කෝට්ටේ රජ පවුල

විකිපීඩියා වෙතින්

සිරිසඟබෝ රාජවංශයේ අවසාන අවධිය කෝට්ටේ රජ පවුල නමින් හැඳින්වේ. කෝට්ටේ රජවරුන්ගේ තෝම්බුව ට අදාලව පවුල් සංස්ථා සියයක් පමණ ව්‍යාප්ත වූ අතර වර්තමානය දක්වාම පවතින බව කියවේ. මුඩිත්ත තෙන්නකෝන් බණ්ඩාරවලිය නොහොත් තුඩුගල පරපුර-තුඩුගල තෙන්නකෝන් පරපුර , උණම්බුවේ පරපුර සහ යකුන්දූව රජ පරපුරු-ධර්මසේන මෙහි නූතන සමයට අයත් වේ.[තහවුරු කර නොමැත] ලංකාවේ සිටි විධායක ජනපති ජේ.ආර්. ජයවර්ධනගේ මවගේ පාර්ශවය කෝට්ටේ පෙළපතේ පුරුකක් බව මූලාශ්‍ර ප්‍රකට කරයිතුඩුගල තෙන්නකෝන් පරපුර[තහවුරු කර නොමැත].

කෝට්‌ටේ රජවරුන්ගේ පරම්පරා තෝම්බුව[සංස්කරණය]

කෝට්‌ටේ පරපුර ඉතා සංකීර්ණ එකකි. ශාඛා ගණනාවක්‌ සහිතයි.


ලිපියට කරුණු ලබාගත් මූලාශ්‍ර දෙකක්‌ පිළිබඳ නොකියාම බැරිය. රාජාවලිය, මහාවංශය වැනි ලේඛන කවුරුත් දන්නා පිළිගත් ඒවාය.


එනමුදු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අන්තරාල ලිපි එතුමා පමණක්‌ මෙතෙක්‌ කියවූ විවාදයට පත් ලිපිමාලාවකි.


ඡේ. ඩයස්‌ අභයසිංහ නමැති ස්‌වාධීන ඉතිහාස පර්යේෂකයාගේ, මුද්‍රණයෙන් ප්‍රකාශනයට පත්නොකළ ග්‍රන්ථ දෙකක තොරතුරුද මෙහි දක්‌වා ඇත. එම මහතා කෝට්‌ටේ රජ පෙළපතට නෑ වූ කීරවැල්ල පරපුරින් ආවෙකි. අද ජීවතුන් අතර නොමැත.

(2) උඩරට රජවරුන්ගේ පරම්පරා තෝම්බුව.


3) කීරවැලි, තුඩුගල තෙන්නකෝන් සහ ගම්පොළ පරපුරුවල විස්‌තර.


(1) ජයමාල කුමරු(- ස්‌වර්ණපුර (ජාවා රට) ජීවත් වූ සවුඪ පරපුරේ කුමරෙකි. (අන්තරාළ ලිපි, මහාචාර්ය සෙනරත් පරණවිතාන).


(2) කාලිංග වංශික සුනේත්‍රා දේවි(- ජයමාල කුමරුගේ බිරිඳයි. විවාහයට පෙර ඔහුගේ ඥති සොයුරියකි. කුරුණෑගල සවුඪ විජයබා රජුගේ මිනිබිරියක වූ ස්‌වර්ණවානික්‍යා කුමරිය ඇයගේ මවයි.


තම පුතුන් දෙදෙනකු සමඟ ලක්‌දිවට පැමිණියාය. පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන ඉදිවූයේ ඇගේ නමිනි. (අන්තරාළ ලිපි)


(3) සවැනි පරාක්‍රමබාහු මහරජු (1411 - 1466)(- (ශ්‍රී සංඝබෝධි පරාක්‍රමබාහු) රුකුලේ පරාක්‍රමබාහු(- කෝට්‌ටේ රාජධානිය අගනුවර කරගනිමින් රජවූ පළමු රජුයි. ලක්‌දිව අවසන් වරට ඒකඡත්‍ර කළ සිංහල රජුයි. (1) සහ (2) - ඉහත දෙපළගේ දෙවන පුතුය.


(4) කීරවැල්ලේ ස්‌වර්ණ මාණික්‍යා කුමරිය(- සවැනි පැරකුම්බා රජුගේ අගමෙහෙසියයි. රාජපුත්‍ර ඨාකූර් පරපුරේ අටවන රාජපුත්‍ර ඨාකූර් වන දැදිගම පාලකයාගේ දුවෙකි. (අන්තරාළ ලිපි)


(5) හුරන්දර කුමරු (ස්‌වර්ණපුර)(- සවැනි පැරකුම්බා රජු ලක්‌දිවට පැමිණීමට පෙර උපන් පුතෙකි. ළාබාල වියේදී මිය ගියේය.


මව් කුමරියගේ නම අප්‍රකටයි. (අන්තරාළ ලිපි)


(6) පුරන්දර කුමරු (කෝට්‌ටේ)(- VI පරාක්‍රමබාහු රජුට දාව ස්‌වර්ණමාණික්‍ය බිසවට උපන් පුතාය.


අවාසනාවට ඔහුද ළාබාල වියේදී මිය ගියේය. (අන්තරාළ ලිපි).


(7) චන්ද්‍රවතී / ලෝකනාථා කුමරිය(- VI පැරකුම් රජුගේ පුතුන් මිය ගිය බැවින්, ඔහුගේ රාජ්‍ය උරුමය දියණිය හරහා යා යුතු විය. එම නිසා සංදේශ කාව්‍ය මගින් ඇයට සැමියෙකු ද, පුතුන් ද ඉල්වන ලදී.


උලකුඩය දේවි යනු ඇගේ අභිෂේක නාමයයි. (රාජාවලිය)


(8) සුන්දර පාණ්‌ඩ්‍ය කුමරු (අම්බලන්තොට)(- උලකුඩය දේවියගේ රාජවංශික සැමියාය. අම්බලන්තොට මාණ්‌ඩලික රජුවූ සුන්දර පාණ්‌ඩ්‍යගේ පුතෙකි.


පසුව "නල්මුරුකුණ" මිකිසන්නස්‌ ඇමැති නමින් VI පරාක්‍රමබාහු රජුට අගමැති ධුරය දැරීය. (අන්තරාළ ලිපි)


(9) කෝට්‌ටේ ශ්‍රී සංඝබෝධි VII වන පරාක්‍රමබාහු මහරජු(- (ජයවීර පරාක්‍රමබාහු / ජයබාහු)(- උලකුඩය දේවියට ලැබුණු කුළුඳුල් පුතුය.


