කෝලම් කුට්ටම

විකිපීඩියා වෙතින්
"෴කෝලම් කුට්ටම෴"
කෝලම් කුට්ටම කථාංගය
ගොනුව:Kolam Kuttama title card.png
අධ්‍යක්ෂණය කළේජයප්‍රකාශ් ශිවගුරුනාදන්
ලියනු ලැබුයේසද්ධා මංගල සූරියබණ්ඩාර
නිෂ්පාදනය කළේචේතනි විජේතුංග
ශ්‍රී ලාල් වික්‍රමගේ
විශේෂාංග සංගීතයඉඳුවර සූරියබණ්ඩාර
සංස්කරණය සිදුකලේතිවංක උඩගෙදර
නිෂ්පාදන කේතයIMPAS නිෂ්පාදන
ධාවන කාලයමිනිත්තු 20

කෝලම් කුට්ටම, ස්වර්ණවාහිනී රූපවාහිනියේ විකාශය වූ 2022 ශ්‍රී ලාංකේය අභිරහස්, ත්‍රාසජනක රූපවාහිනී කතා මාලාවකි. එහි අධ්‍යක්ෂණය ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සම නිෂ්පාදනය චේතනි විජේතුංග, ශ්‍රී ලාල් වික්‍රමගේ සහ රචනය සද්ධා මංගල සූරියබණ්ඩාර විසිනි.[1] එය සෑම සතියේ දිනකම රාත්‍රී 9:30 සිට රාත්‍රී 10:00 දක්වා විකාශය විය. එය ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වන නාඩගම්කාරයෝ හි සම්බන්ධිත පසු කතා මාලාවක් ලෙස 2022 අගෝස්තු 3 සිට විකාශය වේ.[2][3]

කථා සාරාංශය[සංස්කරණය]

මෙම කතා මාලාව අම්බලන්ගොඩ ප්‍රදේශයේ සාම්ප්‍රදායික වෙස් මුහුණු සහ රූකඩ නාට්‍ය පාදක කරගනිමින් නිර්මාණය කරන ලද අතර, ප්‍රවීණ රූකඩ ශිල්පියෙකු සහ වෙස්මුහුණු කපන ශිල්පියෙකු සහ අද්භූත පිටස්තරයින් දෙදෙනෙකු පාදක කරගනිමින් නිර්මාණය කර ඇත.[4] රූපරත්න මාස්ටර්ගේ නාඩගම්කාරයෝ කණ්ඩායමට එරෙහිව කෝලම් කුට්ටම නැටුම් කණ්ඩායම සැක සහිත ලෙස ජයග්‍රහණය කරන නාඩගම්කාරයෝ හි අවසාන දර්ශනය සමඟින් මෙම කතාමාලාව ආරම්භ විය.[5]

නළු නිළියන් සහ චරිත[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

  • සුමනපාල ගුරුන්නාන්සේ ලෙස නලින් ප්‍රදීප් උඩවෙල
  • ඩෝලේ මහත්තයා ලෙස සම්පත් ජයවීර දොළපිහිල්ල
  • සෙනාල් ලෙස චමීර ලියනගේ
  • මිණිමුතු හෙවත් සුද්දි ලෙස කාවින්ද්‍යා දුල්ෂානි
  • හිරුණි ලෙස අනුරාධා එදිරිසිංහ

සහය චරිත[සංස්කරණය]

  • ලොකු හාමුදුරුවෝ ලෙස රහල් බුලත්සිංහල
  • ජීනා ලෙස තීක්ෂණ ශ්‍රී විජේසිංහ
  • හිච්චි නෝනා ලෙස මාලි ජයවීරගේ
  • චුටා ලෙස මෞලි ෆර්ඩිනැන්ඩෝ
  • සිරිමාන්න, සංගීත විශාරද ලෙස සරත් කුලංග
  • සබීතා ලෙස නිරෝෂා තලගල
  • රන්මුතු, හිරුණිගේ පෙම්වතා, සුද්දිගේ සහෝදරයා ලෙස නිනෝ අරලිය
  • මාස්ටර්ගේ බිරිඳ ලතා ලෙස නිල්මිණි කෝට්ටේගොඩ
  • ගුණපාල ගුරුන්නාන්සේ ලෙස සිසිර තාඩිකාර

සුළු චරිත[සංස්කරණය]

  • පාසල් ගුරුවරයා ලෙස ඇන්ටන් කුරේ
  • හෝකන්දර ලෙස චමින්ද බටුකොටුව
  • සබීතාගේ සැමියා සේන ලෙස මයුර කාංචන
  • නිමල් ජයසිංහ
  • තිලාන් වර්ණජිත්
  • ඔරුකාරයා, ඊතිපාල ලෙස මනෝජ් යාලේගම
  • මධුෂාන් හත්ලහවත්ත
  • දුමින්ද සඳරුවන්
  • හින්නි මහත්තයා ලෙස ගන්දර තූර්‍ය සංඛ
  • මලීෂා දක්ෂිණ
  • භානුක සේනාධීර
  • ආදිත්‍ය අනුරාදනායක
  • විරාජ් සිල්වා
  • මිතුන් තිලකරත්න
  • සජිත් සියඹලාගොඩ
  • භාග්‍යා ලෙස සුජානි මදුවන්ති
  • තිළිණි කෞෂල්‍යා
  • වරුෂානි රාජතේවා
  • ජෙනීෂා දිල්රුක්ෂි
  • සඳුනි කෞෂල්‍යා
  • දේවින්දි කාංචනා
  • දිලිනි වීරසිංහ
  • සයුරි දිසානායක
  • රනීෂා පතිරණ
  • හිරුණි දයාරත්න
  • යෂාර බණ්ඩාර
  • කේෂි රාජපක්ෂ
  • අංජලී ජයසිංහ
  • සිතාරා කුලතුංග

යොමු කිරීම්[සංස්කරණය]

  1. ""Kolam Kuttama" coming after 'Nadagamkarayo' on 3rd August". Sarasaviya. සම්ප්‍රවේශය 2022-08-08. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  2. "How to dance with 'Kolam Kuttama'?". mirrorarts. සම්ප්‍රවේශය 2022-08-08. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  3. "'නාඩගම්කාරයෝ' ට පසුව එන "කෝලම් කුට්ටම". srilankanlife. සම්ප්‍රවේශය 2022-08-08. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  4. "After 'Nadagamkarayo' comes 'Kolam Kuttama'". divaina.lk. සම්ප්‍රවේශය 2022-08-08. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  5. "What happens at the end of "Nadagamkarayo"?". divaina.lk. සම්ප්‍රවේශය 2022-08-08. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
"https://si.wikipedia.org/w/index.php?title=කෝලම්_කුට්ටම&oldid=525157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි