කිරි පරිභෝජනය දළ වශයෙන් කිලෝ ග්රෑම්.72කි. නේපාලයේ කිලෝ.ග්රෑම්.40කි. පකිස්ථානයේ කිලෝග්රෑම්.180කි. ඇමෙරිකාඑක්සත් ජනපදයේ කිලෝ ග්රෑම්.234කි. මේ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ අඩුවෙන්ම කිරි පරිභෝජනය කරන රටක් බව පෙන්නුම් කරයි. එය සංවර්ධනය වෙමින් පවතින රටවල ඒකපුද්ගල කිරි පරිභෝජනය වන කිලෝ ගෑ.40ටත් වඩා අඩුයි. 2007 වර්ෂයේ ශ්‍රී ලංකාව පරිභෝජනය කරන ලද කිරි වලින් නිපදවන ලද්දේ මෙට්‍රික් ටොන් 202000ක් පමණි. ඉතිරි මෙට්‍රික් ටොන් 410000ක් ආනයනය කීරීමට සිදූවිය. ශ්‍රී ලංකවේ නිපදවනූ ලබන කිරි වලින් 56% ක්ම සැකසූම් කරුවන් විසින් එකතු කර ආනයනය කරන ලද කිරි සමඟ වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබයි. ඉතිරි 44%ක්වූ මෙට්‍රික් ටොන් 88000ක් කිරි නිපදවන්නන් ස්වකීය පරිභෝජනය සඳහාත් අසල්වැසියන්ට අලෙවිකිරීම සඳහාත් යොදාගෙන ඇත. ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන කිරි වලින් 67% ක් හා වෙළඳපොළට ඉදිරිපත් කරන කිරි හා කිරි නිෂ්පාදන වලින් ආසන්න වශයෙන් 80%ක්ම සමන්විත වන්නේ ආනයනය කරන ලද කිරි වලිනි.

වගුව 01 සමිපූර්ණ යොදය සහිත කිරිපිටි වල ජාත්යයන්තර මිල ගණන් ටොන්: ඇ.ඩො: 2000 -2007 දක්වා. වර්ෂය ජනවාරි ජුනි -ජූලි

2000          1625               1900
2001        2075                  1637
2002        1637                1238
2003        1637                1772
2004        1825                2100
2005          2222              2250
2006         2175             2100
2007          2850            4650


මූලාශ්‍රය -කෟෂිකාර්ම්ක අලෙවි සේවය එක්සත් ජනපදයේ කෟෂිකර්ම දෙපාර්තමේන්තුව

2007 වර්ෂයේ ආනයනය කරන ලද කිරි වල වටිනාකම රුපියල් බිලියන 19 කි.මේ අනුව පැහැදිළි වන්නේ අප විසින් කරනු ලබන අවම කිරි පරිභෝජනය සඳහාත් අපට කිරි ආනයනය කිරීමට සිදූවි ඇති බවයි. පසුගිය දශකය තුළ කිරි හා කිරි නිෂ්පාදන සඳහා රටතුළ 5%ක පමණ ප්‍රමාණයකින් වාර්ෂිකව ඉල්ලුම වැඩිවී ඇති නමුත් නිෂ්පාදනය වැඩිවීමේ වේගය 1.5% ක් විය විදේශීය උපදේශක ආයතනයක් වන භ්‍රෑපධ ආයතනය විසින් 2007 වර්ෂයේ නිකුත් කරඇති වාර්තාවකින් පෙන්නුම් කරන පරිදි මෙම තත්වය වෙනස් කිරීමට අප අපොහොසත් වූවොත් 2015 වනවිට මෙරටට කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කිරීමට රුපියල් බිලියන 30 ක් පමණ වියදමක් දැරීමට සිදූවිය හැක. ශ්‍රී ලංකාවේ කිරි එකතු කිරීම හා කිරි සැකසුම් කිරිම සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්තියක් විධිමත්ව ක්‍රියාත්මක කිරීම දැකිය නොහැක. කිරි ගොවියෝ සිය නිෂ්පාදනයන් සෘජුවම නිවාස වලට විකුණති. එමෙන්ම අසල්වැසි කඩවලටත් යෝගටි මුදවපු කිරි හා රසකැවිලි නිෂ්පාදනය කරන සුළු ව්‍යාපාරිකයන්ටත් මෙම කිරි සෘජුවම සපයනු ලබන්නේ කිරි ගොවියන් විසිනි. මෙම අසංවිධානාත්මක කිරි වෙළදාම මුළු දේශීය කිරි නිෂ්පාදනයෙන් 45% කි. දෛනිකව ඉතිරි වන ලීටර් 300000 ක් පමණ ප්‍රමාණය මධ්‍ය පරිමාණයේ හා මහා පරිමාණයේ සැකසුම් කරුවන් විසින් රටපුරා ඇති එකතු කිරීමේ මධ්‍යස්ථාන හා ශීතකරණ මධ්‍ය ස්ථාන මගින් එකතු කරනු ලැබේ. කිරි ආහාර ආනයනය කරන්නන් විසින් මූලික වශයෙන් සම්පූර්ණ යොදය සහිත කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කර විකුණනු ලබයි. වැඩි දෙනකු කිරි පිටි ආනයනය කරනු ලබන්නේ තොග වශයෙනි. පසුව ශ්‍රී ලංකාවේ දී එම තොග නැවත ඇසුරුම් කොට විකුණනු ලැබේ. මෙරට කිරි පරිභෝගිකයන්ට කිරි නිෂ්පාදන ලබාගතහැකි ක්ර ම කීපයකි. එනම් අසල්වැසි කිරි ගොවියන් හා කිරි නිෂ්පාදන සමාගම්ය.මෙම සමාගම් කිරි පිටි හා බටර් වැනි ද්‍රව්‍යයන නිපදවීමට දේශිය කිරි මෙන්ම ආනයනික කිරි ද උපයෝගී කරගනී. දැනට ශ්‍රී ලංකාවේ නිපදවනුයේ කිරි අවශ්‍යයතාවයෙන් 20% කි.2015 වන විට මෙය 50% දක්වා වැඩිකර ගැනීමට අරමුණු කරගෙන ඇති නමුත් එය ළගා කරගත නොහැකි බව පොදූ මතයයි. නමුත් කිරි නිෂ්පාදනය වැඩිකර ගැනීමට නව ඉලක්ක ගොඩනගාගෙන ඇත. මෙමගින් දෛනිකව එකතු කරන කිරි ප්රිමාණය ලීටර් 300000 සිට 650000 දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි.එමගින් ඒක පුද්ගල කිරි පරිභෝජනය වැඩි කර ගැනීමට වඩා ආනයන කිරි ප්‍රමාණ අඩු කර ගැනීමට කටයුතු කරයි. 1970 ගණන්වල මැද භාගයේදී ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හදූන්වා දිමට පෙර කිරි ආහාර ආනයනය කරන ලද්දේ ඉතා මඳ වශවෙනි. නමුත් 1970 ගණන්වල ආර්ථිකය විවෘත කිරීමත් සමඟ මෙම තත්වය වෙනස් විය. සම්පූර්ණ යොදය සහිත හා රහිත කිරිපිටි ප්‍රධාන කොට වූ කිරි වර්ග ආනයනය කිරීමට බහුජාතික සමාගම් ඇතුළුව නව ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම ඉදිරිපත් විය. මෙම නිර්භාධිත කිරි ආනයනය නිසා දේශිය කිරි වෙළදපොළ සංයුතිය ඉක්මනින් වෙනස්විය. 63%ක් වූ දේශිය කිරි නිෂ්පාදනය24% ක් දක්වා අඩු වූ අතර ආනයන කිරි වෙළඳපොළ කිරි අවශ්යදතාව සැපයීමේ ප්‍රබල සාධකය බවට පත්ව ඇත.මේ අන්දමින් කිරි පිටි අලෙවිය අතිශයින් ලාභදායී ව්යා‍පාරයක් බවට පත්විය.