මුත්තාට පසු ළාබාල වියේදී අභිෂේක ලැබීය. (රාජාවලිය)


(10) ගම්පොළ චන්ද්‍රdදේවි කුමරිය(- ගම්පොළ රජ පෙළපතේ දේමතාවත්තේ භුවනෙක බාහු ඈපාගේ දුවෙකි. (VI පැරකුම් රජු විසින් තම මුණුබුරු ඉහත) ජයවීර පරාක්‍රමබාහු කුමරුට විවාහ කරදෙන ලදී. (අභයසිංහ මහතාගේ රාජාවලිය නමැති පර්යේෂණ ග්‍රන්ථයෙනි)


(11) පුත් කුමරු(- VII පරාක්‍රමබාහු රජුගේ සහ බිසවගේ පුතෙකු වූ බව ද, ඔහු උත්පත්තියේ පටන් දුර්වලයෙකු වූ බවත්, පියාට පසු නාමිකව ඔහු රජ කරවා, රජුගේ දුව "මාණික්‍ය බණ්‌ඩාර" කුමරිය පාලනය ගෙන ගිය බවත් පෘතුගීසි ලේඛක කෞටෝ කියා ඇත. නම අප්‍රකටයි.


(12) මාණික්‍ය බණ්‌ඩාර කුමරිය (අම්බරාවතී කුමරිය)(- කෞටෝට අනුව තම දුර්වල සහෝදරයා වෙනුවෙන් රටේ පාලනය ගෙන ගිය ඇය පසුව ඒ සඳහා යාපනේ සපුමල් කුමරු කැඳෙව්වාය. නමුත් ඉන්පසු ඇගේ ඉරණම පිළිබඳ කියා නැත. මැය VII පරාක්‍රමබාහු රජුගේ දුවයි (9) හලාවත කොරයා පරපුරේ ඉතිහාසයේ ඔවුන් VII පරාක්‍රමබාහු රජුගේ දුව වූ අම්බරාවතී (? අමරාවතී) කුමරියගේ පෙළපතේ බව කියා ඇත.


මේ අනුව මාණික්‍ය බණ්‌ඩාර, අමරාවතීම විය හැකිය (?)


(13) ගම්පොළ රණමුඛ බණ්‌ඩාර කුමරු(- ගම්පොළ බුවනෙකබාහු ඈපාගේ පරපුරේ වූ මොහු අමරාවතී කුමරියගේ සැමියාය. (කොරයා පරපුරේ ඉතිහාසය).


ඉහත (12) සහ (13) දෙපළගේ පරපුර ඉදිරියට පැවතුනෙන්, එය මෙහි දී කියයුතු වේ. ඒ මෙසේය.


(1) රණමුඛ ආරච්චි(- අමරාවතීගේ සහ රණමුඛ බණ්‌ඩාරගේ පුතෙකි. (පරපුර විවාහය දන්නා කෙනෙක්‌ මුලාශ්‍රය සමඟ දන්වන්නේ නම් මැනවි)


(2) එදිරිල්ලේ ආරච්චි(- ඉහත දෙපළගේ (12) සහ (13) දෙවන පුතුය. විවාහය -? එමානුවෙල් කොරයා නමින් බෞතිස්‌ම විය.


(3) ජෙරනිමෝ කොරයා (කොළඹ ආරච්චි)(- ඉදිරිල්ලේ ආරච්චිගේ පුතෙකි. කෝට්‌ටේ දොන් ජුවන් ධර්මපාල මහරජුගේ ප්‍රධාන භාෂා පරිවර්තකයාය.


(4) ඇනාකොරයා(- ජෙරනිමෝ කොරයාගේ බිරිඳයි.


(5) කුමරියක්‌(- ජෙරනිමෝ කොරයාට සොයුරියකද වූවාය (නම, විවාහය - ?) .... නයිදේ මැගේ පුතෙකි (? පරපුර)


(6) ඩොමින්ගෝ කොරයා(- එදිරිල්ලේ රාළ / එදිරිමාන්න සූර්ය?- ජෙරනිමෝ කොරයාගේ දෙටුපුතුය. පෘතුගීසීන්ට විරුද්ධ සටන්වල වීරයෙකි.


(7) සුභද්‍රd දේවි කුමරිය(- වීදිය බණ්‌ඩාර පරපුරට අයත් යෑයි සැලකෙන මෙම කුමරිය, ෂ විමලධර්මසූරිය රජු විසින් මහනුවරදී ඩොමින්ගෝ කොරයාව විවාහ කරදී, ඔහුට එදිරිමාන්න සූරිය නම ද දෙන ලදී.


(8) පුත් කුමරු(- පරංගීන් විසින් මරවන ලදී. (ඩොමින්ගෝ කොරයාගේ ග්‍රන්ථය)


(9) සයිමන් කොරයා(- (නවරස්‌න බණ්‌ඩාර)(- ඩොමින්ගෝ කොරයාගේ මලණුවත්ය.


(10) ෂිaeක දෙ ඊර්ටැබ්aථ- පෘතුගාල ජාතික, වංශවත් අනාථ තරුණියක වූ මෑ විවාහ කරගැනීමට සයිමන් කොරයා කැමැති වූ නිසා, ඔහු මරණ දඬුවමින් ගැලවිනි. හලාවත කොරයා පරපුර මෙම දෙපළගෙන් පැවතෙන බව කියැවේ. (9) කෝට්‌ටේ VII (ජයවීර) පරාක්‍රමබාහු රජුගේ පරපුර මෙතනින් අවසන් කරමි.


(14) වික්‍රමබාහු කුමරු(- උලකුඩය දේවියට සහ නන්නූර් තුතයාට ලැබුණු දෙවැනි පුතුය. මොහු පිළිබඳ දේශීය / විදේශීය මූලාශ්‍ර නිහඬය. VII පැරකුම්බා රජුගේ මලණුවන්ය.


එනමුදු උඩරට රජ වූ සේනාසම්මත වික්‍රමබාහු යනු මොහුට බව සෙනරත් පරණවිතාන මහාචාර්යතුමා මෙන්ම වෙනත් වියතුන් ද කියා ඇත. මූලාශ්‍ර වලින් ඒ බව යම් තරමකට පෙන්වීමට ද පුළුවන.


(15) ගම්පොළ මංගලාදේවි කුමරිය - ගම්පොළ චන්ද්‍රදේවි (10) ගේ නැගණිය වූ ඇය වික්‍රමබාහු කුමරුගේ (14) බිරිඳයි. (රාජාවලි පර්යේෂණ ග්‍රන්ථය - අභයසිංහ මහතා)- උඩරට රජ පෙළපත වෙනම ලිපියක දක්‌වනු ලැබේ.) කෝට්‌ටේ VII වන පරාක්‍රමබාහු (ජයවීර පරාක්‍රමබාහු) මරා (කෞටෝට අනුව ඔහුගේ පුතාට පසුව යාපනේ සපුමල් කුමරු රජවිය. එමනිසා VI පරාක්‍රමබාහු පිහිටුවූ කෝට්‌ටේ රජපරපුර අභාවයට ගියේ ද?


නැත. යාපනේ සපුමල් කුමරුද, VI වන පරාක්‍රමබාහු අයත් පරපුරේම (ශ්‍රී සංඝබෝධි) වූ, ඔහුගේ හදාගත් පුතෙකු නිසාවෙනි. මේ ඥතීත්වය මෙසේය. (අන්තරාළ ලිපි)


VI පරාක්‍රමබාහු රජු ශ්‍රී සංඝබෝධි පරපුරේ, ජාවාරට ජයමාල සහ සුනේත්‍රා දේවියගේ දෙවන පුතුය. (1) සහ (2) බලන්න. ඔවුන්ට තව පුත්තු දෙදෙනෙක්‌ වූහ.


(16) පරනධපසිංහ කුමරු(- සුනේත්‍රා දේවියගේ බාල පුතු වූ මොහු, මවත්, සොයුරාත් සමඟ ලක්‌දිවට පැමිණියේය. පසුව VI පැරකුම් රජු කෝට්‌ටේ අභිෂේක වූ විට, කෝරළමල පාලක ලෙස, සතර කෝරළේ සිට යුවරාජ පදවි දැරීය.


සැළලිහිණියේ එන මායාදුනු නුවර රැඳි යුවරජු නම් මොහුය. (විවාහය, පරපුර අප්‍රකටයි. දන්නෙකු වෙත් නම් මූලාශ්‍රය සමඟ දන්වා එවත්වා).


(17) ජාවාරට හුරන්දර රජු(- ජයමාල කුමරුගේ සහ සුනේත්‍රා දේවිගේ දෙටුපුතුය. ජාවා රටේ රැඳී සිට එහි රජවිය. විවාහය - ? (අන්තරාළ ලිපි)


(18) පණික්‌කළ සෙනෙවි(- පුරන්දර රජුගේ පුතෙකු වූ මොහු VI පැරකුම් රජු කල ලක්‌දිවට ආවේය. රජු විසින් තනතුරු දී ලංකාවේ රැඳවීය. "මාණික්‍ය ප්‍රතිරාජ" නම් මොහුමය. (අන්තරාළ ලිපි)


(19) කීරවැල්ලේ කුමරියක්‌(- VI පරාක්‍රමබාහු රජු විසින් තම බිසව වූ කීරවැල්ලේ ස්‌වර්ණමානික්‍යගේ නැගනිය වූ කුමරිය, තම ඥති පුතුට, පණික්‌කලට විවාහ කරදෙන ලදී. (පෞද්ගලික නම අප්‍රකටයි)


(20) කෝට්‌ටේ VI බුවනෙකබාහු මහරජු(- සපුමල් / චම්පික පෙරුමාල් කුමරු(- පණික්‌කලගේ සහ කීරවැල්ලේ කුමරියගේ දෙටු පුතාය.


මොහු VI පරාක්‍රමබාහු රජුගේ පුත් තනතුරේ වැඩුණේය. රජුගේ පුතා මළ පසු, රජ කමට නම් කරනු ලැබුවේ උලකුඩය දේවිගේ පුත් ජයවීර පරාක්‍රමබාහුය.


සපුමල් කුමරු, තම මව් පස කීරවැල්ලේ ඥතීන්ගේ උදව්වෙන්, ජයවීර පරාක්‍රමබාහුට හානිකර රජවෙතැයි, VI පැරකුම්බා රජු බියෙන් පසුවිය. එමනිසා ඔහු ආර්ය චක්‍රවර්තී මැඬලීමට යාපනයට යෑවීය. නමුත් ඔහු යාපනය යටත් කර ගත්තේය.


පසුව රජු සිතූසේම, ජයවීර පරාක්‍රමබාහු රජුට පසු කෝට්‌ටේ රජවිය.


(21) ධනමැණිකා රත්නාවලී බිසව(- කෞටෝට අනුව උඩරට පාලකගේ දුවක වන මෙම කුමරිය, සපුමල් කුමරුගේ බිසවයි.


VI බුවනෙකබා රජුගේ ඇවෑමෙන්, තම ළාබාල පුතු වෙනුවෙන් කාලයක්‌ රාජ්‍යය ද විචාලාය.


VI බුවනෙකබාහු රජපුත් VII වන පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු, ඔහුගේම බාප්පා වූ අම්බුළුගල කුමරු විසින් මරවන ලදී.


නමුත් මෙම පරපුර අභාවයට නොගොස්‌ දිගටම පැවත ආයේය.


ඉතා අප්‍රකට මෙම පරපුර පිළිබඳ තොරතුරු, ඒ පෙළපතේ අද වෙසෙන්නන් ගෙන් ලබා ගන්නා ලදී. ඒ මෙසේය, කෝට්‌ටේ VI වැනි බුවනෙකබා මහරජුට පුත්තු තිදෙනෙක්‌ වූහ.


(1) කෝට්‌ටේ VII පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු(- තම බාප්පා වූ අම්බුළුගල කුමරු, කෝට්‌ටේ රාජ මාලිගයේ දී මරවන ලදී. විවාහය - ?


(2) නවරත්න බණ්‌ඩාර(- සපුමල්ගේ තවත් පුතෙකි. (පරපුර, විවාහය -?)


(3) සූරිය බණ්‌ඩාර(- සපුමල් කුමරුගේ තවත් පුතෙකි.


