කෙලාර්ට්ගේ කුරු ගෙම්බා

විකිපීඩියා වෙතින්

පොදු නාමය  : කෙලාර්ට්ගේ කුරු ගෙම්බා

                                Kelaart's Dwarf Toad

විද්යා ත්මක නාමය : Adenomus kelaartii (ගුන්තර් විසින් ක්රි්.ව.1858 දී නම් කරන ලදී.)


ගොනුව:J:\photos\Panwila\DSC05002a fcopy.jpg


ව්යා ප්තිය: Bufonidae කුලයට අයත් මෙරටට අවේණික විශේෂයකි.තෙත් කලාපයට පමණක් සීමා වී ඇති මෙම විශේෂය මුහුදු මට්ටමේ සිට උස අඩි 1230 තෙක් වූ නිරිතදිග කලාපයේ මධ්ය ම කඳුකරයේ හා නකල්ස් කඳුවැටියේ ව්යා ප්තවී සිටී.හමුවන ප්ර දේශ කිහිපයක් වන්නේ රත්නපුරය, ඕපනායක, බටදොඹලෙන,දෙණියාය, පළාබද්දල, රක්වාන, හිනිදුම, කිතුල්ගල, දැරණියගල, මෝර්නිංසයිඩ් වතුයාය,කන්නෙලිය, අරණායක,ලග්ගල, නෙළුව ආදියයි.

ශරීර ලක්ෂණ: කපාල නෙරීම් ඇති බැවින්, එම ගණයේ අනෙක් විශේෂ වලින් වෙන් කොට හඳුනාගත හැක.Adenomus dasi කපාල නෙරීම් නොදරන අතර Adenomus kandyanus ගේ හොඹු නෙරීම පමනක් ඉතා සුලුවෙන් දැකිය හැක.වැඩිහිටි පිරිමි සතුන් මි.මි. 25-33 දක්වාත්, වැඩිහිටි ගැහැණු සතුන් මි.මි.36-50 දක්වාත් දිගින් වැඩේ. පෘෂ්ඨීයව හා පාර්ශවිකව දුඹුරු පැහැ වන අතර පහල ඇලපත හා උදරීය පැත්ත කහ හෝ සුදු පැහැ ගැන්වී දුඹුරු පැහැයෙන් රටා ගැන්වී ඇත.

හැසිරීම හා බෝවීම: රාත්රීම මෙන්ම දිවා කලද දැකගත හැකිවන අතර වැඩිපුරම ගැවසෙන්නේ ගලා යන දොළ ඉවුරු වලය. භෞමික දිවියක් ගත කලද ගස් වල හා රළු බිත්තිවල නැගීමේ හැකියාව ඇත.ගැහැණු සතුන් 15 m පමණ උස කිතුල් ගස් මතින් ද හමු වී ඇත. දොල මැද ඇති ගල් මත හිඳිමින් හඬ නගන පිරිමි සතුන් රැසක් රාත්රී කාලයේ සුලබව දැකගත හැක.ගැහැණු සතුන් එකවර බිත්තර 1000ක් පමණ එක වැලකට දමයි.එම බිත්තරත් මුල්ම අවදියේ ඉස්ගෙඩි පැටවුන්ද සුදු පැහැතිය.පසුව වර්ණය වෙනස් වේ. දින 49 කින් රූපාන්තරණය නිම කරන මොවුන් ඉන්පසු ජලයෙන් ගොඩට පැමිණේ.


තර්ජන: ඇළ දොල දෙපස වනාන්තර එළි වීමත්, කැබලි වීමත්, කෘෂි රසායන ද්රයව්යම හා අනෙකුත් ජල අපවිත්ර කාරක මොවුන්ගේ පැවැත්මට එරෙහි සාධකයන් ලෙස දැනට හඳුනාගෙන ඇත.

සංරක්ෂණය: අන්තරායට ලක්වූ විශේෂයකි. (EN) වනසත්ත්ව හා තුරුලතා ආඥා පනත යටතේ ආරක්ෂිතය.