කිරි පිටි ඇසුරුමි කරුවන් විසින් තමතමන්ගේ කිරිපිටි ප්රදචාරණය කිරීමට පටන්ගන්නා ලදී. දරුවන් සදහා කිරි වීදූරුවක් දීමත් වැඩිහිටියන් කිරි තේ පානයට යොමුවීමත් සාමාන්යද පවුලක දෛනික පුරුද්දක් බවට පත් විය. මේ නිසා ශ්‍රී ලාංකිකයන්ට කිරි වැදගත් පරිභෝජන භාණ්ඩයක් බවට පත්විය. වෙළදාම විනිමය පාලනය නිර්බාධ කිරිමත් සමග කිරිපිටි ආනයනය වාර්ෂිකව 5% කින් වැඩිවී ඇත. එහෙත් ජාතික කිරි නිෂ්පාදනය පසුගිය කාලය තුළ 1% කින් වැඩිවී ඇත. මෙම පසුගිය දත්තයන් පදනම් කරගෙන කරඇති ඉල්ලුම් පුරෝකථන අනුව කිරි නිෂ්පාදනය සඳහා ඇති ඉල්ලුම් හා දේශිය වශයෙන් නිපදවන දියර කිරි ප්‍රමාණයත් අතර දැඩි පරතරයක් ඇත. මෙය අඩුකර ගත නොහැකි වුවහොත් ඉදිරි වර්ෂ 3-5 අතර කාලය තුළ කිරි ආනයනයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වේ 1982 සංගණනයට අනුව රටතුළ සිටි එළගවයින් ලක්ෂ 1350000 සහ මී ගවයින් ලක්ෂ 555000 ක ප්‍රමාණය 2002 සංගණනය වනවිට පිළිවෙළින් ලක්ෂ 12 හා ලක්ෂ 3 දක්වා අඩුවෙමින් පවතී. ගවයින්ගේ සංඛ්යාරව අඩුවීම බරපතල ගැටළුවක් නොවේ. ගැටළුව වන්නේ වැඩිදියුණු කළ ගවයින් හිඟවීම හා ඵලදායීතාවය අඩුවීමයි 1978 ආර්ථිකය නිදහස් කරන විට ශ්‍රී ලංකාව රුපියල් මිලියන 319ක කිරිපිටි ආනයනය කරමින් තිබුණි.ආර්ථිකය වර්ධනයත් සමඟ කිරිපිටි ආනයනය ඉහළ ගොස් ඇත. 2007 වන විට ආනයන වියදමින් 14% ක් කිරිපිටි ආනයනය සඳහායි. 2007 ඔක්තෝම්බර් වන විට කිරිපිටි ටොන් එකක මිල ඇ.ඩො.5300ක් ඉහළ මිලකට නැගි ඇත. නමුත් 2008 ජනවාරි වල එය ඇ.ඩො. 4800 සිට 4400 දක්වා පහත වැටුණි කිරි පානය කිරිම හා මුදවා ගැනීමට අමතරව සැකසිය හැකි කිරි නිෂ්පාදන රැසකි.ඊට බටර්, චීස් , යෝගට්, වෙඩරු, ගිතෙල්, පැණිරස කළ සම්පූර්ණ යොදය සහිත උකුකිරි, වාෂ්පීකෘත කළ කිරි, සකසන ලද චීස්, චීස් තැවරුම හා අයිස්ක්‍රීම් වේ. මෙරට සත්ව පාලන අංශය ද.දේ.නි. 1. 20%කට දායකවන අතර රටේ කිරි ඉල්ලුම විශාල වශයෙන් ආනයනය මත යැපේ. ශ්‍රී ලංකාව තුළ කිරි ගොවීන් මිලියන 400000 ක් ඇත.තවද මිලියන 2.45%කගේ ජීවන වෘත්තිය මෙය වේ. ශ්‍රී ලංකාව කිරි නිෂ්පාදනය ආශ්‍රිතව විවිධ ගැටළු වලට මුහුණ දේ ඊට කිරි එකතු කිරිම හා කිරි සැකසුමි කිරීම පිළිබද ගැටළුව. කිරි ගොවියන් ප්‍රමාණවත් නොවීම හා සතුන් ප්‍රමාණවත් නොවීම අධික පිරිවැය ආහාර පිළිබද ගැටළුව.මහා පරිමාණ වශයෙන් ව්‍යාප්ත නොවීම කිරි නිෂ්පාදන කර්මාන්ත වර්ධනය නොවීම පශුවෛද්‍ය ගැටළුව ආදිය දැක්විය හැක.මෙම ගැටළු විසදාගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයන් අතර සැපයුම් වැඩිකර ගැනීමේ ප්‍රතිපත්ති ගත හැක. එහිදි කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා කිරි නිෂ්පාදන ආයතන ශක්තිමත් කළ යුතුය.