(4) සීතාවක භූවනෙකබාහු(- සූරිය බණ්‌ඩාරගේ පුතෙකි. පරපුර, විවාහය ? ප්‍රාදේශීය පාලකයකු විය (? විවාහය)


(5) යාපා බණ්‌ඩාර(- සීතාවක භුවනෙකබාහු ගේ පුතෙකු වූ මොහු, සීතාවක ෂ රාජසිංහ මහරජුගේ සමකාලීනයෙකි. මඩවල ලිපියේ එන යාපා බණ්‌ඩාර නම් මොහුය (? විවාහය)


(6) සෝතුපාල බණ්‌ඩාර(- යාපා බණ්‌ඩාරගේ පුත් කුමරෙකි. (? විවාහය)


(7) කුසුමාසන බිසව(- යාපා බණ්‌ඩාරගේ දුවක වූද, සෝතුපාල බණ්‌ඩාරගේ සොයුරිය වූද මැය, උඩරට කරළියද්දේ රජුගේ අග බිසොවයි.


උඩරට දෝන කැතරිනා (කුසුමාසන දේවි) රැජිනගේ මවයි. (උඩරට රජ පෙළපත යටතේ බලනු).


(8) දෙනවක මායාදුන්නේ කුමරු(- සෝතුපාල බණ්‌ඩාරගේ පුතෙකි. පසුව උඩරට සෙනෙරත් මහරජු විසින් පලවා හරින ලදී.


(9) කීරවැල්ලේ කුමරියක්‌(- දෙනවක මායාදුන්නේ කුමරුගේ බිසවයි.


(10) දෙනවක රාජසිංහ බණ්‌ඩාර කුමරු(- සෝතුපාල බණ්‌ඩාරගේ තවත් පුතෙකි. (? පරපුර විවාහය)


මෙම පරපුර අභාවයට නොගොස්‌, පෘතුගීසි සමයේ කඳුකරයේ රහසේ ජීවත් වී, අද දක්‌වා පැවත එයි. කෝට්‌ටේ VI වැනි බුවනෙකබාහු මහරජ පරපුර පිළිබඳ විස්‌තර මෙතනින් අවසන් කරමි.


VI බුවනෙකබාහු මහරජ පුත්, කෝට්‌ටේ පණ්‌ඩිත පරාක්‍රමබාහු රජු මරා අම්බුළුගල කුමරු රජවිය. ඔහු කවරු ද යත්, VI බුවනෙකබාහු රජුගේ මලණුවන්ය. පණික්‌කළ සෙනෙවිට (18) සහ බිරිඳ වූ, කීරවැල්ලේ කුමරියට (19) දරුවෝ තිදෙනෙක්‌ වූහ.


(20) VI බුවනෙකබාහු මහ රජ.


(22) කුමරියක්‌(- ඇයගේ විවාහය, පරපුර අප්‍රකටයි. (දන්නෙක්‌ වෙත්නම්, මූලාශ්‍රය සමඟ දන්වා එවත්වා·)


(23) පරතෘපසිංහ කුමරු (අම්බුළුගල)(- මොහුද කෝට්‌ටේ VI පරාක්‍රමබාහු රජු යටතේ ඇති දැඩිවිය. පසුව, අම්බුළුගල සිටි යුවරජ මළ පසු එහිගොස්‌ යුවරජ පදවි දැරීය. පසුව තම දෙටු සොයුරාගේ පුතා වූ පණ්‌ඩිත පරාක්‍රමබාහු මරා VIII වීර පරාක්‍රමබාහු නමින් කෝට්‌ටේ රජවිය (රාජාවලිය)


(24) කීරවැල්ලේ ජ්‍යෙෂ්ඨ කුමරියක්‌(- VIII වීර පරාක්‍රමබාහු රජුට අගමෙහෙසි විය. පුත්තු පස්‌ දෙනෙක්‌ද, දුවක්‌ද වූහ. නම අප්‍රකටයි.


(25) කීරවැල්ලේ කනිෂ්ඨ කුමරියක්‌(- ඉහත කුමරියගේ නගාය. පුතුන් දෙදෙනකු (දුන් සතකි). ඇගේ නමද අප්‍රකටයි. VIII වීර පරාක්‍රමබාහු රජුට මෙහෙසි වූවාය. කෝට්‌ටේ VIII වීර පරාක්‍රමබාහු රජුට දාව ඉහත බිසෝවරුන්ට ලැබුණු දරුවන්ගෙන් ආ පරපුර අසමඟියෙන් ද, බල තෘෂ්ණාවෙන්ද රට බෙදා පාලනය කර, අවසානයේ කෝට්‌ටේ රාජ ධානිය පෘතුගීසීන්ට තෑගි ඔප්පුවකින් ලියාදෙන තත්ත්වයට රට ගෙන ගියහ.


(26) කෝට්‌ටේ ධර්ම පරාක්‍රමබාහු මහරජ (කෝට්‌ටේ)(- වීරපරාක්‍රමබාහු රජුගේ පළමු බිසවගේ දෙටු පුතා ලෙස සැලකේ. කොළොම්තොට වෙළ¹මේ අයිතිය පෘතුගීසීන්ට පැවරුවේ මොහුය. රජු රවටා කොළඹ බලකොටුවක්‌ ඔවුන් විසින් ඉදිකරන ලදී. ඇතැම් ඉතිහාසඥයකු ගේ මතය, මොහු අභිෂේක රජු නොවූ බවත්, තම සොයුරු විජයබාගෙන් රාජ්‍යය ලබාගැනීමට මොහු මෙසේ පෘතුගීසීන්ට උදව් කළ බවත්ය.


(27) යාපනේ ෂ වැනි පරරාජසේකර රජුගේ දූ කුමරිය(- ධර්ම පරාක්‍රමබාහු රජුගේ බිසව බව කියවේ. (එස්‌. බී. කරලියද්ද - ලංකාවේ රජකළ බාහු රජවරු සහ වෙනත් ඓතිහාසික කථා. (නම අප්‍රකටයි) ධර්ම පරාක්‍රමබාහු රජුගේ දරුවන් සිටි බවක්‌ නොදැක්‌වේ. (දන්නෙකු වෙත්නම් මූලාශ්‍රය සමඟ දන්වා එවන්න)


(28) මැණික්‌කඩවර රාජසිංහ කුමරු(- VIII වීර පරාක්‍රමබාහු රජුගේ පුතෙකි. තම මස්‌සිනා සමඟ, උඩරට සාමන්ත රජු කෝට්‌ටේ පාලනයට එරෙහිව කටයුතු කරන බව අසා එහි ගොස්‌ උඩරට රජු යටපත් කළේය. තම දෙටු සොයුරු වූ VI විජයබා රජු සමඟ කීරවැල්ලේ එකම කුමරියක්‌ සමඟ එකගෙයි කෑවේය. (විස්‌තර VI විජයබා පරපුර යටතේ) - රාජාවලිය


(29) රයිගම් බණ්‌ඩාර කුමරු(- රයිගම් කෝරළේ පාලකයා විය. (පරපුර, විවාහය අප්‍රකටයි) - රාජාවලිය


(30) මද්‍රී දේවි කුමරිය (කපුරු ළමා එතන)(- VIII වීර පරාක්‍රමබාහු රජුට දාව ඔහුගේ අග මෙහෙසියට ලැබුණු මේ දුව විවාහ වූයේ, රජුගේම දෙවැනි බිසව (25) ලත් පුතුන් දෙදෙනා වූ සකල කලාවල්ලභ සහ තනීය වල්ලභ සමඟයි. ඇගේ පරපුර, ඒ සැමියන් සමඟ දැක්‌වේ.


(31) කෝට්‌ටේ VI වැනි විජයබාහු මහරජු(- VIII වීර පරාක්‍රමබාහු රජුගේ දෙවන පුතුය. විජයබා කොල්ලය නම් ප්‍රසිද්ධ කැරැල්ලට මුල් වූයේ මේ රජුගේ විවාහ සහ රාජ්‍ය උරුමකරු පිළිබඳ ප්‍රශ්නයයි.


(32) කීරවැල්ලේ අනුලා කහතුඩ කුමරිය(- සුප්‍රකට කීරවැල්ල පරපුරේ කුමරියක වූ ඇය VI විජයබා රජුට සහ මැණික්‌කඩවර රාජසිංහ රජුගේ හවුල් බිසවයි. ඇය දරුවන් උස්‌ මහත්වීමට පළමුව මිය ගියාය. (රාජාවලිය)


(33) කීරවැල්ල කුමාරිහාමි(- ඉහත බිසව මළ පසු, කීරවැල්ල රජ පෙළපතේම වූ මෙම කාන්තාව VI විජයබා රජුට බිසව වූවාය. ඇය පෙර විවාහ ව සිටි බවද කියනු ලැබේ. පසුකාලීන ලේඛනයක ඇගේ අභිෂික්‌ත නම "කීරවැල්ලේ දේවරාජසිංහ කුමරිය" ලෙස කියා ඇත. මෙම විවාහයේ දී, කෝට්‌ටේ රජ මැදුරට ඇය සමඟ පැමිණි "කීරවැල්ලේ දේවරාජ" නම් කුමරුට, VI විජයබා රජු රාජ්‍යය පැවරීමට යැමෙන් විජයබා කොල්ලය ඇතිවිය.


VI විජයබා රජුට අනුලා කහතුඩ බිසව නිසා පුත්තු ද, දූවරු ද වූහ. මේ පරපුරු සංකීර්ණ බැවින් VI විජයබා රජුගේ අනෙක්‌ සොයුරන් විස්‌තර කර, අනතුරුව එම පරපුර දක්‌වනු ලැබේ.


(34) උඩුගම්පොළ සකල කලා වල්ලභ රජු(- VIII වීර පරාක්‍රමබාහු මහරජුට දාව කීරවැල්ලේ කනිෂ්ඨ දේවියට (25) ලැබුණු දෙටු පුතාය. ධර්ම පරාක්‍රමබාහුට පසුව කෝට්‌ටේ මහරජකම ඔහුට පවරනු ලැබුවත්, එය ප්‍රතික්‍ෂේප කළේය. (රාජාවලිය) උඩුගම්පොල ප්‍රදේශයේ අදත් ප්‍රාදේශික දෙවියෙකු ලෙස වන්දනයට පාත්‍ර වේ. අගබිසවට අමතරව, රජක කුලයට අයත් දේවියකගෙන් ලැබුණු කළුකුමාර නම් පුතා රජු මැරීමට කුමන්ත්‍රණය කළත්, එය අසාර්ථක විය.


(35) මාදම්පේ තනීය වල්ලභ රජු(- ඉහත රජුගේ මලණුවන්ය. මාදම්පේ පෙදෙසේ අදටත් දේවත්වයෙන් පිදේ.


ඉහත දෙසොහොයුරන්, මද්‍රීදේවි නම් තම පියාගේම, අග මෙහෙසියගේ දූ සමඟ සම විවාහයකට එළඹ සිටි බව කියනු ලැබේ. (එස්‌. බී. කරලියද්දේ - ල.ර.බා.ර.)


මේ දෙපළගේ හවුල් විවාහයේ විය හැකි දරුවන්, ජනප්‍රවාද ඇසුරින් දක්‌වනු ලැබේ.


(1) ගලහත් බණ්‌ඩාර කුමරු(- මොහුද දේවත්වයට පාත්‍ර වී ඇත.


(2) තදීය කුමරු(- ඉහත කුමරුගේම තවත් නමක්‌ දැයි නොදනිමි.


(3) තම්මිට සූරිය බණ්‌ඩාර කුමරු(- ප්‍රාදේශීය පාලකයෙකු විය.දියණියන් දෙදෙනෙකු විය . වැඩිමහළු දියණිය කොනප්පු බණ්ඩාර සමඟ හාදකමක් පැවැත්වූ බව කියැවේ. දෙවැනි දියණිය -ළමා බණ්ඩාරකුමරිය පළමු ව රයිගම කුඩා බණ්ඩාර වත් දෙවැනි ව සීතාවක ධර්ම බණ්ඩාර වත් විවාහ කරගත් බව කියැවේ)


(4) කිරිබොන ආදිපාද(- දේවත්වයට පාත්‍ර වී ඇත.


(5) තවත් කුමරෙක්‌ (ගජබාහු) - (කුරුණෑගල විස්‌තරය)


ඉහත කුමාරවරුන්ගේ නාමාවලිය, පරහුරු ජනප්‍රවාදගතව ඇත. වැඩි තොරතුරු දන්නා අයෙකූ වෙත් නම්, ඒවා දන්වා එවීමෙන් මෙම වංශාවලිය සම්පූර්ණ කළ හැක.


(6) සමුද්‍ර දේවි කුමරිය(- නතිය වල්ලභ රජුට හා මද්‍රී දේවියට උපන් දුවයි. ළමා එතන නමින්ද දැක්‌වේ. (රාජාවලි) විවාහය තෙන්නකෝන් පරපුරේ කුමාර බණ්‌ඩාර සමඟයි. පරපුර ඒ පවුලේ ලිපියේ දැක්‌වේ. වීදිය බණ්‌ඩාරගේ මවයි.