එහදී කෘතිම ජනන ක්‍රම භාවිතය අභිජනන මධ්‍යස්ථාන ඇතිකිරීම ගොවින්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරිම පශු වෛද්‍ය මධ්‍යස්ථාන ඇතිකිරිම වැනි ක්‍රයාමාර්ග ගත හැක. මේ වනවිට පශු වෛද්‍ය මධ්‍යස්ථාන 111 ක් දිවයින තුළ ස්ථාපිත වි ඇත. තවද කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ ණය වැඩසටහන් ක්‍රියාවට නංවයි.මෙයට අමතරව අමුකිරි මිල ප්රපතිපත්තිය කිරි නිෂ්පාදන තරගකාරීව පවත්වාගෙන යාම නිෂ්පාදන අලෙවිය සඳහා නව ක්‍රමවේද භාවිතය වැනි දෑ මගින් අනාගත නැවුම් කිරි පරිභෝජනය දේශිය වශයෙන් සපුරාගත හැක.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

  • ආර්ථික විමසුම, වෙළුම 34, 2008 අගෝස්තු සැප්තැම්බර්, මහජන බැංකුව.
  • ඒ.බණ්ඩාරණායක (1970) ගව කර්මාන්තය සහ ආශ්‍රිත ගැටළු සදහා ජාතික වැඩසටහන් කෘෂීකර්ම හා අහාර අමාත්‍යාංශයේ සහයෝගයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්වපාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ ලංකාවේ ගව කර්මාන්තය සංවර්ධනය පිළිබද සම්මන්ත්‍රණ වාර්තාවෙ සටහන්. 19-27
  • වී.බුවනේන්ද්‍රන්. සහ පී. මහාදේවන්, (1975) ලංකාවේ කිරි නිෂ්පාදනය සදහා දෙමුහුන් අභිජනනය ලෝක සත්ව සගරාව. (ආ.හා.කෘ.ෂ. )15. 7-13
  • දාස් ගුප්තා (1975) කිරි සතුන් ලෙස මී ගව අභිජනනය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සඟරාව, 93-97
  • ශ්‍රී ලංකා මහ බැංකු වර්තාව. (2007) ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත, ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ.
  • ඒ.එස්. බී.රාජගුරු,(1997) වර්තමාන තත්වයන් හා කිරි කර්මාන්තයේ අනාගත සංවර්ධනය ආර්ථික විමසුම (ඉංග්‍රිසි සංස්කරණය) වෙළුම22” මහජන බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව” කොළඔ. 19-21.
  • ආර්.අල්විස්හේවා,(1997) රුහුණේ කිරිපටිටි පාලනය ආර්ථික විමසුම (ඉංග්‍රිසි සංස්කරණය) වෙළුම 22/6/12, මහජන බැංකුව, ශ්‍රී ලංකාව.
  • ඕ.එස්.පී. යාලහල (1997) ශ්‍රී ලංකාවේ කිරි අලෙවිකරණයේ වර්තමාන තත්වය, ආර්ථික විමසුම (ඉංග්‍රිසි සංස්කරණය) වෙළුම22/6, මහජන බැංකුව, ශ්‍රී ලංකාව. 32-35
  • ආර්.රණසිංහ හා ටි.සෙල්වරජ් ,(1986) කිරිපටිටි සංවර්ධනය ව්‍යාපෘතිය 11 ශ්‍රී ලංකාවේ සත්ව අභිජනනය පිළිබදව කිරි සංවර්ධන පදනම මගින් සංවිධානය කොට ජූලි 14-17 දක්වා පැවැත්වූ වැඩමුළුවට ඉදිරිපත් කළ සංක්ෂිප්ත පත්‍රකාව.