(36) උහුලා කුමරිය(- ජනප්‍රවාදගත නාමයකි. මැය VIII වීරපරාක්‍රමබාහු රජුගේ දුවකි. උඩුගම්පොල සකල කලා වල්ලභ රජුගේ නැගනියකි. ජීවත් වූයේ එම රජුගේ මාළිගාවේය. ජනප්‍රවාදයට අනුව, රජ පරපුරේ නොවන (රණබාහු දේව) නම් සෙනෙවියෙකු හා පෙම්බැඳ, ඔහු සමඟ බලා ගියාය. මේ සමඟ ඇගේ සොයුරියෝ සදෙනාද පලා ගියහ. පසුව දෙටු සොයුරු සකල කලා වල්ලභ රජු මේ කුමරියන් අල්ලා, කළ වරදට දඬුවම් ලෙස වැව් බැම්මකට තබා මැටි ගසා මරවන ලදී.


(37) අනුලා කුමරිය(- සකලකලා වල්ලභ රජුගේ නැගනියකි. මරණ ලදී. (ජනප්‍රවාද)


(38) අචලා කුමරිය(- තවත් නැගනියකි (ජනප්‍රවාද) මරණ ලදී.


(39) කමලා කුමරිය(- තවත් නැගනියකි. මරණ ලදී. (ජනප්‍රවාද)


(40) විහුලා කුමරිය(- තවත් නැගනියකි. මරණ ලදී. (ජනප්‍රවාද)


(41) සුගලා කුමරිය(- තවත් නැගනියකි. මරණ ලදී. (ජනප්‍රවාද)


(42) නිමලා කුමරිය(- තවත් නැගනියකි. මරණ ලදී. (ජනප්‍රවාද)


එමනිසා VII වීර පරාක්‍රමබාහු රජ පෙළපත ඉදිරියට ගියේ මූලික ලෙස,


(1) VI විජයබා රජ පරපුර ලෙස(- ඉදිරියේ දැක්‌වේ.


(2) තතීය වල්ලභ රජදුව සමුද්‍ර දේවියගෙන්(- තෙන්නකෝන් පෙළපත බලන්න. VI විජයබා මහරජුට (කෝට්‌ටේ), කීරවැල්ලේ අනුලා කහතුඩ කුමරියගෙන් වූ දරුවන්,


(43) කෝට්‌ටේ VI භුවනෙකබාහු මහරජු(- ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය. පුතුන් නොවූයෙන් (අගබිසොවගෙන්), තම දුවට ලැබුණු පුතාට තමාට පසු රාජ්‍ය පැවරීමට කටයුතු කළේය. සහෝදරයාගෙන්, සහෝදරයාට යන රාජ්‍ය උරුම චාරිත්‍ර උල්ලංඝනය කිරීම නිසා මෙයට ඔහුගේ සොයුරෝ විරුද්ධ වූහ. එමනිසා පෘතුගීසි ආධාර පතන්නාට ගොස්‌, අවසානයේ කෝට්‌ටේ රාජධානිය ඔවුන්ට යටත් කර ගැනීමට පාර කැපීය.


(44) ගම්පොළ කුමරියක්‌(- ඉහත රජුගේ බිසවයි. පෞද්ගලික නම අප්‍රකටයි. ඉතා කපටි, කුමන්ත්‍රණකාරී ස්‌ත්‍රියක ලෙස පෘතුගීසීන් හඳුන්වා ඇත. (රුබෙයිරු)


(45) සමුද්‍රදේවි කුමරිය(- VII බුවනෙකබා රජුගේ දුවයි. මාදම්පේ තතීය වල්ලභ පරපුරේ වීදිය බණ්‌ඩාර හා විවාහ විය. (රාජාවලිය)


(46) වීදීය බණ්‌ඩාර කුමරු(- රණශූරී කුමරෙකි, බලකාමයෙන් පෙළී තමන්ගේම ඥතීන් ද මැරීය.


(47) කෝට්‌ටේ දොන් ජුවන් ධර්මපාල මහ රජු(- සමුද්‍ර දේවියගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය. පෘතුගීසීන්ගේ ආරක්‍ෂාව යටතේ විසූ රූකඩ රජකු විය. දරුවන් නොවූයෙන් කෝට්‌ටේ රට තෑගි ඔප්පුවකින් පෘතුගාල රජුට ලිවීය. කෝට්‌ටේ ප්‍රධාන පෙළපතේ, අවසන් රජුය.


(48) දෝන කැතරිනා කුමරිය(- උඩරට ෂ වැනි කරලියද්දේ රජුගේ දුවද, ෂෂ කරලියද්දේ රජුගේ නැඟනිය වූද මෙම කුමරිය ධර්මපාල රජුගේ පළමු බිසවයි. (මුල නාමය අප්‍රකටයි)


(49) දෝන මාර්ගරීටා කුමරිය(- තම නැන්දා වූ දෝන කැතරිනා මළ පසු ධර්මපාල රජුට විවාහ කරවන ලදී. ෂෂ කරලියද්දේගේ දුවකි. කුසුමාසන දේවියගේ අක්‌කාය. මුල් නම සන්තාන දේවි.


(50) Dona Isabela-දෝන ඉසබෙලා ධර්මපාල Rජුගේ තෙවන බිසවයි. ? පෘතුගීසි කාන්තාවක්‌.


(51) විජයපාල කුමරු(- සමුද්‍ර දේවියගේ සහ වීදිය බණ්‌ඩාරගේ බාල පුතාය.


(52) කුඩා ටිකිරි බණ්‌ඩාර බිසව(- සීතාවක මායාදුන්නේ රජුගේ දෙටු දියණිය, සූරිය දේවියගේ පළමු විවාහයේ දරුවෙකි. විජයපාල කුමරුගේ බිසවයි.


(53) නිකපිටියේ බණ්‌ඩර(- විජයපාල කුමරුගේ දරුවෙකු වියහැක. මේ ළදරු රජු සීතාවක රජ කරන අතරතුර පෘතුගීසීන්ට අසුවිය.


(54) චන්ද්‍රවතී කුමරිය (? දෝන මරියා පෙරේරා)(- විජයපාල කුමරුගේ දුවක විය හැක. සීතාවක රාජසූරිය තුමරුට විවාහ කරදී තිබුණේය. ඔහුගේ ඇවෑමෙන් මෙම කුමරිය (හෝ ඇගේ සොයුරියක්‌) පිංහාවෝ සිංහාවෝ නම් පෘතුගීසි ජාතිකයා හා විවාහ වූවාය. මේ විවාහයේ දරුවන් නොවීය. පසුව ඇය තිත්ත ප-ජල ර-ජුරු බණ්‌ඩාර නම් සිංහල කුමරු හා විවාහ වූවාය (පරපුර - ?)


(55) සුභද්‍රd දේවි(- චන්ද්‍රවතීගේ දුවක විය හැක. ඩොමින්ගෝ කොරයා හා විවාහ වූවාය. (කොරයා පෙළපත බලන්න්)


කෝට්‌ටේ VI බුවනෙකබා රජුගේ පරපුර මෙතනින් අවසන් කරමි. අඩු ලුහුඬුකම් පෙන්වා දිය හැකි නම් කෘතඥ වෙමි.


(56) රයිගම් බණ්‌ඩාර කුමරු (පරරාජසිංහ)(- VI විජයබා රජුගේ පුතෙකි. රයිගම පාලකයාය. මුල සිටම සෞඛ්‍යයෙන් පිරිහී සිටි බව කියනු ලැබේ.


(57) ආලවතී බිසව(- රයිගම් බණ්‌ඩාර කුමරුගේ බිරිඳයි. ඇයද දරු ප්‍රසූතියෙන් පසු අසනීපයෙන් පසුවූවාය. ඇගේ පරපුර අප්‍රකටයි. (ජනප්‍රවාද)


(58) රයිගම් බණ්‌ඩාර කුමරු(- රයිගම් බණ්‌ඩාරගේ පුතු වූ මොහු තම පියාගේ📷 ඇවෑමෙන් සැඟවී ජීවත්විය. පසුව රයිගම්රට, සීතාවකට ඇ¹ ගන්නා ලදී. සීතාවක රාජසිංහ රජු මොහු ඇල්ලීමට පිරිස්‌ එවූවිට සිය දිවි නසාගත්තේය. (රුබෙයිරෝ) මාදම්පේ තම්මිට බණ්ඩාර ගේ දෙවනි දියණිය ළමා බණ්ඩාර කුමරිය විවාහ කරගෙන සිට තිබේ. පසුව ඇය සීතාවක රාජසිංහ රජු පැහැරගෙන ගොස් ධර්ම කුමරුට තෑගි කරවූ බව කියැවේ(වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර )


(59) රයිගම චන්ද්‍රවතී හෙවත් මොල්ලිවතී කුමරිය(- සිය දිවි නසාගත්තාය. (ජනප්‍රවාද) රයිගම් බණ්‌ඩාර, ආලවතී යුවලගේ දුවකි.

කොළඹ හේවාපත්තු ආරච්චි දොන් සුසෙව් විවාහ කරගත් බව කියැවේ. දරුවන් නොළද අතර සුසෙව් ආරච්චි ගේ වෙනත් විවාහ වලින් ලද දරුවන්ට මවක් වූ බව කියැවේ.දෝන මොල්ලිනා පෙරේරා ලෙස බෞතීස්ම වූ බව සඳහන්‍ ය. සුසෙව් හේවාපත්තු ආරච්චි ගේ පරපුර අප්‍රකටයි. ඔහු තින්තාඩු මුඩිත්ත පෙරුමාල් පරපුරට හෝ හින්න උප කුලයට අයත් විය හැක.සුසෙව්හේවගේ පරපුර අද දක්වා පවතින බව කියැවේ.(වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර )


(60) රයිගම ස්වර්ණවතී කුමරිය(- සිය දිවි නසාගත්තාය. (ජනප්‍රවාද) - රයිගම් බණ්‌ඩාර, ආලවතී යුවළගේ දුවකි.


මේ අනුව රයිගම් බණ්‌ඩාර පරපුර ඉදිරියට නොගොස්‌, විනාශවූයේ සීතාවක රජවරුන්ගේ බලතන්හාව නිසාවෙනි.


(81) කෝට්‌ටේ VI විජයබා රජුගේ දුවක්‌(- නම අප්‍රකටයි. මැගේ විවාහය තම ඥති සොයුරු, කීරවැල්ලේ වැලිකොළ රාළහාමි සමඟයි. (සේනකබා VI පරාක්‍රම) පරපුර උඩරට රාජාවලිය යටතේ දැක්‌වේ.


(82) කෝට්‌ටේ VI විජයබා රජුගේ දුවක්‌(- නම අප්‍රකටයි. මැගේ විවාහය තම ඥති සොයුරු, කීරවැල්ලේ නැංගමුවේ බත්ගමුවේ රාළහාමි (සේපාළ මහාධිකාරම්) සමඟයි. පරපුර උඩරට රාජාවලිය යටතේ දැක්‌වේ.


(63) බුවනෙකබා නාහිමිá VI විජයබා රජුගේම පුතෙකි. සංඝරාජ පදවි දැරීය.


(64) මහ රයිගම් බණ්‌ඩාර(- VI වියජබා රජුගේම පුතෙකි. කුඩා කල මළේය.


(65) සීතාවක මායාදුන්නේ රජු(- VI විජයබා රජුගේ සහ අනුලා බිසවගේ බාල පුතාය. පෘතුගීසීන්ට විරුද්ධව නොබියව සටන් කළ වීර කුමරෙකි. එනමුදු ඥතීන්ගේ විනාශයටද හේතුවිය.


(66) නෙච්චරාණි බිසව(- මායාදුන්නේ රජුගේ අගබිසවයි. (රුබෙයිරෝ) ? පරපුර


(67) සත්සිය වර්ගේ බෝතලයේ සුමණාදේවි(- මායාදුන්නේ රජුගේම මෙහෙසියකි. (පරපුර - ?)


(68) මහ ර-ජුරු බණ්‌ඩාර(- මායාදුන්නේ රජුගේ දෙටුපුත් මොහු කුඩා කල මළේය.


(69) තිඹිරිපොළ බණ්‌ඩාර(- මායාදුන්නේ රජුගේ දෙවන පුතුය. පෘතුගීසීන්ට එරෙහි සටන්වල ඉදිරියෙන් සිටියේය. පසුව වීදිය බණ්‌ඩාර විසින් මරවන ලදී. (පරපුර - ?)


(70) සන්තාන බණ්‌ඩාර(- මායාදුන්නේ රජුගේ පුතෙකි. බකල බැවින් රජ කමට නුසුදුසු විය.


(71) මද්දුමා කුමරිය(- මායාදුන්නේ රජුගේ බාල දුවකි. (අලකේශ්වර යුද්ධය)


(72) වික්‍රමසිංහ මුදලි(- මද්දුමා කුමරියගේ සැමියා විය හැක. (මහාචාර්ය හේමා දේවරාජා) සීතාවක සේනාධිපති විය. (පරපුර දන්නා කෙනෙකු දන්වා එවත්වා - ?)


(73) සූරිය දේවි කුමරිය(- මායාදුන්නේ රජුගේ දෙටු දියණියයි. ඇයගේ පළමු විවාහය අප්‍රකටයි. එයින් දුවක වූවාය. (52) කුඩා ටිකිරි කුමරිය. පසුව වීදිය බණ්‌ඩාර හා විවාහ වූවාය.


(74) ඉතර සූරිය බණ්‌ඩාර කුමරු(- සූරිය දේවි සහ වීදිය බණ්‌ඩාරගේ පුතාය. ෂ රාජසිංහ රජුගේ දරුකමෙහි ඇති දැඩි විය.


(75) කීරවැල්ලේ කුමරියක්‌(- ඉහත කුමරුගේ බිරිඳයි. ඉතර සූරිය බණ්‌ඩාර පරපුර, තෙන්නකෝන් පෙළපත යටතේ දැක්‌වේ.


(76) සීතාවක ෂ වන රාජසිංහ මහ රජතුමා(- මායාදුන්නේ රජුගේ බාලපුතුයි. මව් සුමනා දේවිය. පෘතුගීසීන්ට එරෙහි සටන් කළ ජාතික වීරයෙකි.


(77) මාලබැඳි බණ්‌ඩි කුමරිය(- සීතාවක ෂ රාජසිංහ රජුගේ බිසව පිළිබඳ ප්‍රධාන මූලාශ්‍ර අප්‍රකටයි. ඔහු කුමාරබණ්‌ඩාරගේ දුවක විවාහ කරගත් බවට මතයක්‌ ඇත. (එස්‌. බී. කරලියද්දේ මහතා ල.ර.බා.ර.) ඕලන්ද ජාතික බැල්දියස්‌ට අනුව, මායාදුන්නේගේ පුතා (බොහෝ දුරට ෂ වැනි රාජසිංහ) මාලබැඳි බණ්‌ඩි නම් කුමරියට විවාහ කරදෙන ලදී. එමනිසා මැය ෂ රාජසිංහ රජුගේ බිසව දැයි මතයක්‌ මෙහි දී ඉදිරිපත් කරමි.


(78) ධර්ම කුමරු(- රිසිමන් අමරසිංහ මහතා සොයාගත් සීතාවක රාජසිංහ රජුගේ රාජ්‍ය කාලය නම් පුස්‌කොළ පොතේ, මෙම නම එයි. ෂ රාජසිංහ රජුගේ පුතාය. උඩරට වීරසුන්දර බණ්‌ඩාර විසින් කුමන්ත්‍රණය කර සොලොස් වියේදී මරණ ලදී. එම පරපුර අද දක්වාම පවතින බව කියැවේ (වර්ෂඛණ්ඩරාෂ්ඨ)

(78)-1. ධර්මසේන කුමරු(-ඉහත ධර්ම කුමරුගේ පුත්‍රයායි. මාදම්පේ තම්මිට බණ්ඩාර ගේ දෙවනි දියණිය වූ පෙරදී රයිගම බණ්ඩාර විවාහ කරගෙන සිටි ළමා බණ්ඩාර කුමරිය මවයි පෘතුගීසි සෙවණේ වාසය කර දොන් ධර්මසේන පෙරේරා නමින් බෞතීස්ම ලබා යොවුන් වියේදීම මියැදුනු බව කියැවේ.(වර්ෂඛණ්ඩරාෂ්ඨ)

(78)-2. යකුන්දූවේ හිටිරාළ(-ඉහත ධර්මසේන කුමරු ගේ පුතුයි. රයිගම යකුන්දූවේ හිටිගේ නම් ස්ථානයේ විසූ බව කියැවේ. ඔහුට කඩුකෝන් බිසෝ බණ්ඩාර , රංගේ බණ්ඩාර ,හිටිගේ බණ්ඩාර ,මැස්ටියගේ බණ්ඩාර නමින් සොයුරියක සහ සොයුරන් තිදෙනෙකු සිටිබව කියැවේ.අද තෙක් පවතින බව කියැවේ.හ්


(79) මැණික්‌ බිසෝ බණ්‌ඩාර කුමරිය(- ෂ රාජසිංහ රජුගේ දුවයි.


(80) හරිනේන්වර බණ්‌ඩාර (කීරගම බණ්‌ඩාර)(- ඉහත කුමරිගේ සැමියාය. (තුඩුගල තෙන්නකෝන් පරපුර)


(81) සීතාවක රාජසූරිය මහරජු(- තම සීයාවූ ෂ වන රාජසිංහ රජුට පසු රජවිය. මැණික්‌ බිසෝගේ පුතාය.


(82) තුන්තොට ජයසූරිය කුමරු(- ඉහත රජුගේ මලණුවන්ය. (? පරපුර)


(83) කීරවැල්ලේ සිරිනාමාලා නිඨහුල් මාලි කුමරිය(- මේ කුමරිය කෝට්‌ටේ VII භුවනෙකබාහු රජුගේ හා සීතාවක මායාදුන්නේ රජුගේ හවුල් බිසවකැයි කියනු ලැබේ. (නිශ්චිත නැත) කීරවැල්ලේ මහානාම බණ්‌ඩාරගේ දුවකි. මව රන්තිල කුමරියයි. (කීරවැල්ල බණ්‌ඩාරවලිය)


(84) රංගේ බණ්‌ඩාර කුමරු(- ඉහත කුමරියගේ පුතාය. (කී. බ.)


(85) රන් බණ්‌ඩි හාමිනේ කුමරිය(- රංගේ බණ්‌ඩාරගේ බිරිඳයි. රංග බණ්‌ඩාර පරපුර ද අද තෙක්‌ පවතින බව කියනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=කෝට්ටේ_රජ_පවුල&oldid=605004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි